Translate

Saturday, January 19, 2013

හිම කැටි

මේ දවස්වල අපේ රටටත් තද සීතලක් දැනෙනව. හිම මිදෙන රටවල්වල කොහොමද කියල මම අන්තර්ජාලයෙ  බලද්දි එංගලන්තයට තද හිමපතනයක් ලැබුනකියල දකින්න ලැබුන. අපට ඉතින් හිම හැබැහින් දකින්න පිටරටකටම යන්න ඕනනෙ.මම හරි ආසයි මේ හිම පිරිල තියෙන පින්තුර බලන්න.අපි මේව අසාවෙන් බැලුවත් ඒ අය මොන  තරම් කරදරයකට පත් වෙලාද කියල පසුව හිතුන.වාහනයක් පදවන්න බැහ ලිස්සනව   ....ගෙවල් හිමෙන් වැහිල .......සත්තුන් පවා අසරණ වෙලා .ඔයාලත් බලන්නකො මේ පින්තුර ටික ....මම මේ පින්තුර ලබා ගත්තේ මේල් ඔන්ලයින් නිවුස් වලින් එංගලන්තයෙ පාරවල් සහ පාසල් වසා දමා තිබුන. ඒවගේම ගුවන් ගමන් අවලංගු කර තිබුන. පාලම් කිපයකුත් වසා දමා ඇති බව දැන ගන්නලැබුන .