Translate

Monday, July 18, 2011

සෝමාවතී පුද බිමෙ සිට පිරිත් ඇසුවෙමි

වසරකට  වරක් යන වන්දනාගමන මෙවරද මට යන්න ලැබුන .උදේ රැයින් ගමන පිටත්වෙන ස්ථානයට අප යායුතුව තිබුන. ඒත් මෙතෙක් කල් තිබු පෑවිල්ල අවසන්වෙලා ධාරානිපාත වර්ෂාවක් ඇදහැෙලන්න පටන්  ගත්ත. ගමන යා යුතුව තිබුනෙ යතුරුපැදියෙන් .වැස්සත් කෙසේ හෝ යායුතුයි.ඒ නිසාම වැසි නොතකා අපි පාන්දර හතරට තෙමි තෙමි ගමන ආරමිභ කලා. මගදි බස් රථයට නගින හිතවතුනුත් එකතු කරගෙන යන්තමි පහමාරට පමණ ගමන ආරමිභ කලා බස්රථ දෙකක් ,ලොරියක් , වෑන්රථයක් , කාරයක් මේ ගමන සදහා යොදාගෙන තිබුන. පිරිස දෙසියපනක් පමණ සිටිය. ගමනෙ අරමුණ වුනෙ සෝමාවතිය චෛතිය අසල රැයක් පිරිත් කියල පසුවදා සාංඝීක දානයක් දෙන්නයි.මෙි සදහා මුලික වුනේ සමිත කොඩිසිංහ මහතා සහ ශිරෝමි නිශ්ශංක මහත්මියයි. මෙම අනගි අවස්ථාව අපට ලබාදුන් එම දෙපලට අපගේ ස්තුතිය හිමිවිය යුතුයි. ගමනෙ අතරමග දකින සුන්්දර පෙදෙස් මගේ කැමරාවෙ සටහන් කර ගත්තෙ බසය යන අතරෙදිමයි
වස දෙක විතරවන විට සෝමාවතියට ලගා වුනා. ගමනෙ වෙහෙසකර හරිය වුනෙ සුංගාවිල පසුකිරිමයි .පාරේ ඇති දුවිල්ල නිසා වාහනයෙ කවුලු වැසිමෙන් ඇතිවන රස්නය සහවාහනය ඇතුලට එන දුවිලි නිසා දැිඩි වෙහෙසකර බවක් දැනුන. බඩගින්නත් හොදටම දැනුන නිසා බසයෙන් බැසු සැනින්ම  සැවොම  කෑම කන්න පටන් ගත්ත.වෙනදා තරමි සෙනග හිටියෙ නැහ අප යන්න දවස් කිපයකට පෙර පෙරහැර පවත්ව්ා තිබු නිසා හුග දෙනෙක් ඇවිත් ගොස් තිබුනා එම නිසා අපට හුගක් පහසු වුනා වතුර ලබාගන්න වැසිකිලි මෙන්ම නවැතැන් සපයාගන්න  එ සදහා පොඩි හාමුදුරුවන් වන් සුමනරතන හිමියන් නොඅඩුව උපකාර කලා.පෙරහැරට පැමිණි ඇතා ඒවනවිටත් ගිහින් තිබුනෙ නැහ අපේකටිටියට එය හොද දසුුනක් වුනා..
දළදාමාලිගයෙ කරඩුව ගෙනයන ඇතාදවස් දහතුනක් සෝමාවතියෙ රැදි සිටිය. මෙම පෙරහැර පැවත්විමට අලි ගෙන ඒම  සදහා වල්අලින් පන්නා තිබුනත් අපි සිටින දින රෑ වල් අලින් දෙතුන්දෙනෙක් සෝමාවතිය අසලටම පැමින සිටිය.පසුදාඋදේ ඇත් බලන්නා ඇතා සමගින් චෛත්‍යය අසලට ගියා ඇතා දණ නමා චෛත්‍යය වන්දනා කලා. ඉන්පසුව  කෑම  සදහා කොට දෙකකුත් පටවා ගෙන ඇත්රාජය නුවරබලා පිටත්වෙන්න සුදානමි වුනා.පන්සල් භූමියෙ උස් ස්ථානයකට ට්‍රක්රථය ගෙනගිය විට අපබස්එකට නගින අයුරින් ඇතා රථයට ගොඩවුනා
කිතුල්කොටලටවිමම
                                                                රථයට ගොඩවිම                                                              



සමිබුද්ධ ජයන්තිය 2006 ලෙස පහන් පුජාවක් පැවැත්වුව. පහන් දහස්ගණනක ආලෝකය අදුර දුරුකලා. පහන් තබාගැනිම වඩා පත්තුකරගැනිම අපහසුවුනා. සුළගඒ තරමටම තදින් පැවතුනා. සිහින්වැසිපොදක් සමගසුළග එක්ක එන  දුවිලි කුණාටුව අතරින් අපේ උත්සාහය සාර්ථක වුනා පහන් සියල්ල දල්වා ගැනිමට හැකි වුනා.එය දැකිමෙන් සිතට දැනුන ප්‍රීතිය කියා නිම කල නොහැකියි ධමිමිකා මහත්මියගෙ දැඩි උත්සාහයකින් පහන් දැල්වෙන අයුරුයි මෙි සේයාරූවල දකින්නෙ..


                                 එදින රාත්‍රියෙ  සිට එළිවන තුරු පිරිත් පැවත්වුනා පසුදා උදේ කප්රුක පුජාවසහ බුද්ධපුජාව පැවැත්වු අතර දහවල් සාංඝික දානය පිරිනැමිමෙන් පිංකම අවසාන කෙරිනි
ඉතාමත් විචිත්‍රවත් අන්දමින් සිදුවු මෙම පිංකමට සහභාගිවු සියලු දෙනාම සවස දෙක වනවිට ආපසු ගමිරට බලා පිටත්වුනා.. අතරමගදි මින්නේරිය ඇලෙන් නෑම විනොදගමනක හැගිමකුත් ඇතිකලා

No comments: