Translate

Tuesday, December 18, 2012

ලස්සනයි නේද කියන්න මම මහන කර්ටන්.......

කාලෙකින්....... තිබුන වැඩකටයුතු නිසා බ්ෙලාග් එක පැත්තට එන්න ලැබුනෙ නැහ.කෙරීගෙන ගිය වැඩ අදින් පස්සෙ ඉවර නිසා මේ පැත්තට එන්න ලැබුනෙ.කාලෙක ඉදල මම ආසාවටත් එක්ක කරන වැඩ කිහිපයක් තියෙනව.මේ නත්තල් කාලෙනෙ . ඒ  විසිතුරු වැඩ වලට ඉල්ලුමක් තියෙන්න මේ කාලෙ තමයි.කර්ටන් නිර්මාණය මගෙ විනෝදාංශයක් වගේම ආර්ථිකයටත් වාසියක් . අද මම ලියන්න යන්නෙ ඊයේ  අවසන් වුනු මගේ නිර්මාණයක් ගැනයි.
                         මගේ මිතුරියක් අලුත් ගෙයක් හැදුව. එහි කර්ටන් දැමීම මට තමයි බාර දුන්නෙ.මට භාර දුන්නත් එයත් ඔය කර්ටන් දමන සාප්පු කිහිපයකත් කරක් ගැහුව.කවුරුත් කැමතියිනෙ අඩු මුදලට වැඩි හොදට කරගන්න. මම ගෙදරට ගිහින් ජනෙල් මැනල අවශ්‍ය රෙදි ප්‍රමාණය කිව්ව .මගෙ මිතුරිය රෙදි ගන්න කර්ටන් සාප්පුවකට ගියා. ඒ ගොල්ලත් කර්ටන් මහනව. හැබැයි මගෙ ගානට වඩා රුපියල් 75 ක්ම අඩුවෙන්..... කොච්චර වාසියක්ද නේද? යාලුව මට කෝල් කරල කියනව.ගාන අඩුයිනෙ........ඒක කොයිතරම් වාසියක්ද......අපි එතනින් මහගන්න බලමු. මමත් උදව් කරන්නම්.මම ඒ ගාන ගන්නෙ ,දවස් 5ක පමණ මහන්න වැයවන කරන්ට් බිල, අයන් කරන්න වැයවන බිල , ස්ටීප්වලට වැය කරන මුදල, මගෙ මහන්සිය එකතු කරලයි කියල මම පැහැදිලි  කලා. නමුත් ඔයාට අඩුමුදලට කරගන්න පුලුවන් නම් එය වාසියක් . දෙපාරක් හිතන්න එපා...කියල මම කිව්ව.යාලුවට ත් හරිම සතුටුයි මම බලෙන් ලබාගන්න උත්සාහ නොකරපු එක ගැන.මම දන්නව ගෙයක් හදන්න තියෙන සේසතම වියදම් කරල ඉන්න කෙනාට කර්ටන් ටිකට වාසියක් ලැබෙනව නම් තියෙන සතුට ගැන....අපි හැමෝම දුක් මහසියෙන් හම්බ කරන්නෙ ....අමාරුවෙන් ගෙයක් දොරක් හදාගන්නෙ ..එහෙව් එකේ කඩාවඩා ගන්න හොද නැහනෙ.
                                        මම අවශ්‍ය රෙදි ප්‍රමාණය කියල තියෙනවනෙ .නිකමට වගෙ යාලුව ජනෙල්වල උස සහ පළල දීල අවශ්‍ය රෙදි ප්‍රමාණය අහල තියෙනව.මගෙ ප්‍රමාණයට වැඩියෙන් මීටර් 10යක්ම යනවලු. රෙදි මීටරයක් රු.350 ගණනෙ මීටර් දහයකට 3500 ක් යනව.යාලුවගෙ මහත්තය කීවලු මේක හරියන වැඩක් නෙමේ රෙදි  අරගෙන අපි යමු කියල .අන්තිමට මටම මහන්න සිදුවුනා ඔයාලට තේරෙනව ඇතිනෙ වෙන සංගෙදිය. රෙදි මීටරයක් විකුණන මුදලින් ලාභයක් ලබනව.....වැඩියෙන් කියන රෙදි මීටර් ගණනට ලාභයක් ලබනව.....ඒ රෙදි මීටර් ගණන ආයිත් විකුණල මුදල සහ ලාභයක් ලබනව.....මැහුම් කුලියකුත් ලබනව.....  අනේ මම නිදිමරාගෙන මහල වැයවන ශ්‍රමයට මුදලක් විතරයි ලබාගන්නෙ .ඔන්න ඔහොමයි වෙන්නෙ....ඉතින් ඔයාලබලන්නකො මම දමපු කර්ටන්.....