Translate

Sunday, November 21, 2010

අලුත් අත්දැකිමක්

මාසයකට නොඅඩු කාලයක් බ්ලොග් එක පැත්තෙ එන්නබැරිවුනා. අවිවෙකි තත්වය නිසයි එහෙම වුනෙ.දැනටත් එහෙම තමයි. අපට දෙමළ ඉගෙන ගන්න සිදුවුන නිසා එ සදහා කාලය ගතකරන්න වෙනව. අත්තටම භාෂාවක් ඉගෙන ගන්න විට එහෙන් මෙහෙන් ඉගෙන ගන්නත් බැහැනෙ. කරන දෙ හරියට කරන්න ඔන. එ සදහා කැපවිමකුත් ඔන වෙනව . ඉතින් දෙමළ ඉගෙන ගන්න එකත් රසවත් අණ්ඩරදෙමළ වගේ .වචන කියවගන්න සැහෙන උත්සාහයක් දරන්න වෙනව .හුරැ බව අඩුයි..මම හිතනව හැමොම මෙ භාෂාව ඉගෙන ගන්නව නම් හොදය කියල .ජාත්න් වශයෙන් බෙදිල ඉන්නෙ භාෂාව නොදන්නා කම නිසයි තමන්ගෙ අදහස් හුවමාරැ කරගන්න පුලුවන් නම් එතන සුහදක්වයක් අතිවෙනව.අපේ යාපනය සංචාරයෙදිත් මම දුටු දේ අදහස් දැන ගන්න නොමැත්විම අඩුපාඩුවක් ලෙසයි. ගොලුවන් වගේ පරිසරය නරඔල අපසු එනව.හොදම අත්දැකිම වුනෙ අපි නිවසක් දවස් දෙකකට කුලියට අරගෙන නතර වුනා එ නිවස අයිත් වුනෙ තරැණ පිරිමි ළමයෙකුට .රාතියෙදි විදුලි බලය නැතිව ගියා .කමුත් යථා තත්වයට පත්කරගන්න කතා කරන්න දන්නෙ නැහ.මෙහිදි අපේ කැම සකස් කරන්න ගිය කාන්තාවගෙ උදව්ව ගන්න සිදුව්නා අැයට දෙමළ දන්න නිසා එ ළමයාට කතාකරගත්ත. එහෙම කෙනෙක් නොසිටියානම් අපි අකරතැබ්බයට පත්වෙනව..ඉදිරිකාලයෙදි නම් දෙමළ භාෂාව දන්නා අය අ ැතිවෙවි .දැනට පාසල්වල දෙමළ උගන්වන නිසා කුඩා ලමුන් අපට වඩා ඉදිරියෙන් ඉන්නව .