Translate

Sunday, May 27, 2012

අපි ගිය දඹදිව චාරකාව .........කොහොමදැයි බලන්න..14


සිදුහත් කුමරුගේ උත්පත්තිය සිදුවු ලුමිබිණිය වන්දනා කිරිම සදහා අපි ගමන් ආරමිභ කලා.අපි නේපාල දේශසීමාවට ඇතුලුවන විට සැදෑ කලුවර ලගාවෙමින් තිබුන.හැකි ඉක්මනින් මහාබෝධි පන්සල වෙත යා යුතු නිසා ත් රාත්‍රියට මීදුම අධික නිසා වාහනය වෙිගයෙන් යෑමට නොහැකි නිසාත් අපේ රියදුරු මනෝජ් ගමන ඉක්මන් කලා.දහවල් ආහාරය ගන්නා විට හවස් වී තිබු නිසා අතරමගදි නොයෙකුත් දේවල් කන බොන නිසාත් එතරමි කුසගින්නක් දැනුනෙත් නැහ.ටික දුරක් යන විට රාත්‍රිය උදාවෙලා.කි.මී.හත අටක් දිග පාලමක් පසු කරමින් අපේ වාහනය ඉදිරියට ඇදුන.ඉන්දියාවෙ පාළමි ඒ තරමටම දිගයි. ගිය සැරෙත් මට මෙි පාළම දහවල් දකින්නට ලැබුනෙ නැහැනෙ ......කියමින් මාලා සේනානායක කලුවරෙම පාළම දෙස බලමින් පසුතැවුන.පාර දෙපැත්තෙ ඇති තෙක්ක වතුයායත් කි.මී. දහයක් විතර පැතිරිලා තිබුන.වාහන එලිය ඇරෙන්නට වෙනත් එලියක් අපට දකින්නට ලැබුනෙ නැහ.නේපාලය පුරාම තිබුනෙ කලුවර පමණයි.මට නමි යන්නෙ කොහෙද කියල හිතාගන්න්ත් බැහ.ගෙදරටවත් ඇමතුමක් ගන්න ඔින කියල හිතල දුරකතනය  අතට ගත්තත්  ඒකත් වැඩකරන්නෙ නැහ.අපි එයාර්ටෙල් පාවිචිචි කලත් නේපාලයෙදි සිග්නල් නැහ.විශාල ගේටිටුවක් තියෙන මුරකුටියක් ලග මනෝජ් වාහනය නතර කලා.ලයිටි එලියක් වත් නැහ.අපිටත් පුදුමයි......මෙතරමි ආරක්ෂාකාරිව ඇතුලුවිමි කලත් ...ලයිටි එලියක් වත් නැහ.අපි ලග තිබුන විදුලිපන්දමක් අරගෙන ගංගමිස් වාහනයෙන් බැහල අවශ්‍ය කරන ලියකියවිලි පෙන්නල අවසර ගත්ත.දැන් අපි පාරක් දිගේ යනව.........පන්සල හොයාගන්නත් එපැයැ.....අපේ වාහනයෙ එලියෙන් පාර දෙපස තියෙන දැන්විමි කියව කියව යන විට මෙි තියෙන්නෙ මහාබෝධි පන්සල......හිතට සහනයක් ලැබුන ...විශාල ගෙටිටුව.....ඉබියතුර දාල වහල ..දැන් මොකද කරන්නෙ.......රාජුට කිවිව ගෙටිටුව ශබිද කරලවත් කවුරු හරි ගෙන්න ගන්න බලමු කියල........ඒත් පන්සලෙ කිසිම එලියක් පේන්නතිබුනෙ නැහ.විනාඩි පහක් දහයක් අපි විවිධ අයුරින් අප ආ බව හැගෙවිවත් කවුරුවත් ආවෙ නැහ. සමහර විට ස්වාමින්වහන්සේ ලංකාවට වැඩමකරල ඇති කියල අපි තිරණය කලා .එත් ලයිටි එලියක් පේනතෙක් මානයක නැහ.දෙපැත්තෙම ගස්කොලන් විතරයි  තියෙන්නෙ .විශාල කැලෑවක් වගේ තමයි අපි දකින්නෙත්......හැමොම බයෙන් වගේ ..රාත්‍රදය කොහෙ ගතකරන්නද?....අපි වාහනයෙ නිදාගනිමු ......කෙනෙකුගෙ අදහස.. එහෙම කීවට නවාතැනක් ගැන සිහින දකිමින් ඉන්නෙ.....තව ටිකක් ඉස්සරහට ගිහින් වෙන තැනක් වත් හොයගනිමු...........තීරණයකට ආව....මනෝජ් වාහනය ඉදිරියට ගෙනියනව....ටික දුරක් යනවිට ....තවත් පන්සලක් තියෙනව..මියන්මාර් පන්සලක්  මෙිවෙලාවෙ විදිහට එකත් මදැ......තවත් වාහන දෙක තුනක් නවත්තල තිබුන .ඒ නිසා මනොජ් වාහනය ඇතුලට දැමිම.රාජු තමයි අපේ භාෂා පරිවර්තක.....ඒකත් වැඩක් වුනේ නැහ....වෙනත් රටවල අයට නවාතැන් දෙන්නෙ නැහ.. මනෝජ් වාහනය අරගෙන තවත් ඉදිරියට යනව....ටිකදුරක් යන විට ලංකාවෙ ක්‍රමයට වටෙි ආවරණය කලතැනක් දකින්නට ලැබුන.ඒත් ඉතින් කලුවරේ නමි වෙනසක් නැහ. කොහොම හරි එහි භාරකාරත්වය අපි ගැන අනුකමිපා කරල එදා රාත්‍රිය ගතකරන්න පහසුකමි නොසිතු ආකාරයට ලබාදුන්න .ඒවෙලාවෙ තමයි දැනුනෙ වෙනත් රටකදි තනිවුනාම ශ්‍රීලාංකිකයෙක් තමයි පිහිටට එන්නෙ කියල. හරියට නෑදෑගෙදරකට ගියා වගේ හැගිමකින් අපි එදා රාත්‍රිය ගත කලේ .ආගන්තුක සත්කාරය නොඅඩුවම ලැබුන.නේපාලයෙ පැය ගණනක්  විදුලිය විසන්ධි කරනව.රාත්‍රි හතේ සිට අටවන තුරු පැයක්ද රාත්‍රිකාලයෙත් විදුලිය කපා හරිනව අපි නේපාලය පුරාම කලුවර දැක්කෙ එනිසා බව අපේ හිතවත් වීරතුංග මහත්තය පැවසුව.පසුදා උදේ නමි දැක්කෙ ලස්සන පරිසරයක් ගස්කොලන් වලින් වටවුනු ස්වාභාවික පරිසරය හරිම ලස්සනයි.හැම බෞද්ධ රටකටම වෙන්වු ඉඩමි ප්‍රමාණයක් මෙහි තියෙනම .ඒ අනුම ලංකාවට අයිති කොටසෙ ලංකාවෙ පන්සල් පිහිටා තිබෙනව. පසුදා උදේ අපි පන්සලේ බුද්ධපුජා වන්දනාව කලා.වීරතුංග මහත්තය ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු අපිට පිලියෙල කර දුන්න පමණක් නොවෙි ස්වාමින්වහන්සේ නමක් ලෙසින්ම අපව පංචසිලයෙහි පිහිටුවල පිරිත් කියල වන්දනා කෙරෙවිව.ඊට පස්සෙ අපි ලුමිබිණිය වන්දනා කරන්න පා ගමනින් ගියා.අප සමග වීරතුංග මහත්තයත් සහභාගිවුනා.



සිදුහත් කුමරුව ස්නානය කල පොකුණ. බෞද්ධ පොතපතේ සදහන්වෙන පරිදි උණුදිය සහ ඇල් දිය ලිං දෙකක් මෙම පොකුණ තුල ඇතිබව නේපාල පුරාවිද්‍යාවෙන් දැන් සොයාගෙන ඇති බව වීරතුංග මහතා අප සමග පවසා සිටිය.

අශෝක ස්ථමිභය

මහමායා දේවිය හා සුද්ධෝදන රජු වෙනුවෙන් පවත්වන පූජාවක්

ලුමිබිණි උද්‍යානයේ ඇති සල්ගස මෙිවා ලංකාවෙි ඇති සල්වලට වඩා වෙනස් වර්ගයකි දැනට මෙහි සල් ගස් දෙකක් පමණක් ඉතිරිව ඇත.
මහාමයා දේවියගේ පා සටහනක් මතුකර ගෙන ඇති මුත් එය ඡායාරූප ගන්නට නේපාල ආරක්ෂකයින් ඉඩ නොදෙයි.ඇතුලත කිසිවක් සේයාරූ කරන්නට නොදෙන අතර එසේ කර අසුවුවහොත් කැමරාව නොදෙන බව පැවසු නිසා වන්දනා කිරිම පමණක් කලෙමු.
ලුමිබිණිය වන්දනා කිරිමෙන් පසු අපි සැවැත් නුවර  බලා පිටත්විය යුතුව තිබුනත් වීරතුංග මහත්තය අපිට කියා සිටියෙ කපිලවස්තුනුවරත් බැලිම හොද බවය.අපේ ගමන් මාරගයේ වෙනසක් වුනත් කපිලවස්තු බැලිමට කවුරුත් කැමති විමෙන් පසු පසුදා අපි කපිලවස්තු බැලිමට පිටත්විමු.වීරතුංග මහතා මෙන්ම නුවන් මහතාදඒ ගමනට අප සමග එක්විම අපට පහසුවක් විය.අමතර ගමන් මාර්ගයක් නිසා රියදුරු මනෝජ් වැඩිකැමැත්තක් දැක්වුයේ නැත.ඒත් අපේ ඉල්ලිම නිසා කපිලවස්තු බැලිමටඔහු එකග විය.නටබුන්ව ඇති සුද්ධෝදන රජ මාළිගාව නේපාල පුරාවිද්‍යාව මගින් කැනිමි කර මතුකරගනිමින් පවති.මෙි ගමන් විස්තරයත් සමගින් නැවතත් ලියන තුරු කියවන ඔබ සැමට ස්තුතියි.

Friday, May 25, 2012

අපිගිය දඹදිව චාරිකාව කොහොමදැයි.....බලන්න....13

අපි ගිය දඹදිව චාරිකාව ඉතිරි කොටස් ලියන්නයි සුදානම .කාලය ටිකක් ගෙවිල ගියාට සමාවන්න. එක එක හේතු නිසා ලියන්න පරක්කු වුනා .තාක්ෂණික හේතුත් බලපෑව. ඔන්න දැන් අපි කුසිනා පන්සලේ රැය ගතකරල පිරිවන් මංචකය වැදපුදා ගන්න යන්නයි සුදානම නැවත කුසිනා පන්සලට එන්න නැති නිසා බඩුබාහිරාදියත් අරගෙනම තමා යන්න වෙන්නෙ.ඒකත් ලෙහෙසි නැහ. සියලුම දේ අසුරා ගන්නත් ඔනනෙ.... තම තමන්ගෙ බෑග් සකස්  කරගෙන වාහනය ලගට ගෙනාව. ඒ විතරක්යැ කුස්සියත් අරගෙන එන්න එපැයැ.රාජු ලමය ඒ වැඩය කරනව .ගෑස් ලිප හටිටි මුටිටි එලවලු පිහි   මෙි කී නොකි දැ රාජු ගෙනවිත් වාහනයට දමනව.එකක්වත් අඩුවුනොත් ගංගා මාතාවගෙන් බෙිරෙන්න බැරි විත්තිය රාජු දන්නව.එතකොට රාජු කියන්නෙ නෝ ප්‍රොබිලමි මමී.......ප්‍රශ්න නහී......හරි...හරි..සිංහල ඉංග්‍රිසි හින්දි කලවමි වෙන කොට ගංග මිස්ට තරහ අමතක වෙනව .අපි ගතට දැනෙන සීතල මකාගන්න හිනාවෙනව......ගමන විනෝදයි...සාධුකාර නැතත් සෙමින් සෙමින් වාහනය ඉදිරියට ඇදෙනව..නැවතත් කුසිනා පන්සල දෙස හැරි බැලුවෙ ආයිත් කවදා හරි දවසක එන්නමි කියල හිතාගෙනයි.අපි හැමෝම එහෙදි හිතුවෙ කවදා ලංකාවට යමිදෝ ..කියලයි විශේසයෙන් තමර  නංගි තමයි......දරුදුක ....විප්පයෝග...ඒත් ලංකාවට ඇවිත් මාසයක් විතර ගිය තැන ඉදල හිතන්නෙ ආයිත් කවදාද  ඉන්දියා යන්නෙ කියලයි ......ඒ තරමටම හදවතට සමීපවු ගමනක්....
සීතල මීදුම පරිසරය වසාගෙන පැතිරිලා .......ඒ අතරින්ඉදිරියටයන වාහනයට ඇතුලෙ අපි සිතලෙන් මිදෙන්න උත්සාහ කරනව.දැන් උදේට කන්නෙ කොහෙදීද?ප්‍රශ්ණයක්......මෙි වගේ ප්‍රශ්ණවලට විජේරත්න අයිය නිතරම  පිලිතුරු සොයනව.නොයෙකුත් කතාබහ අතරින් ...... අපි පිරිනිවන් මංචකය අසලටම ඇවිත් ......සිත දුකෙන්දෝ කියල මට හිතනෙව...ඒ තරමටම සංවෙිදි තැනකට අපි යන්ෙන .සමිබුදු පියාණන් පිරිනිවන් පෑ ස්ථානය......
පිළිමවහන්සේ ලග අපි විනාඩි කිහිපයක් රැදි සිටියෙමු .බුදුපියාණන්වහන්සේගේ ශ්‍රීදෙපතුල ලගවැද වැටි නමස්කාර කෙලෙමු.මෙම පිළිම වහන්සේ නිර්මානකරු බුදුරදුන්ගේ සෑබෑ ස්වරුපය ඉස්මතුකර දැක්විමට උත්සාහ කර ඇත.වයසට ගිය ශරීරය මෙන්ම පාගමනින් වැඩමකිරිමෙිදි දෙපතුල් පිපිරි ඇතිවු තුවාල සලකුණුද දකින්නට හැකි අයුරින් නෙලා ඇත.
ඊළගට අපි යායුතුව ඇත්තේ ලුමිබිණිය වැද පුදාගැනිමටයි.තවත් කිලෝ මීටර් සියගණනක් දුර ගෙවා නේපාලයට ඇතුලුවිය යුතුය.සවස් කාලය වනවිට අපි නේපාලයට ඇතුලුවන දොරටුව වෙත ලගාවි සිටියෙමු.ඉන්දියාවට අයත් සීමාව තුල වාහනය නතරකර ඉන්දියාවෙන් බැහැරවන අවසරය ලබාගතයුතුය.ඒ සදහා අපේ ගංග මිසුත් රාජුත් වාහනයෙන් බැස ගියේය.අපිට මෙය අලුත් අත් දැකිමක් වුනා .අපේ රටෙි මෙහෙම බෝඩර් නැහැනෙ.සමහර විට අපිටත් එහෙම වෙන්න තිබුන.අපි වාහනය ඇතුලෙ ඉදගෙනම ඡායාරුපයකුත් ගත්ත.

ටිකවෙලාවකින් නේපාලය ඇතුලට ගියා .නැවතත් ගංගමිස් ඇතුලුවිමෙි අවසරය අරගෙන එන්න.නේපාල ආගමනවිගමන කාර්යාලයට ගියා.එතනදිනමි අපටත් වාහනයෙන් බසින්න සිදුවුනා.හැම දේටම මුදල් දෙනව නමි මෙි කටයුතු වෙලා ගතවෙන්නෙ නැහ.අපේ අය පුරුදුකරගෙන තියෙනහැටිතමා.ඒත් ගංගමිස් නමි රුපියලක්වත් නොදි කතාබසින ම මෙිව කරගත්ත.මෙි මිනිස්සු හැමවෙලේම බලන්නෙ සල්ලි ලබා ගන්නයි .කිසිම මුදලක් මෙිවට දෙන්න ඔින නැහ.නිත්‍යානුකූලව තමන් විස ලබාගෙන තියෙනව නමි බයවෙන්න ඔන නැහ.දැන් අපි නේපාලයට ඇතුලුවුනා. ඊට පස්සෙ සිදුවුනු දේවල් නැවතත් ලියන්නමි.

Friday, May 11, 2012

අපිගිය දඹදිව චාරිකාව ......කොහොමදැයි බලන්න 12.....

අවිවෙිකි කම නිසා කාලය ටිකක් ගතවුනා.එකදිගට කියවගෙන ආ අයට බධාවක් වුනා නමි ...... කණගාටුව ප්‍රකාශකරනව.විසාලා නුවරින් පිටත් වි ඒ අවට ඇති දේවල් වැද පුදාගෙන අපේ සුදානම කුසිනාරා බලා යෑමටයි. අප දැනුවත් කිරිමට වැඩම කල පියරතන ස්වාමින්වහන්සේව නැවතත් පන්සල වෙත වැඩම කරවිෙමන් පසු කුසිනා බලා යන්නට වුනා.දැඩි ලෙස සීතල දැනුන ගමන් මාර්ගයක් වුනා. දහවල වුනත් හිරු එලිය මලානික ගතියකින් තිබුන. අවට පරිසරය මීදුමෙන් වැසිල...යන අතරමගදි කේසරි බලන්න යන්නත් පුලුවන් වුනා.බුදුරජාණන්වහන්සේගේගේ පා පහස ලබපු තැනක් ලෙස මෙය හැදින්වෙනව.නටබුන් වු චෛත්‍යයක කොටස් මෙහි දක්නට තිබෙනව.
මෙි ස්ථානය ගැන අපි දැනුවත් නොවුනත් අපේ වාහනෙ රියදුරු මහතාගෙ මගපෙන්විම නිසා එය දැක බලා ගන්නට හැකිවුනා.දෙසැමිබර් 21 වැනිද දවස පුරාම අපි ගමනෙ යෙදුන .සෑම ස්ථානයක්ම සෑහෙන දුරකින් පිහිටා තියෙන නිසා වැඩිපුරම කාලය ගත වුනෙ ගමන් කිරිමටයි.ඉන්දියාවෙ උත්තර පෙදෙස ඉතාමත් දුෂ්කර පරිසරයකින් යුතුයි.ජිවත්වෙන ජනයාද දුක්බර ජිවිත ගතකරන බව අපට දක්නට ලැබුන හැමපැත්තකින්ම දක්නට ලැබුනෙ වගා බිමි ඒවායෙ සිතල නොතකා පොෙලාව සමග ගැටෙන මිනිසුන් නිතර දකින්නට ලැබුන.දහවල් අහාරය අපි උදේ ම සකස් කරගෙන අරගෙන ගියා අතරමගදි හමුවු පෙට්‍රල් ෂෙඩි එකක් අසලදි කෑම කෑව .වැසිකිලි පහසුකමි සපයා ගැනිමෙ අරමුණින් තමයි අහාර ගැනිමට මෙි ස්ථානය තෝරා ගත්තෙ .සවස් වනවිට ගමනින් සෑහෙන දුරක් ගෙවා දමන්නට හැකි වුනා.යන්තමි අදුර වැටෙමින් තිබෙන මොහොතක අපි විශාල ගංගාවක් කිටිටුවට පැමිණෙමින් තිබුන අතර අදුර අතරින් ගිනි ගෙන දැෙවන යමක් අපිට ඇතදි ම දකින්නට ලැබුන කවුරුත් විමසිලිමත් වුනා.ඒ අතරෙ මම ඡායාරූපයකුත් ගත්ත.ඒ සිරුරක් අදාහනය කරන අවස්ථාවක් ........ඉන්දියාවෙ ගංගානමි ගග අසල නිතරම දක්නට ලැබෙන දෙයක් .

මෙම සටහන ලියන්නට පටන් ගත් කාලය තුල එය පලකිරිමට නොහැකි විම ගැන මම කණගාටුවෙනව. කියවන ඔබටත් යමිබාධාවක් වුනා නමි සමාව ඇයැද සිටිනව.දඹදිව චාරිකාව අදටත් මට සුන්දර අත්දැකිමක් ලෙස මතකයේ රැදි තියෙනව.ඒ ගමන ගැන මතකය අවදිකරන සෑම මොහොතකම මට ලැෙබන සතුට කියා නිම කල නොහැකියි.කයින් ලංකාවෙි සිටියදිම සිතින් දඹදිව වන්දනාවෙි යෙදෙන්නට  මම දැන් පුරුදු වෙලා.අපි ගිය ගමන් විලාශය ටිකක් දුෂ්කර වුනත් එහි යමිකිසි වෙනසක් ඇතැයි මට සිතෙනව.දුමිරියෙ ගමන ........සීතලෙ වෙවුල වෙවුලා .... වුනත් ඉන්දියානුවන් සමග එකට එක්වි ගිය ගමනෙ යමිකිසි වෙනසක් දැනුනයි කියා මට හිතෙනව.දැන් දැන් මගෙ හිත කියන්නෙ නැවතත් යායුතුයි කියා.....ඒ සිහිනයත් ඉටුවෙන තුරු මම අසාවෙන් බලා සිටිනව.බුද්ධගයාවෙ වැඩවෙසෙන රාහුල ස්වාමින්වහන්සේ නිතරම මා සමග ස්කප් මගින් කතා කරන නිසා ඒ ගමන පිළිබද තොරතුරු ලබාගන්නත් දැන් හැකියාව ලැබිල තියෙනව.ඉතින් අපි කුසිනාරා පන්සලට යන විටදි රාත්‍රිය උදාවෙලා .එදා රෑ අපි පන්සලේ ගතකලා.
නැවතුන පන්සලල
අපට කෑම හැදු ඉන්දියානු රාජුජු
රාත්‍රි කෑම සකස්කරනව         
අපි එදා රාත්‍රියෙ පාන් තමයි කෑවෙ ඒකට කරියක් හදන්න මගදි ග්‍රීන්පීස් මිලදි ගත්ත .ඉන්දියාවෙ ග්‍රීන්පීස් ලාබයි.ඉන්.රුපියල් 4කින් කිලෝවක් මිළදි ගත හැකියි.රාපු කෑම සකස් කරල දුන්න.රාත්‍රී අහාරයෙන් පස්සෙ සුවපහසු නින්දකටත් පන්සලේ පහසුකමි තිබුන .එකම අපහසුව සිතල තමයි.පසුදා අපි නැවතත් ගමන ආරමිභ කලා.පලමුවෙන්ම අදාහන චෛත.්‍යය වැදපුදා ගත්ත.බුදුරජාණනවහන්සේ්ගේ ශ්‍රී සිරුර අදාහනයෙන් පසු සදුන් දර අගුරු තැන්පත් කර ගොඩනැගු චෛත්‍ය යයි .කුසිනාරා වලට යද්දි මගේ හිෙත් යමිකිසි දුකක් පිරි පැවති බව මට දැනුන.බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වානය සිහිපත්විම මට එවැනි වෙිදනාවක් ගෙනදුන්න මෙහි යන සෑම බෞද්ධයෙකුටම වෙිදනාකාරි හැගිමක් දැනෙනව පැන් පිපාසයෙන් පෙලුනු තථාගතයන් වහන්සේ බිම වාඩිවි පැන් පොදක් ලබාදෙන මෙන් ආනන්ද හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටියේද කුසිනාරාවලදිය. මෙි ගැන අසා ඇති අපට යමිකිසි කණගාටුවක් සිතට දැනුනා සේ එම ස්ථානයට ගියවිටදි දැනෙන වෙිදනාව වචනයෙන් විස්තර කල නොහැකිය.උන්වහන්සේ අවසාන වතාවට වෙහෙස වු ශ්‍රී සිරුර විඩා නිවාගැනිමට කුකුත්ථා නදියෙන් ස්නානය කර සල් වෘක්ෂයක් අසල පිරිනිවන් පෑමට සැතපුන සේක.
ආදාහන චෛත්‍ය්‍ය

පිරිනිවන් මංචකය වැද පුදා ගැනිමට යෑම සහ නේපාල් ගමන ගැන නැවතත් ලියනතුරු ....


.