Translate

Monday, August 29, 2011

හදුනා ගත්තොත් ඔබ මා.................

අපි සුන්දරයැයි නොසිතන දේවල් වලත් යමිකිසි සුන්දරත්වයක් දකින්න පුලුවන් වෙන වෙලාවල් තියෙනව. සමහර වෙලාවට අපි ලස්සසනයි කියන දේවවල්වලත් කිසිම ස්වාභාවික ලස්සනක් නැහ මම මල් වලට ආසයි . මම විතරක් නෙමෙයි කවුරුත් මල් වලට අසයිනෙ . සමහර අය සුවදට සමහර අය ලස්සනට .මෙි වගේ එක් එක් කෙනාගෙ රුචිකත්වය අනුව එය වෙනස් වෙනව රෝස මල් වලට ගොඩක් දෙනෙක් ආසයි. මල් ලෝකයේ රැජිනක් ලෙස රෝස මල පිපි සදාතනික දහම අනුව පරවි යනව.පෙති හැලි ගියාට පස්සෙ ආදරය කල අය බලන්නෙවත් නැතිව යනව.ලෝක ස්වභාවය ඒ්කයි ලස්සන කොතරමි තිබුනත්  පිපී පරවි යනව.කානේෂන් , කපුරු බාබන්ඩෙිසිය මෙයාල හැමෝම ලස්සන පෙන්වල පරවි යනව .කවුරුත් ලස්සනයි කියන්නෙත් නැති මොනවද කියල හොයල බලන්ෙනත් නැති විදිහෙ මලක සේයාරුවක් මට හමුවුනා. කලාත්මක බවකුත් තියෙනව.ඒත අපි මෙය දැක්කම අනේ හරි ලස්සනයි කියල , මටත් මෙයින් පැලයක් දෙනවද කියල ඉල්ලගෙන යනව නමි මම දැකල නැහ.ඒ වුනාට මෙි මලෙන් ලබන ජිවය අපිව පෝෂණය කරනව කිවොත් ඔයාල මොකද කියන්නෙ වෙන්න බැහ කියයි. අර මම කිවෙ අපි නොසිතන දේවල වලත් සුන්දරත්වය මෙන්ම වටිනාකමකුත් තියෙනව කියල.මෙි මල පරවි යන්නෙ තවත් ඵලයක ආරමිභයක් ලෙසයි මම .රෝස මලට වඩා වැඩි වටිනාකමක් දුන්නෙ ඒනිසයි .මම වැරදිද මන්ද? කමක් නැහ. ඒ මගේ කැමැත්තනෙ . මට හිතෙනව ඔයාලත් මෙ මල හදුනාගනි ගියල. ඒ මෙහි ඵලය ඔයාල හැමෝම දන්න  නිසා . ජිවිතයට එක සැරයක් හෝ එයින් පෝෂණය ලබල තියෙන නිසා.


                                          

Friday, August 19, 2011

උතුමි පිරිමි කම තිරිසන් කරගන්නෙ ඇයි

පසුගිය දිනක මීගමුවෙ රෝහලට ගියේ ලෙඩවු  මගේ සහෝදරයෙක් බැලිමටයි. මම යනවිටත් රෝගින් බැලිමට පැමිණි සෙනග පිරි සිටිය .නියමිතවෙලාවට විනාඩි දහයක් පමණ තිබු නිසා මමත් පෝලිමට එකතුවුනා . ඒ සමගම කාන්තාවකගෙ කෑගැසිමක් සමගම පුද්ගයෙක් වෙිගයෙන් දුවගෙන යන අතර ඒ පසුපස රෝහල් සේවකයින්  විය හැකි අයත් පසුපසින් පන්නා ගෙන විත් එම පුද්ගලයාව අල්ලා ගනු ලැබුව. 
           එම කාන්තාව පැමිණ සිටියේ බෙහෙත් ගැනිමටයි. වයස අවුරුදු හතක් පමණ වු තම දියණිය වාඩි කරවා ඇය බෙහෙත් ගැනිමට ගිහින් තියෙනව .ඒ අතරතුර අර පුද්ගලයා එම දියණිය ලගට ගොස් තම දුරකතනයෙන් දමාගෙන සිටි අසභ්‍ය රූප රාමු දරුවාට පෙන්වා තියෙනව .බියට පත්වු දැරිය කෑගසන විට තමා අමිමා දැකල තියෙන්නෙ . ඒ සමගම පොලිසියත් පැමිණිය අර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන ගියා . බෙහෙත් ගන්න පැමිණි අර අමිමාටත් සිදුවුනේ ජිප්රියෙන්ම පොලිසියට යෑමයි.
          අප ජිවත්වෙන සමාජයේ කුඩා දරුවෙක් හදුනාගන්නත් බැරි පුද්ගලයින් සිටිනව. මෙි තරමටම තම සිතිවිලි පාලනය කරගන්න බැරිද? තාක්ෂණය මෙයට වැරදි කරුවෙක්ද? ඒ තුලින් හැගිමි පාලනය කර ගන්න බැරිවෙනවාද?මම නමි සිතන්නෙ මෙි සියල්ලම වැරදියි. මෙිවාට යොමුවන පුද්ගලයාගෙ හැගිමි පමණයි මෙයට හේතුවන්නෙ .තාක්ෂණයෙන් නිවැරැදි දෙය කර පලප්‍රයෝජන ලබන අය කොතරමි ඉන්නවද. මෙිව තියෙන්නෙ යහපතට මිසක් අයහපත ලගාකරගන්න නෙමෙි බව අවබෝධ කරගන්න බැරි එකයි වැරැද්ද.

Monday, July 18, 2011

සෝමාවතී පුද බිමෙ සිට පිරිත් ඇසුවෙමි

වසරකට  වරක් යන වන්දනාගමන මෙවරද මට යන්න ලැබුන .උදේ රැයින් ගමන පිටත්වෙන ස්ථානයට අප යායුතුව තිබුන. ඒත් මෙතෙක් කල් තිබු පෑවිල්ල අවසන්වෙලා ධාරානිපාත වර්ෂාවක් ඇදහැෙලන්න පටන්  ගත්ත. ගමන යා යුතුව තිබුනෙ යතුරුපැදියෙන් .වැස්සත් කෙසේ හෝ යායුතුයි.ඒ නිසාම වැසි නොතකා අපි පාන්දර හතරට තෙමි තෙමි ගමන ආරමිභ කලා. මගදි බස් රථයට නගින හිතවතුනුත් එකතු කරගෙන යන්තමි පහමාරට පමණ ගමන ආරමිභ කලා බස්රථ දෙකක් ,ලොරියක් , වෑන්රථයක් , කාරයක් මේ ගමන සදහා යොදාගෙන තිබුන. පිරිස දෙසියපනක් පමණ සිටිය. ගමනෙ අරමුණ වුනෙ සෝමාවතිය චෛතිය අසල රැයක් පිරිත් කියල පසුවදා සාංඝීක දානයක් දෙන්නයි.මෙි සදහා මුලික වුනේ සමිත කොඩිසිංහ මහතා සහ ශිරෝමි නිශ්ශංක මහත්මියයි. මෙම අනගි අවස්ථාව අපට ලබාදුන් එම දෙපලට අපගේ ස්තුතිය හිමිවිය යුතුයි. ගමනෙ අතරමග දකින සුන්්දර පෙදෙස් මගේ කැමරාවෙ සටහන් කර ගත්තෙ බසය යන අතරෙදිමයි
වස දෙක විතරවන විට සෝමාවතියට ලගා වුනා. ගමනෙ වෙහෙසකර හරිය වුනෙ සුංගාවිල පසුකිරිමයි .පාරේ ඇති දුවිල්ල නිසා වාහනයෙ කවුලු වැසිමෙන් ඇතිවන රස්නය සහවාහනය ඇතුලට එන දුවිලි නිසා දැිඩි වෙහෙසකර බවක් දැනුන. බඩගින්නත් හොදටම දැනුන නිසා බසයෙන් බැසු සැනින්ම  සැවොම  කෑම කන්න පටන් ගත්ත.වෙනදා තරමි සෙනග හිටියෙ නැහ අප යන්න දවස් කිපයකට පෙර පෙරහැර පවත්ව්ා තිබු නිසා හුග දෙනෙක් ඇවිත් ගොස් තිබුනා එම නිසා අපට හුගක් පහසු වුනා වතුර ලබාගන්න වැසිකිලි මෙන්ම නවැතැන් සපයාගන්න  එ සදහා පොඩි හාමුදුරුවන් වන් සුමනරතන හිමියන් නොඅඩුව උපකාර කලා.පෙරහැරට පැමිණි ඇතා ඒවනවිටත් ගිහින් තිබුනෙ නැහ අපේකටිටියට එය හොද දසුුනක් වුනා..
දළදාමාලිගයෙ කරඩුව ගෙනයන ඇතාදවස් දහතුනක් සෝමාවතියෙ රැදි සිටිය. මෙම පෙරහැර පැවත්විමට අලි ගෙන ඒම  සදහා වල්අලින් පන්නා තිබුනත් අපි සිටින දින රෑ වල් අලින් දෙතුන්දෙනෙක් සෝමාවතිය අසලටම පැමින සිටිය.පසුදාඋදේ ඇත් බලන්නා ඇතා සමගින් චෛත්‍යය අසලට ගියා ඇතා දණ නමා චෛත්‍යය වන්දනා කලා. ඉන්පසුව  කෑම  සදහා කොට දෙකකුත් පටවා ගෙන ඇත්රාජය නුවරබලා පිටත්වෙන්න සුදානමි වුනා.පන්සල් භූමියෙ උස් ස්ථානයකට ට්‍රක්රථය ගෙනගිය විට අපබස්එකට නගින අයුරින් ඇතා රථයට ගොඩවුනා
කිතුල්කොටලටවිමම
                                                                රථයට ගොඩවිම                                                              



සමිබුද්ධ ජයන්තිය 2006 ලෙස පහන් පුජාවක් පැවැත්වුව. පහන් දහස්ගණනක ආලෝකය අදුර දුරුකලා. පහන් තබාගැනිම වඩා පත්තුකරගැනිම අපහසුවුනා. සුළගඒ තරමටම තදින් පැවතුනා. සිහින්වැසිපොදක් සමගසුළග එක්ක එන  දුවිලි කුණාටුව අතරින් අපේ උත්සාහය සාර්ථක වුනා පහන් සියල්ල දල්වා ගැනිමට හැකි වුනා.එය දැකිමෙන් සිතට දැනුන ප්‍රීතිය කියා නිම කල නොහැකියි ධමිමිකා මහත්මියගෙ දැඩි උත්සාහයකින් පහන් දැල්වෙන අයුරුයි මෙි සේයාරූවල දකින්නෙ..


                                 එදින රාත්‍රියෙ  සිට එළිවන තුරු පිරිත් පැවත්වුනා පසුදා උදේ කප්රුක පුජාවසහ බුද්ධපුජාව පැවැත්වු අතර දහවල් සාංඝික දානය පිරිනැමිමෙන් පිංකම අවසාන කෙරිනි
ඉතාමත් විචිත්‍රවත් අන්දමින් සිදුවු මෙම පිංකමට සහභාගිවු සියලු දෙනාම සවස දෙක වනවිට ආපසු ගමිරට බලා පිටත්වුනා.. අතරමගදි මින්නේරිය ඇලෙන් නෑම විනොදගමනක හැගිමකුත් ඇතිකලා

Friday, July 8, 2011

හරිම ලස්සනයි..........දැනුම ගොඩයි........ඇවිත් බලන්න

පහ වසර ශිෂ්‍යත්වය කියන්නෙ අපේ පුංචි අයට ලොකු බලාෙපාෙරාත්තුවක් ඇතිකරන විභාගයක්.මෙි විභාගය ජය ගත්තොත් ලොකු පාසලකට යන්න පුලුවන්න. මෙි ලොකු සිහිනය සැබැකරන්නට මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලය මගින් දැවැන්ත වැඩසටහනක් දියත්කලා.ජුලි 8 9 10 කියන දින තුනෙදි කළාපයෙ ඇති පාසල් සහභාගිත්වයෙන් පුදර්ශනයක් පැවැත්වෙනව. පහ වසර විෂයයන්ට අදාලව මෙි පුදර්ශනය සංවිධානය කරල තිබුන. පුංචි ළමයින්ට පමණක් නොවෙි ලොකු අපටත් දැකගන්නට පුලුවන් නොයෙකුත්දේ තිබුන.ඒ වගේම පුදර්ශනය නරඹන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කියාකාරකමි වල යෙදෙන්නත් පුලුවන් වුනා. පුශ්නවලට පිලිතුරු ලියන්න පොතක් ලැබුන. කුටි විස්සක් පමණ ඇති මෙහි සෑම කුටියක් තුලදිම විස්තර කිරිමක් කරනව ඉන්පසු එයට අදාල පුශ්නයට පිලිතුරු ලියන්න ලමයින්ට ඉඩ සලසා දුන්න .පන්ති කාමරයතුලදි ලබන දැනුමට වඩා සැම දෙයක්ම දැකල අතපතගාල ලමයි දැනුම හොයාගත්ත.පන්ති කාමරය තුල පොත කියවා සටහන ලියා ලබන දැනුමට වඩා ලමයි න්ගෙ සිත්තුලට කාවදින ලෙස මෙම පුදර්ශනය  නිර්මාණය විම අලුත් බවක් දකින්නට ලැබුන සිසුන් මහත් උනන්දුවකින් මෙය නැරඹු අයුරු මගේ කැමරාවෙත් මෙසේ සටහන් වුනා                                                                                                                                    













































Tuesday, July 5, 2011

යතුරුපැදියෙන් තන්තිරිමලේ ගිය ගමන













බිලොග් එක පැත්තෙ ගොඩක් දවසකින් එන්න බැරිවුනා. විවෙිකයක් නොතිබුන  නිසයි. වෙනසකුත් වෙලා. ලැබුණු කෙටි නිවාඩුවට අපි තන්තිරිමලේ ගියා .ගමන යතුරුපැදියෙන් .අවට පරිසරය රසවිදිමින් නිදහසේ ගියා. ඔයාලත් යන්න. තැනින් තැන නතරවෙලා ගිමන් හැරල මොනව හරි සප්පායමිවෙලා ඒ යන ගමන හරි විනෝදයක් ගෙන දෙනව. මට මතක් වුනේ පැරණි ගමනාගමනය .බරබාගෙන් ගියහැටි හිතාගත්න පුලුවන්නෙ. හැබැයි ඊට වැඩිය වෙිගවත් .රු 1100 තෙල් වියදමක් ගියා කටුනායක සිට අනුරාධපුරය තන්තිරිමලය දක්වා...... ඉතින් ඒ ගමනෙදි ගත් සේයාරූ  කීහිපයකුත් දාන්නමි. ලස්සනට පොටෝ ගන්න නමි මම දන්නෙ නැහ.ගමනෙ විස්තර ටිකකුත් ලියන්නමි. අනුරාධපුරය සිට කි.මී. 41 තියෙනව. කොළඹට වැඩිය හොද  කාපටි පාරක් තියෙනව ඔයාමඩුව දක්වා එම පාර හොදටම හොදයි.අතරමග හමුවන නෙල්ලිකුලම පන්සල පිලිම 500 ක් තියෙන තැන බලන්න ලස්සනයි. ඊට ටිකක් එහායින් කැලේ ඇතුලෙ එවැනිම නිර්මාන රැසක් තියෙන තැනක් තියෙනව.ඔයාමඩුවෙන් හැරිල කි.මි.19ක් යන්න ඔින තන්තිරිමලේට ඒ පාර හදන නිසා ටිකක් අපහසුයි. යතුරුපැදිය නිසා දුහුවිලි වලට අහුවුනා. අක්කර 250 ප්‍රමාණයක ගල් තලාවක් තියෙන්නෙ අෂ්ඨපල බෙි්ධියක් තියෙනව. පරිසරය හරිම ලස්සනයි .ප්‍රාග් ථෙතිහාසික චිත්‍ර සහිත ගල් ගුහාවක් වගේම ගස්්වලින් පිරි කෑලැවක් ගල්තලාව වටෙිම පැතිරිලා තියෙනව. දිය පොකුණු පැරණි පුස්තකාලය සැතපෙන පිළිමය ආදි ගලින් කල විස්කමි දකින්නට පුලුවන්.