Translate

Thursday, May 28, 2015

අපි ගොතමු ලස්සනට ...................

වසරක්ම ගෙවී ගියත් බ්ලොග් එක ලියන්න ලැබුනෙ නැහ.ඒත් මම හිතුව අලුත් දෙයකින් පටන් ගන්න. අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් ගෙතුම් පිලිබද විස්තරයක් ලියන්න. අපිනම් දන්නේ අත්රේන්ද ගෙති‍ම ගැන පමණයි. ඒත් ගෙත=ම් මගින් නොයෙකුත් දේ ගොතන්න පුලුවන්.අන්තර්ජාලයෙත් ක්‍රෝචට්,පිලට්,ලේස් ආදි වශයෙන් ගෙතුම්  ක්‍රම රාශියක් තියෙනව. මේවා තනි කටුවෙන් කරන නිර්මාණ.කටු දෙකින් කරන ඒව නීටින් කියල හදුන්වනව .ඒ සදහා වැඩිපුරම භාවිතා කරන්නෙ වුල්.සාමාන්‍ය නුලට වඩා ගෙතුම් නුල මහතයි. ඩී එම් සි කියලත් නුල් වර්ගයක් ති‍යෙනව.

දැන් ඔයාලට  දැනුමක් ලැබෙන්න ඇතිනෙ ගොතන්න පාවිච්චි කරන්න ඕන මොනවගෙ නුලක්ද කියල.අපි රෙදි මහන නුල් ගැන දැනුවත් වෙලානෙ තියෙන්නෙ. නුල ගැන පලමුවෙන්ම කියන්න යෙදුනෙ සමහර අයට මේ සදහා අවශ්‍ය දේ ගැන දැනුවත් වීමක් නැති නිසයි.
ඊලගට අපි බලමු ගෙතිම ස‍‍දහා අවශ්‍ය අනෙක් මුලිකම දේ ගැන ඒ තමයි ගොතන කටුව. මේවා ඇලුමේනියම වගේ සහ ප්ලාස්ටික් වැනි දෙවර්ගයක් තියෙනව.මම මේ ලියන්නෙ ලංකාවේ විදිහට ලෝකයේ නම් මේවා එංගලන්ත ඇමෙරිකානු ලෙස වර්ග කිරිමක් තියෙනව.මේවා අංක එකේ සිට ඉහලට වර්ග කිරිමක් තියෙනව .ඒ කියන්නෙ 1,2,3,4,5 ........ ආදි වශයෙන් මම ලග නම් තියෙන්නෙ 14 වෙනකම් විතරයි.දැන් ඔයාල හිතයි මොකටද මේ 123 වශයෙන් කියල.ඒක තමයි ගොතන කටුවේ හීනි බව මහත බව තෝරන්නෙ.අංක 1 කටුව මහතයි.අංක 14 කටුව ගොඩක් හීනියි.දැන් වැටහෙනව නෙ නුල අනුව කටුව භාවිතා කලයුතුබව.පහත තියෙන්නෙ අන්තර්ජාලයෙන් ගත් ඡායාරූප.ලංකාවේ විදිහට ගැලපෙන්න මම තෝරල ගත්තෙ.


             



පලමුවෙන් තියෙන්නෙ වුල් වලින් ක්‍රෝචට් ගොතනකොට භාවිතා කල හැකි තනි කටුවක්.ගෙතිම සදහා අවශ්‍ය මුලිකම දේ තමයි. ඊලගට දැන ගන්න ඕන ගොතන විදිහ.මම ඊලග පෝස්ට් එකෙන් ගෙතිමේ ක්‍රම ස්ටිච් ගැන ලියන්නම් එතෙක් මම ගොතපු ගෙතුම් දෙකක පොටෝ බලන්න ලස්සනද කියල.ආ අමතක වුනා කියන්න ලංකාවෙ නම් කාන්තාවන් විතරයි ගොතන්නෙ විදේශවල නම් පිරිමි අයත් ගොතනව.