Translate

Saturday, January 28, 2012

අපි ගිය දඔදිව චාරිකාව .........කොහොමදැයි බලන්න....6



16 වැනිද හිමිදිරියෙ නැගිටල අපි ගමන්මලු පිලිවෙලට අසුරා ගත්ත .මෙි වන විට කෝකිය,  රාජු අපේ උදේ ආහාරය  සහ දවල් කෑම පිලියෙල කර තිබුන. මෙි ආහාරයන් දෙකම අතරමගදි තමයි කෑමට සිදුවෙන්නෙ. නැවති සිටි ස්වාමින් වහන්සේ බැහැ දකින්න අපි සියලුදෙනාම ගියා.


ගමන ආරමිභයේදිම අපට කෑම උයාදෙන රාජු ගැනද ලිවිම මගේ යුතුකමක් කියල හිතෙන නිසා මෙහි සටහනක් තැබිය යුතුයි. රාජු කියන්නෙ අවු.27පමණ තරුණයෙක් .දුප්පත් පවුලක වැඩිමලා .විවාහකයි .කෝකියෙක් ලෙස කරන රැකියාවෙන් තමයි මෙම පවුල ජීවත්වෙන්නෙ.අධ්‍යාපනය ලබා ඇත්තෙ හතරවැනි ශ්‍රේණියට පමණයි. ඉංග්‍රිසි භාෂාවෙ යමි යමි වචන හසුරුවන්න පුලුවන් .සිංහලත් ඔහුගෙ රැකියාවට අවශ්‍ය පුමාණය කතාකරන්න පුලුවන්. අප හා අදහස් හුවමාරුකර ගන්න ඔහු අපුරු ක්‍රමයක් භාවිතා කලා.ඔහු දන්න ඉංග්‍රිසි වචනයත් ,සිංහල වචනයත් හින්දි වචනයත් එකතුකරල අපි සමග කතා කලා.ඒ නිසා ඔහු කියන දෙය අපිට තේරුමිගන්න පුලුවන් වුනා.ඒ වගේම අපි විනොදයකුත් ලැබුව.ඔහුගෙ මුවග නිතරම තිබුනෙ ප්‍රොබිලමි නෑ.........මෙි වගේ ලස්සන ක්‍රමයක් මෙි හින්දි තරුණය තුල තිබුන උනන්දුව නිසාම අපිට සිංහල වචන කියල දෙන්නත් ලේසි වුනා.රියදුරු  මනොජ්......... නිතරම බුලත් විටක් හපනව. සිංහල හා ඉංග්‍රිසි කිසිම වචනයක් දන්නෙ නැහ. නමුත් අපි කියන අදහස වටහාගන්නට ඔහුට රාජුගෙන් උදවි ලැබෙනව........ දැන් අපි බුද්ධගයාව බලා පිටත්වුනා. වෙලාව ගැන හිතාගන්න බැහ .අපි දැන් පිවිසුනේ අධිවෙිගි මාර්්ගයකට.අධිවෙිගි වුනාට සියලුම වාහන යනව.ටිකදුරක් යනවිට මෙන්න  වාහන පොලිමක්......ඒවත් ලොරි....මොනව කරන්නද අපේ ගමන ඉක්මනින් යායුතු බව අපේ රියදුරු දන්නව.ඒ නිසාම ලොරි පේලි දෙකක් අතරින් අපේ වාහනය ඉදිරියට ගියා.ඒත් කෙලවරක් නැති ලොරි පේලියක්........ඒ අතරෙ පුංචි ඉඩක්.....මනොජ් දඩිබිඩි ගාල ...එහාට මෙහාට කරල ආපස්සට වාහනය හරවගත්ත.අපි බලාන ඉන්නව ...මොකද වෙන්නෙ කියල ..දැන් වාහනය අයෙමත් ලොරි පේලි දෙක අතරින් බරණැස බලා යනව.සෑහෙන දුරක් ගිහින් ඊලග පාරට හරවල නැවතත් බුද්ධගයාව බලා ධාවනය කරන්න වුනා.ඉන්දියානු රියදුරන් ගහ මරාගන්නෙ නැතිව ඇතිවන තදබදය විසදගන්න හරිම දක්ෂයි. පුංචි ඉඩත් ඇති ඒගොල්ලට  වාහනය ඉදිරියට ගෙනියන්න .ඉන්දියාව පුරාම දැක්කෙ මෙවැනි ගමනාගමනයක්.වාහන නීති පාවිචිචි වෙනව දැක්කෙම නැහ.


මෙ අතරතුරෙ මම ඡායාරූපයක් ගන්න අමතක කලෙ නැහ..



.මෙි යන ගමනෙදි බ්‍රහ්මදත්ත රජ මාළිගාව බලන්න යන්නත් අමතක කලේ නැහ.නමුත් අපට රජපවුල සිටින මාළිගාවට යෑමට අවසර ලැබෙන්නෙ නැහ.අතීතයෙ සිටි රජවරුන් පරිහරණය කල නොයෙකුත් භාණ්ඩ තැන්පත් කල කෞතුකාගාරය පමණක් අපට බැලිමට ඉඩ ලැබුන.ඇතුලෙ ඡයාරූප ගැනිමට ඉඩ දෙන්නෙත් නැහ.පැය කීපයක් මෙි සදහා ගත වෙනව.බෞද්ධ පොත පතෙ සදහන් වන"බරණැස බ්‍රහ්මදත්ත රජ්ජුරුවො........යනකියමනට පාදකවුනු මෙම ස්ථානය නැරඔිමිදි එය සියැසින් දැක ගැනිමට ලැබිම ගැන සිතට සතුටක් දැනෙනව.විශාල භූමිපුමාණයක පැතිරුණ මෙම මාළිගාව ද ඉතාමත් විශාලයි.එය නරඔා එලියට විත් බලන විට ඇත්තේ ගංගානමි නදියයි.මතක සටහනක් ලෙස ඡායාරූපයක් ගැනිමටත් අමතක කලේ නැහ.

ඊලගට බැලිමට තිබුනෙ ගංගානමි නදියෙ සිදුවෙන අවමංගල්‍ය කටයුතුයි.මෙි සදහා පටුපාරක් දිගේ ගංගාව බලා යායුතුයි. නමුත් අපේ කටිටිය මිනී පිලිස්සෙන ගද ගැන අකමැත්ත නිසා ඒගමන නොගොස් බුද්ධගයාව බලා පිටත් වුනා.මෙි අදාහාන කටයුතු සිදුවෙන අකාරය ගැන වීඩියෝ අන්තර්ජාලය තුල යුටියුබි වල තිබෙනව. මමත් ඒවා යන්නට පළමු නරඔා තිබෙනව.ඉන්දියාව විශාල රටක් නිසා ස්ථානයකින් ස්ථානයකට ඇති දුර පුමාණයද වැඩියි.ඒවගේම පාළමිවල දිග ප්‍රමාණයද වැඩියි. දුමිරියක් ගත්තොත් එහි පෙටිටි 90ක් විතර තියෙනව.වාහනයෙ යන ගමන් කොචිචියක ඇති පෙටිටි ගණනත් අපි ගැන්න. ඒ්තරමට  දිගයි.අපේ රටෙි නොමැති මෙි දේවල් අපට නැවුමි අත්දැකිමි වුනා.පාලමක් කොචිචර දිගද කියලබලන්න වීඩියොවක් නමි  තිෙයනව.ඒත අප්ලෝඩි වෙන්න සෑහෙන වෙලාවක් යනව.මම පාවිචිචි කරන්නෙ උබුන්ටු නිසා වෙන්නැති.දන්න කෙනෙක් කියල දුන්නොත් පසු ලිපියක දාන්න පුලුවන්. බ්‍රහ්මදත්ත මාළිගාව බලල ඉවරවෙන විට දහවල් 12හත් පසුවුනා.අතරමග තැනකදි අපි දහවල් අහාරය ගත්ත. ඊලගට මනෝජ්ගෙන් ඉල්ලා සිටියෙ .පෙටිරල් සෙඩි එකක් ලග නවත්වන්න කියායි.අපේ වාහනයට නමි නෙමෙි..........අපි හැම දවසෙම අතරමග වැසිකිලි සොයාගත්තෙ පෙටිරල් සෙඩි එකකින්......අපේ රටෙි වගේ මෙි දේවල් පාර අද්දර නැහ. පාර දෙපස පෙනෙන තෙක් මානයෙ තියෙන්නෙ කුඔුරු යායවල් .බාස්මති වී,අබයායවල් ,ගෙඩිෙගා්ිෙගා්ව වගාවන් ආදියයි.අතලොස්සක් වු ගෙවල් ගමිමාන විදහට තැනින් තැන තියෙනව.අපහාසයක් නොවුනත් කිවයුතුයි.......පුංචිපැල්පත් වන මෙි ගෙවල් ඉදිරිපස තිබෙන අපවිත්‍රතාවය අනුව වැසිකිලිය කොහොම වෙිවිද කියල හිතුන....එ්ත් අතරමග පාර දෙපැත්තෙ දුටු දේවල් වල හැටියට මෙි ගෙවල්වලවැසිකිලි නැතිව ඇති කියලත් හිතුන.කුඔුරක් පාරක් වදුලක් ගැන හිතන්නෙ නැතිව මෙි මිනිසුන් වැසිකිලියක කර්තව්‍යය ට පාවිචිචි කලා. ඉතින් පෙටිරල් සෙඩි එකක් ලග මනෝජ් නවත්වනව.ඒ මිනිසුන් අපේ අවශ්‍යතාවයට නොපැකිලිව ඉඩ ලබාදෙනව.අපි සුහදව කතා බස් කරල ස්තුති කරල නැවත ගමන් අරඔනව.මෙලෙස ගමන සුන්දරයි .සිනා සයුරක් ..........විටෙක අග්ගලවල රස බලනව ......උණු තේ කොප්පයකින් සීතල මග හරවාගන්න අසාර්ථක වෑයමක යෙදෙනව........මනොජ් රස බලන බුලත් විට පැකටි එකක් කාටද ඔින වෙලා.......කඩයක නවත්වල ඒව මිල දිගන්නව........කොහොම කනවද මන්ද ...  .....හදුන්කූරූ සුවද රැදුන පුවක් කෑලි කිහිපයක් පමණයි.......දහවල හදුනාගන්නෙ ඔරලොසුවෙන් විතරයි ..පරිසරය දිහා බලල වෙලාව හිතුවොත් හැමවෙලේම හැන්දෑෙවලා වගේ පේන්නෙ.......ටික ටික අදුරත් වැටෙනව......මනෝජ් වෙිගය වැඩිකරනව .සැදෑ අදුරත් සමග අපි බුද්ධගයා පින් බිමට පාතැබුව. මහාබෝධි පන්සල තමා අපේ නවාතැන වෙන්නෙ.එත් ගැටලුවක් පැන නැගුන එදින රාත්‍රිය පමණයි අපට එහි නවාතැන් ලැබෙන්නෙ.ඊලග රාත්‍රියට වෙනත් තැනක් සොයගැනිමට සිදුවනබව එහි ස්වාමින්වහන්සේ අපට කියා සිටිය.මාස තුනකට කලින් ලමාවරුන් සදහා කාමර වෙන්කර ඇති බවත් දින කිහිපයක සිට ලමාවරුන් පැමිණෙන බවත් මෙයට හේතුව වුනා.අපි එහි යන විටත් විශාලවශයෙන් ලමාවරුන් පැමිණ සිටිය.එතුමන්ලගෙ උත්සවයක් .ලමානිලය අලුත් කෙනෙකුට(කර්ණලාමාට) භාර දිම සදහා පැවැත්වෙන බුද්ධවන්දනාවට සියලුම ලමාවරුන් පැමිණෙමින් සිටිය.දෙසැමිබර් 28 වැනිද දලයි ලමා පැමිණිමට නියමිතව තිබුන.කෙසේ හෝ අපිට දෙවනි රාත්‍රියත් එම පන්සලේම ඉන්නට අවස්ථාවලැබුන.පසුදා සිට අපි බුද්ධගයාවෙ සිදුකල වන්දනාවන් ගැන තවත් ලිපියකින් ලියන්නමි..                                                      .

Thursday, January 26, 2012

අපිගිය දඔදිව චාරිකාව...........කොහොමදැයි බලන්න...............5

ඉතින් අපිගිය දඔදිව ගමන දෙසැමිබර් 15 වැනිද ගතකල හැටි ලියන්නයි සුදානම. 15 වැනිද හිමිදිරියෙ ම අපි අවදිවෙලා හීල්දානය සුදානමි කලා. ඉදියප්පන් සමග කිරිහොදිත් පොල්සමිබලත් හැදුව. අපේ කෝකියට මෙව හදන්න දන්නෙ නැති නිසා අපිට තමයි කරන්න සිදුවුනේ. අපේ රටෙන් වැඩමකල ස්වාමින්වහන්සේලා දෙනමක් සමග විදේශිය ස්වාමින්වහන්සේලානටට ත් දානය පිරිනැමුව.
ශ්‍රී ලංකිකයින් වැඩිපුර දෙසැමිබර් මාසයෙ නොයන නිසා දානය ලැබෙනව අඩුයි .ඒ නිසා පන්සල්වලම දානය පිලියෙල කරගන්නව. එරටෙහි දානයක් දෙන්නත් කෙනෙක් නැහ.අපිත් උදේ අහාරයෙන් පසු නැවතත් නැරඔිය යුතු තැන් බලන්න ගියා. ඉසිපතනය බුද්ධ කාලයෙ සිටම මුවන් සිටි අතර අදටත් මෙම සතුන් සදහා කොටසක් වෙන්කර තියෙනව. එම ස්ථාන බලල තවත් තැන් කිහිපයටත් අපි ගියා . බරණැස ගිය කෙනෙක්  බලන්න යන තැන් .......බරණැස් සාරි ඉතාමත් ලස්සනයි. ඒව වියන්නෙත් අත් මැෂින් වලින් . ඒස්ථානයක් බලල .......සාරිකඩයකටත් අපි ගොඩවැදුන. මිළදි ගන්න නමි බැරිව ගියා. පසුව අපි අපට උදවි කල  ආත්මාගෙ කඩෙන් සාරි මිළදි ගත්ත. බරණැසින්ම මිළදි ගන්නව නමි පමණයි මෙම සාරි මිළ අඩු .දිල්ලියෙදි තවත් ටිකක් මිල වෙනව. සාරි 4කටම මට මිළ වුනේ ඉ.රු.2250 පමණයි . මම මෙි ලිපියෙදිම මෙි ගැන ලියන්නෙ බරණැසින්  පිටත්වු පසු ගන්නා වු සාරි වලට වැඩිමිලක් ගෙවන්න සිදුවෙන බව කියන්නයි.එදින හවස් වරුව ඉසිපතනාරාමය වන්දනා කරන්නයි අපේ සැලසුම වුනේ .විස්තර කියා දෙන ස්වාමින්වහන්සේට පහසු වෙලාව වුයේ හවස් වරුවයි බුදුහිමි සමිමාසමිබුද්ධයට පත්විමෙන් පසු බුද්ධගයාවෙ සිට ඉසිපතනය මිගදායට පාගමනින් කි.මි.200 පමණ දුර ගෙවා වැඩම කලේ පළමුවන ධර්ම දේශානාව පැවැත්විමටයි.පස්වගමහණුන් උදෙසා ධමිමචක්කපවත්තන සුත්‍රය දේශනා කලේ මිගදායෙ සිටයි. 

මෙි සේයාරූ වලින් දැක්වෙන්නෙඉසිපතන. මා දුටු තැන් කිහිපයක් . තවත් බොහෝ සේයාරූ තිබුනත් ඒවා ඇතුලත් කරන්න නොහැකිවිම ගැන මම කණගාටුවෙනව..

ඉසිපතනය ලෙසින් ඒ ප්‍රදේශය එදා හැදින්වුයේ සීතල කාලයට හිමාලයේ සිටින ඉසිවරුන් එම ප්‍රදේශයට පැමිණෙන නිසා බවයි මම අසා ඇත්තෙ . එදා බුදුහිමි මංගල ධර්ම දේශානාව පැවැත් වු විට නැගුනු සාදු නාදය තුන්ලෝකය පුරා පැතිරුනු බව අපගේ ස්වාමින්වහන්සේ දේශානා කලා.දෙවියන් පැවැත්වු ඒ සාදු නාදය ...අද අපි කියන්නාවු  සාදු නාදයේ ආරම්භයයි බෞද්ධ පොත්පත් වල වැඩිවිස්තර ලියවි ඇති නිසා ඒවා ගැන වැඩිදුර කියවන ලෙස ඉල්ලා සිටිනව.15 වැනිද නැවතත් අපි පිරිත් පුජාවට සහභාගිවුනා. පසු දින අපි බරණැසින් පිටත් විය යුතුයි .අපේ වන්දනා ගමනෙ ආරමිභය යි.......... වාහනය පැමිණ තිබුනා. අපේ නවාතැනේ ස්වාමින්වහන්සේලාගෙන් සමුගැනිමෙ කාලය එලඔුනා. යමිකිසි දුකක් සිතට දැනුනත් බරණැසින් අපි සමුගත්තේ බුද්ධගයාව බලා යෑමටයි.මෙය කි.මි. 200 කට වඩා වැඩිය.අතරමග දැකබලා ගන්නට ඇතිදේ අතර බ්‍රහ්මදත්ත රජ මාලිගාව ,ගංගානමි ගග ආදි දේ ගැන සිතමින් අපි යුහුසුලුව වාහනයට ගොඩවැදුනෙමි.තවත් වතාවක් බරණැස ඉසිපතනයේ මිගදායේ පිහිටි මුලගන්ධ විහාරයේ පිරිත් දේශනාවට සවන් දිමෙි භාග්‍ය ලැබෙිවායි.......... අප හැමෝම ප්‍රාර්ථනා කල බව නොරහසකි.



Wednesday, January 18, 2012

අපි ගිය දඔදිව චාරිකාව......කොහොමදැයි බලන්න.......4

වරණාසි දුමිරිය පලෙන් බසිනවිට අපිව එක්ක යන්න චන්දන පැමිණි බව මම පසුගිය ලිපියෙ ලිවිව.මෙ චන්දන කියන්නෙ ඉන්දියන් ජාතිකයෙක් ...එත් හොදින් සිංහල භාෂාව කතාකරන්න පුලුවන් . නැවතත් අපි දුමිරිය අංගනයෙ සිට ගමන්මලු වාහනය තෙක් ගෙන යා යුතුයි. මෙතනදිත් අපේ සහයට එන්නෙ පෝටර්ල .ගාන වැඩියි. ඒ මොකද පෝටර්ල තුන්දෙනෙක් ගමන්මලු ගෙනියන්නෙ හිස උඩ තියාගෙන .විශාල බෑග් තුනක් හිස උඩ තියාගෙන තව බෑග් දෙකක් අත්දෙකින් එල්ලාගෙන . පුදුමත් හිතෙනව මෙතරමි බරක් කොහොම ගෙනියනවද කියල ඡායාරූපයක් ගන්නවත් මතක් වුනෙත් නැහ.බෑග් නැතිවුනොත් කියන බයට අපිත් පස්සෙන්ම දිවිව මිසක්.......ගංග මිස්ගෙ කතාබහ අතරින් ගාන අඩුකරගන්න පුලුවන් උනා. එත් පෙර පරිදිම අපි ගෙනියන්නමි..............බෑග් ගන්න කියන විධානයත් සමගම අපි බෑග් අතට  ගත්නව .........ඒ පාර චන්දන මොනවාදෝ කතා කරල ගාන අඩුකරනව.......දැන් අපි වාහනයෙන් සාරනාත් වලට යනව .මහාබෝධි සමාගමට අයිති පන්සලකට ගිහින් වාහනය නවත්තල කාමර සපායාගන්න ගංගමිස් ගිය අතරෙ වාහනය තුලම උදේ අහාරය ගත්ත. පාන් සමග කෙසෙල් ගෙඩිත් කැමති අය බටර් සමගත් කෑව. මෙ පාන් මිලදි ගත්තෙ කෝචිචියෙ එන අතරමගදි ........දුමිරිය ස්ථානයක නතර කලවිට එලියෙ සිටි කෙනෙක් ලවා පාන් මිලදි ගත්ත.
                    ලමාවරු විශාල පිරිසක් පැමිණි සිටි නිසා වෙනත් පන්සලකට යන්න සිදුවුනා.කිටිටුවම තිබුන මහාබොධි සමාගමට අයිති බිර්ලා ධර්‍මර්‍මශාලාවෙ කාමර දෙකක් අපිට ලබාගැනිමට පුලුවන් වුනා. දෙසැමිබර මාසය ලංකාෙවන් වැඩිපුර නොයන නිසා නැවතීමට තැන් සොයාගැනිමට අපහසුවුනෙ නැහ..
අපි නැවතිලා හිටි ධර්‍මශාලව
ටික වෙලාවකින් අපට කෑම හදල ටදන කෙි්කිය ඔහුගෙ සියලුම බඩුබාහිරාදියත්  ඒ කියන්නෙ ගෑස්ලිප, සිලින්ඩරය,සාස්පාන් ,හැදි ,පිහි ආදියත් අරගෙන පැමිණියා. අපි ලංකාවෙන් ගෙනගියේ මිරිස්කුඩු ,තුනපහ,කිරිපිටි,බිස්කටි ,සීනි ,පොල්කිරි පැකටි සහ වෙනත් කෑම වර්ග පමණයි.උයනපිහින කළමනා ටික කෝකියට භාරදුන්න. හාල් එළවලු වර්ග මිලදි ගැනිමට කෝකියා සමග ගංගමිස් ටවුමට ගිය අතරෙ අපේ කටිටිය ඔන්න නාන්න ලැහැස්ති වුනා. හැබැයි කටිටිය සීතල වුනත් නෑව , ලංකාවෙ පුරුද්්දනෙ..........අනේ මම නමි නෑවෙ නැහැ. නාල ලෙඩ වෙිවි කියන බය මට තිබුන. ඒ නිසාම සීතලම සීතල වතුරටිකකින් මුහුණ සේදුව.මෙි සේරම වෙන අතරෙ කෑමත් සුදානමි වෙලා.......සීතල නිසාම බඩගින්නත් වැඩියි...... කටිටියම එපා දැන් කන්න බැහැ නොකිය තම යුතුකමි හරියටම ඉටුකලා

කෑම කාල නිදාගත්තෙ නමි නැහ. අපි ඇවිදින්න ගිය. පලමුවෙන්ම යායුතු තැනක් තියෙනව.අපිට බුදුපහස ලැබු තැන් වැදගන්න ඉඩකඩ සලසා දුන් පුරෝගාමිය අනගාරික ධර්‍මපාලතුමාෙග කෞතුකාගාරය නරඔන්න ගියා.එතුමා පාවිචිචිකල සියලුම දේ ලිපි ලේඛන පාවා සුරක්ෂිතව තියෙනව..
කෞතුකාගාරය ඇතුලත
ඉන්පසුව ඒ අසලම ඇති සමිමුක චෛත්‍ය වදින්න ගියා .පස්වග මහණුන් මුණගැසුන තැන ලෙස හදුන්වන්නෙ මෙතැනයි  


සමිමුක චෛවත්‍යය්‍යය
අපි කටිටියය




බුදුපිළිමය අසල
කපුරු මල්
ධමිමික චෛත්‍යයය




ජෛන පන්සල    
ඊලගට ජෛන පන්සලබලන්න යන්නත් අමතක කලේ නැහ.ජෛන සාධුවරුන් ගැන දීර්ඝ විස්තරයක් අසන්නට ලැබුන. පැරණි ඇදහිමක වගතුග  සිතේ රදවාගෙන අපි කෞතුකාගාරයක් බලන්න පිටත්වුනා.. අපේ මාර්ගෝපදේශකය.....චන්දන ත්‍රිවීල් එකකින් අපිව එතනට එක්ක ගියා සාක් රටවලට රු.5 ක ටිකටි පතක් මිළදි ගත යුතුයි .ඇතුල් වීමෙිද් කැමරා,මොබයිල් ගෙනයන්න දෙන්නෙ නැහ.අපි සියලුදෙනාම ඒව අරගෙන ගිහින් තිබුන.ඔක්කොම එකතුකරල බෑග් එකකට දමල චන්දනට භාරදිල අපි ඇතුලට ගියා.නොයෙකුත් විදිහෙ කෞතුක භාණ්ඩ දැකගන්න ලැබුන.හිතට දුක ඡායාරූපයක් ගන්න නොලැබුන එකටයි. විශාල ගලින් නිර්මාණය කර තිබු ගල් කුඩය අපේ නෙත් විශ්මයට පත් කලා. ඒ සියලුම දේ නරඔා එලියට විත් අපේකැමරා මොබයිල් තෝරාබෙිරා ගත්ත   නැවතත් ත්‍රිවීලයකින් අපේ නවාතැනට ගියේ ඉතාම වැදගත් ගමනක් යෑමටයි. ඒවන විටත් දැඩි මීදුම මෙන්ම සීතලත් ඇතිවි තිබුන .ඒ නිසා සීතලට අවශ්‍ය ඇදුමි මිළදි ගන්නත් අපි යුහුසුලු වුනා. හාපැටවුන්ගේ තොප්පියක් හැමෝම ගත්ත.ජර්සිත් ,ලස්සන පොෙරානයකුත් මිළදි ගත්ත .අපි මුලින්ම පන්සලට ගියේ වෙලේ ස්වාමින් වහන්සේ කීවෙි.....ආ හා පැටවි වෙන්න ආවද කියලයි............සැන්දැවෙ හතට මුලගන්ධකුටි විහාරයට අපි පියවර මැන්නෙ සිතලට ගුලිවෙවි...........
විහාරයට යන ගමන්
සාරනාත් බුදුපිළිමය
ඉතාමත් වටිනාකමකින් යුතුමෙම  බුදුපිළිමය ගැන තොරතුරු මම දැන ගත්තෙත් ලංකාවට ආවට පස්සෙයි.ගමන් විස්තරය ගැන කතාකරද්දි අපේ චිත්‍ර උගන්වන මොරිනි විජේසේකර මිස් බුදුපිළිමය ගැනමෙි විස්තරකියල දුන්න.චුනාර් නමි ගල් විශේෂයකින ගුප්ත යුගයේ කලනිර්මාණයක්.රැස්වළල්ල ලස්සනකැටයමි වලින් යුක්තයි යට කොටසෙ පස්වග මහණුන් පිරිත් නුල අතේ රදවාගෙන ඉන්න ආකාරයක් නිර්මාණය කරල තියෙනව. දෙනෙත් අඩවන්වි තොල්දෙක තෙත් ගතියෙන් යුක්තව ධමිම චක්ක සුත්‍රය දේශනා කරන ආකාරය පෙන්නුමි කරනව.තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ඇගට ඇලුණ සිවුරයි. රාත්‍රි දෙකක් මෙම බුදු කුටිය තුල ධම්මචක්කපවත්තන සුත්‍රයට සවන් දුන්න .ජිවිතයේ පළමුවරට ඉතාමත් මිහිරි හඩින් පිරිත් ඇසුව. මතක් වන මොහොතක් පාසා සිත පහන් වෙනව.ඒ අවස්ථාවෙ සිතට දැනුන හැගිමි වචනයෙන් විස්තර කල නොහැකියි.කවදාහෝ දිනක මෙය කියවන ඔබත් අසන්න.මා  ලැබු චිත්ත ප්‍රිතිය ඔබටත් දැනේවි.
14වැනිද පිරිත් අවසානයෙ අපේ නවාතැනට විත් පසුදා උදෑසන ස්වාමින් වහන්සේලාට  හීල්දානය පිරිනැමිම සදහා ගංග මිස් කටයුතු පිලියෙල කලා .රාත්‍රි අහාරයෙන් පසු සුවපහසු ඇදක නිදාගන්න ලැබුනු පළමු රාත්‍රිය ගතකිරිමට යුහුසුලුවුනා .සිතලට ගුලිවුනත් සුව නින්දක් ලගාවුනා. තවත් මෙවැන්නකින් 15 වැනිදාව ගැන ලියන්නමිම.


Monday, January 16, 2012

දඔදිව ගිය ගමන.........කොහොමදැයි බලන්න.........3


දෙසැමිබර් 13 වැනිද දහවල් ආහාරයත් අපිට දුමිරිය කැන්ටිමෙන් ගන්න සිදුවුනා. අපේ අහාරය  වුනේ එළවලු බතක් . පිරිසිදු ඇසුරුමක දමා අල කරියක් සමගයි මෙය ලැබුනේ. එහිදි මෙවැනි සිදුවීමකුත් වුනා. දුමිරිය සේවකයන් අදින විදිහෙ නිළඅැදුමක් ඇදගත් පුද්ගලයෙක් කෑම ඇනවුමි ලබාගෙන ගියත් ඔහු හොරට වෙළදාමි කරන පුද්ගලයෙක් බව අපට වැටහුනේ පසුවයි. කෑම අැනවුමි දෙකම මිළදි ගැනිමට අපට සිදුවුනා.රාත්‍රී ආහාරය වුනේ එම කෑම පාර්සලයයි එදිනත් අපි කතාබහ මැද දහවල් කාලය ගෙවා දැමුවා. අවට පරිසරය නරඔමින් ,එහි ගුණ දොස් කියමින් ලංකාව හා සංසන්දනය කරමින් ඉදිරියට ඇදෙන දුමිරියේ ඔහේ වාඩිවෙලා සිටියා. විටෙක අපේ කැමරා ක්‍රියාත්මක වුනා.තවත් විටෙක ලංකාවෙි නෑසියන් සමග තොරතුරු හුවමාරැ කරගත්ත කරදරයකින් තොරව ගමන් කරන බව  දැනගන්න කමි නිවෙස් වල  අය මග බලාන සිටින බව අපි දන්නව. තමර නංගි පුංචි දරු දෙදෙන ගැන නිතරම තොරතුරු අහනව එයා ගෙදර මතක් වෙනකොට කල්පනා කරනව. එයාගෙ යාලුව මාලසේනානායක තමර ලගට වෙලා සැනසිලි බස් කියනව.විජේරත්න අයිය දිගු කතාවකට මුල පුරනව. අපේ ගංග මිස් ඉන්දියනු අයෙක් සමග සුහද සාකචඡාවක්.... ඉන්දියාව ගැන, එයාලගෙ පෞද්ගලික තොරතුරු ගැන.....ඒ අතරෙ සතුටින් දෙන රසවත් කෑමකුත් රස බලනව.... දුමිරිය ගෙදර වගේ වුනා...... විජේලතා නංගිත් ඇගේ අක්කාත් අපේ කතාබහ රසවිසදිනව ....කමලමෙි සියල්ල නිහඩව අහගෙන ඉන්නව...වෙලාවකට සිනාහඩ මුලු දුමිරිය පුරාම පැතිරලා යනව....අග්ගල ,හැලප,බිස්කටි මුරුක්කු ශ්‍රීලංකාවෙන් .....පළතුරු වර්ග ඉන්දියාවෙන් ....තොරක් නැති කතාවත් ඉවරයක් නැති කෑමත් ගමනාන්තය තෙක් අපිව ගෙනගියේ නොදැනිම.
සීතලත් සමග සුපුරුදු පරිදි  රාත්‍රිය එළඔුනා .එදා නමි ගොඩක් සීතල දැනුන.අවට පරිසරය මිහිඳුමින් වැසිල  දවසින් දවස සීතල වැඩිවුනා.ඒවගෙම ඇදුමි  ප්‍රමාණයත් වැඩිකරන්න සිදුවුනා. සීතලෙ ලෙඩවෙන වට වඩා වැඩි ප්‍රමාණයක් ඇදුමි ඇන්දම මොකද වෙන්නෙ.................. අනෙක් අය මගේ ඇදුමි පුමාණය ගණින කොට මම කිවෙි එහෙමයි. මට පමණක් නොවෙි අනෙක් අයටත් සීතල තදින් දැනුන. ඉන්දියන් ජාතිකයින්ට නමි එතරමිම දැනුනෙ නැත්තෙ උපන්දා සිටම විදින සිතල නිසා වෙන්නැති.පරිසරයේ කටුක බවට ඔවුන් හුරුෙවලා .දෙසැමිබර් 14 වැනිදට එළඔීමත් සමග අපේ දුමිරිය ගමන නිමාවුනා. උදේ 10.00 පමණ අපි දුමිරියෙන් බසින විට චන්දන අපව රැගෙනයෑමට පැමිණ සිටිය.

Friday, January 13, 2012

අපි ගිය දඔදිව චාරිකාව..... කොහොමදැයි බලන්න... 2

දෙසැමිබර් 12 වැනිද  2ට විතර අපි නිශන්ත  ගෙන ආ වාහනයට ගොඩවුනේ  දඔදිව චාරිකාවෙ මුල්ම අදියර ආරමිභ කිරිමටයි.චෙන්නායි ගුවන්තොටුපලේ සිට දුමිරිය ස්ථානය දක්වා ගමන ආරමිභ කලා.ශ්‍රීලාංකිය අනන්‍යතාවය රැකෙන පරිදි අපි සියලු දෙනාම ඔසරියකින් සැරසි සිටිය .වාහනය තුලදිම අපි ගෙන ෙඩාලර් ඉන්දියන් රුපියල් බවට මාරුකරගත්ත ඒ සදහා නිශාන්ත මුදල් රැගෙනවිත් තිබුන. එය අරත්ෂාකාරි වුනා .අසා තිබුපරිදි දුමිරිය ගමනෙදි මුදල් සොරකමි කරන නිසා ඒවා අරක්ෂා ලෙස සගවා ගැනිමද මෙහිදි කර ගත්තා.කටුනායක ගුවන් තොටුපලේදි අපට දිල්ලිය බලා යන සිංහල සොයුරෙක් ද මුණගැසුන ඒ සොයුරවත් අපි ගමන් ගත් වාහනයට එකතු කරගත්තේ දුමිරිය ස්ථානයට යෑමටයි.කොළඔ නගරයේ සිරි ගත් නගරයන් පසුකරමින් මද වෙිලාවකින් දුමිරිය ස්ථානයට පැමිනියා.ප්‍රෑන්ක් නමි වු සිංහල සොයුර දිල්ලිය බලා යැමට  අපෙන් සමුගත් අතර .අපිට ගමන් මලු දුමිරිය අංගනය තෙක් ගෙන යැමට පෝටර් කෙනෙකු සොයාගතයුතුවුනා ඉන්දියන් හිතවතා ඒසදහා අපට සහාය වුනා.පෝටර්ගෙ කුලිය අඩුකරගැනිමට උත්සාහයක යෙදෙන්නත් අපේ මිස්ට වෙහෙස දරන්න සිදුවුනා . ඒ කේවල් ක්‍රමයයි.....ගාන වැඩියි අපි බඩු ගෙනියන්නමි කියල අතට ගන්න විට පෝටර් ගාන අඩුකරනව.මෙි විදිහට කීපසැරයක් කරන විට අපේ ගානට එනව.අන්තිමෙිදි ඉන්දියන් රුපියල් 600 කට තින්දුවුනා එත් ගමනෙ අවසාන භාගයේදි අපට තේරුනා ඒ ගානත් වැඩි බව.අත් කරත්තයක විහාල බඩු ප්‍රමානයක් දමාෙගන වෙිගයෙන් යන පෝටර් පසු පස අපි සෙනග අතරින් දුවගෙන ගියා .ඒවන විටත් ගංගාකාවෙීර් දුමිරිය  දුමිරිය අංගනයෙහි නවතා තිබුන නිසා අපට නියමිත මැදිරියට ගමන්මලු දමාගෙන සැහැල්ලු ඇදුමක් දමාගත්තෙ දවස් තුනක දිගු දුමිරිය ගමනක් ් ්ආරමිභ කරන්නයි.



දැඩිහිරු රැසින් වෙහෙස වි සිටි අපේ කටිටිය ඇගපත සොදාගෙනම ඇදුමි මාරුකරගත්ත .ගෙදරින් ගෙනගිය බත් මුලෙන් කුසගිනි නිවාගෙන  පවුලේ අයට දුරකතනයෙන් කතාකර විස්තර පැවසුව .අපට ඒ අවස්ථාවෙදි මහත් සතුටක් දැනුනෙ ඉන්දියානු දුමිරියක් තුල සිට අපේ ගෙදර අයත් සමග තොරතුරු කතාකරන්න ලැබිමයි.දුමිරිය වෙිගයෙන් ඉදිරියට ඇදෙනව කුඔුරු ........යායවල් මැදින් නොයෙකුත් දසුන් පසුකරනව........විදේශයක ඉන්නව කියන හැගිමකට වඩා හුරුපුරුදු පරිසරයක ඉන්නා බවයි දැනුනෙ වෙනසක් ඇත්නමි .........කිවයුතුමයි පරිසරයෙු ඇති අපවිතු කමත් නාසයට දැනෙන ගදත් පමණයි............දුමිරියෙ අපට නියමිත අසුනක් තියෙනව අපි 6 දෙනෙක් එකම තැනක සිටි අතර දෙදෙනෙක් වෙනත් තැනක සිටිය.සැන්දෑ කලුවරත් කෙමෙන් කෙමෙන් ලගාවු න .....හිරුබැස යන්නට ආසන්නයි......රස්නය කෙමෙන් කෙමෙන් අුඩුවි මද සීීතල ගතියක් දැනෙන්නට වුනා .......
රාත්‍රිය කෙමෙන් ලගා වුනා සීතල ටික ටික වැඩිවුනා ඇදුමි ප්‍රමාණවත් නැහ .බෙඩිසීටි දෙකකුත් අරගෙන මට නියමිත අසුනට නැග ගත්ත නැලවෙන පැද්දෙන යහන සීතලවෙලා. රෙදිත් සීතලවෙලා. නින්ද නමි අහලකවත් නැහ. ඒ අපිට විතරයි ඉන්දියානුවන් හොදට ගුලිවෙලා නාද රටා නගමින් නිදි සුව විදිනව. මමනිදි නැතිව සිතලට ගුලිවෙනව.නින්දත් නොනින්දත් අතර සිටි මට ඇසුනේ චායි.......චායි.....කියමින් පැමිනෙන දුමිරිය සේවකයන්ය. නිදාසිටි අය මුහුණසෝදා උදෑසන තේ බොන්නට සුදානමිවුනා.ඒ දුමිරිය මැදිරිය තුල ශ්‍රී ලාංකිකයින් සිටියෙ අප පමණයි අනෙක් සියලුම දෙනා ඉන්දියානුවන්ය. තවත් පැයක් පමන යන විට උදෑසන අහාර අවශ්‍ය අයගෙන්ඇනවුමි දැනගැනිමට සේවකයන් පැමිණෙන්නට විය.අපි තොසේ සමග අල ව්‍යංජනය ඇනවුමි කලෙමු.මද වෙලාවකින් ඇසුරුමිවල දැමු උසැසන ආහාර වෙිල අපට ලැබුනි. හිරුපායා තිබුනත් අවට පරිසරය මිහිදුමින් පිරි තිබුනි. සීතල නමි අඩුවක් නැත..

 අප සිටි කුඩා මැදිරියෙ තවත් එක් ඉන්දියන් තරුණයෙක් අසුන් ගෙන සිටියේය.දහවල් කාලය නොයෙකුත් කථාබහ මැද ගෙවි යමින් තිබුනි. මනොරංජන් සිං ට ඉංගිසි ටිකක් පුලුවන්.එය අදහස් හුවමාරු කරගන්න ප්‍රමාණවත් වුනා. සිංහල රස කැවිලි( හැලප, අග්ගලා )වල රස බලන්න අපිත් සමග එකතුවුනා. ඒ පුතාගෙ යාලුව හිටියෙ වෙනත් සීටි එකක දහවල් දවසෙ එක තැනකට එනව.ඒ දෙදෙනාම අපත් සමග හිතවත් වුනා. ගමන අවසානයෙ කණගාටුවෙන් වෙන්වෙලා යන්න සිදුවුනා අපේ ගමන් මලු දුමිරියෙන් එලියට ගන්න උදවි වුනා. දොඩමි පාර්සලයකුත් තෑගි ලෙස දුන්න..
මෙවැනි සුහද කතාබහ අතරින් නොදැනිම දෙසැමිබර් 13 වැනි දිනදහවල් කාලය ගෙවි ගියා .
ඉතිරිය තවත් පෝස්ටි එකකින් ලියන්නමි. මම මෙවැනි දෙයක් ලියන්නෙ ලංකාවෙි හුග දෙනෙක් මෙලෙස දඔදිව යන්නෙ නැහ. දුමිරියෙ ගමන ගියත් එජන්සියක් මගින් යන්නෙ සීතල කාලෙට යන්නෙම නැහ. අමිමල තාත්තලතමයි වැඩිපුරම යන්නෙ තරුණ අය යනව අඩුයි. ඒවුනාට මම කියන්නෙපරිසරයට ඔරොත්තු දෙන වයසකදි  එක අවස්ථාවක් හෝ බෞද්ධයින් වු අපි යායුතුයි ඒ ඇයිදැයි කියා පසුව ලියන්නමි.






අපිගිය දඔදිව චාරිකාව........කොහොමදැයි බලන්න..

මැස ගණනකින් බිලෝග් එකට ලියන්න ඉඩක් ලැබුනෙ නැහ .ඒත දෙසැමිබර් මාසයෙ නමි මම ගෙදර හිටියෙ නැහ.පෙරුමි පුරාගෙන බලාගෙන හිටිය ගමනක් යන්න අවස්ථාව ලැබුන. නැවත මම ලංකාවට ආවෙ 2012.01.01 දඔදිව වන්දනා කරන්න හිතේ තිබුනත් යමි යමි අවස්ථාවලදි එක එක හේතු නිසා ගමන මගහැරුන.ආරක්ෂාකාරි ගමනක්,මිළමුදල් ,යන පිරිස ආදි නොයෙක් හේතුන් නිසා පමා වුනත් ‍මෙි සැරේ නමි මම හිතුව මෙි ගමන යනවමයි කියල. දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ගමනේ වැඩ කටයුතු වලට මුල පිරුව.
       පළමුවෙන්ම ගමන යැමට කණ්ඩායමකට එතතු වියයුතු වුනා. ඒ සදහා අපි හිතවතුන් අටදෙනෙකුගෙ කණ්ඩායමක් එක්වුනා .ඒ අටදෙනාගෙන් දෙදෙනෙක් පළපුරුදු අය විම අපට පහසුවක් වුනා.ඒ නිසාම ලංකාවෙ සිටියදිම ඉන්දියාවෙ කරගත යුතු වැඩකොටස් කර ගැනිමට හැකිවුනා. දුමිරිය ටිකටි පත් මිලදි ගැනිම,සංචාරය සදහා වාහන සොයාගැනිම, ආහාර පිසිමට කෝකියෙක් සොයාගැනිම වැනි මුලික කටයුතු මාස තුනකට පමණ කලින් කර ගැනිමට හැකිවුනා .ලංකාවෙදි ඉන්දියානු හා නේපාල වීසා ලබාගෙන ගුවන් ටිකටි වෙන්කරගත යුතුවුනා.දැන් සියලුම දේ සිදුවන්නෙ ඔන්ලයින් ක්‍රමයට නිසා වීසා ලබාගැනිම පමණක් නොව ටිකට් වෙන්කර ගැනිමද මෙි  ක්‍රමයට සිදුවුනා.සියලුම දේ සුදානමි........ අපි දෙසැමිබර් 12 දින 12.55ට කටුනායක ගුවන් තොටුපලින් චෙන්නායි දක්වා ස්පයිස් ජෙටි ගුවන් යානයෙන් ගමන ආරමිභ කලා.
                 ගමනේ අසිරිය විද ගනිමින් ලැබුනු සංග්‍රහය භුක්තිවිද, අවටසිරි නරඔන්න පහත බලනවිට මෙන්න පුංචි පුංචි පාරවල් පෙනෙනව.මා ලගින් වාඩිවි සිටි කමලා කිවෙ "අපි දැන් ඉන්දියාවට ඇවිල්ල වගේ" ඇත්ත තමා....... ඊට පසු අපි සිටියේ චෙන්නායි ගුවන් තොටුපලට ලගාවෙන බස්රියක් තුල........චෙන්නායි ගුවන් තොටුපල කටයුතු අවසන් වි ගෙනගිය බඩු බාහිරාදිය ට්‍රොලියක දමාගෙන එලියට එන විටදි ගංගා මිස් කිවෙි අපිට යන්න වාහනය ඇවිල්ලද දන්නෙ නැහ කියලයි.එවිටම ඉන්දියානු තරුණයෙක් සිනාමුසු මුහුනින් යුතුව අපි ඉදිරියට විත් සිට ගත්තේය.ආ.... මෙි ඉන්නෙ රාජුගෙ මල්ලි ...  .... එවැනි හැදිනගැනිමක් අතරින්, අප දැඩි හිරුරැස් මැද වාහනය තෙක් ට්‍රොලිය අරගෙන ගොස් තවත් ස්ථානයක් කරා ගමන ආරමිභ කලෙමු.
 මම බලාපොරොත්තු වෙනව ගමනේ විස්තර ඡායාරූප ඇතිව ඉදිරියට ලියන්න.අලුත් අත්දැකිමක් නිසා මෙ ගමන ගියෙ කොහොමද කියල ඔයාලටත් දැනගන්නපුලුවන් වෙිවි.