Translate

Tuesday, July 5, 2011

යතුරුපැදියෙන් තන්තිරිමලේ ගිය ගමන













බිලොග් එක පැත්තෙ ගොඩක් දවසකින් එන්න බැරිවුනා. විවෙිකයක් නොතිබුන  නිසයි. වෙනසකුත් වෙලා. ලැබුණු කෙටි නිවාඩුවට අපි තන්තිරිමලේ ගියා .ගමන යතුරුපැදියෙන් .අවට පරිසරය රසවිදිමින් නිදහසේ ගියා. ඔයාලත් යන්න. තැනින් තැන නතරවෙලා ගිමන් හැරල මොනව හරි සප්පායමිවෙලා ඒ යන ගමන හරි විනෝදයක් ගෙන දෙනව. මට මතක් වුනේ පැරණි ගමනාගමනය .බරබාගෙන් ගියහැටි හිතාගත්න පුලුවන්නෙ. හැබැයි ඊට වැඩිය වෙිගවත් .රු 1100 තෙල් වියදමක් ගියා කටුනායක සිට අනුරාධපුරය තන්තිරිමලය දක්වා...... ඉතින් ඒ ගමනෙදි ගත් සේයාරූ  කීහිපයකුත් දාන්නමි. ලස්සනට පොටෝ ගන්න නමි මම දන්නෙ නැහ.ගමනෙ විස්තර ටිකකුත් ලියන්නමි. අනුරාධපුරය සිට කි.මී. 41 තියෙනව. කොළඹට වැඩිය හොද  කාපටි පාරක් තියෙනව ඔයාමඩුව දක්වා එම පාර හොදටම හොදයි.අතරමග හමුවන නෙල්ලිකුලම පන්සල පිලිම 500 ක් තියෙන තැන බලන්න ලස්සනයි. ඊට ටිකක් එහායින් කැලේ ඇතුලෙ එවැනිම නිර්මාන රැසක් තියෙන තැනක් තියෙනව.ඔයාමඩුවෙන් හැරිල කි.මි.19ක් යන්න ඔින තන්තිරිමලේට ඒ පාර හදන නිසා ටිකක් අපහසුයි. යතුරුපැදිය නිසා දුහුවිලි වලට අහුවුනා. අක්කර 250 ප්‍රමාණයක ගල් තලාවක් තියෙන්නෙ අෂ්ඨපල බෙි්ධියක් තියෙනව. පරිසරය හරිම ලස්සනයි .ප්‍රාග් ථෙතිහාසික චිත්‍ර සහිත ගල් ගුහාවක් වගේම ගස්්වලින් පිරි කෑලැවක් ගල්තලාව වටෙිම පැතිරිලා තියෙනව. දිය පොකුණු පැරණි පුස්තකාලය සැතපෙන පිළිමය ආදි ගලින් කල විස්කමි දකින්නට පුලුවන්.

No comments: