Translate

Tuesday, December 18, 2012

ලස්සනයි නේද කියන්න මම මහන කර්ටන්.......

කාලෙකින්....... තිබුන වැඩකටයුතු නිසා බ්ෙලාග් එක පැත්තට එන්න ලැබුනෙ නැහ.කෙරීගෙන ගිය වැඩ අදින් පස්සෙ ඉවර නිසා මේ පැත්තට එන්න ලැබුනෙ.කාලෙක ඉදල මම ආසාවටත් එක්ක කරන වැඩ කිහිපයක් තියෙනව.මේ නත්තල් කාලෙනෙ . ඒ  විසිතුරු වැඩ වලට ඉල්ලුමක් තියෙන්න මේ කාලෙ තමයි.කර්ටන් නිර්මාණය මගෙ විනෝදාංශයක් වගේම ආර්ථිකයටත් වාසියක් . අද මම ලියන්න යන්නෙ ඊයේ  අවසන් වුනු මගේ නිර්මාණයක් ගැනයි.
                         මගේ මිතුරියක් අලුත් ගෙයක් හැදුව. එහි කර්ටන් දැමීම මට තමයි බාර දුන්නෙ.මට භාර දුන්නත් එයත් ඔය කර්ටන් දමන සාප්පු කිහිපයකත් කරක් ගැහුව.කවුරුත් කැමතියිනෙ අඩු මුදලට වැඩි හොදට කරගන්න. මම ගෙදරට ගිහින් ජනෙල් මැනල අවශ්‍ය රෙදි ප්‍රමාණය කිව්ව .මගෙ මිතුරිය රෙදි ගන්න කර්ටන් සාප්පුවකට ගියා. ඒ ගොල්ලත් කර්ටන් මහනව. හැබැයි මගෙ ගානට වඩා රුපියල් 75 ක්ම අඩුවෙන්..... කොච්චර වාසියක්ද නේද? යාලුව මට කෝල් කරල කියනව.ගාන අඩුයිනෙ........ඒක කොයිතරම් වාසියක්ද......අපි එතනින් මහගන්න බලමු. මමත් උදව් කරන්නම්.මම ඒ ගාන ගන්නෙ ,දවස් 5ක පමණ මහන්න වැයවන කරන්ට් බිල, අයන් කරන්න වැයවන බිල , ස්ටීප්වලට වැය කරන මුදල, මගෙ මහන්සිය එකතු කරලයි කියල මම පැහැදිලි  කලා. නමුත් ඔයාට අඩුමුදලට කරගන්න පුලුවන් නම් එය වාසියක් . දෙපාරක් හිතන්න එපා...කියල මම කිව්ව.යාලුවට ත් හරිම සතුටුයි මම බලෙන් ලබාගන්න උත්සාහ නොකරපු එක ගැන.මම දන්නව ගෙයක් හදන්න තියෙන සේසතම වියදම් කරල ඉන්න කෙනාට කර්ටන් ටිකට වාසියක් ලැබෙනව නම් තියෙන සතුට ගැන....අපි හැමෝම දුක් මහසියෙන් හම්බ කරන්නෙ ....අමාරුවෙන් ගෙයක් දොරක් හදාගන්නෙ ..එහෙව් එකේ කඩාවඩා ගන්න හොද නැහනෙ.
                                        මම අවශ්‍ය රෙදි ප්‍රමාණය කියල තියෙනවනෙ .නිකමට වගෙ යාලුව ජනෙල්වල උස සහ පළල දීල අවශ්‍ය රෙදි ප්‍රමාණය අහල තියෙනව.මගෙ ප්‍රමාණයට වැඩියෙන් මීටර් 10යක්ම යනවලු. රෙදි මීටරයක් රු.350 ගණනෙ මීටර් දහයකට 3500 ක් යනව.යාලුවගෙ මහත්තය කීවලු මේක හරියන වැඩක් නෙමේ රෙදි  අරගෙන අපි යමු කියල .අන්තිමට මටම මහන්න සිදුවුනා ඔයාලට තේරෙනව ඇතිනෙ වෙන සංගෙදිය. රෙදි මීටරයක් විකුණන මුදලින් ලාභයක් ලබනව.....වැඩියෙන් කියන රෙදි මීටර් ගණනට ලාභයක් ලබනව.....ඒ රෙදි මීටර් ගණන ආයිත් විකුණල මුදල සහ ලාභයක් ලබනව.....මැහුම් කුලියකුත් ලබනව.....  අනේ මම නිදිමරාගෙන මහල වැයවන ශ්‍රමයට මුදලක් විතරයි ලබාගන්නෙ .ඔන්න ඔහොමයි වෙන්නෙ....ඉතින් ඔයාලබලන්නකො මම දමපු කර්ටන්.....


                                                             


Sunday, September 30, 2012

ඉන්දියානු සර්වඥධාතුන් වහන්සේලා...........


                                                                                                                                                               පසුගිය කාලෙ අපේ අය බැතිබරින් යුතුව   කපිළවස්තු සර්වඥධාතුන් වහන්සේලා වැද පුදාගත් හැටි
මම පත්තරෙන් කියෙව්ව.කොයිතරම් වෙහෙසක් දරලද ඒ අවස්ථාව ලබාගත්තෙ කියල පෝස්ට් එකක් දැක්ක.ඒ අතින් මම වසනාවන්තයි කියල හිතනව .ඉන්දියා ගිය වේලේ කපිලවස්තු ධාතුන්වහන්සේලා අසල පැය ක් පමණ වන්දනා කලා.එතන හිටිය ඉන්දියන් ආරක්ෂකයා සමග කතාබහකරල ඡයාරූපත් ගත්ත.වෙන දේවල් පොටෝ ගන්න දෙන්නෙ නැහ.ලස්සන  ඇත්දල කැටයමක් තිබුන.ආසාවට මම පොටෝ එකක්  ගත්ත.ඒ අතරෙදි අපේ විජේ අයියත් කැමරාව අටවගෙන .....ආරක්ෂකය මෙය දැකල ගත්තු පොටෝ එක මකන්න කීවනෙ.නැතිනම් ඉ.රුපියල් 300ක් ගෙවන්න කීව.මම ගත්ත දැක්ක නැති නිසා මැකුවෙ නැහ.
                               තවත් සර්වඥධාතුන් වහන්සේනමක් ගැන ලියන්නයි මේ ඇරඹුම.පමාවුනා සේයාරූ අයිති ස්වාමින්වහන්සේගේ අවසරය ලබාගැනිමටයි.දඹදිව බුද්ධගයාවෙ තිබෙන මෙම සර්වඥධාතුන් වහන්සේ වැඩසිටින්නෙ අපේ හාමුදුරුවන්ගේ  භාරකාරත්වයෙන්.ලංකාවෙ වගේම මහජන ප්‍රදර්ශනයට පත්කරනව.ඉන්පසු නැවතත් තිබු තැන තැන්පත් කරනව. බ්‍රිතාන්‍යයන් කෝටි200ක් වටිනාකමක් දීල තියෙනව.ඒත් වටිනාකමක් නියම කල හැකිද? කෙසේ වුනත් ලස්සනට සර්වඥධාතුන්වහන්සේලා තැන්පත් කරල තියෙනව.ඒ මැණික් වල වටිනාකම වෙන්නැති මිල නියම කරල තියෙන්නෙ.

සර්වඥධාතුන්වහන්සේ
අගසව්ධාතුන්වහන්සේලා සමගමැද සර්වඥධාතුන්වහන්සේ
මහජනප්‍රදර්ශනක්දා
ධාතුන්වහන්සේලා භාරව සිටින රාහුල ස්වාමින්වහන්සේ

ලස්සන ඊමේල් ගැන......

බොහොම කාෙලකින්....ආයුබෝවන් වේවා.....අටම්පහුරෙ ඉන්දියන් මැෂින් ගැන කියවනකොට මට මතක් වුනා මගෙත් බ්ෙලාග් එකක් තියෙනව නේද?කියල.ඉන්දියා ගිහිනුත් අවුරද්දකට කිට්ටුවෙන්නත් ආව.මේ අවුරුද්ද පුරාවට පොස්ට 21කින් ඒ ගමන ගැන ලිව්ව. කියවපු අයගෙ ගනන දැක්කම සිතට සතුටයි.ඒ අයට ස්තුතියි.
                                     අවුරුද්ද ගෙවෙනකොට බ්ලොග් එක ගැන අමතක වුනා.එහෙමත් නෙමේ රාජකාරි වැඩ නිසාත් මේ දවස්වල හොද පොත් ටිකක් ගත්ත ඒව කියවන නිසාත් කාලය මදි වුනා.වයස අනුව නිදිමරන්නත් හොද නැහැනෙ.ඉතින් නැවතත් ඉන්දියා යන්නට සිහින දකිනව........බුද්ධගයාවේ රාහුල හාමුදුරුවො සමග ස්කපි හා සම්බන්ධවෙලා කතාකරන නිසා තොරතුරුත් දැන ගන්නව.කියවන පොත් අතරින් හොද පොතක් ගැන ලියන්නට කතුතුමාගෙ අවසරය ලැබුන ගමන් බ්ලොගය පැත්තෙ එන්න හිතාගෙ න උන්නත් මට ලැබෙන ඊමේල් ගැනත් ටිකක් ලියන්න ඔන කියල හිතුන.
                                  මව් පදිවිය කියන්නෙ උතුම් තානාන්තරයක් .අපි එය ලබාගන්න දරන වෙහෙස ගැන අමුතුවෙන් කියන්න ඔන නැහැනෙ.ඒ එක දරුවෙක් කුස තුල හොවාගෙන අම්මා කෙනෙක් දසමසක් ලබන මහන්සිය කොතරම්ද?   ඒත් එක අම්මාකෙනෙක් දරුවන් එකොලොස්දෙනෙක් කුසතුල දරා සිටියහොත් ..........ඒ අම්මාට තෙරුවන් සරණයි....දෙවිපිහිට ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු.ඒ වෙහෙසට කාටනම් පිහිටවිය හැකිද? ඒ දරුවන් හදාවඩා ගැනිමට කොතරම් වෙහෙසක් දැරිය යුතුද?
                                         මෙම ජයාරූපය මට ඊමේලයකින් ලැබුන නිසා යි දාන්නෙ ඒ අම්මා කැමැත්තෙන් පෙනි හිද තියෙනවනෙ .නැතිනම් මම බ්ලොගයට දාන්නෙත් නැහැ.පත්තරෙන් දකින්නත් ඇති.මාතෘපදවිය නිසා කියවන හැම වැරදි හැගිමක් ඇතිකරගන්නත් එපා.
වැඩි විස්තර නැතත් ගීනස් වාර්තාවක් ලෙසට නම්කරල තියෙනව.ඉන්දියාෙව තමයි මේ අම්ම ඉන්නෙ .අවුරදු 25ක් වෙනව.ඉන්දියාවෙ ඉන්න නිසාම මේ අම්ම වසානාවන්ත වෙලා තියෙනව.ඒමොකද පිරිමි දරුවන් 10දෙනෙකුට 1ක ගැහැණු ලමයයි. 1ට 10ක් වුනා නම් ඉන්දියාව වැනිරටක..........ඉන්දියාවට ගැහැණු ඇලජික් නෙ.අපිට නම් කවුරුත් එකයි නේද?දරුවො අතරෙ භේද නැහැ නේද.

Wednesday, August 22, 2012

සර්වඥ ධාතුන්වහන්සේලා වැදපුදාගන්න නොහැකිවු අයට.........

ගුවන්තොටුපලේ සිට ධාතුන්වහන්සේලා වඩම්මගෙන යන වෙලාවේ මමත් පාරට ගිහින් පෙරහැර දැක බලා ගත්ත.2011දෙසැම්බර් මාසයෙ එක්දිනක ඉන්දියාවේ දිල්ලි ජාතික කෞතුකාගාරයෙ දී සර්වඥ ධාතුන් වහන්සේලා වැදපුදාගත් හැටි මට මතක් වුනා.දඹදිව වන්දනාගමනෙ අවසන් අදියර ලෙස අපි එදා දිල්ලියට පැමිණියා.අපි නතරවි සිටි පන්සලේ ස්වාමින්වහන්සේ කීව කෞතුකාගාරයෙ තැන්පත් කර ඇති සර්වඥධාතුන් වහන්සේලා ලංකාවට වඩම්මවනව පෝලිම් වල ගිහින් බලනවට වඩා මෙහිදි නිදහසේ වැදගන්න කියල. අපි පස්වනක් ප්‍රීතියෙන් දිල්ලියෙ ජාතික කෞතුකාගාරයට ගියා.ඇතුල් වෙන්න ඉන්දියන් රුපියල් 300ක් ගන්නව.කැමරාව ගෙනියන්න දෙනව.ඒත් පොටෝ ගන්නව නම් අයකරනව.ධාතුන්වහන්සේලා වැඩසිටින ස්ථානයට අපි යනවිට කිසිකෙනෙක් සිටියෙ නැහ.අපි නිදහසේ වන්දනා කලා.පොටෝ එකක් ගැනීමේ අවශ්‍යතාවයත් තිබුන.ඒත් ආරක්ෂක නිලධාරියෙක් බලා ඉන්නව.හොරෙන් ගන්නත් බැහැනෙ.ඒ නිලධාරියාගෙන් අවසර ඉල්ලුව .වාසනාවකට අවසරය ලැබුන.එක පොටෝ එකක් නෙමේ හතඅටක්ම ගත්ත.


කෞතුකාගාරයෙ තිබු සේයාරුවකින් ගත් පොටෝ එකක්

Wednesday, August 15, 2012

අපි ගිය දඹදිව චාරිකාව........කොහොමදැයි බලන්න...21



අන්තිම විස්තරය ලියන්න ටික දවසක් ගතවුනා.අවිවෙිකිබව හානොයෙකුත් හේතුන් පමාවට හේතුවුනා. ඒ ගැන කණගාටුවෙනව.සාංචිය වැදපුදා ගැනිමෙන් පසු නැවතත් අපි පන්සලෙහි එදා රාත්‍රිය ගත කලා .පසුදා පාන්දරින්ම ගමන ආරම්භ කල යුතුව තිබුන.සාංචියෙ සිට ගෝපාල් දක්වා අපි කතාකර ගත් වාහනයකින් ගමන් ඇරඹුව.පාන්දර පහමාරට පමණ මේ ගමන සිදුවුනෙ.අපේ දඹදිව චාරිකාවේ අවසාන දුම්රිය ගමනයි.ගෝපාල් වලින් ආරම්භකර චෙන්නායි වලින් දුම්රිය ගමන අවසාන වෙනව.එද රැයක් දුම්රියේ ගත කිරිමට සිදුවෙනව. සිතල නම් තාම අඩුවක් නැහ.උදේ  කාලය නිසා දුම්රිය ට නැගිමට සෙනග මග බලාන ඉන්නව.රැකියාවලට යන්න සිතලෙ වෙවුලමින් දුම්රිය අංගනයේ බලා සිටින සෙනග දිහා බලපුවම කණගාටුවකුත් සිතට දැනුන.පරිසරය අපිට කොයිතරම් කාරුණිකද......... දැන් දුම්රිය පැමිණෙනව ...ටිකක් තදබදයකුත් තිබුන .ගෙන ගියාට වැඩි බඩුබාහිරාදියත් උසවාගෙන අපි හැමෝම දුම්රියට ගොඩවෙලා නියමිත අසුන් සොයාගත්ත.


අපේ දුම්රිය ගමන මතකයට මා ගත් සේයාරූ කිහිපයක් තමයි මේ තියෙන්නෙ.චෙන්නායි කිටිටුවෙනවිටදි නම් සිතල මගහැරිල තිබුන.අතරමගදි අපිට ඉන්දියන් තරුණයින් දෙදෙනෙක් මුණගැහැණ නිසා පාලුවක් දැනුනෙ නැහ...උගත් දරුවන් වු ඒ දෙදෙනා සමග කතාබහ අපිට රසවත් අත්දැකිමක් වුනා.චෙන්නායි කිට්ටුවෙන විට පාන්දර කාලය විතිබුන.ලොකු වැස්සකුත් වහින්න වුනා.දුම්රියෙ ගමන් වේගයත් අඩුවෙන බව අපිට දැනුන .ඒත් වෙන්නෙ මොකක්ද කියල අපිට හැගිමක්  තිබුනෙ නැහ.උදේ පාන්දර අවට බලද්දි අපි දුටුවේ ගංවතුරක් ගැලු ආකාරයයි.සියලුම ගොඩබිම් වතුරෙන් යටවෙලා.සුලිසුලගක් හමාගිය බවත් පසුව දැනගන්න ලැබුන.චෙන්නායි දුම්රිය ස්ථානයෙන් බැස අපි කෙලින්ම ගියේ මහාබෝධියටයි.දවස් දෙකක් චෙන්නායිවල රැදි සිටිය.අවශ්‍ය දේවල් මිලදි ගැනිම කිරිමට චෙන්නායි පුරා ඇවිද්ද. කාන්තාවන් වු අපිට සාරි කඩ දැකිමත් ප්‍රියබවක් වුනා.සිත්සේ තමන්ට අවශ්‍ය දැ මිලදි ගැනිම් වල අපේ කට්ටිය නියලි සිටිය.සාරි මෙන්ම සරොන් ස්ටිල් භාණ්ඩ මේවා අතර තිබුන.ව්‍යාපාරයක් ලෙස භාණ්ඩ මිලදි ගැනිම්වල යෙදි සිටි ලංකාවේ කිහිප දෙනෙකුත් අපට මුණගැසුන.
දෙසැම්බර් තිස්එක්වෙනිද චෙන්නායි වලටත් කාර්ය බහුල දවසක් වෙලා තිබුන.කඩසාප්පුවලසෙනග පිරිල ඇදුම්පැලදුම් ගන්න අයුරු අපිට දකින්නට ලැබුන.2012.01.01දින පාන්දරම වාහනයකින් අපි චෙන්නායි ගුවන්තොටුපලට පැමිණුනා.ද
චෙන්නායිවලින් පිටත් වු මොහොතයි.ඉතාමත් ප්‍රීතියෙන් කලදඹදිව චාරිකාව මෙසේ නිමාවුනා. තවත් වතාවක් යන්නයි හිතන් ඉන්නෙ.මෙය කියවු ඔබ හැමටත් කෙදිනකහෝමේ ගමන යන්නට ලැබේවායි මම ප්‍රාර්ථනාකරමි.


Saturday, July 14, 2012

අපි ගිය දඹදිව චාරිකාව........කොහොමදැයි බලන්න..20

.

දුම්රියට නගිද්දි නම් ටිකක් තදබදයක් ඇතිවුනා.රාත්‍රී දුම්රියක් නිසා සෙනගත් වැඩිපුර හිටිය.ඒ වුනත් අපට වෙන්වුන ආසන තිබුන නිසා අපහසුම වුනේ නැහ.පෝටර්ලගෙ දක්ෂතාවය වන්නේ අපට වෙන්වුන මැදිරි අංක  දුම්රිය අංගනයෙ නවත්වන තැනටම අපිව එක්ක යෑම නිසා වඩාත් ලෙහෙසියි. අපි අටදෙනාට එකටම වාඩිවෙන්න ලැබුනෙ නැහ. දෙන්නෙකුට වෙනත් තැනක් ලැබුනෙ.ඒත් දුම්රිය ගමන් කරන විට එකට එකතුවෙනව.රැයක් පුරාවට අපි දුම්රිය ගමනෙ යෙදුන.සංකස්ස ත් දුම්රිය නැවතීමක් තිබෙන නිසා අපිගෝපාල් දක්වා යන්නෙ නැතිව සංකස්සෙන් බැසිමට තිරණය කලා.අපිව සංකස්ස පන්සලට ගෙන යැමට හිතවත් සේතංපැමිණ සිටිය.අපේ බඩුබාහිරාදිය දුම්රියෙන් බාගැනිමටත් පහසුවුනා.දුම්රියෙ සිටි තරුණයිනුත් අපට සහාය දැක්වුව.උදේ අටවිතර වෙන විට අපි පන්සලට ලගාවුනා.සියලු දෙනාම යුහුසුලු වුනේ මුණකට සොදාගෙන තේ පානය කිරිමටයි .දැන් අපට රාජුගෙ සහාය නොමැති නිසා පන්සලේ සිටින පිරිමි ලමයින් කිරි තේ පෝච්චියක් හදල ගෙනවිත්දුන්න.උදේ අහාරයෙන් පස්සෙ රෙදි පිලි සෝදාගෙන නෑම ටත් කවුරුත් සුදානම්. මම නම් නෑම ගැන එතරම් උනන්දුවුනේ නැහ.රාත්‍රියෙ දුම්රිය එනතෙත් එලියෙ සිටිම නිසා හිසරදය වගේ දැනෙන්න ගත්ත. තවම සීතල අඩුවෙලත් නැහ.පන්සල් වත්ත පුරා රෙදිවැල් ගැට ගහල රෙදිටික වේලගන්න පුලුවන් වුනා.දැන් අව්ව තියෙනව.දහවල් කෑමත් පන්සලෙන්ම හදාගන්න පුලුවන් වුනා.විසිඅටවැනිද දහවල් අපි සාංචිවන්දනාවට එකතුවුනා. මේ සදහා පන්සලේ සිටින තපස්සි ස්වාමින්වහන්සේ අපත් සමග වැඩමකලා.පන්සලේ සිට වාහනයකින් ගියත් අතරමගදි පයින් ගමන් කරන්න සිදුවුනා පාර අලුත්වැඩියාවක් නිසා වාහනයට යන්නට නොහැකියි.පුංචි කන්දක් මුදුනෙ තමයි සාංචි විහාරය පිහිටල තියෙන්නෙ.පලමුවෙන්ම බුදුගෙට ගොස් පන්සිල් සමාදන් වුනා.තපස්සි හිමියන් සාංචිය ගැන හැදින්වීමක් කලෙත් මෙහිදියි.අපි වගේම ඉන්දියානුවනුත් සාංචිය වැදපුදා ගැනිමට පැමිණ සිටිය.සාංචිය ශ්‍රීලංකික අපට සුවිශේෂි වැදගත් කමක් ගන්නව.බුදුදහම ලංකාවට රැගෙන ආ මිහිදු හිමිගෙ ජන්ම භූමිය විමත් සංඝමිත්තා තෙරණියගේ ජන්මභූමිය විමත් මේ වැදගත් කමයි.ලෝකවාසි බෞද්ධයින්ට වැදගත් වන්නේ සැරියුත් මහ රහතන්වහන්සේගේත් ,මොග්ගලීපුත්තතිස්සමහරහතන්වහන්සේගේත් ධාතුන් තැන්පත් කල ස්ථානය වශයෙනි.
මේ බුදුමැදුරයි. ධාතුන් වහන්සේලා සෑම නොවැම්බර්මසකම පුදර්ශනය කරන අතර අපට එදින වැදපුදා ගැනිමට නොහැකි බව තපස්සි හාමුදුරුවන් වදාලා.නමුත් ශ්‍රී ලාංකික බෞද්ධයින්ට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් අනුව ,සේයාරුවෙන් පෙනෙන බුදුරුව පිටුපස ආරක්ෂිතව තැන්පත් කර ඇති ධාතුන් වහන්සේලා වැඩසිටි ස්ථානය ගොස් වැදගැනිමට අපට හැකිවුනා.
ධර්මාශෝක රජතුමා  අවන්ති ප්‍රදේශයේ යුවරජව සිටි කාලයේ විවාහ කරගත් වේදිස දේවියට ලැබුන දරුදෙදෙනා වුයේ මිහිදු හා සංඝමිත්තායි.තපස්සි හිමි මේ ඉතිහාසය පිලිබදව රසවත් කතාන්දරයක් අපට කියා දුන්නා.සැබැවින්ම අප නොදන්නා ඒ කරුණු මෙන්ම සාංචිය ගැන තොරතුරුද ඉතාමත් පැහැදිව අපට කියාදිම ගැන උන්වහන්සේට පින්සිදුවෙනව.පසුකලෙකඅශෝක අධිරාජයාගෙන් වෙන්වු වේදිස දේවිය වෙනම ජීවත් වු  බව කියයි.මිහිදු හිමියන් සාංචියෙ සිට ලක්දිව වැඩම කර මවගේ බලවත් ඉල්ලිම පරදි නැවතත් සාංචියට වැඩම කරතිබෙන.වේදිස දේවියගෙ නෑයින් වෙනත් ආගමිකයින් වු නිසා ඇයට නෑයින්ට හොර රහසේ මිහිදු හිමියන් දැකිමට සාංචියට පැමිනිමට සිදුවිතිබෙනව.වේදිස දේවිය ජිවත්වු ස්ථානය යැයි ස්වාමින්වහන්සේ ඈතින් පෙනෙන කන්දක් පෙන්නුව.මිහිදුහිමියන්ට දානය රැගෙන නෑයින්ට හොරෙන් පැමිනිමට උමගක් හාරා ඒමගින් මව් දේවිය පැමිනි බවත් උන්වහන්සේ පැහැදිලිකලා.එය විශාල දුරක්......සාංචිය අසල තිබෙන උමංදොර තමයි මේ සේයාරුවෙන් දැක්වෙන්නෙ.



රහසින් පැමිණෙන මවගේ දරු සෙනෙහසට ඉඩදුන් මිහිදු හිමි මවගේ අකමැත්ත තිබුනත් නැවතත් ලංකාවට වැඩම කල බවත් පිරිනිවන් පාන්නෙත් ලංකාවේ බවත් තපස්සි හිමියන් පැහැදිලි කලා.ජයශ්‍රීමහ බෝධිය ලංකාවට ගෙන එන්නට පලමු සාංචියෙ තැන්පත් කර තිබි ඇත . දැනට  නටබුන්ව තියෙන සංඝමිත්තා තෙරණිය ගේ විහාර මන්දිරය තමයි මේ ඡායාරූපයෙන් පෙනෙන්නෙ.එය විශාල කර බැලු විට ශ්‍රීමහා බෝධිය ලංකාවට ගෙන එන්න පලමු තැන්පත් කර තිබු කටාරම ඈතින් පෙනෙනව.
සංඝමිත්තා තෙරණියගේ විහාරය




තපස්සි හිමියන්


අශෝක අධිරාජයා පසුකලෙක සාංචි යෙ නොයෙකුත් විහාර කර්මාන්ත කරඇත.තනිකරම කලුගලෙන් කල දෙමහල් පාය වටිනා නිර්මාණයකි. පසුකලෙක මුස්ලිම් ආක්‍රමණවලින් කොටසක් විනාශවි ගෙොස් ඇත.
                    

නෙල්ලිගෙඩිය
පසුකලෙක අශෝක අධිරාජයා රෝගිව සිටින විට සංඝයාවහන්සේලා නිතරම දුක සැප බැලිමට රජු බැහැ දැක ඇත.එවන් දිනෙක සංඝයාවහන්සේලාට පුජා කර ඇත්තෙ නෙල්ලිගෙඩියක් පමණි.ඒ අවස්ථාව සිහිපත් කරනු වස් දෙමහල්පාය මුදුනෙහි කලුගලින් නෙල්ලි ගෙඩියක් නිර්මාණය කරඇත.මුස්ලිම් ආක්‍රමණිකයන් එය බිමහෙලා විනාශ කර ඇති අයුරු අපට දකින්නට ලැබුනි. මේ ප්‍රදේශයේ නෙල්ලි ගෙඩිය අපට හුරුපුරුදු නෙල්ලිගෙඩියේ හැඩයට වෙනස්ය.
මේ සාංචි වන්දනාවෙන් පසු නැවතත් අපි පන්සලට පාගමනින් පැමිණියෙමු.මෙතෙක් කල වන්දනාමාන නිමාකරමින් ලැබුනු විවේකයේ අපි සියලු දෙනාම එකට එකතුවි ගමනෙ සුන්දරත්වය කතාබසින් වින්දනය කලෙමු.සිහිනයක් විපැවති දඹදිව ගමන සෑබෑ වු ප්‍රීතිය අපි කාගෙත් සිත්වල උතුරා යමින් පැවතුනි.සැබැවින්ම පංචසීලයෙහි පිහිටමින් කලාවු වන්දනාව කිසිම කරදරයකින් තොරව අසනීපයකින් තොරව නිමාවිම අප කාටත් සතුටකි.
නැවතත් රාත්‍රි ආහාරය සාංචියෙ සිටින සේතං මයා අපට පිලියෙල කරදුනි රසවත් කරියක් සමග රොටි හරිම රසයි.ඒකට උණු තේකොප්පයත් ගෙන ආවේ තවත් රසවත් බවක්.......පසුදා අපි නැවතත් ගමන ආරම්භ කලයුතුයි.දුම්රියෙන් අපේ අවසාන නැවතුම වු චෙන්නායි බලා පිටත්වීමේ අදහසින් සියලු දෙනා නින්දට ගියෙමු.දඹදිව ගමනේ අවසන් අදියර ගැන නැවතත් ලියන තෙක් කියවන ඔබලාට ස්තුතියි.

Tuesday, July 3, 2012

අපි ගිය දඹදිව චාරිකාව........කොහොමදැයි බලන්න..19

දෙසැම්බර් 26 වැනිද උදේ ටිකක් දහවල් වෙලා තමයි අපි සැවොම අවදිවුනේ.ගමන් මහන්සිය නිසා වෙන්නැති.මේ වන විටත් රාජු තේ පානය සුදානම් කරල තිබුන.උදේ කෑමට සුදානම් කරල තිබුනෙ රොටි ....සියලුම දේ නා කෑම ශාලාවට එකතුවුනා. ඉතින් කතාබහ අතරින් නොදැනිම කෑම  ටික ඉවරවුනා. කවුරුත් කතා කලේ ලැබු අත්දැකිම් ගැන..ඒ වගෙම දවස් ගණනක් අපි අතර හිටි රාජු 28 වැනිද අපෙන් සමුගෙන බරණැස බලා යනව.සුහදයෙකුගේ වෙන්වීමේ විලාපය  කාගෙත් හදවත් වල රැව්දුන්න.ඔහු වෙනුවෙන් යමක් කල යුතු බව අපි කවුරුත්  එකගවුනා.ඒ සදහා නෙයෙකුත් අදහස් ඉදිරිපත් වුනා.ඇද පැලද සිටි ඇදුම් වල ස්වාභාවය අනුව අපි අමතරම ඇදුමක් අරගෙන දෙමුයි කියා තීරණය කලා. වෙනම අමතර ගාස්තුවක් දීමත් ගංගමිස් අතින් සිදුවෙනව. අපේ දිල්ලි රවුම යන්න දැන් සුදානම් වෙන්න ඕන වුනත් ඇදුම් පැලදුම් සෝදගෙනම යමු කියල කතාවු නා .ලහි ලහියේ කවුරුත් රෙදි ටික හෝදල වේලෙන්න දාල ගමන යන්න සුදානම් වුනා.නවාතැනෙ සිටි  ඉන්දියානුවෙක් අපිට වාහනයක් සුදානම් කරල දුන්න.  අපි පලමුවෙන්ම ගියේ දිල්ලි කෞතුකාගාරය බලන්නයි. විශාල ගොඩනැගිලි අතරින් යන මේ ගමන අපේ කොළඹ සිහිගැන්වුව. ඉන්දියන් රුපියල් 300ක් එක්කෙනෙකුට අයකරනව.ශරීර පරීක්ෂාවකින් පසුවයි ඇතුලට යන්න දෙන්නෙ.බලන්න වටිනා දේවල් තියෙනව.අපේ හිත්ගත්තෙ .සර්වඥධාතු කරඩුව වැද පුදා ගැනිමයි.

ඒ වගේම ලස්සන කලා නිර්මාණයකුත් තිබුන .ධාතුන් වහන්සේ ලා පොටෝගන්න දුන්නත් අනෙක් ඒව දෙන්නෙ නැහ. අවශ්‍යතාවය නිසාම මම පොටෝ එකක් ගත්ත.
ඇත්දල කැටයමක් ඉතාසියුම්ව කරල තියෙන්නෙ. හරිම ලස්සනයි  ඊලගට ගියේ නේරුතුමාගෙ කෞතුකාගාරය බලන්න.එතන නම් පොටෝ එකක් ගන්න ලැබුනෙ නැහ. වෙඩි වැදුන තැන ස්මාරකයක ් තියෙනව.විශාල තිරයක නේරුතුමාගෙ අන්තිම අවස්ථාව දැක්වෙන වීඩියෝ නිර්මාණයක් බලල පැහැදිලි කරගත හැකියි. නේරුතුමාගෙ ජීවිත කාලයේ විවිධ අවස්ථාවන් දැක්වෙන නිර්මාණාත්මක කුටි සකස් කරල තියෙනව.යන අයට හොද අවබෝධයක් ලැබෙනව.ඒ මොකද ඒව ජීවමාන ස්වරූපයක් ගන්න නිසා.වෙනම ම පරිහණ භාණ්ඩ ප්‍රදර්ශනය කර තිබෙනව.එතනින් අපිගියේ ඉන්දිරාගාන්ධි කෞතුකාගාරයටයි.ඒ යන අතරෙ වාහනයෙ රියදුරු එක එක ෂොපින් සෙන්ටර්වලටත් ගෙන යනව.ඒවයින් මිළදි ගන්න දෙයක් අපිට තිබුනෙ නැතත් විසිතුරු දේවල් බලල සතුටුවුනා.මේය අපිට කරදරයක් වුනා.රියදුරුට ඒබව කීවත් ගත්තෙ නැතත් බලල එන්න කිව්ව. එයින් යම්කිසි වාසියක් ඔහුට ඇති බව අපට හැගිගිය නිසා අපහසු වුනත් හැමතැනකටම ගියේ නැරඹීම සදහායි.ඉන්දිරා ගාන්ධි කෞතුකාගාරය ට අපි යන විටත් සෑහෙන සෙනගක් රැදි සිටිය.අපේ අධ්‍යාපන ඇමතිතුමත් ඒ අවස්ථාවෙ කෞතුකාගාරය නරඹමින් සිටිය.සුහදව කතාබස් කරමින් එතුමා අපි සමග සේයාරුවකටත් පෙනිසිටිය.
ඉන්දිරාගාන්ධි මැතිණිය මියයන විට ඇද සිටි සාරිය

ඇගේ අතින් කල නිර්මානයක්

ගෙදර සිට ගමන් කල මාර්ගය .ඈතින් සෙනග පෙනෙන තැනදි තමයි වෙඩි වැදී ඇත්තෙ.දැනට කෞතුකාගාරය පවත්වාගෙන යන්නෙ එතුමියගේ නිවසෙයි.


මෙතනදි තමයි වෙඩිවැදි ඇත්තෙ. දිල්ලියෙ විසිතුරු නරඹමින් නගරය පුරා වාහනය ගමන් කලා.දැන්නම් පිරිසිදු කමක් තියෙනව කියල මාල මිස් කිව්ව.මමත් අහල තියෙනව අඈත ප්‍රදේශවලින් පැමිණෙන රියදුරන් දිල්ලියට එනවිට පිරිසිදුවට එනව කියල. නැතිනම් දඩගෙවන්න වෙනවලු.ලොටස් පන්සලත් බලන්න ගියා.විවිධ ආගමික ස්ථාන මෙහි තියෙනව.නෙලුම් මල ක හැඩය ගත් නිසා ලෝටස් කියල හදුන්වනව.

ඉතා අලංකාරවත් ලෙස නිර්මාණය කරඇති මෙය බලන්නත් විශාල පිරිසක් පැමිණෙනව.මගදි පාවහන් ගලවා බෑගයකට  දමා යන්නඕන. අපි අකමැත්තෙන් වුවත් එහෙම කලා.ලංකාවේ වගේ එනකොට නැතිවේවි කියල හිතාගෙන .එහෙම වුනේ නම් නැහ.එදා දවස දිල්ලිය පුරා ගතකරල හවස් යාමේ තමයි අපි නවාතැනට ආවේ.ඊට පසුදා තෑගි ටිකක් මිළදි ගන්න අපි ගියා.එකට ගියත් වෙන්වෙන් වශයෙන් තමයි යන්න වුනේ.සපත්තු හෙම හරිම ලාභයි.ඉන්දියන් රුපියල් 150කට වගේ ගන්න පුලුවන්.කොහොම හරි මමයි තමර නංගිටයි වෙලාව ගියා දැනුනෙ නැහ. නවාතැනට එනවිට හවස පහත්පහුවෙලා. කුසගින්නත් දැනුන.ඉක්මනින් කෑමකාල ඇදුම් මාරුකරගෙන දිල්ලියෙන් පිටත්වෙන්න සුදානම්වෙන්න ඕන.රාත්‍රී අටට තමයි දුම්රිය තියෙන්නෙ.කට්ටියම ගමන් මලු අස්පස්කරගත්ත. දැන් දැන් අදුරත් වැටිගෙන එනව.මෙහදි අපිට ලංකාවේ හමුදාවේ ලමයි කිපදෙනෙකුත් හමුවුනා.
ගමන් මලු ගමනට සුදානමින්

රාජු අපෙන් සමුගන්න මොහොත

දුම්රිය එනතුරු
අපේ ගමන් මලු පිටත්වෙන්න සුදානමින්

දුම්රිය එනතුරු අපට සහාය වු ඉන්දියානු ජාතිකයා
පෝටර්ල මාර්ගයෙන්අපගේ ගමන් මලු දුම්රිය ස්ථානයට ගෙන්වාගත්ත.එදා දුම්රිය ටිකක් පරක්කුවුනා.රාජු බරණැස බලා යන දුම්රියට යන්න පිටත්වුනා.දැන් අපි දුම්රියෙන් පිටත්වෙන්නෙ ගෝපාල්වලටයි.ගෝපාල් ස්ටේෂන්වලින් බැහල සංකස්සට යන අදහසින්.ඒ දුම්රිය ගමනත් අපුරූ අත්දැකිමක් එකතු කලා.ඉතිරි ටික දුම්රියෙ යන ගමන් විස්තර කරන්නම් .එතෙක් ආයුබෝවන් ......මා සමග දඹදිව චාරිකාවට එකතුවුන මිතුරු මිතුරියනේ..........අ


Sunday, July 1, 2012

අපි ගිය දඹදිව චාරිකාව .......කොහොමදැයි බලන්න(18)

මේ විස්තරය ලියන්න තිබුනෙ දිල්ලිය ගමනට කලින්. ඒත් මට පුංචි වැරදීමක් සිදුවුනා.දින 19යක ගමන දැන් මතකයෙන් ලියන්නෙ.සැවැත්නුවර සිට කෙලින්ම දිල්ලියට පැමිණියෙ නැහ.අතරමග එක් දිනයක් ගතකරලයි දිල්ලියට පිටත්වුනේ.  දෙසැම්බර් 24 වැනිද අපි රාත්‍රිය ගත කලේ සංකස්ස වලයි.සැවැත්නුවර සිට කි.මී.හාරසීයයක පමණ දුරකින් තමයි සංකස්ස  තියෙන්නෙ.බුදුන් වහන්සේ වැඩසිටි තැන්වලින් සුවිශේෂි තැනක් ලෙස සංකස්ස හදුන්වන්න පුලුවන්.සංකස්සට එද්දිත් ගොඩක් රෑ වුනා. මේ පන්සලෙත් වන්දනා කරුවන් වෙනුවෙන් නවාතැන් පහසුකම් තියෙනව.රාත්‍රී පැමිණි අප වෙන්වෙන් පන්සලෙ හාමුදුරුවන් ඉතාමත්  සුහදශීලිව පිලිගත්ත.කි.මී. හාරසියයක දුර ප්‍රමාණයක් ගෙවමින් පැමිණි අපි ඉතාමත් වෙහෙසකින් සිටිය.උන්වහන්සේ ඒබව අවබෝධ කරගත් නිසා අපට පැවැසුවෙ දුරකතන පණිවිඩයක් දුන්නා නම් අපි කෑම ටිකක් පිලියෙල කරතබනවානෙ කියා.පන්සලෙ සිටින ශ්‍රීලාංකික මහත්මයෙක් ඉක්මනින් අපට කිරිතේ කෝප්පයක් පිලියෙල කරදුන්න.රාත්‍රී ගමනෙදි තදින්ම සීතල දැනෙනව.ස්වාමින්වහන්සේ අපට බිස්කට් පැකටි කිහිපයක් කෑමට ලබාදුන්න.ඒ නිසා රාත්‍රී ආහාරයෙ අවශ්‍යතාවය තදින්ම දැනුනෙ නැහ. කෑමට වඩා ඉක්මනින්ම නින්දෙ අවශ්‍යතාවය තදින්ම දැනුන.එදා දවසෙ තදින්ම මීදුම රැදිල තිබුන. වාහනය වේගයෙන් එලවන්න අසීරු වුන නිසයි ගමන පමාවුනේ.
                                    පසුදා උදේ කෑම කාල  දහවල් කෑමත් සකස් කරගෙන පන්සලෙන් සමුගත්තෙ සංකස්සයේ ඇති තැන් වන්දනාමාන කරගනිමින් කෙලින්ම දිල්ලිය බලා යෑමටයි.ලොව්තුරා බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත්වී හත්වන වර්ෂයේදි තව්තිසා දිව්‍ය ලොව වසන තම මැණියන් වු මාතෘදිව්‍ය රජායාට අභිධර්මය දේශනා කිරිමට වැඩම කලේය. මෙය වු කලි බුදුපියාණන්ගේ පෘථිවියෙන් බැහැරව වැඩම කිරිමකි.නැවතත් මනුලොවට වඩිනුයේ තුන්මසකට පසුව බව ත් එය සිදුවන්නෙ සංකස්ස පුරයේදි බවත් අනුරුද්ධ මහ රහතන්වහන්සේ ප්‍රකාශ කල සේක.අද ජනශුන්‍ය ප්‍රදේශයක් වුවත් එදා ජනයාගෙන් පිරිපැවති පුරවරයෙක් විය.ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දෙව්ලොව සිට රුවන් ඉනිමගකින් මනුලොවට වැඩිය හැටි චිත්තරූප මැවේ. පසුකලෙක අශෝක අධිරාජයා මේ ස්ථාන සොයාගෙන ලොවට හෙලිකලේය.දැනට මෙහි තිබෙන පන්සලේ සිටින නායක ස්වාමින්වහන්සේගේ කරුණාබරිත බව කියා නිම කල නොහැක.පන්සලට ඉන්දියාවෙන් ලැබෙන කිසි දෙයක් නැත.නායක ස්වාමින්වහන්සේ ගේ අප්‍රහිත ධෛර්ය නිසා පැමිනෙන අයගෙ න් ලැබෙන අධාර මත දියුනු වීතිබේ.හාමුදුරුවන්ට දානයක් දීමට තරම් වත් කෙනෙක් නැත.ඒ සියල්ලට මිළ මුදල් සොයාගන්නෙ යන වන්දනා නඩ අතරිනි.ඕනෑම කෙනෙකුට දානයකට මුදලක් පිරිනැමිය හැක .දුෂ්කර ජීවිතයක් ගතකරමින් වුවත් අපේ ස්වාමින්වහන්සේ නමක් එහි නොසිටියා නම් සිව ලිංගය තැන්පත් කල කෝවිලක් ලෙස සංකස්ස පුර බෞද්ධයින්ට අහිමි වෙන්නට තිබුනි.
සංකස්ස පුර පන්සල

බුදුරදුන් දිව්‍යලෝකයේ සිට පෘථිවියට පැමිණි ස්ථාන



රුවන් ඉනිමගක් මගින් පොලොවට වැඩිය බුදුරදුන් පිළිගැනිමට දහස්සංඛාත සෙනගක් මේ ස්ථානයෙ රැදි සිටිබව පොත පතේ සදහන් වෙනව.රුවන් ඉනිමග පොලොවට ගිලි ගිය බවත් සදහන් වෙනව.අවිජහිත පුණ්‍ය ස්ථාන හතර ලෙස බුදුන්වහන්සේගේ ස්පර්ශය ලබපු ස්ථාන ලෙස හදුන්වනව.ඒ ස්ථාන නම් බුද්ධගයා,ඉසිපතනය,සැවත්නුවර ,සංකස්සයි.ලෝකමහා විවරණ පුජාව කල ස්ථානය ලෙසත් සංකස්ස වැදගත් වෙනව.ලෝක මහා විවරණ පුජාවකියන්නෙ තුන්ලෝකයටම මහපොලව විවෘත විමයි. එදා බුදුරදුන් පිළිගැනිමට දෙව් මිනිස් වග එකතැනකට රැස්වු  අවස්ථාවක්.මිනිසුන්ට දෙවියනුත් දෙවියන්ට මිනිසුනුත් දැක ගැනිමට මෙහිදි හැකිවුනා.ශක්‍රයා ,මහබඹු ඇතුලු සියලු දෙවිවරුන් වැඩිබවට සදහන් වෙනව.මේ සංකස්ස පුරය එදා සශ්‍රික ප්‍රදේශයක්ව පැවතියා.මෙහි පාලකයා වුනේ සිරිවර්ධන නම් සිටාණන් කෙනෙක් .එදා දිනදි මතු බුදුවෙන මෛත්‍රි බුදුන් ලෙස විවරණය ලබාගන්නව.එකම දිනකදි  බුදුබව පතා වැඩිම පිරිසක් ප්‍රාර්ථනා කල ස්ථානය වීමත් මෙහි විශේෂත්වයයි.
සංකස්ස ගැන මගේ වීඩියෝවක් ඇතත් උබුන්ටු තුල එය අප්ලෝඩ්කිරිමට නොහැකියාවක් ඇතිවි ඇති නිසා සියලුම වීඩියෝ පසුවට යොදන්නම්.මේ තාක්ෂණික ගැටලුව ඇතිවුනේ 12.04 අප්ඩේට් කලාට පසුවයි .දන්න කෙනෙක් ඇත්නම් මට සහාය දෙන්න.ඒ ගැටලුව විසදාගන්න.

Saturday, June 23, 2012

අපි ගිය දඹදිව චාරිකාව.....කොහොමදැයි බලන්න ...18

දෙසැම්බර් 25 වැනිද පාන්දරින්ම අපි දිල්ලිය බලා පිටත්වුනා.අතරමගදි දහවල් කෑම ත් මේ ගමන් සුදානම් කරගත්ත.සැවැත්නුවරින් පිටත්වෙන විටදි නම් හිතට දුකක් දැනුන.මෙතෙක් දිනක් බුදුගුණ රැදුන පරිසරය ඉදලආපසු යන්නට හිත නොදෙන තරම්......ඒත් ආපසු යායුතුයි.. නැවත දිනක මෙලෙසම පැමිනෙන්ට මහත් බලාපොරොත්තුවක් හිත තුල රදවාගෙන අපි හැමෝම ගමන ආරම්භ කලා.කෙත්වතු වලින් ගහන පරිසරය කෙමෙන් කෙමෙන් මැකි යමින් ගොඩනැගිලිවලින් පිරුනු නාගරික පරිසරයකට අපි ඇතුලු වෙමින් සිටිය.සැවැත් නුවරින් මිළදි ගත් දෙලුම් ,පේර ,ඇපල්වල රස බලන්නයි දැන් සුදානම........ගෙදරට වැඩිය කෑමබීම වල අවශ්‍යතාවය මෙහිදි අපිට තදින්ම දැනුන...එකක් සීතල ගතිය නිසා...අනෙක වාහනය තුල දවසක්මරැදෙන නිසා වෙන්න ඇති කියල මට හිතුන.ලංකාවෙදි නම් දෙසැම්බර් 25 වැනිදකියන්නෙ සෑහෙන අවිවේකි දවසක් ...කතෝලික ස්වාමියෙක් ලැබුන නිසා ඒ දවසෙදි එන නෑදැයින් සමග කතෝලික ක්‍රමයට නත්තල සමරනව. අතරමගදි ඒවත් මතක් වුනා. ඒ නිසා ගෙදරට කතාකරන්න හිතුව.හැමෝම එකතුවෙලා ...මම විතරයි අඩු කියල මගෙ නෑන මැසිවිලි නගනව.ඕක මොකක්ද .......මගෙ හිතේ පිරි ඉතිරි යන මේ සතුට .......මේ ගමන ......ඊට වැඩිය වටිනවනෙ.....හිතුව විතරයි එහෙම කීවෙ නැහ......තව කෙනෙකුගෙ හිත රිදවන්න හොද නැහැනෙ.අපි ඊලගට වේලක්කන්නි එමු..නෑනව සතුටු කරල තොරතුරුත් දැන ගත්ත..කොයිතරම් දුර ගෙවා දැමුවදැයි හිතා ගන්න බැරිවුනාට ..මෙතෙක් නුදුටු විදිහෙ නගරයක ට අපි ඇවිත් තිබුන. යන්තම් ඒ ගොඩනැගිලිවල නම් ඉංග්‍රිසියෙන් ලියල තිබුන නිසා ලක්නව් කියල හදුන ගත්ත.ලංකාවෙ අය හෙම සංගීත විභාග පාස්කරන්න එන්නෙ ලක්නව්වලටනෙ.නගරය විශාලයි.ගොඩනැගිලි වලත් පෞරාණික බවක් තියෙනව.ඊලගට අපි ඇවිත් තිබුනෙ අග්‍රාවලට ....ඈතින් ටජ්මහල් දිස්වෙනව..කවුරුත් ටජ්මහල් බලන්න යනවද........ඔන්න ටජ්මහල් ගැන කතාවෙනකොට ගංගමිස් අවදිවුනා..යන්නත් ඕන ...ඕන කියල කියන්නත් බැහැ.....හැබැයි මම නම් යන්නෙ නැහ.ඉන්දියන් රුපියල් 800ක් දිල බලන්නෙත් නැහ.ගංගමිස් කියනව.ඒකත් ඇත්ත..ලගට ගහින් බලමුකො මාලමිස් ගෙ අදහස වුනා....ඒ වුනාට මනොජ් වාහනය හරවලත් ඉවරයි.දිගපෝලිම්......වාහන තදබදය....සෙනග පිරිල......ඒ අස්සෙන් ඔටු කරත්තත් යනව.මමත් කැමරාව එලියට දාල පොටෝ එකක් ගන්න බැලුව.
වෙලාව සවස තුනට විතර ඇති .මේ වෙනකොට අපි දවල් කෑම කාලත් නැහ.ටජ් මහල් බලන්න ගියොත් අපිට රෑවෙනව ඒ බව කවුරුත් දැන ගෙන හිටිය නිසා බලන්න යන්න උනන්දු වුනෙ නැහ.කුසගින්න තදින්ම දැනුන.ටජ්මහල් කිට්ටුව තැනක අපේ දවල් කෑම ගන්න පුලුවන් කියල රාජු කීව නිසා අපි කවුරුත් හට්ටි මුට්ටි උස්සගෙන එතනට ගියා.කෑම බීම කාල වාහනයට එන අතරෙදි කවුරුත් උනන්දු වුනෙ මොනව හරි මිළදි ගන්නයි.ඒවත් අවසන් වෙලා නැවත අපි ගමන ආරම්භකලා.එන අතරමගදි ගංග මිස් ට බෙහෙත් වගයක් ගන්න නවත්තුව.අපි වාහන ඇතුලෙ සිටිද්දි අසල සිටි පුංචි ලමයෙක් අපි සමගහිනාවෙවි හුරතල් වුනා ඒ සේයාරුව තමයි මේ තියෙන්නෙ.


සැන්දෑකලුවරත් වැටීගෙන එනව.කවුරුත් දොඩමලුවෙලා.ගෙවල් දොරවල් අමතක කරලම නෙමේ .දිල්ලිය කීවම අපිට හීනයක් වෙලා තිබුන තැනක්නෙ .ඔය ටීවී එකේ හින්දි චිත්‍රපටයකදි දිල්ලිය දැක්ක විතරයිනෙ .දැන් හැබැයින්ම දිල්ලි එනව කියල හිතෙන කොට කාගෙත් හිත්වල සතුටක් ඇතිවෙලා.අපේ බස් වහරෙත්තියෙනවනෙ "ඕන දිල්ලියක ගියාවදෙන්"කියලඒක කියන්නෙ ඇයි කියල නම් මම දන්නෙ නැහ. දිල්ලිය කියන්නෙ විශාල නගරයක් ඇවිදල බලන්න දේවල් තියෙනව.රාත්‍රි නමයට පමණ අපි දිල්ලියට ආව.ලංකාවෙ පාලනයක් තියෙන පන්සලක් වැනි තැනකයි අපි ලැගුම් ගත්තෙ.සුවපහසුකම් අතින් ඉතාමත් හොදයි.


මනෝජ් ඒ රෑම බරණැස බලා පිටත්වුනා.අපේ ගනුදෙනු සම්පුර්ණ කරල .මනෝජ්ට වෙනමමුදලක් දෙන්නත් ගංග මිස් කටයුතු කලා.ඒ නිසා මනෝජ් සතුටින් තමයි ආපසු ගියේ.එදා රාත්‍රියසුවසේ නිදාගත්ත.පසුදාඅපි දිල්ලිය නරඔන්න යන්නයි අදහස...වාහනයක් කතා කරගන්නත් පුලුවන් වුනා.ඉන්දියන් රුපියල් එක්දහස් දෙසියක් විතර වුනා.හෙට දවසේගමන ගැන නැවතලියන්නම් මෙය කියවන සැමට මෙන්ම කමෙන්ට් කරල සැමටත් ගොඩක් ස්තුතියි.