Translate

Wednesday, August 22, 2012

සර්වඥ ධාතුන්වහන්සේලා වැදපුදාගන්න නොහැකිවු අයට.........

ගුවන්තොටුපලේ සිට ධාතුන්වහන්සේලා වඩම්මගෙන යන වෙලාවේ මමත් පාරට ගිහින් පෙරහැර දැක බලා ගත්ත.2011දෙසැම්බර් මාසයෙ එක්දිනක ඉන්දියාවේ දිල්ලි ජාතික කෞතුකාගාරයෙ දී සර්වඥ ධාතුන් වහන්සේලා වැදපුදාගත් හැටි මට මතක් වුනා.දඹදිව වන්දනාගමනෙ අවසන් අදියර ලෙස අපි එදා දිල්ලියට පැමිණියා.අපි නතරවි සිටි පන්සලේ ස්වාමින්වහන්සේ කීව කෞතුකාගාරයෙ තැන්පත් කර ඇති සර්වඥධාතුන් වහන්සේලා ලංකාවට වඩම්මවනව පෝලිම් වල ගිහින් බලනවට වඩා මෙහිදි නිදහසේ වැදගන්න කියල. අපි පස්වනක් ප්‍රීතියෙන් දිල්ලියෙ ජාතික කෞතුකාගාරයට ගියා.ඇතුල් වෙන්න ඉන්දියන් රුපියල් 300ක් ගන්නව.කැමරාව ගෙනියන්න දෙනව.ඒත් පොටෝ ගන්නව නම් අයකරනව.ධාතුන්වහන්සේලා වැඩසිටින ස්ථානයට අපි යනවිට කිසිකෙනෙක් සිටියෙ නැහ.අපි නිදහසේ වන්දනා කලා.පොටෝ එකක් ගැනීමේ අවශ්‍යතාවයත් තිබුන.ඒත් ආරක්ෂක නිලධාරියෙක් බලා ඉන්නව.හොරෙන් ගන්නත් බැහැනෙ.ඒ නිලධාරියාගෙන් අවසර ඉල්ලුව .වාසනාවකට අවසරය ලැබුන.එක පොටෝ එකක් නෙමේ හතඅටක්ම ගත්ත.


කෞතුකාගාරයෙ තිබු සේයාරුවකින් ගත් පොටෝ එකක්

Wednesday, August 15, 2012

අපි ගිය දඹදිව චාරිකාව........කොහොමදැයි බලන්න...21



අන්තිම විස්තරය ලියන්න ටික දවසක් ගතවුනා.අවිවෙිකිබව හානොයෙකුත් හේතුන් පමාවට හේතුවුනා. ඒ ගැන කණගාටුවෙනව.සාංචිය වැදපුදා ගැනිමෙන් පසු නැවතත් අපි පන්සලෙහි එදා රාත්‍රිය ගත කලා .පසුදා පාන්දරින්ම ගමන ආරම්භ කල යුතුව තිබුන.සාංචියෙ සිට ගෝපාල් දක්වා අපි කතාකර ගත් වාහනයකින් ගමන් ඇරඹුව.පාන්දර පහමාරට පමණ මේ ගමන සිදුවුනෙ.අපේ දඹදිව චාරිකාවේ අවසාන දුම්රිය ගමනයි.ගෝපාල් වලින් ආරම්භකර චෙන්නායි වලින් දුම්රිය ගමන අවසාන වෙනව.එද රැයක් දුම්රියේ ගත කිරිමට සිදුවෙනව. සිතල නම් තාම අඩුවක් නැහ.උදේ  කාලය නිසා දුම්රිය ට නැගිමට සෙනග මග බලාන ඉන්නව.රැකියාවලට යන්න සිතලෙ වෙවුලමින් දුම්රිය අංගනයේ බලා සිටින සෙනග දිහා බලපුවම කණගාටුවකුත් සිතට දැනුන.පරිසරය අපිට කොයිතරම් කාරුණිකද......... දැන් දුම්රිය පැමිණෙනව ...ටිකක් තදබදයකුත් තිබුන .ගෙන ගියාට වැඩි බඩුබාහිරාදියත් උසවාගෙන අපි හැමෝම දුම්රියට ගොඩවෙලා නියමිත අසුන් සොයාගත්ත.


අපේ දුම්රිය ගමන මතකයට මා ගත් සේයාරූ කිහිපයක් තමයි මේ තියෙන්නෙ.චෙන්නායි කිටිටුවෙනවිටදි නම් සිතල මගහැරිල තිබුන.අතරමගදි අපිට ඉන්දියන් තරුණයින් දෙදෙනෙක් මුණගැහැණ නිසා පාලුවක් දැනුනෙ නැහ...උගත් දරුවන් වු ඒ දෙදෙනා සමග කතාබහ අපිට රසවත් අත්දැකිමක් වුනා.චෙන්නායි කිට්ටුවෙන විට පාන්දර කාලය විතිබුන.ලොකු වැස්සකුත් වහින්න වුනා.දුම්රියෙ ගමන් වේගයත් අඩුවෙන බව අපිට දැනුන .ඒත් වෙන්නෙ මොකක්ද කියල අපිට හැගිමක්  තිබුනෙ නැහ.උදේ පාන්දර අවට බලද්දි අපි දුටුවේ ගංවතුරක් ගැලු ආකාරයයි.සියලුම ගොඩබිම් වතුරෙන් යටවෙලා.සුලිසුලගක් හමාගිය බවත් පසුව දැනගන්න ලැබුන.චෙන්නායි දුම්රිය ස්ථානයෙන් බැස අපි කෙලින්ම ගියේ මහාබෝධියටයි.දවස් දෙකක් චෙන්නායිවල රැදි සිටිය.අවශ්‍ය දේවල් මිලදි ගැනිම කිරිමට චෙන්නායි පුරා ඇවිද්ද. කාන්තාවන් වු අපිට සාරි කඩ දැකිමත් ප්‍රියබවක් වුනා.සිත්සේ තමන්ට අවශ්‍ය දැ මිලදි ගැනිම් වල අපේ කට්ටිය නියලි සිටිය.සාරි මෙන්ම සරොන් ස්ටිල් භාණ්ඩ මේවා අතර තිබුන.ව්‍යාපාරයක් ලෙස භාණ්ඩ මිලදි ගැනිම්වල යෙදි සිටි ලංකාවේ කිහිප දෙනෙකුත් අපට මුණගැසුන.
දෙසැම්බර් තිස්එක්වෙනිද චෙන්නායි වලටත් කාර්ය බහුල දවසක් වෙලා තිබුන.කඩසාප්පුවලසෙනග පිරිල ඇදුම්පැලදුම් ගන්න අයුරු අපිට දකින්නට ලැබුන.2012.01.01දින පාන්දරම වාහනයකින් අපි චෙන්නායි ගුවන්තොටුපලට පැමිණුනා.ද
චෙන්නායිවලින් පිටත් වු මොහොතයි.ඉතාමත් ප්‍රීතියෙන් කලදඹදිව චාරිකාව මෙසේ නිමාවුනා. තවත් වතාවක් යන්නයි හිතන් ඉන්නෙ.මෙය කියවු ඔබ හැමටත් කෙදිනකහෝමේ ගමන යන්නට ලැබේවායි මම ප්‍රාර්ථනාකරමි.