Translate

Wednesday, April 13, 2011

අමිමාගෙ ඉල්ලිම ඉටු කල නොහැකිව අසරණයි මා.................................

ගෙයි දොරකඩ ජමිබු ගහේ වසා සිටිය පැණි කුරැල්ලා ඉගිලි යන අයුරැ බලා සිටිය මම " අනේ මටත් ඉගිලෙන්න ඔිනැයි කියමින් කදුලු හෙලු හැටි මට තවමත් මතකයි .අාදරයෙන් මා වැළද ගත් අමිමා ඉගිලෙන්න පියපත් කෝ.......ඔයාට පියාපත් දෙන්න මට බැහනෙ රත්රන් දුවෙි........එත් මම ඔයාව ඉගිලවන්නමි කියා දෝතින් ගෙන අහසට ඔසවා මගෙ දෙකපුල් සිපගත්තෙ අාදරයන් බව තේරැණෙ කාලයක් ගිය විටදිය. එදා මා සනසවන්න කල හැකි දේ නොවලහා ඉටුකල අමිමා අද අසරණව වැතිර මගෙන් ඉල්ලා සිටින දේ ඉටුකිරිමට නොහැකිව අසරණව සිටිමි..වියපත් බවත් සමග ඇත්වන්නාවු රෝග කිහිපයකින් බෙලෙන අමිමා හාඩා වැලපෙමින් ඉල්ලන්නෙ ඇගෙ දරැවන්ගෙ කුඩා කාලයයි.ආදරයෙන් සිපගන්න,තුරැලුකරන් නිදාගන්න , කිරිපොවන්න, අාදි වු පෙර කල කටයුතු කිරිමට අපගෙ කුඩාවියේ මතකයෙන් කුඩා දරැවන් ඉල්ලයි .ඇය වැලෙපෙන අයුරැ බලා සිටින විට මට හිතන්නෙ  මිනිස් ජිවිතයක වියපත් විය මෙ තරමටම දුක්මුසු වුනෙ ඇයිද ?යන්නයි. අතීතයෙ පමණක් ජීවත්වන වර්තමානය ගැන කිසිදු හැගිමකින් තොරව ගලා යන මෙ ජිවිතය ඇත්තෙන්ම නිස්සාරයි.

Sunday, April 10, 2011

තවත් එක් සිංහල අවුරැදක් ලග ලග එනව.ඉස්සර නමි මෙ කාලෙ කැවුමි කොකිස් බැදෙන සුවද දැනෙනව.. කොහො ගීත නාදෙ දසත පැතිරෙනව. ඒත් දැන් මොනව වෙලාද මන්ද කොහාත් වයසට ගිහින් වගෙ ........ කලාතුරකින්  ඇහෙන ඒ සද්දෙ  අපිට අමතකවෙලා වෙලා වගෙ .ඒව ගැන හිතන්න හිතෙ ඉඩක් නැතුව වගෙ . භුමි කමිපාවක් වෙයිද ?සුනාමියක් එයිද ? ඉර එලියට පිචිචිලා යයිද? භායානක හීන ගොඩකින් අපේ හිත් බයවෙලා.2012 ලෝක විනශයක් ගැන කවුරැ කවුරැත් කතා කරනව. මෙව ඇත්ත නොවෙයි කියල අහකට දාන්නත් බැහැ වෙන දේවල්වල හැටියට නේද?පාරට යන අපි සෙවනක් සොයාගෙන යන්නෙ අවි රස්මිය දරාගන්න බැරිව .ලෝකෙ හැටි බුදුපියාණන්වහන්සේ දේශනා කල විදිහට සියලුම දේ වෙනස්වෙලා පරිසරයත් වෙනස්වෙලා..මනුස්ස ජිවිත ගැන හොද වැටහිමක් දැන් අපට තියෙනව .වයසට යන විට ගොඩක් දේවල් වැටහෙනව. ජිවිතය සුන්දරයි කියල හිතාගෙන කාලයක් ජිවත්වුනා නමුත් ඒ සුන්දරත්වය යටින් ගලාගෙන ගිහින් තියෙන්නෙ මහා දුක් කන්දරාවක්. යථාර්තය මොකක්ද කියල දැනගන්නකොට කාලය ඉක්මවෙලා. ආපස්සට යන්න බැහ. ආව ගමනඉදිරියටම යායුතුයි.. නමුත් වෙනසක් ඇතිව හොද සිහිබුද්ධියෙන්.මනා වැටහිමකින් . පිටුපස හැරිල බලකොට අපි වගේම තවත් කොටසක් මග එනව ජිවිතය යනු කුමක්ද කියා වැටහිමකින් තොරව අපටත් වඩා ඉක්මනින් .නිහඩව ඉදිරියට යන්න බැහ .යමක් කියා දියයුතුයි කියල හිතුන .හිතට ආව අදහස් ඔහෙ ලියවෙනව .ගත යුත්තක් තිබෙි නමි හිතල බලන්න ජිවිතය යනු කුමක්ද? කියා........

Thursday, April 7, 2011

ගොඩක් දවසකින් නේද?



දවස් ගියා ලියන්න වෙලාවක් තිබුනෙ නැහ. දෙමළ ඉගෙන ගන්නව ඒකටත් කාලය වැය වෙනව.ඒ අතරෙ විභාගයක් අත ලගටම ඇවිත්මෙ නිසයි බිලොග් එක මග හැරැනෙ. දැන් නමි ටිකක්මෙ විවෙිකයි .ඒ කිවිවට.විවෙික ඇත්තෙම නැහ.ඒ අතරෙ පොඩි වැඩකුත් පටන් ගත්ත. එළවලු වගාවක් .ගෙදර එක්කෙනා රාබු ඇට වගයක් ගෙනල්ල හිටෙවිව ලස්සනට හැදුන. ඒක දැක්ක මට ආස හිතුන එළවලු ටිකක් හිටවන්න.ඒ හින්දම මමත් කෘෂිකර්මයට ගිහින් ඇට වර්ග කිහිපයක් ගෙනාව  දැන් පාත්තිත් හදල හිටෙවිව.කොහොමද අපේ රාබු පාත්ති'. පැලයක් හිටවල ඒක හැදෙන විට හිතට දැනෙන්නෙ හරි සතුටක් ඒ සතුට ඔයාලත් සමග බෙදාගන්නයි මෙය ලියන්න ගත්තෙ බලන්න ඔයාලත් මොන මොනව හරි හිටවන්න .