Translate

Saturday, March 3, 2012

අපි ගිය දඹදිව චාරිකාව .........කොහොමදැයි බලන්න..11.......

ඉතින් දඹදිව චාරිකාවෙ තවත් කොටසක් ලියන්නයි සුදානම......අපි එදා රාත්‍රිය අතරමග නවාතැන් ගත්තෙ. පරණ විශාල ගෙයත් වු ඒ හෝටලය පවත්වාගෙන ගියේ හින්දි යුවලක් ...... ඒ අයත් එතනම නැවති ගියා. ඒ නවාතැන දැක්කම මට මතත් වුනේ අපේ පරණ වලවිවක් ඒ වගේම පරණයි. අපේ රියදුරු තමයි මෙතන හොයල දුන්නෙ . එදත් උදේ පාන්දරින්ම අපි ගමන ආරමිභ කලා.නොයෙකුත් නගර පසුකරමින් දවසම ඒ ගමනෙ යෙදුන.නගර හදුනාගන්න නමි අපිට පුලුවන් කමක් තිබුනෙ නැහ. ඒ මොකද සෑම තැනකම නාම පුවරු තිබුනෙ හින්දි භාෂාවෙන් නිසා. ඉංග්‍රිසි භාෂාව ලියා තිබුනෙම නැහ. ඒ වගෙම ඒ නගර දියුණු ඒව ත් නෙමෙි. පුංචි පැල්පත් තමයි හැමතැනම තියෙන්නෙ. සිතල නොඅඩුවම දැනුන .සතුන්ට පවා සිතලට ඇදුමි අන්දවා තිබුන.ගවයා ගැන විශේෂ සැලකිමක් දක්වනව සීතලට ගෝනි වලින් පොරෝනයන් අන්දවා තිබුන.එක තැනකදි මම දැක්ක එලුවෙකුට ටීෂර්ටයක් අන්දවා ඇති අන්දම....
                 රාත්‍රිය උදාවත් සමග අපි විසාල නුවරට ලගා වුනා. වන්දනා කරුවන්ට නවාතැන් ගන්නට ලංකාවෙ පන්සලෙ පහසුකමි තියෙනව.දෙමහල් ගොඩනැගිල්ලක තිබුන කාමර එදා සියල්ල හිස්වෙලා. සීතල කාලයට ලංකාවෙන් එන අය අඩුයි. එදා රාත්‍රියෙ නමි අපි කෑමට උනන්දුවුනෙ නැහ. නිදාගන්නයි දැඩි අවශ්‍යතාවය වුනේ .පසු
විසාලා නුවර පන්සල ඉදිරිපස ඡායාරූප කිහිපයක් තමා මෙි තියෙන්නෙ. පසුදා උදේ අපි පියරතන ස්වාමින්වහන්සේ සමග වන්දනා චාරිකාව ආරමිභ කලා. පළමුවෙන්ම අපි ගිය ස්ථානය තමා පහත ඡායාරූපයේ තියෙන්නෙ.
           මෙතනදි අපි පන්සිල් සමාදන් විය.බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැමෙන් පසු ලිචිඡවි රජුන්ට හමු වු ධාතුන් එක්තැන් කර මෙහි තැන්පත් කර චෛතයයක් කරවා තිබෙි 1956 දි කැණිමි කර .ඉන්පසු අපි යන්නෙ කූටාගාර ශාලාව තිබු  තැනටයි.ලිචිඡවි රජ දරුවන් පාලනය කල විසාලා නුවර විශාල නුවරකි.දහස් ගණනින් ජනයා ජිවත් වෙනනට ඇත. තුන්බිය ඇතිවි මෙි නුවර විනාශ වෙන්නට පටන් ගත් විට මල්ලව රජදරුවන් බුදුරජාණන්වහන්සේගේ න් සරණ ඉල්ලා සිටිමෙි ප්‍රථිපලය ලෙස බුදුහිමි විසාලා නුවරට වැඩමකර රතන සුත්‍රය දේශානා කල සේක.
කූටාගාරශාලාව බුදුරජාණන්වහන්සේ වැඩසිටි ස්ථානයකි.රතනසුත්‍රය දේශානා කරමින් පිරිත් පැන් ඉසිමින් වසංගත බිය දුරුකල හැටි මෙහි සිටි මට චිත්තරූප මැවි පෙනුනි .අද අශෝක ස්ථමිභය පිහිටා ඇති තැන එම ස්ථානය බව හදුනාගෙන ඇත. එසේම මෙම ස්ථමිභය අද දක්වාද නොවෙනස්ව පවතින්නෙ බුදුහිමිගේ මිහිරි හඩ රැවිපිලිරැවි දුන් පුජනිය ස්ථානයක් නිසා බව මගේ හැගිමයි.
 රජ්‍ය පාලනයේදි විධිමත් පාලනත්‍රන්ත්‍රයක් පවත්වාගෙන ගිය මල්ලව රජදරුවන් අභිෂේක මංගල්‍යය කරනු ලබුපොකුණ ද මෙ අසලම පිහිටා ඇත..