Translate

Saturday, June 23, 2012

අපි ගිය දඹදිව චාරිකාව.....කොහොමදැයි බලන්න ...18

දෙසැම්බර් 25 වැනිද පාන්දරින්ම අපි දිල්ලිය බලා පිටත්වුනා.අතරමගදි දහවල් කෑම ත් මේ ගමන් සුදානම් කරගත්ත.සැවැත්නුවරින් පිටත්වෙන විටදි නම් හිතට දුකක් දැනුන.මෙතෙක් දිනක් බුදුගුණ රැදුන පරිසරය ඉදලආපසු යන්නට හිත නොදෙන තරම්......ඒත් ආපසු යායුතුයි.. නැවත දිනක මෙලෙසම පැමිනෙන්ට මහත් බලාපොරොත්තුවක් හිත තුල රදවාගෙන අපි හැමෝම ගමන ආරම්භ කලා.කෙත්වතු වලින් ගහන පරිසරය කෙමෙන් කෙමෙන් මැකි යමින් ගොඩනැගිලිවලින් පිරුනු නාගරික පරිසරයකට අපි ඇතුලු වෙමින් සිටිය.සැවැත් නුවරින් මිළදි ගත් දෙලුම් ,පේර ,ඇපල්වල රස බලන්නයි දැන් සුදානම........ගෙදරට වැඩිය කෑමබීම වල අවශ්‍යතාවය මෙහිදි අපිට තදින්ම දැනුන...එකක් සීතල ගතිය නිසා...අනෙක වාහනය තුල දවසක්මරැදෙන නිසා වෙන්න ඇති කියල මට හිතුන.ලංකාවෙදි නම් දෙසැම්බර් 25 වැනිදකියන්නෙ සෑහෙන අවිවේකි දවසක් ...කතෝලික ස්වාමියෙක් ලැබුන නිසා ඒ දවසෙදි එන නෑදැයින් සමග කතෝලික ක්‍රමයට නත්තල සමරනව. අතරමගදි ඒවත් මතක් වුනා. ඒ නිසා ගෙදරට කතාකරන්න හිතුව.හැමෝම එකතුවෙලා ...මම විතරයි අඩු කියල මගෙ නෑන මැසිවිලි නගනව.ඕක මොකක්ද .......මගෙ හිතේ පිරි ඉතිරි යන මේ සතුට .......මේ ගමන ......ඊට වැඩිය වටිනවනෙ.....හිතුව විතරයි එහෙම කීවෙ නැහ......තව කෙනෙකුගෙ හිත රිදවන්න හොද නැහැනෙ.අපි ඊලගට වේලක්කන්නි එමු..නෑනව සතුටු කරල තොරතුරුත් දැන ගත්ත..කොයිතරම් දුර ගෙවා දැමුවදැයි හිතා ගන්න බැරිවුනාට ..මෙතෙක් නුදුටු විදිහෙ නගරයක ට අපි ඇවිත් තිබුන. යන්තම් ඒ ගොඩනැගිලිවල නම් ඉංග්‍රිසියෙන් ලියල තිබුන නිසා ලක්නව් කියල හදුන ගත්ත.ලංකාවෙ අය හෙම සංගීත විභාග පාස්කරන්න එන්නෙ ලක්නව්වලටනෙ.නගරය විශාලයි.ගොඩනැගිලි වලත් පෞරාණික බවක් තියෙනව.ඊලගට අපි ඇවිත් තිබුනෙ අග්‍රාවලට ....ඈතින් ටජ්මහල් දිස්වෙනව..කවුරුත් ටජ්මහල් බලන්න යනවද........ඔන්න ටජ්මහල් ගැන කතාවෙනකොට ගංගමිස් අවදිවුනා..යන්නත් ඕන ...ඕන කියල කියන්නත් බැහැ.....හැබැයි මම නම් යන්නෙ නැහ.ඉන්දියන් රුපියල් 800ක් දිල බලන්නෙත් නැහ.ගංගමිස් කියනව.ඒකත් ඇත්ත..ලගට ගහින් බලමුකො මාලමිස් ගෙ අදහස වුනා....ඒ වුනාට මනොජ් වාහනය හරවලත් ඉවරයි.දිගපෝලිම්......වාහන තදබදය....සෙනග පිරිල......ඒ අස්සෙන් ඔටු කරත්තත් යනව.මමත් කැමරාව එලියට දාල පොටෝ එකක් ගන්න බැලුව.
වෙලාව සවස තුනට විතර ඇති .මේ වෙනකොට අපි දවල් කෑම කාලත් නැහ.ටජ් මහල් බලන්න ගියොත් අපිට රෑවෙනව ඒ බව කවුරුත් දැන ගෙන හිටිය නිසා බලන්න යන්න උනන්දු වුනෙ නැහ.කුසගින්න තදින්ම දැනුන.ටජ්මහල් කිට්ටුව තැනක අපේ දවල් කෑම ගන්න පුලුවන් කියල රාජු කීව නිසා අපි කවුරුත් හට්ටි මුට්ටි උස්සගෙන එතනට ගියා.කෑම බීම කාල වාහනයට එන අතරෙදි කවුරුත් උනන්දු වුනෙ මොනව හරි මිළදි ගන්නයි.ඒවත් අවසන් වෙලා නැවත අපි ගමන ආරම්භකලා.එන අතරමගදි ගංග මිස් ට බෙහෙත් වගයක් ගන්න නවත්තුව.අපි වාහන ඇතුලෙ සිටිද්දි අසල සිටි පුංචි ලමයෙක් අපි සමගහිනාවෙවි හුරතල් වුනා ඒ සේයාරුව තමයි මේ තියෙන්නෙ.


සැන්දෑකලුවරත් වැටීගෙන එනව.කවුරුත් දොඩමලුවෙලා.ගෙවල් දොරවල් අමතක කරලම නෙමේ .දිල්ලිය කීවම අපිට හීනයක් වෙලා තිබුන තැනක්නෙ .ඔය ටීවී එකේ හින්දි චිත්‍රපටයකදි දිල්ලිය දැක්ක විතරයිනෙ .දැන් හැබැයින්ම දිල්ලි එනව කියල හිතෙන කොට කාගෙත් හිත්වල සතුටක් ඇතිවෙලා.අපේ බස් වහරෙත්තියෙනවනෙ "ඕන දිල්ලියක ගියාවදෙන්"කියලඒක කියන්නෙ ඇයි කියල නම් මම දන්නෙ නැහ. දිල්ලිය කියන්නෙ විශාල නගරයක් ඇවිදල බලන්න දේවල් තියෙනව.රාත්‍රි නමයට පමණ අපි දිල්ලියට ආව.ලංකාවෙ පාලනයක් තියෙන පන්සලක් වැනි තැනකයි අපි ලැගුම් ගත්තෙ.සුවපහසුකම් අතින් ඉතාමත් හොදයි.


මනෝජ් ඒ රෑම බරණැස බලා පිටත්වුනා.අපේ ගනුදෙනු සම්පුර්ණ කරල .මනෝජ්ට වෙනමමුදලක් දෙන්නත් ගංග මිස් කටයුතු කලා.ඒ නිසා මනෝජ් සතුටින් තමයි ආපසු ගියේ.එදා රාත්‍රියසුවසේ නිදාගත්ත.පසුදාඅපි දිල්ලිය නරඔන්න යන්නයි අදහස...වාහනයක් කතා කරගන්නත් පුලුවන් වුනා.ඉන්දියන් රුපියල් එක්දහස් දෙසියක් විතර වුනා.හෙට දවසේගමන ගැන නැවතලියන්නම් මෙය කියවන සැමට මෙන්ම කමෙන්ට් කරල සැමටත් ගොඩක් ස්තුතියි.

Thursday, June 7, 2012

අපි ගිය දඹදිව චාරිකාව............කොහොමදැයි බලන්න17

පුර්වාරාමය බැලිමෙන් පසු අපි ලංකාරාමය වෙත ආපසු පැමිණෙන විට දවල් වී තිබුන.මෙි වනවිට අපිට ලංකාවෙි ගෙවල්වලට කතා කිරිමට නොහැකි විතිබුන.අපේ හෑන්ඩිපෝන් වල මුදල් තිබුනෙත් නැහ.ගෙදරින් රීලෝඩි කලත් මට ඒව ලැබුනෙ නැහ.ඉන්දියාවෙන් සිමි එකක් ගත්ත නමි ලෙහෙසි වුනත් ඉන්දියන් රු.300ක් විතර වෙනව.අපරාදෙ සල්ලි කියල හිතුන.ලංකාරාමයෙ දුරකතන පහසුකමි  තිබුන නිසා ගෙදරට කතා කලා.රු.30ක් විතරයි ගියේ.දෙසැමිබර් 24 වැනිද තමයි අපි සැවත්නුවර ගතකලේ.දහවල් ආහාරයෙන් පසු අපි ජේතවනාරාමය වදින්න යන්නයි සුදානම.ලංකාරාමය ඉදිරිපසමයි තියෙන්නෙ වැඩිදුරක් යායුතු නැහ.අපි පලමුවෙන්ම ආනන්ද බෝධිය වැන්ද.බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශ ලද පැරණිම බෝධිය ආනන්ද බෝධියයි.බුදුරජාණන්වහන්සේ ජේතවනාරාමයෙන් පිටතට වැඩම කරනා අවස්ථාවලදි පැමිණෙන ජනයාට වැද පුදාගැනිම වස් ආනන්ද ස්වාමින්වහන්සේගේ අදහසක් අනුව ,බුද්ධගයා ජයශ්‍රීමහ බෝධියෙන් ලබාගත් අංකුරයක් මෙහි වැඩම කර රෝපණය කල බව  බෞද්ධ සාහිත්‍යයෙ සදහන් වෙනව.මෙහි බුදුහිමියන් රාත්‍රි තුනක් වැඩසිට පාරිභෝගික බෝධියක් බවට පත්කරන ලදි.
බුදුරජාණන්වහන්සේ වැඩසිටි ගන්ධකුටිය පිහිටා ඇත්තේද මෙි කිටිටුවෙන්මයි.එය වන්දනා කරන්නට ගිය මට පුදුම සිතුනි අද තත්වයත් .....එදා බුදුරජාණන්වහන්සේ ගතකල සරලජිවිතයත් අතර කොතරමි වෙනසක් ඇත්ද කියා....... ම පියාණන්වහන්සේ සැතපුන මෙි ගන්ධ කුටිය තුල උන්වහන්සේගේ රූපකාය මට මැවි පෙනෙන්නට විය.ඒතරමටම සංවෙිදි බවක් මට දැනුනා...සමිමා සමිබුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්වයින් වෙත කරුණාවෙන් හිමිදිරියේ අවදිවි ලෝකය බලා වදාලෙ මෙි ගන්ධකුටියේ සිටනේදැයි.....මට ඇතිවුන හැගිමි කියා නිමකල නොහැකිය....කොතරමි දර්ශනිය වු සිත්සතන් පහන් කරන චිත්ත රූප මට මැවි මවි පෙනෙන්නට විය.කුටියේ ඉදිරිපස ඇති කොටසෙ සිට පැමිණෙන්නන් සමග කතාබහ කල හැටි.......සක්මන් කල හැටි......ආදි වු විචිතු වු දර්ශනයන්ගෙන් මගේ සිත පිරි සැනසි යනු මට දැනිනි.



අසිරිමත් වු ඒ ගන්ධ කුටිය අසලම පිහිටියේ  ආනන්ද තෙරුන් වැඩසිටි කුටියයි.සැරියුත් තෙරුන් මුගලන් තෙරුන් අංගුලිමාල තෙරුන් සිවලි හාමුදුරුවන් මෙන්ම රාහුල හිමි පුතිගත්ත තෙුරුන් ආදි වු මහරහතන්වහන්සේලා වැඩ සිටි කුටිද යාබදව පිහිටා ඇත.සීවලිමහරහතන්වහන්සේගේ කුටියෙ ගඩොල් ගලවා ගෙන යන්නට තරමි මිනිසුන් නොමනා වි ඇති බව ඔබට පෙනෙයි.





පටාචාරාවන් දරුදුකින් මෙන්ම ස්වාමියා දෙමවිපියන් වියොවින් වැලපෙමින් පැමිණෙනවිටත්,කොසොල් රජු,අනේපිඩුසිටුතුමා,ධර්මකතා ශ්‍රවණය කරන්නට පැමිණෙන විටත් ,චිංචිමානවිකාව බොරු චෝදනා කරන්නට පැමිණෙන විටත් බුදුරජාණන්වහන්සේ වැඩ සිටි "දමිසභාමණ්ඩපයට"යි අපිදැන් යන්නෙ.බුදුකුටිය අසල ඇති මෙහි කොපමණ වු ධර්මස්කන්දයක් දේශනා කලාදැයි මට සහිපත් වුනා.මිනිසුන්ගේ ආත්මකතා,මෙන්ම බුදුහිමියන්ගේ පෙරබව කතා ආදිවු විචිත්‍ර ධර්මදේශානා මෙහිදි පවත්වුබව අපි  අසා ඇත්තෙමු.එවන් ස්ථානය සැබවින් මම දැන් සිටිනවා නේදැයි සිතෙන විට ඇතිවන චිත්ත ප්‍රීතිය.........වචනයෙන් විස්තර කල නොහැක.
දමිසභාමණ්ඩපය



රහතක්වහන්සේලාගේ කුටි
දෙව්දත් පොලොව පලාගෙන ගිය ස්ථානය
දෙවිදත්  පොලොව පලාගෙන ගිය ස්ථානයෙ අද දකින්නට ලැබෙන්නෙ විශාල වතුර වලකි.මෙහි කිසිම ජලජ පැලෑටියක් වැවෙන්නෙ නැති බවත ,කිසිම සතෙක් ජලය පානය කරන්නෙ නැති බවත් එහිදි දැනගන්නට ලැබුනි.චිංචිමානවිකාව පොලොව පලාගෙන ගිය ස්ථානයද මෙි අසලම පිහිටා තිබෙි.මෙි සියලුම වන්දනාවන් ඉවරවනවිට සැන්දැ කලුවර වැටෙමින් තිබුනි .නැවතත් අපි ලංකාරාමය බලා අාෙවමි.ගංග මිස්ට ඇපැල් ගන්නට ඔන වුනා.ඇපල් දෙලුමි ඔින තරමි ගන්නට තියෙනව. ලංකාවෙන් යන අය මෙිව ගන්නෙ නැහ .ලෙඩ වෙයි කියල බයට. සමහර විට ඒක ඇත්ත වෙන්න පුලුවන්.හුගදෙනෙක් යන්නෙ දුවිලි ගතිය තියෙන කාලයෙ ඒ දුවිල්ල වැදුන පළතුරු කෑවම ලෙඩවෙනව ඇති.දෙ සැමිබර් 25 වැනිද උදේ රැයින් යලිත් අපි ගමන ආරමිභ කලා.දිල්ලිය තෙක් මෙි ගමන අපි වාහනයෙන් යනව. දෙසැම්බර් 25 වැනිද රාත්‍රි වාහනය ආපසු බරණැස බලා පිටත්විය යුතුයි.

Saturday, June 2, 2012

අපි ගිය දඹදිව චාරිකාව ......කොහොමදැයි බලන්න....16

නේපාල් වලින් පිටත්වෙලා  යන මෙි ගමන කි.මී.450 පමණ දුරක් ගෙවා දැමිය යුතුයි.සැවැත්නුවර හෙවත් ශ්‍රාවස්තිය අපිට ඉතාමත් හුරුපුරුදු බවක් තියෙනව.බෞද්ධ අපි නිතරම ජෙතවනාරාමය ගැන අහල තියෙන නිසා මෙි හුරුබව දැනෙනව.බුදුහාමුදුරුවෙ ජෙතවනාරාමයෙ සිට ධර්‍මය දේශනා කල හැටි පොතපතින් කියවන විටදි හිතේ ඇදි චිත්ත රූප සැබෑලෙසින් දකින්නට ලැබෙන මෙි අවස්ථාව ගැන මගේ හිතේ සතුටක් ඇතිවෙමින් තිබුන.අපිනැවතත් නේපාල් දේශසීමාව පසුකරමින් සිටිය .මෙතෙක් දැක නොතිබු රටක  පරිසරය මෙන්ම මිනිසුන් දිහාද අපි බැලුවෙ හිතේ සතුටකින් ......අප රටට නුහුරු අපමණ දේ ඔව්න් ගේ ජීවන රටාවන් තුල තිබුන. පරිසරයේ ඇති කටුක බව ගනනකටවත් නොගෙන ඔවුන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යන අයුරු අගය කල යුතුයි.



දැන්ඉන්දියාවට අපි ඇතුලුවෙලා පෙර පරිදිම ලියකියවිලි කටයුතු කරගත්ත.මෙි ඉන්දියාවට ඇතුලු වු විටදි ගත් ඡායාරූපයක්......
නැවතත් අපි ගමනේ යෙදෙනව. සිතල මීදුම නමි අඩුවක් නැහ.නේපාල් වලදි හදාගත් තේ පානය කරමින් සීතලෙන් ගැලවෙන්න උත්සාහ කලා. පාර දෙපස පරිසරය කෙත්වතු මෙන්ම කුඩා ගෙවල් වලින් යුක්තයි .ඒවා පසුකරමින් ඉදිරියට යන අපිට තවමත් ඉර එලියක් දකින්නට ලැබුනෙ නැහ.ලංකාවෙ තියෙන වගෙ අවිවක්  තවම අපිට දකින්නට ලැබුනෙ නැහ.සීතල කාලෙ හැටි එහෙමයි.ඒත් රස්න කාලෙට මෙහි අනෙක් පැත්ත .බුද්ධගයාවෙි සිටින රාහුල හාමුදුරුවන් ඊයේ මා සමග කතා කලා.රස්නය තදින්ම දැනෙන බව කීව.ඒ අතර දුවිලි කුණාටුවකින් මුලු පරිසරයම වැසි ගිය බවත් පැවසුව.ලංකාවෙන් වන්දනාකරුවන් මෙි කාලයේ යන්නෙ නැහ.වෙනත් යුරෝපිය රටවල සුලු පිරිසක්  පමණක් පැමිණෙනව.දැන් ඉන්දියාවේ නිවාඩුකාලෙ .පාසල් නමි මාස තුනක් පමණ නිවාඩු .දැන් ඉන්දියානුවන් බුද්ධගයාවට පැමිණ නොයෙකුත් පුද පුජා පවත්වමින් සිටිනව.
                                   අතරමගදි අපි දහවල් අහාරය ගත්ත.ඒ කෑමත් සීතකරණයක තිබිබ වගෙ තමයි.ඒ නිසා රාජුට අපි කියනව රත් කරන්න කියල .රාජු නමි වැඩි කැමැත්තක් නැහ.ඒ මොකද සියලුම බඩු වාහනයෙන් බිමට ගන්න ඔින නිසා.බැහ කිය කියා කෑම ටික රත් කරල දෙනව.අතරමග හමිබවෙන කඩමණ්ඩියකින් පලතුරක් අරගෙන කන්නත් අපි කටිටිය ට අමතක වෙන්නෙ නැහ.වැඩිපුරම නෙල්ලි තමා ගන්නෙ .එහෙ නෙල්ලි ගෙඩියක් අපේ රටෙි දෙහි ගෙඩියක් විතර ඇති.පලතුරු කාල ඉවරවෙනකොට තවත් කෑමක් ....ලංකාවෙන් ගෙනියපු මුරුක්කු පැකටි ඉවරයක් කරන්නත් ඔිනනෙ .ඒව ආපසු අරන් එන්නයැ. කකා බිබි ගමනෙ යෙදෙන මෙකත් අපේ බසි්න කියනව නමි .....හරිම ජොලි..... වෙලාව නමි හිතාගන්නත් බැහ .අපි ලංකාවෙ නමි වෙලාව හිතාගන්නෙ අවිව බලලනෙ.අදුර වැටෙනකොට තමයි රෑෙවිගන එනව කියල දැනගන්නෙ.දැන් දැන් අදුර ලගාවෙමින්.......තව ගොඩක් දුර යන්නත් තියෙනව.කාපු බීව හැටියට සමහරකට නිදිමතත් ඇවිත් වගේ.........නින්දත් නොනින්දත් අතරෙ මෙි අය ලංකාව ගැන හිතනව ඇති ..විශේෂයෙන් තමර නංගි ට මතක් වෙනව දරු දෙන්න.....රෑ වෙන්න වෙන්න වාහනයෙ වෙිගය අඩුකරන්න වෙනව මීදුම අතරින් වෙිගෙන් යන්න අමාරුයි.මනෝජ් නමි කිසිම මහන්සියක් නැතිව වාහනය එලවනවව.
දැන් නමි සැවැත්නුවරට ඇවිත් .ලංකාරාමය අසල තමයි අපි ඉන්නෙ ..පාලු බවක් තියෙනව.පන්සලට ඇතුලුවන තැන විශාල ගෙටිටුවක්  වාහනය නතරකරල අපේ අය කියනව වාහනය ඇතුලට ගන්න කියල .මනොජ් කියනව ඇතුලට ගන්න දෙන්නෙ නැහ කියල.මනෝජ් හරි........අපි නිදිමතේම බඩුපොදි තුරුලු කරගෙන ඇතුලට ගියා. කාමර දෙකක් ලැබුන.ටික වෙලාවකින් අපි සියලුම බඩු වාහනයෙන් අරගත්ත.කාටත් බඩගින්නකුත් දැනෙනව .ඒත් ගමන් මහන්සියත් නැතිවට නෙමෙි..රාජුටත් මහන්සි ඇතිනෙ...තියෙන දෙයක් කාල නිදාගනිමු......හැමොටම අවශ්‍යවෙලා තිබුනෙ නිදාගන්නයි.ඉන්දියාවෙ ගතකරන තවත් එක් රාත්‍රියක්  නිමාකරන්න මෙන්ම ,සිතේ පිරුණු විහාල සතුටකින් නිදිසුව ලැබුව.
 මට නමි නින්ද ගියේ නැහ.පුංචි පුංචි ගැටලු කිපයක් නිසා .......නැගිටින්නත් කමිමැලියි  ...තේ ලැහැස්තියි. වෙලා ගියොත් නිවෙනව.මාල මිස් කතාකරනව....තේ එක නිවුනොත් ..ඒකත් කරදරයක් ආයිත් රත්කරන්නයැ...හනි හනික අපි බාත්රූමි හොයගෙන දුවනව..ඉක්මන් කරන්න.උදේ කෑම කාල අපි තැන් කිහිපයක් තියෙනව බලන්න යනව. වාහනෙන් යන්නෙ ලැහැස්ති වෙලාව එන්න .මාල මිස්ගෙ හඩ ආයෙත්......යමිතමි අපේ කාමරයෙ හතරදෙනා එලියට ආව.කෝ අපිට කිවිවට එයාලැ තවම නිදි වගේ .විජේරත්න අයිය මොනව හරි කියනව.සෝමලති නංගි නමි මුලින්ම සුදානමි වෙලා .ගංග මිස්ලගෙ කාමරයට ඔලුවදාල බැලුව.ගංගමිස් තවම ඇද උඩ....අපි යමු.....මනෝජ් වාහනය ලග නැහ......යාලුවො හොයාගෙන..තමන්ගෙ රටෙි කොතනත් යාලුවෙ ඉන්නවනෙ. අනේපිඩු සිටුතුමාගෙ මාලිගාව තිබුන තැන තමයි අපි මුලින්ම බලන්න ගියේ...රන් කහවනු බිම අතුරල ජේත කුමාරයාගෙන් ඉඩම මිලදි ගත්තෙ ජේතවනාරාමය හදන්න.....පොතපතින් කියවල තියෙනවනෙ. මම දැන් කණගාටුවට පත්වන්නෙ ඒ ස්ථානය ඡායාරූපයක් මා සතු නොවන නිසයි.විශාල ධාන්‍යාගාරයක් සහිත ඒමාලිගාව තුල කොතරමි දාන මාන පිරිනමන්න ඇතිද?අනේපිඩු සිටුතුමාගේ වත්කමි ගැන බෞද්ධ සාහිත්‍යයේ සදහන් ජේතවනය මිලදි ගැනිමෙි ගනුෙදණුව තුලින්ම දැනගන්නට පුලුවන්ය.



 මෙි ස්ථානය අංගුලිමාල පිරිත දේශනා කල තැන ලෙස හදුන්වයි.ඇතුලට යන්නට නොහැකි ලෙස ආවරණය කර තිබු නිසා ඡායාරූපයක් පමණක්  ගත්තෙමි.

නැවත අපි ආපසු පැමිණෙද්දි මනොජ්ට පුර්වාරාම බලන්නට යන්නට අවශ්‍ය බව පැවැසු විට මනොජ් කියා සිටියේ කිලෙි මීටරයක් පමණ යායුතු වුවත් ඒ දුර වාහනයකට යානොහැකි බවයි.වාහනයෙන් යන්න පුලුවන් ප්‍රමාණය  ගොස් මනෝජ් නතරවුනා.පාර දෙපස වෙල්යාය. පටු පාරක් වු එය ඇත්තටම වාහනයක් හරවගන්නවත් තැනක් නැහ.කමතක් කිවහැකි තැනක තමයි වාහනය නතර කලේ .දෙපැත්තෙම ගෙවල් ......කිලිටි ඇදුමි ඇදගත් ලමයි රොත්තක් අපිව වට කරගත්ත.ආපසු හැරෙන්නවත් බැහැ.පුර්වාරාමය .....පුර්වාරාමය කියල අපි කියනකොට අපිව මැදිකරගත් ඒ ලමයි ඉස්සරහ පෙන්නුව......අපේ එක් එක් කෙනා ලග ලමයි දෙතුන් දෙනෙක් ......සබන් ...විස්කෝතු.. ගෙනාව....සබන් දෙන්න....සබන් තියෙනව...මෙි විදිහට සිංහලෙන් කිය කියා අපි පස්සෙන් එනව.ගෙවල් අතරින් තියෙන පාරදිගේ අපි ඉදිරියට යනවිට ගෙවල්වල අය පාරට බැහල දැන් අපි පස්සෙන් ....සමහරක් සබන් ගන්න කාසි ගන්න රණ්ඩු...පොටෝ එකකවත් ගන්න කැමරාව එලියට ගන්න බයයි.උදුරගෙන යයි කියල.ඇතුලට ඇතුලට යනව....කෙලවරක් නැහ.අපි කරගත්  මෝඩකමක තරම...මෙි ලමයි අපිව කොහෙ ගෙනියයිද ...අපි ලමයින්ට බයෙන් හිටියෙ.ඊටත් වඩා එක්එක්කෙනා පොරකනව දෙන දේවල් ගන්න.ගියා නෙමෙි දිවිව අදටත් මතක්වෙන කොට බයයි..ටකරන් වලින් අහුරල තිබුන තැනක් තමයි පන්සල කියල තියෙන්නෙ.අපි එහි යන විටපිරිමි ලමයි දෙන්නෙක් හිටිය.තවත් තැනක සිව ලිංගය සහිත පුද පුජා පවත්වන තැනක් ....ටික වෙලාවකින් හාමුදුරු කෙනෙක් වැඩිය..ඉන්දියන් කෙනෙක්.....අපට වාඩිවෙන්න සලස්වල පන්සිල් දිල...කතාබහ කලා . මිගාරමාතාව පුජ කල පුර්වාරාමය පිහිටා ඇත්තෙ මෙතැනයි.නමුත් දැන් සියල්ල නටබුන් වෙලා .දැනට මෙි ස්වාමි්වහන්සේ බුද පිලිමයක් තැන්පත් කරල ස්ථානය නගාසිටවන්න උත්සාහ කරනව.ඒ සදහා ලංකාවෙන් අධාර ලැබෙනව.එනයන අයගෙන්ද ආධාර බලාපොරොත්තු වන බව කිව.අපේ අයත් ඒ සදහා ආධාර කලා.වැදපුදා ගැනිමෙන් පසු නැවතආපසු ගමන් ඇරඹුව.පෙර පරිදිම ලමා කණ්ඩායමට මැදිවුනා.එක ගැහැණු ලමයෙක් මාපස්සෙන්මයි....මහා රානි සබන් දෙනව ....කාසි දෙනව......තොරතෝණ්චියක් නැතිව අහනව..දෙන්න අපි ගෙනගියෙත් නැහ. නැහ කිවට තේරෙන්නෙත් නැහ.කොහොම හරි බෙිරිලා වාහනයට ඇතුල්වුනා.කිසිම දෙයක් නොලැබු ඒපරාජිත මුහුණු අදටත් මට මතක් වෙනව.දරිද්‍රාතාවයෙන් පෙලෙන මෙි ජිවිත කොයිතරමි දුකක් විදිනව ද කියල හිතුන .ඒ නිසාම ඉතාමත් අපිරිසිදු ලෙස ජීවත්වෙන්නෙ. මෙවැනි අත්දැකිමක්  සමග අපි පන්සල වෙත ආපසු පැමිනියා. දහවල් අහාරයෙන් පසු ජේතවනාරාමය වැදපුදා ගැනිම ඊලග කාර්ය වුනා .දගවල වෙද්දි මෙතෙක් නුදුටු අවි රැල්ලක්ද වැටෙමින් තිබුන.


Friday, June 1, 2012

අපිගිය දඹදිව චාරිකාව කොහොමදැයි........බලන්න..15

අපි දැන් මෙි යන්නෙ කපිලවස්තු නරඹන්නයි.ඒත් කාලවෙලාව අනුව එහි තියෙන සියලුම දේවල් බලන්න ලැබෙන්නෙ නැහ . රජමාලිගාව පමණක් බලන්නයි අදහස.අපි බුද්ධාගම ඉගෙන ගන්න කාලේ සුද්ධෝදන රපමාලිගාව ගැන විස්තර කියෙවිවනෙ.ඒ වෙලාවෙ මනසින් දුටු මෙි දේවල් නටබුන් වුවත් සැබෑවට දකින කොට ඇතිවෙන හැගිම ..........ඔයාලත් හිතල බලන්න .......කවදාහරි දවසක ඒ හීනය ඔයාලත් සැබෑ කරගන්නකියලයි මගේ ඉල්ලීම........ 75ක් 100ක් එක්ක මෙි ගමන යනවට වඩා අපිගිය ගමන හරිම නිදහස්.ඒ වගෙ ගමනක් සංවිධානය කරගෙන යන්නට හැකිවන අයුරින් තමයි කාටත් දැනගන්න ...... මෙි සටහන ලිවිමෙි අරමුණ... අද මැයි27 වැනිද අපේ හිතවත් වීරතුංග මහතාත් නුවන් මහතාත් මා සමග කතාකලා.නිවාඩුවකට ලංකාවට ඇවිත්. වීරතුංග මහතා කියන්නෙත් අපිගිය ගමන තමයි හොදම ක්‍රමය කියල.ඒ මහතා සමග රූපවාහිනිය මගින් කල වැඩසටහනක් පොසොන් පොහොයට පෙන්වන බවත් කිව.
                              ඉතින් අපි සරුසාර කෙත්වතු පසුකරමින් ගමනේ යෙදෙනව...මට මතක් වෙන්නෙ වප්මගුල...පාර දෙපැත්තෙම කුඹුරු යායවල් ගොයමි වගෙම් දැන් අබ වගාවත් ජයටම කරනව.පේන තෙක්මානය කොලපාටින් ගොයමි පැල සුලගට වැනෙනව.රජකාලේ කොයිතරමි සශ්‍රික වෙන්න ඇතිද? වප්මගුල සිදුවුනෙත් මෙි කුඹුරු යායෙද?....විජේරත්න අයිය  සුද්ධෝදන යුගයට ගිහින් වගේ... කාටත් එහෙම හිතෙනව .වප්මගුලක් පවත්වන්න තරමි විශාල කෙත් යායක් එහි තියෙනකොට එු ප්‍රශ්නය නොඅසාම බැහැනෙ. ඔවි..ඔවි..මෙි තියෙන්නෙ මාළිගාව අසල තියෙන කුඹුරුු යාය..මෙිකෙ තමයි වප්මගුල පවත්වල තියෙන්නෙ.ඔන්න අහක බලාගෙන ගිය අයත් කුඹුරු යාය දිහා දෑස් යොමුකලා....




රජ මාලිගාව පැවති භුමියේ ගොඩනගා ගත් කෝවිලක්


පසු කලෙක සැදු සුදොවුන් රජ සහ මායාදේවිය ස්තුප 


අපි කටිටිය ඇදුමි වලින්ම පේනව නේද සීතල කොහොමද කියල

හිනාවෙිගන ඉන්නෙ මාධව    

මාධව නේපාල ජාතිකයෙක්.මෙම ස්ථානයේ භාරකරත්වය දරන්නේ මාධවයි.ඉතාමත් ප්‍රසන්න හිනාවකින්  ආගන්තුක සත්කාරය ලබාදෙනව.අපත් සමග ගමන් කරමින් මෙහි සියලුම විස්තර පෙන්වා කියා දුන්නෙ මාධවයි.අපේ ගමන් මාර්ගය නොවුනත් මෙි පැමිණි ස්ථානය දැක ගැනිමෙන් පසු එහි වටිනාකම කොතරමිදැයි සිතුනි.තවත් බොහෝ තිබුනත් කාලවෙලාව මදිකම ගැන මම පසුතැවුනෙමි.මෙහි තිබෙන කෞතුකාගාරය බැලිය යුතුම ස්ථානයක් බව වීරතුංග මහතා කීවත් අපට එහි යන්නට නොහැකි විනි.එදා කෙසේ හෝ සැවැත්නුවරට යායුතුය.එසේ නොවුනා නමි අපේ දින ගනන අනුව තවත් ස්ථානයක් බැලිමට නොහැකිවෙනු ඇත.
මාධව හා ඔහුගේ සහායකයාගෙන් සමුගෙන නැවතත් අපි ගමන් ඇරමුවෙමු. වීරතුංග මහතා සහ නුවන් මහතාව අතරමගින් දමා යායුතු ය.ඔවුන් දෙදෛන එතැන් සිට බස්රියකින් ගමන් කරන බව පැවසිය.මෙි සුහද හමුවෙන් සමුගෙන අපි සැවත් නුව ර බලා ගමන් ආරමිභ කලෙමු.