Translate

Wednesday, December 29, 2010

ගිනි දියණි

සුභ නත්තලක් වගේම සුභ නව වසරක් වේවා!!!!!. අලුතින් පොතක් කියවපුවම මතක්් වෙන්නෙ සිංහල බිලොග් එකයි. පොත කියවල ලබපු රසය අනිත් අයටත් දැනෙන්නෙ එ ගැන අනෙක් අයත් දැනුවත් කලොත් කියල මම හිතන නිසයි..මෙ පොත ලියවිලා තියෙන්නෙ 2002 වසරෙදියි. පලස්තිනයෙ සිදුවුන සත්‍ය කතාවක්..සිංහල පොතෙ තියෙන්නෙ "පණපිටින් පිලිස්සිමට ලක්වු 17 හැවිරිදි පලස්තීන යුවතියකගේ කතාව" කියලයි.සවුද් නම් කතා නායිකාව සමග Mavie-Therese Cuny එක්ව පංශ බසින් රචිත මෙම පොත ඉංගිසි බසට පෙරලා අත්තෙ judith S.Armbruster ය. සිංහල භාෂාවට පර්වර්තනය කර තිබෙන්නෙ දිලීප ජයකොඩි මහතායි.. පළමුවෙන්ම මම එ මහතාට ස්තති වෙනව මෙවැනි පොතක් ලාංකිය පාඨකයාට කියවිමට පරිවර්තනය කර දිම ගැන.
              පොත කියවලම එහි අන්තර්ගත ය දැන ගැනිම හොද යැයි මම සිතනව. නමුත් මේ ලොකයෙ කොතනක හො මෙවැනි දේවල් සිදුවෙනවාදැයි  මට සිතාගන්නවත් බැහ .අප ජිවත්වෙන සංස්කෘතිය අනුව දු දරැ දෙමාපිය සෙනෙහස( අතලොස්සක් හැර) ඉතාමත් ඉහල මට්ටමත තියෙනව.

Sunday, November 21, 2010

අලුත් අත්දැකිමක්

මාසයකට නොඅඩු කාලයක් බ්ලොග් එක පැත්තෙ එන්නබැරිවුනා. අවිවෙකි තත්වය නිසයි එහෙම වුනෙ.දැනටත් එහෙම තමයි. අපට දෙමළ ඉගෙන ගන්න සිදුවුන නිසා එ සදහා කාලය ගතකරන්න වෙනව. අත්තටම භාෂාවක් ඉගෙන ගන්න විට එහෙන් මෙහෙන් ඉගෙන ගන්නත් බැහැනෙ. කරන දෙ හරියට කරන්න ඔන. එ සදහා කැපවිමකුත් ඔන වෙනව . ඉතින් දෙමළ ඉගෙන ගන්න එකත් රසවත් අණ්ඩරදෙමළ වගේ .වචන කියවගන්න සැහෙන උත්සාහයක් දරන්න වෙනව .හුරැ බව අඩුයි..මම හිතනව හැමොම මෙ භාෂාව ඉගෙන ගන්නව නම් හොදය කියල .ජාත්න් වශයෙන් බෙදිල ඉන්නෙ භාෂාව නොදන්නා කම නිසයි තමන්ගෙ අදහස් හුවමාරැ කරගන්න පුලුවන් නම් එතන සුහදක්වයක් අතිවෙනව.අපේ යාපනය සංචාරයෙදිත් මම දුටු දේ අදහස් දැන ගන්න නොමැත්විම අඩුපාඩුවක් ලෙසයි. ගොලුවන් වගේ පරිසරය නරඔල අපසු එනව.හොදම අත්දැකිම වුනෙ අපි නිවසක් දවස් දෙකකට කුලියට අරගෙන නතර වුනා එ නිවස අයිත් වුනෙ තරැණ පිරිමි ළමයෙකුට .රාතියෙදි විදුලි බලය නැතිව ගියා .කමුත් යථා තත්වයට පත්කරගන්න කතා කරන්න දන්නෙ නැහ.මෙහිදි අපේ කැම සකස් කරන්න ගිය කාන්තාවගෙ උදව්ව ගන්න සිදුව්නා අැයට දෙමළ දන්න නිසා එ ළමයාට කතාකරගත්ත. එහෙම කෙනෙක් නොසිටියානම් අපි අකරතැබ්බයට පත්වෙනව..ඉදිරිකාලයෙදි නම් දෙමළ භාෂාව දන්නා අය අ ැතිවෙවි .දැනට පාසල්වල දෙමළ උගන්වන නිසා කුඩා ලමුන් අපට වඩා ඉදිරියෙන් ඉන්නව .

Thursday, October 21, 2010

සජිවි කැලැ සතුන් බලන්න




අපි කවුරැත් ආසයි ගැලැවෙ ජිවත්වන සතුන් ගැලැව තුලදි හැසිරෙන හැටි බලන්න එත් ඉතින් අපි කොහොමදකැලැවට වෙලා ඉන්නෙ නේද? නමුත් අපිට එය පුශ්නයයක් වෙන්නෙ නැහග අපිකාවෙ කැලයක ඉන්න සතුන් දිහා ගෙදරට වෙලා බලා  ඉන්න පුලුවන් නම් කොතරම් හොදද නේද එක කරන්නන පුලුවන් අන්තර්ජාලය තුලින් africam.com මෙ සදහා  තියෙන හොදම සයිට් එකක් කියල මට හිතෙනව. තවත්තියෙනව වෙබ්කැම් කියල ටයිප් කරල හොයල බලන්න.එ විතරක් නෙමෙ නගර ගෙවල් හුරතල් සතුන් කුරැල්ලන් ද සජිවි ලෙස බලන්න පුලුවන්. කොයිතරම් අගෙද නේද .වැසිවනාන්තර  වන ඇමෙසන් වනය සිරි නරඔන්නත් පුලුවන් .ඔක් 20 වැනිද මම සවස 4.30ට පමණ අතෙක් වතුර බොන්න ව දැක්ක. එ වගෙම රයිනො සිංහයො කුල් හරක් ජිරාප් ල දැක්ක සැක්ක හොදම දර්ශනය වුනේ කුලුමිමෙක්  සිංහයෙක් ව එලවා දැමු හැටියි.ඔයාලත් බලල මට කියන්න.

Wednesday, October 6, 2010

ජිවත්විමට සෙල්ලමක්

මෙය මගේ අදහසක් නම් නොවෙ. කත්‍යානා අමරසිංහ පරිවර්තකය කල පොලියාන පොතේ තියෙන්නෙ .  මෙය අපටත් සුදුසු නිසයි ලියන්න හිතුවෙ.රසවත් පොතක් එවගෙම අපේ ජිවිතෙටද යමක් එකතු කර ගත හැකියි කතානායිකාව වු පොලියාන සැමදෙයකින්ම සතුටු වෙනව එ විතරක් නෙමෙ අනෙක් අයටත් සතුටු වෙන විදිහ කියල දෙනව අපි කිසිවිටකත් නොසිතන දේවලු වලින් සතුටක ලබන පුංචි දැරියකගෙ කතාවක් මෙයට වස්ත බිජය වෙලා තියෙන්නෙ. තමන්ට ලැෙබන පිඩනයන්ට ඉතාමත් සතුටු සිතින් මුහුණ දිම පොලියානට සාමන්‍ය දෙයක්.  අපි පුරැදුවෙලා තියෙන්නෙ පුංචි දෙයටත් කලබල වෙලා දුක් වෙන එක . නමුත් පොලියානා චරිතයෙන් අපට පැහැදිලි කර දෙනව ජිවිතයට දුක්වේදනා ලගා කර ගන්නවට වඩා සතුට ලගා කරගන්නෙ කොහොමදකියල සරල වින්දනයක් ලබන්න පොතක් කියවන අයට නම් මෙය රසවත් නොවේවි එත්ගැඔුරැ අත්දැකිමකින් රසවත් පොතක් කියවන්න ආස අය ට මෙ පොත ඉතා රසවත්වෙවි

Friday, October 1, 2010

කැමති කෙනෙක් හැකි නම් ලබාදෙන්න

සෝමාතිය වදින්න ගිය අවස්ථාවෙ ගත් පොටා් ටික මගෙ ලග දැනට නැහ. නමුත් 5 ශේණිය ලමයින්ගෙ බුද්ධාගම පාඩමට සෝමාවතිය ගැන පසන්ටේශන් එකක් හදන්න අවශ්‍යවෙලා තියෙනව. කැමතිකෙනෙක් සොමාවතිය පොටෝ කිහිපයක් ලබාදෙන්න පුල්වනි නම් උදවිවක්..දර්ශන පමනක් තියෙනඑව වෙන්න ඔන

Wednesday, September 22, 2010

පොතක් අතරින්.......

සාහිත්‍ය මාසය නිසා පොත් සාප්පු ගානෙ වැඩිපුර යන එක අපේ පුරැද්දක්නෙ එ මොකද පොත්වල මිලට වට්ටම් ලබාගැනිමට හැකි නිසායි.. මම පොත්සාප්පුවට ගියාම වැඩිපුරම යන්නෙ පර්වර්තන තියෙන තැනට වෙනද වගෙම මම ගත්තෙ පර්වර්තනයක් තවම කියවල ඉවර නැහ. ඒත් මෙය සත්‍ය කථාවක් නිසා ,කියවන අයට හදුන්වාදෙන්න ඔනයයි කියල මට හිතුන. මෙ පොතෙ නම කාන්තාරෙ අහිංසකාවිය. මැදපෙරදිග රටවල පවතින පැරණි නිති රිති අනුව තරැණියකට ගෙන දුන් මරණය ගැන මෙ පොතෙක් කියවෙන්නෙ. වෙනත් අගමක තරැණයෙකු සමග ඇතිකරගන්නා පේමය නිසා දෙමවිපියන් විසින් මරණයට පත් කල අයුරැ විසතර වෙනව
අගම නිසා දැඩිනිතිරිති වලට යටත්ව ජිවත්විමට සිදුවි ඇති මැදපෙරදිග තරැණියන් ,තමන්ගෙ නිවස තුලම වහල්භාවයට පත්වි දුක්බර ජිවිතයක් ගතකරන අකාරය කතවරිය පෙන්වා දෙනව .මෙහි කතවරිය වන්නෙද කතා නායිකාවගෙ මිතරියයි. එ නිසා වඩාත් සංවේදි අකාරයෙන් සිදුවු සිද්ධින් ඉදිරිපත් කිරිමට හැකිවි තිබෙනව.කාන්තා නිදහස පිලිබද අපට අති අසිමිත බව මෙ කාන්තාවක් ලබන්නාවු පුරැෂාධිපත්ය හමුවෙ පැහැදිලිවෙ. අනෙක් කරැණ වන්නෙ දෙමවිපියන් හා දරැවන් අකර අති සෙනෙහසයි. තමන්ගෙ පවුලෙ නම්බුව වෙනුවෙන් දරැවකුගෙ ජිවිතය බිලිදිම අපට නම් කිසිසේත් සිතාගක නොහැකියි..එත් ජොර්දානය වැනි රටක පවුලෙ නම්බුව වෙනුවෙන් දරැවන්ගෙ ජිවිත දෙමව්පියන් විසින්ම නැති කිරිම අපුසිද්ධියෙ සිදුවන්නකි..එවැනි මරණවලට නිති රිති නැතිබව ද කතා නායිකාව පෙන්වා දෙයි. අපෙ උපන් බිම , අපෙ අගම්, අපෙ සංස්කෘතිය මොන තරම් වටිනවද කියල හැගෙන්නෙ මෙවැනි සත්‍ය කතා තුලිනි..වෙනත් සංස්කෘතින් අතරින්  ශිලංකික බව බව ලැබෙන්නෙ ත් පෙර පිනක් තිබිය යුත් බවයි මගෙ හැගිම.

Saturday, September 11, 2010

කමෙට් නැතත් මෙය කියවා උදවි කරන්න

සියලුම බෞද්ධ ජනතාවගෙන්කරන ඉල්ලිමක්. යාපන චාරිකාවෙදි අප ගිය එක් ස්ථානයක්වුයෙ  "කදුරැගොඩපන්සල"මහ රහතන්වහන්සේලා හැටනමකගෙ භෂ්මාවශෙෂ තැන්පත් කර ඉදිකර අති චෙත්‍ය හැටක් එහි තිබෙනව.අත ඉතිහාසයක් අති මෙම පන්සල ,අක්කර 300ක ඉඩ පුමාණයත් එදා පැවතියද අද වන විට අක්කර 3ක පුමාණයක්පමණක් අත.පන්සලෙ වැඩ සිටින ස්වාමින්වහන්සෙ අපට කරැණු පැහැදිලි කරමින් පැවසුවෙ, මෙම පන්සලෙ ඉතිහාසයයි.පුරාවිද්‍ය දෙපාර්ථමෙන්තව විසින් කරන ලද කැණිම් වලින් සොයා ගන්නා ලද මෙම චෙත්‍ය එදා වැඩ සිටි මහරහතන් වහන්සේලා 60නමකගෙ බව සොයාගෙන අත. පසුකාලෙයඅතිවු යුද්ධය නිසා හුදකලා වු පන්සලල හමුදා විරැවන්ගෙ කැපවිම මත අද දක්වා අරක්ෂා වෙමින්පවති. එ යුගයෙ බෞද්ධ ජනතාවට යැමට නොහැකි වු ස්ථානයක වු නිසා කිසිම පිලිසරණක් නොමැතිව ස්වාමින්වහන්සේලාගෙ උත්සාහය සහ හමුදා විරැවන්ගෙ අරක්ෂාව යටතෙ ඵෙතිහාසික වටිනාකම රැකෙමින් පවති.
සියලු පහසුකම් අතිව දකුණෙ සිටින ස්වාමින්වහන්සේලාට වඩා අති දුෂ්කර පරිසරයක යුද්ධයකට මැදිව මෙ පන්සල රැක ගත් එ ස්වාමින්වහන්සේලාට සාසනය රැකගැනිමෙ ගෞරවය නිතැතින්ම හිමිවෙ. ස්වාමින්වහන්සෙ පැවසු අයුරින් දානය පිරිනමන්නෙද, සියලුම පහසුකම් සපයන්නෙද ගිලන්වු විට සත්කාර කරන්නෙද අරක්ෂාව සපයන්නෙද හමුදා විරැවන් පමණිණි. විරැවන් නොමැතිනම් සාසනය අද උතුරෙ නැති තරම්ය. බුදුමැදුර ටකරන් තහඩුවලින් අවරණය කර සකසා අත .යාපනය නගරයෙ සිට සැහෙන දුර පුමාණයක් යායුතු ගමන් මාර්ගයද කුඩා පටු පාරකි .
රටෙජනතාව වශයෙන් අපටද කල හැකි කාර්යන් අති බවයි මගෙ හැගිම. මෙවැනි ජාතික ඵෙතිහාසික ස්ථාන රුක ගැනිමයි එසදහා අපට උතුරට ගමන් කල හැක .මෙය කියවන ඔබ සැමද පන්සල වැද පුදා ගනිමින් යම්කිසි උදම්වක් කල හැකිය. වෙසක් කාලයය පොසොන් කාලයට දකුණෙ පන්සල් වල තොරණ හදල, කුඩු හදල විරිදු කියල විදුලි බුබුලු දල්වල තියෙනකොට අපි මොන තරම් ශුද්ධාවක් අතිවද එවා වැද පුදා ගන්නෙ .එත් උතුරෙ රහතන්වහන්සේලාගෙ දෙපා ගැටුනු පුද බිමක් පුද පුජා පවත්වන්න දකුණෙ අපම යායුතුයි.මන්ද එ අවට සිටින සියලුම ජනයා කොවිලට යන අයයි.,,



Friday, September 10, 2010

යාපනය පින්තුරප බලන්න...........

යාපනය චාරිකාවෙදි දුටු දේවල් ඔයාලත් සමග බෙදාගන්න දෙවෙනි පෝස්ට් එකයි මෙ..අපි නාගදිපයට ගිහින් නවාතැනට එනවිට රෑ වුනා ගෙනගිය බඩුබාහිරාදිය තැන්පත් කරල රාතිු කැමවෙල හැදුව. මහන්සියත් වැඩිනනිසා ඉක්මනින්ම නිදාගැනිමයි අපේ අවශ්‍යතාවය වුනේ අපි නවාතැන් ගත් නිවසෙ හිටියෙ දුවිඩ පිරිමි ලමයින් තිදෙනෙක් ඔවුන් නිවස අපට බාර දි යනන ගියා. තොරතුරැ දැනගන්න අසාවෙන් හිටියත් භාෂා පුශ්ණය හරහට හිටිය .පසුදා පාන්දරින් අවදිවි දහවල් කැමත් හදාගෙ ගමන පිටත් වුනා අපට නැරඹිය යුතු ස්ථාන පෙන්වා දෙන්න උදව් කල අයෙකුත් හිටිය හදුන්වා දෙන්න නොහැකි වුනත් ඔහුට අපේ ස්තුතිතිය පුද කරනව  පලමුවෙන්ම අපි අම්මාන් කෝවිල බලන්න ගියා. එය විසිතුරැ යි. පත්තිනි මෑණියන්ගෙ කෝවිලක් බවයි එහි සිටි පුද්ගලයෙක් පැවසුවෙ.


අපි තවත් කොවිලක් බලන්න ගියා. ඊලග පෝස්ට් එකෙන් ඒ ගැන ලියන්නම්

Thursday, September 9, 2010

යාපනය පින්තුර

යාපනය  සංචාරයක් ගැන සිතේ තිබුන බලාපොරොත්තොවක් ඉටු කරගනිමින් පසු ගිය දිනක අපි සැවොම යාපනයබලා පිටත් වුනෙමු. පැය එකොලහක ගමනින් පසු දහවල් 1.30 වන විට අප යාපනය නගරයට පැමිණියමු. දැඩි හිරැ රශ්මියත් පිපාසයත් නිසා වෙහෙසක් දැනුනද සිතට සතුටක් දැනිනි..යාපනයට සැම සිහිනයක් බවට පත්වි තිබු නිසා මෙම ගමන සිහිනයක් සැබැ කරගැනිමක් ලෙසද දැනිනි..පපලමුවෙන්ම කාගදිපය වැද පුදා ගැනිම අපෙ අදහස විය. පාන්දර 4 සිට පොලිම් ගැහෙවන නිසා සවස එ සදහා සුදුසු යැයි අප තිරණය කලෙමු..කයිටිස් දුපත හරහා නයිනතිවි දුපත දක්වා ගමන් කලයුතය.ඇතින් පෙනෙන තල් ගස් අතරින් කයිටිස් දුපත හරහා ගමන ්කලෙමු

 බොටිටුවෙ ගමන




Saturday, August 28, 2010

හිනාගිය වැඩක්.......ඒත් සිනා නොවිය යුතුයි

දහවල්  කැම බිම අවසන් වෙලා මම කොම්පියුටරය ලග වාඩිවුනා විතරයි මෙන්න වදේ  අම්ම කැගහනව මට බයත් හිතුන සර්පයෙක් දෂ්ට කරලවත්ද කියලාකොම් වැඩෙ පැත්තකට දල මමත් දුවල ගියා මෙන්න සර්පයො දෙන්නෙක්ම වැට ලග ............ සුදුපාටයි මට හිනා ...............මම බලාපොරොත්තු වුන සර්පයින් දෙන්නෙක් නෙමෙ හිටියෙ .සුදුපාට මනුස්ස දුවරැන් දෙදෙනෙක් ..හහායි .. මට කතා කරන්න ඕන භාෂාව මොකක්ද කියල හිතාගන්න බැරිව ගියා. ඒත් අම්ම නම් සිංහලෙන් කතා කරනව ඒ දෙන්න හිනාවෙනව......මමත් කිට්ටුවෙලා අහපි "ඔයාල කොහෙද? " මොනවාදො කිව"           "ඉංග්‍රිසි කතා කරන්න පුලුවන්ද "  තවත් මොනවද  කිව.  එත් අම්ම සිංහලෙන් කියනව එ අය තේරෙනව වගෙ හිනා වෙනව.. මටත් හරි හිනා එ කාන්තාවන් ඔවුන්ෙග භාෂාවෙන් කියනව  අපේ අම්ම සිංහලෙන් කියනවගෙ දෙගොල්ල කියන්නෙ මොනවද කියල ඒ දෙගොල්ලටම තේරෙන්නෙ නැහ.. අපේ වත්තට එහා තියෙන්නෙ හෝටලයක් හෝටලයක් කිවට එතන  කෑම හදල තායි ගුවන් සේවයට දෙනව කවුරැ හරි සිංහල කෙනෙක් කරන්නනෙ .අවුරැදු  කිහිපයක් වුනත් තවම අපි දන්නෙ නැහ අයිත්කාරය කවුද කියල .ඉතින් දන්න නිසා ඇහුව "ඔයා තායිලන්ඩ්ද?කියල . යා....යා.......කියල කිව්ව .අහසට අත දික්කරල ටු මන්ත් කියල වෙන්නැති කිව එ නිසා මම හිතා ගත්ත එයාල ඇවිත් මාස දෙකක් වෙනව ඇති කියල .අපෙ කතාව අවසාන වන තෙක් දෙගොල්ලටම තේරැනෙ ංතායිලන්ඩ් කියන වචකය පමණයි. නමුත්  සිංහලගැමි කාන්තාවක් වන මගෙ නැන්දම්මා විදේශික එම කාන්තාවන් දෙදෙකා හමුවෙ සිනා මුසු මුහුනින් සිංහල බසින් කතා කලෙ ,කියන බස ,අහන බස දෙකම නොතේරැනත් ,සුහද මිත්‍රශිලි බවකිනි. වැට අද්දර සිට කල අදහස් හුවමාරැව නොතේරැනත් එ දෙදෙනා වෙන්ව ගියෙ ඉතාමත් සතුටින් බව මට තේරැම් ගියා. ඇත දුරු රටක තකිවුනාම දැනෙන බිය එ අයටත් දැනෙන්න ඇති .අනික එතෙක වැඩ කර න්නෙත් වැඩිපුරම සිංහල පිරිමි අය. 

Tuesday, August 17, 2010

ඉල්ලිමක්

වින්ඩොස් වලින් අයින්වෙලා උබුන්ටු දමා ගතත්ත් තවම වැඩ කටයුතු කරන්න අමාරැයි. එ්මොකද මෙ මෙහෙයුම් පද්ධතිය ගැන කිසිම දැනිමක් නැති නිසයි.guru වෙබ් අඩවියෙ තිබෙන වීඩියෝ වලින් යම්කිසි දැනුමක් ලබාගත්තත් තවමත් අතරමංවෙලා වගේ. උබුන්ටු ගැන ලියවි ඇති පොතක් මිලදි ගතතත් එහි ලියවි ඇති දේ තේරැම් ගැනිමට අමාරැයි. ගොඩක් දෙනෙක් නිදහස් මෘදුකාංග පාවිච්චි කරන්න අකමැති මෙ ගැන දැනිමක් නැති නිසයි කියල මට හිතෙනව .නමුත් මෙය අතහරින්න හිතෙන්නෙ නැහ. එතරමටම නිදහස් .අසාවෙන් යමක් කරන්නක පුලුවන් වෛරස් ගැන බියවිය යුතු නැහ. මමපාවිච්චි කරන්නෙ උබුන්ටු 10.4. මෙහි නවතම අංගයන් ඇතුලත්වෙලා තියෙනවව.අපට අවශ්‍ය අමතරරමෘදුකාංග වෙනම ලබාගන්න පුලුවන්.ටයිප් කිරිමට අවශ්‍යශ්‍යසිංහල භාෂාව input method එකෙන් ලබාගන්න පුලුවන්..පලමුවෙන් මම උබුන්ටු install කලත් වැරදිම් ඇතිවුනා. නමුත් සිංහල හොදින් ටයිප් කිරිමට හැකිවුනා. නැවත install කලවිට සිංහල අකුරැ ක්‍රමවත් නැහ. මේ වගෙ ගැටලු කිහිපයක් ඇරැනු කොට උබුන්ටු මෙහෙයුම් පද්ධතිය හොද බවයි මගෙ හැගිමවෛ
සිංහල බ්ලොග් ලියන අයත් උබුන්ටු පාවිච්චි කරනවනෙ. එ අය මේ ගැන වඩාහෙදට දන්නව ඇ ති නොදන්න අප වගෙ අයට  උදව්වක්වශයෙන් උබුන්ටු ගැන ලියන්න කියලයයි මගෙ ඉල්ලිම. එවිට නිදහස් මෘදුකාංග භාවිතා ගොඩක් දෙනෙක් පෙලබෙනු ඇතියි මගෙ අදහස.

Friday, August 13, 2010

පුංචි සාදුගෙ සිත .............

පාසැල් බස් රථය නොමැති දිනයක මම වෙනත් ලංගම බස් රථයකින් ගමන් කරමින් සිටිය. දරුවෙක් වඩා ගත් මවක් ,තවත් කුඩා දියණියක් සමග බස් රථයට ගොඩවුනා.එම බස් නැවතුමෙන් ම සාමනේර හාමුදුරුනමක් ද බස් රථයටය නැග්ග. අර කාන්තාව කුඩා දියණියට පැවසුවෙ "දුව සාදු ලගින්ම වාඩි වෙන්න" වයස අවුරුදු දහයක් පමණ වු මෙ පුංචි හාමුදුරුවෙ කුඩා දියණියව අතින් අල්ලගෙන ලගින් වාඩි කරගත්ත.. ටික දුරකින් ඒ අය බසයෙන් බැස ගත්ත. බස් රථ නැවතුම ඉදිරිපිට තිබුනෙ ක්‍රිඩා පිට්ටනියක් .අතින් අල්ලාගෙන බසයෙන් බැස්ස හිමි නම  අතින් දියණියගෙ අත අතහැරන . ඇය ඒ මේ අත දිව ගියා අම්ම ඉදිරියෙන් යනව .පුංචි සාදු දැස් අයාගෙන බලා සිටිනව. නංගිගෙ අත අතහැරුන බවක් වත් මතක නැහ .
පුංචි සාදු අසාවෙන් බලාන හිටියෙ මොකක්ද?ඒ පුංචි දැස්වල රැදි තිබු බැල්ම මට කවදාවත් අමතක වෙන්නෙ නැහ.. පුදුමයකින් අසාවකින් හා කණගාටුවකින් එ දැස් වෙලිල තිබුන .අපුරුවට ලිහිල් වු සිවුරු පොට හදාගත්ත .අත නිදහස්ව තිබු නිසායි පුංචි සාදුට නංගිව  මතක් වුනෙ.අකමැත්තෙන් වුවත් දැස් අහකට ගන්න සිදුවුනා. සියලු බැමි වලින් නිදහස් ව සංසාර දුකින් එතෙරවන්න සම්බුදු හිමි මග ගියත් , අම්මා දෑතට දුන් නංගිගෙ වගකිම පැහැර හැරුන නිසා පුංචි සාදුත් කලබල වුනා. නංගි ටික දුරක් ගිහින්, දුවගෙන ගොස් නංගිව අල්ල ගන්නත් බැහ. හොද වෙලාවට සෙල්ලක්කාර නංගි අයිය ලගට (සාදු)දුවගෙන ආව.. නංගිගෙ අත තදකරල අල්ල ගත්ත..එත් දෑස් ඈතට ඈතට යොමුවෙලා. අසාවෙන් ප්‍රීතියෙන්  දෙනෙත් දසුන්ගතවෙලා . සිත කොහේදො ඉගිලි ගියා වගෙ .අතිතයට වෙන්න ඇති. ගෙදර ඉන්න කාලෙ නංගිත් එක්ක සෙල්ලම් කල හැටි මතක් වෙන්න ඇති.තම වයසෙ ළමුන් ක්‍රිඩා පිට්ටනියෙ කෙලිදෙලෙන් ගත කරන හැටි නොහැරි බලමින් පුංචි සාදු ,නංගිගෙ අත තදින් අල්ලාගෙන ඇතට ඈතට නොපෙනි යන තුරු මම බලා සිටිය..කාගෙත් අවධානය යොමු නොවු දසුනක් වුවත්, මගෙ සිත තුල අමතකනොවන සිදුවිමක් ලෙස සටහන් වුනා

Friday, July 30, 2010

මමත් දැන් උබුන්ට් වලවට මාරු වුනා

කරදරයකින් නිදහස් වුනා කියල දැන් හිතට සහනයක්. දැන් මගෙ සිංහල ටයිපින් ලස්සනයි නේද. මෙ සියල්ලෙ වෙනස මමත් උබුන්ටුවලට මාරු වුන නිසා .පළමුවෙන්ම කොම්පියුටර ය ගන්නවිට තිබුනෙ උබුන්ටු ඒත් කිසිම දෙයක් දන්නෙ නැහනෙ..පස්සෙ කොම් පියුටරය ගත් ආයතනයට කියල වින්ඩොස් දාගත්ත .කාලයක් යද්දි ඩෙස්ටොප් එක කලු වුනා නිවේදනයක් එනව මෙක හොර කොපියක් කියල .එත් මම ටික කාලයක් පාවිච්චි කලා. අන්තරජාලයට සම්බන්ධ වෙන්න සැහෙන වෙලාවක් යනව .අනික වෛරස් වලට වියදම් කරන්නත් වෙනවනෙ. අවුරද්දකට සැරයක් 1700ක් කිව්වහම එකත් අපේ මුදල්නෙ .
හිත හිත හිටිය හොදටම ඇති කියල ඉල්ලල යැව්ව .ටික දවසකින් ගෙදරටම ආව. දැම්ම දැන් නිදහසෙ වැඩ.. සිංහල ගැන හිතන්න දෙයකුත් නැහ.10.4 සිංහලත් තියෙනව..අපිට ඔනනම් මෘදුකාංග ලබාගන්නත් පුලුවන් .මම හිතන්නෙ ස්ථිරව නොවුනත් ඔයාලත් 10.4 හොයාගෙන දාල බලන්න. හිතට අල්ලනව නම් ස්ථරවම දාගන්න පුලුවන්.

Wednesday, July 14, 2010

අැය සනසන්නට මට සිදුවි අැත

සිහින් වැසි බින්දු පොලව සිපගනිමින් පැවති සැදැවෙ හනි හනික ගෙදරට පැමිණියෙ දැඩිව දැනුන වෙහෙස නිවාගැනිමෙ අදහසින්.ඒත් දැසින් වැගිරෙන කදුළු අතරින්,මා වැළද ගත් අැය, ඉකිබිදිමින් හඩන්නට වුවාය.නිතරම කුමක් හො හේතුවක් අැතිකරගනිම්න් හඩන අැගෙ ඉකිබිදුම මට අරුමයක් නොවුනත් කරුණ විමසා සිටිම මගෙ පුරුද්දකි.
      '
අද මොකද වුනෙ"
 " අෙන මාව දිග සර්පයෙක් කෑව."මෙ තුවාලවෙලා රිදෙනව හරියට" නොනවත්වා හඩන අැගෙ දසුන මගෙ දෙනෙත් ද කදුලින් පුරවයි. ඊටත් වඩා අැයට යථාර්ථය තේරුම් කර දිමට නොහැකි විමද මගෙ හදවත දවාලයි.
 කුමක් කරන්නද මගෙ වෙහෙස පසෙක ලා අැගෙ සිත සනසන්නට මට සිදුවිය.ගතින් ලැබු ප්‍රිඩාවට වඩා හදවතට දැනුන දුක විද දරාගැනිමට මම අපොසහත්ව සිටිමි.
කාලයක් අපත් සමග සතුටින් කාලය ගත කල අැය හදිසියෙම ඒක් රැයකින් ගිලන් වු අයුරු මට මතකයෙ තවමත් රැදි අැත. සති ගණනාවක් රෝහලෙ නැවති ප්‍රතිකාර ලැබුවද ,ෙවෙද්‍ය මතය වුෙය සුවකල නොහැකි බවයි. ඒදා සිට නිවසෙ තබාගෙන හෙදකම ලබාදුන්නද දිනෙන් දිනම අැය අඩපන වන්නට විය. ජිවිතය යනු කුමක්දැයි මටද අවබෝධ වන්නට වුයෙ ,අැයගෙ හැසිරිමි රටාව වෙනස් වන්නට වු විටය.
කුඩා ළමයෙකුගෙ මනසින් යුතුව අස්ථාන බියකින් වෙලි සිටින අැය නිතරම සර්පයින්ට බියෙන් පසුවෙයි .ඒසෙ නැතිනම් අතිතයත් සමග ජිවත්වෙයි .අතිතය වර්තමානයට මුසුකරමින් දවස ගෙවන අැයගෙ කතාබහ වලදි මම නිරුත්තර වෙයි.මරණයට පත්වු අය ජිවත් වන විට ගත කල අයුරින් ,ඒ අයට අඩ ගසන විට ඔවුන් මියගොස් අැති බව කිවද ,පිලි නොගනි.
ජිවිතයෙ නිස්සාර බව ,අෑ දෙස බලන විට මට අවබොධ වෙයි.ඒත් මැනැලවු,මා සැනසු අම්මා මෙසේ දුක් විදි න විට කෙසේ බලාසිටින්නද.අද අැය සනසන්නට මට සිදුවිඅැත.

Saturday, July 3, 2010

වල් අලියකු අසලට ගොස් ගත් ඡායාරූප

වල් අලියකුගෙ පෝටෝ ඒකක් ගැනිමත් ැසිරු දෙයක් . නමුත් ඒ අවස්ථාව මට පහසුවෙන්ම ලැබුන. මගෙ මිතුරියකගෙ පින්කමකට සහභාගිවෙන්න සෝමාවතියට ගිය විටදියි මෙ ඡායාරුප ගැනිමට හැකිවුනෙ. රැයක් ඒලාවෙන තුරු වල් අලින් සෝමාවතිය අසල ගැවෙසෙද්දි අපි ෙචෙත්‍ය මලුවට වෙලා පිරිත් දේශනාවට සවන් දුන්න ඒ අවස්ථාව අමතක වෙන්නෙ නැහ. රැ මැදියමෙ විශාම ශාලාවට යද්දිත් වල් අලි රංචුවක් ඒ අසල සිටියි. අතිතයෙ සිටම සෝමාවතිය අරක්ෂා කර තිබෙන්නෙ අලින්. ඒ නිසාමඅදටත් නිතරම වල් අලින් ඒ අසල ගැවසෙනව.
කොටි උවදුරෙන් දැඩි ලෙස ප්‍රීඩාවට පත්වෙලා තිබුන සෝමාවතිය යම් යම් අවස්ථාවල කොටි විනාශ කලා. කොත ගලවාගෙන ගිහින් තිබුන.පසුව අලින් කොල අතුවලින් වහල කොත අරක්ෂා කරගෙන හිටිය කියල ධර්ම දේශානාවෙදි ගරු ස්වාමින්වහන්සේ සදහන් කලා.අසිරිමත් දේ සිදුවෙන බව පවසන සෝමාවතිය ටඅපිට යන්න ලැබිමෙ පින හිමිවිය යුත්තෙ හමුදා රණවිරුවන්ටයි.





Monday, June 14, 2010

වන්දනාවක වින්දනය

පසුගිය දවස්වල අසනිපයෙන් සිටි නිසා බ්ලෙග් ඒකක් ලියන්නත් බැරිව ගියා.ඒත් සති අන්තයෙ වන්දනා ගමනක ගියා. අපෙ හිතවතුන් කටිටියක් ඒකතුවෙලා අනුරපුරයෙ කරන පින්කමකට සහභාගි වුනෙ. ස්වර්ණමාලි සෑරදුන්ට සිවුරු පුජා කිරිමක්. සිතට හරිම පින්බර හැගිමක් අැතිවුනෙ. මමත් මහත්තයත් මෙ ගමනගියෙ යතුරු පැදියෙන්. නිදහස් ගමනක් පරිසරය අැති චමත්කාරය විදගනිමින් . මහන්සියට කොතනක හො නැවතිලා මොනව හරි කාල බිල නැවතත් ගමන  පිටත් වෙනව. කටුනායක සිට පැය හයක ගමනක්. අපහසුවක් නම් දැනුනෙ නැහ. මට මතක්වුනා අපෙ මුතුන්මිත්තනුත් වන්දනාවෙ ගියෙ මෙ වගෙ නේද කියල . වාහන නොතිබුන කාෙලදි පයින් වගෙම කරත්ත වලින් වන්දනාවෙ ගියා කියල ඉතිහාසයෙ තියෙනවනෙ.



     වැසි ලැබිල තියෙන නිසා පරිසරය කොලපාටින් පිරිල .වැව් ෙනලුම් මානෙල් මලින් පිරිල. හරිම ලස්සනයි. වාරිපොල,ගල්ගමුව,තඔුත්තෙගම හරහා තමයි අපි ගමන් කලෙ. පාරවල් අලුත් වැඩියාව නිසා ටිකක් විතර ප්‍රමාද වුනා. ඒහැරෙනන වැස්සත් තැනින් තැනදි හරස් වුනා. හිත ගිය තැන් කිහිපයකුත් ඡායාරුප කරගත්ත.මෙ තියෙන්නෙ ඒව තමයි.

Thursday, May 27, 2010

ජිවිතයට සැනසිමක් අන්තර්ජාලය තුලින්...........

තිසරණ සරණයි! අද වෙසක් පුන් පොහොය. බෞද්ධයින් වශයෙන් අපිට ඉතාමත් වැදගත් දිනයක්. නොයෙකුත් අාමිස පුජාවන් ගෙන් අපෙ භක්තිය ප්‍රකාශ කරන්නට ලංකා වාසි සියලුදෙනාම සුදානම් වන දිනයක්.
        මිළ මුදල් ,උගත්කම , සැපසම්පත් තිබුනත් ජිවිතයට සැනසිමක් ලබන්නට බැහ. නමුත් බුදුපියාණන් වහන්සෙ දෙසු සදහම් මග අනුව ජිවිතය ගතකරන්නෙ නම් මෙ සැනසිම නිරායාසයෙන් අපට ලබාගන්න පුලුවන්.ධර්මයට අනුව පළමුවෙන්ම නිරෝගිකම ලබාගත යුතුයි. කායික මෙන්ම මානසික ව අපි නිරෝගිමත් විය යුතුයි.ෙකාතරම් මුදල් තිබුනත්,ශාරිරිකව ෙරා්ගයන්ට ගොදුරුවි අැත්නම් සැනසිමක් ලැබෙන්නෙ නැහ. ඒසේම මානසික නිරෝගි බව තිබිය යුතුයි. ව්‍යාකුල වු මනසකින් කටයුතු කිරිම නිසා නොයෙකුත් දුක් කරදරයන්ට පත්වෙනව.දෙවනුව අප සිල්වත් විය යුතුයි.පස්පවින් තොරව ජිවත් විමට සැමවිටම උත්සාහ කල යුතුයි.ඒසේම වැඩිහිටි අවවාදයන්ට අැහුම්කන්දිය යුතුයි.අවවාද අනුසාසනා ෙනාරිස්සන පුද්ගල ජිවිත අසාර්ථකය.සතරවනුව,යහපත් ගුණාංග පුරුදු පුහුණු කල යුතුයි. විශෙෂයෙන් දෙමව්පියන් වැදිම,වැඩිහිටියන්ට ගරු කිරිම වැනි උසස් ගුණාංග පුරුදු කල යුතුයි.පස්වනුව අලස නොවිය යුතුයි. ඉගෙන ගැනිමෙදි හෝ රැකියාවක් කිරිමෙදි හෝ වෙනත් කාර්යක් කිරිමෙදි  අලස බවින් ෙතාරව ඒය කල යුතුයි. මෙ කරුණු බුදුපියාණන් වහන්සෙ දේශනා කලේ ජිවිත්විමෙදි ප්‍රම්ඛස්ථානය දිය යුතුබවය.මෙම ධර්මතාවන්ගෙන් තොරව කොතරම් මුදල් හෝ උගත් කම තිබුනත් ජිවිතයට සැනසිමක් ලැබෙන්ෙන නැත.
 අපි නිරතුරුවම උගත් කම සොයමින් අන්තර්ජාලයෙ සැරිසරයි.මුදල් උපායා ගැනිමටද අන්තර්ජාලය භාවිතා කරන අය අප අතර සිටිති. ඒහෙත් ජිවිතයට සැනසිමක් ලබා ගැනිමෙ අදහසින් අන්තර්ජාලය භාවිතා කරන අය සිමිතය. නමුත් හොද ෙදය පන්සල පල්ලිය පමනක් නොව අන්තර්ජාලය තුලිනද ලබා ගනිමට හැකි නම් කොතරම් වටිනවද?මට හමුවු ඒක් වෙබ් පිටුවක් තුලින් ජිවිතයට සැනසිමක් ලබාගැනිමට හැකි ධර්ම කරුණු සවිස්තරව අැත."www.dhammasangayana.ning.com තුලින් ජිවිතයට යමක් ලබාගත හැකිය.

Wednesday, May 19, 2010

රණවිරුවන් වෙනුවෙන්.........

ඊයෙ දිනය කාටද අමතක වෙන්නෙ. ඒත් මම ගංවතුර නිසා අකරතැබ්බයට පත්වුන නිසාත්, මැයි 18 කාලගුණය ඒතරම් හොද නොවුන නිසාත් බ්ලොග් ඒක ලිවිම පසුවට දාන්න සිදුවුනා.අපි සතුටුවුනු ඒ දිනය නම් අමතක වුෙන නැහ.
    රණවිරුවන් ජිවිත පුජාකරල අපට අරන් දුන් ඒ නිදහස නිසා සැනසිමෙන් අද කාලය ගෙවෙනව. මිය ගිය සියලුම විරුවන්ට සදා අප ණය ගැතියි.. ජිවත්වන සියලුම විරුවන්ටද මගෙ ගෞරවය පුද කරනව. ඒ පවුල් වල බිරිනදෑවරුන් ,දු දරුවන් , නෑදැයින් අැතුලු සියලුදෙනාම අාදරයෙන් සිහිපත් කරනව. අප වෙනුවෙන් ඒ සියලු දෙනා කල පරිත්‍යගය අනුපමෙයීයයි.

Wednesday, May 5, 2010

කුඩා දරුවන්ගෙ නිර්මාණ අගෙයි

කුඩා අවධිය ජිවිතයේ වැදගත්ම කාලපරිච්ෙච්දයක්. මෙ අවධියෙ ලබාගන්නා දැනුම ජිවිතය ඉදිරියට ගෙන යැමට ඉවහල් වෙනව.කුඩා ලමයින් තුල අැති නිර්මානාත්මක හැකියාවද ඉහල මට්ටමක පවතිනව.නුතන අධ්‍යපන ක්‍රමය තුලින්ද සිදුවන්නෙ ලමයාෙග හැකියාවන් හදුනාගෙන ,ඒවා වැඩිදියුණු කිරිමෙ ක්‍රමවෙදයක් මගින් දැනුම ලබාදිමයි.
  පළමුවසරට අැතුලත් විමට පෙර ලමයා යම්කිසි ප්‍රමාණයක දැනුමක්,පෙර පාසල මගින් ලබාගනි.ඒහිදි සෞන්දර්යාත්මක විෂයයන් පිලිබද අවබෝධයක් ලැෙබ්.
පලමුවසරදි ගුරුවරයා ලමයාව අවබෝධ කරගනි. ඔවුන්ගෙ නිර්මාණාත්මක හැකියාවන් වඩා වර්ධනය කර ගැනිමට හැකි අයුරින්  පළමු ෙශ්‍රණිය විෂයමාලාව සැකසි අැත .මෙහිදි ගුරුවරයාට සිදුවන්නෙ ලමයා කැමති දේවල් මගින් අධ්‍යපනය ලබාදිමයි. ෙම් සදහා චිත්‍ර ,අත්කම්,ක්‍රීඩා අාදිය ඉවහල් කරගනි.
අඔ කොල තුනක් උපයෝගිකර ගෙන කුරුල්ලෙක් ද.දොඩමි කොල මගින් ඉබ්බෙක්ද නිර්මාණය කර තිබෙ.
  දොඩම් කොල මගින් කුකුළු පැටවෙක් හදා අැත. ඒහිදි කද කොටසට ඒවැනි හැඩයක් අැති කොලයක් තෝරාගෙන අැත.පුංචි දරුවන්ගෙ මෙම නිර්මාණ වැඩිහිටි අපටද රස විදිමට හැකිවිම සතුටකි.අපගෙ දුව පුතාද මෙවැනි දෙයක් කලවිට දෙමව්පියන් වශයෙන් අපද මහත් සතුටක් ලබයි.
                  පන්ති කාමරය කලාගාරයක් වගෙයි.හැමතැනම අැද අැතිචිත්‍ර, නිර්මාණාත්මක දේවල් වලින් පිරි පවති. ටිචර්ට ලමයි ගොඩක් අාදරෙයි. ටිචර් නැති දවසට ඒක්කෙනෙක් දෙන්නෙක් අඩනව. වසර අවසානයෙ , ෙදවන ෙශ්‍ර්ණියට සමත්වෙලා යන විට කුඩා දරුුවන් තමන්ගෙ හැගිම් ප්‍රකාශ කරන්නෙ ටිචර්ට ලියන ලිපියකින් .ලිපිය පුරාම ටිචර්ට තිබුන සෙනෙහස සටහන් වෙලාතියෙනව. සමහර විට පන්තියෙන් වෙන්වි යාම ගුරුතුමියගෙ දැසටද කදුළු පිරෙන්නක්. ඒ වගෙම සතුටක් ද විය හැකියි.තමා මෙ සියලුම දරුවන්ට මව විමට හැකිවිමයි.

Wednesday, April 28, 2010

විෙව්කය ගත කරන්න........

විෙව්කයෙන් ගතකරන කාලය නිර්මාණාත්මක දෙයක් කිරිමට ගත කිරිම මගෙ පුරුද්දක්.ඒහෙම නිම කල විසිතුරු ෙද්වල් ගෙදර සාලය සරසන්න යොදාගත්ත. ගෙදරට අමුත්තෙක් පැමිණි විටදි ෙම් දිහා බලල ඒවා අගය කිරිම තුලින් මමලැබුෙව සතුටක්.
        චිත්‍රයක් අදින වට වඩා අැද අැති චිත්‍රයක් නුලින් ගෙත්තම් කිරිම මම වඩාත් අාස කරන දෙයක් .
  ෙම්  කැලැන්ඩරයක තිබු පින්තුරයක් .ෙමහි සම්පුර්ණ නිමාව නුල් වලින් මැෂින් ඒම්ෙබ්‍රයිඩර් ක්‍රමයට.ෙම් වගෙ නිර්මාණයක් කරන්න නම් ඒකපාරටම බැහ. හොද පුහුණුවක්  මෙන්ම ඉවසිමක් තිබෙන්නට  ඔන.ගොඩක් දෙනෙක් ෙම්වගේ දෙවල් කරන්න කම්මලි වෙනව. කාලය ගතවෙන නිසා . රිබන් වලින් කරන නිර්මාණත් හරිම ලස්සනක් තියෙනව.                   

Wednesday, April 14, 2010

සිනහව ලස්සනයි....ඒත්

සිනහව කොතරම් වටිනවද? මම මෙහෙම කිවෙ සිනහව ඒතරම් වටින නිසායි. තමන් ඉදිරියට මුණ ගැසෙන පුද්ගලයකු සිනහ නොවි ගියවිට අපි සිතන්නෙ ඒම පුද්ගලයා අමනාපයෙන් සිටින බවයි .සිනහව හැගිම් ප්‍රකාශ කිරිමක් .සතුට  විහිළුතහළු අතරට සිනහව අැතිවෙන්නෙ නිරායාසයෙන්.නිතරම සිනහව ශරීරයටද හිතකර දෙයක්.
                සිනහව මෙයාකාරයෙන් පැවතුනත් සිනහවිය යුතතැන නොවිය යුතුතැන තෝරා ෙබ්රා ගත යුතුයි .කොතරම් වටිනා දෙයක් වුවත් තැනට උචිත නැතිනම් ඒහි වටිනාකමක් නැහ.යුක්තිය පසිදලන ස්ථානයකදි සිනහව අැති වුවොත් දඩුවම් ලැබිය හැකියි.
        පසුගිය දිනෙක අපට විශේෂ රාජකාරි අවස්ථාවකට වාර්තා කරන්න යන්න සිදුවුනා.විවිධ රාජ්‍ය අායතන කිහිපයක නිලධාරින්ගෙ ෙස්වා වර්තාවන් කිරිම සිදුවුනා.අරක්ෂක අංශයෙ නියුතු නිලධාරි මහතෙක්ද ඒඅවස්ථාවට, ෙස්වා ස්ථානයට පැමිණ  රාජකාරිය වාර්තා කරමින් සිටින විට තවත් නිලධාරනියන් දෙදෙනෙක් හඩ නගා සිනාසුනා. මෙම නිලධාරි මහතා ස්ථුල ශරීරයක් අැත්ෙතක් .ෙම් මහත්මියන්ගෙ සිනහව ඔහුට සම්ච්චලයක් ෙලස දැනුන .
                     'අැයි මමඔයාලට  සිනහ වෙන්න  දෙයක් කිවාද?
                    ඒම නිලධාරි මහතා අැසුෙව සිනහව විද දරාගෙන යෑමට නොහාකි නිසා කියලයි මට හිතුනෙ.
                මහත්මියන්ද සෙමින් කිවෙ 'අපි ඒයාට සිනහ වුනෙ නැහැෙන 'කියායි.  නමුත් සිදුවු වරද නැවත හරිගස්සන්නට නොහැකියි.තමන් නිවරැදි වුවත් තැනට උචිත ෙනාවන හැගිම් ප්‍රකාශය නිසා  වරදක් කිරිම භාර ගැනිමට සිදුව්නා කියලයි මම අදහස් කලෙ.
       ඒනිසා කොතරම් වටිනා දෙයක් වුනත් සුදුසු ස්ථානය ෙතා්රාගත් යුතුයි . විෙශ්ෂයෙන් සිනහව කෙනෙක් පියමැන යන විට නොකල යුතුයි. යන පුද්ගලයාට ලැබෙන්ෙන සරදමක් . අප ජිවත්වන විටදි මෙවැනි දේ ගැනද අවබෝධයෙන් සිටිය යුතු බවයි මගේ හැගිම . ඔබ සිතන්නෙ  ?.................... කෙෙස්ද?

සුභ අළුත් අවුරුද්දක් ෙව්වා!

අපි පුංචි කාලයෙ අවුරුදු ඒන කම් ෙනාවිසිල්ලෙන් බලාන ඉන්නව .අලුත් අැදුම් පැලදුම් ලැබෙනව රසකැවිලි ලැබෙනවනෙ. ඒත් දැන් ........ අවුරුදු උදාවෙන විට අතමිට ගැන හිතන්නත් වෙනව. ඒදා තිබු සතුට අද හීනවෙලා වගෙ.
           කොහොම වුනත් සිංහල අළුත් අවුරුද්දක් ලැබුව. වෙනදට වඩා සිතේ සතුටකින්  අවුරුද්ද පිළිගත්ත. ගමනක් යන්න වුනත් සිතට බයකි දැනුනෙ නැහ. වසර ගනනාවක් තිසිසෙ අවුඒුදු සැමරැවත් නියම ෙලස ෙම් අවුරුදුද ච්ත්තප්‍රීතියකින් ගත කලා.ඒ නිසා මෙවර අවුරුදු ජයයි කිවොත් නිවරැදියි.
                 ඉතින් යාළුවනෙ ඔයාලටත් මෙවර අවුරුදු ජය අැතිනෙ. කදමලු බැද ගෙන නෑගම් යන්න අැතිනෙ.අවුරුද සංෙක්තවත් කරන කැවිලි පෙවිලි සැම නිවසකම හැෙදන්න අැති.ලැබුවාවු අලුත් අවුරුද්ද වාසනාවන්ත ෙව්වායි පතමි.
                

Sunday, March 28, 2010

හදිසි පණිවිඩයක්.... ෙම් අහන්න

සිංහල අළුත් අවුරුද්ද ලග ලගම ඒනව. කොහෝ නාදයත් විටින්විට අැහෙනව. නිදහස් රටක් ෙලසින් සමරන පළමු සිංහල අවුරුද්ද නිසා මෙහි විශේෂත්වයක් තියෙනව.දැන් දැන් අලුත් අැදුම් ගන්න සාප්පුවල සෙනග පිරිල.මිනිසුන් සිංහල අවුරුදට සුදැනම් වන විට තවත් පැත්තකින් ස්වභාව ධර්මයත් සුදානම් වෙනව. ඒ මොකටද ? කාහටත් කුතුහලයක් අැතිෙව්වි. අැයි දන්නෙ නැද්ද ෙමා්සම් වැසි සශ්‍රික වෙලා. ඒත් අපිට මොකද? වැස්සොත් කුඩය තියෙන්නෙ. වහින වෙලාවට ගෙදර නමි හොදට නිදාගන්නව.ඒත් රෙදිටික සෝදල ෙව්ලගන්න ගියාම හරිම කරදරයක්. වහින්නෙ නැතිවත් බැහැනෙ.තියෙන රස්නය .දහඩිය වැගිරෙනව.
            වැස්ස ගැන කතා කලොත් කවුරුත් මෙහෙම හිතනව. කැමතියි අකමැතියි.අපිට වැස්ස අවශ්‍යයි. අපි ජිවත්වන පරිසරයට අත්‍යඅවශ්‍ය දෙයක් වැස්ස.ඒ වගේම ෙහාද හිරු ඒලියත් අපට අවශ්‍යයි. අව්ව වැස්ස ෙදකම සමානව අපිට ලැබෙන රටක අපි ජිවත්වෙන්ෙන .ඒගැන අපි සතුටුවිය යුතුයි.
                                                             
   ෙමා්සම් වැසි අැදහැෙලන්ෙන නිකම් ෙනාවෙයි.හැන්දැවට අහස කළුවර කරගෙන ගොරවල අකුණු පුපුරමින්..... ෙම් බක් මාසයනෙ.කවුරුත් දන්නවනෙ අකුණු අැතිවෙන්නෙ වැඩිපුරම බක් මාසයට.
                  අකුණු ගහල ෙගාරවන විට අපි කරන්ෙන ගෙදර කොතනකට හරි වෙලා ඉන්න ඒකනෙ. පුංචි ලමයි නමි බයේ අඩනව.ජනෙල් දොරවල් වහනව.ගේ අැතුලට වෙලා මොනවා හෝ වැඩක යෙෙදනව. ඒත් අපිට අමතක ෙවන වැදගත්ම දෙයක් ගැන කියන්නයි මට අවශ්‍යය. බ්ලෝග් කියවන ලියන හැමෝම කොම්පියුටරයක් පාවිච්චි කරනව. වැස්ස වෙලාවටත් වෙනසක් නැහ.අකුණු සැර වදින ෙවලාවට සියලුම විදුලි උපකරණ ක්‍රියා විරහිත කරන්න.ඒවිතරක් මදි විදුලියට සම්බන්ධ වෙන ප්ලග් ගලවන්න. ඒවා බිම නොවදින සේ උඩකින් තියන්න.ටෙලිපෝනය සමග ඉන්ටනෙට් භාවිතා කරනව නමි ෙටලාපෝනය ගලවා දැමිය යුතුුයි.මා දන්නා අයෙකු සියලුම විදුලි උපකරණ ගලවා දමා තිබුනත් රවුටරය  ෙටලිපෝනයට සම්බන්ධවන වයරය ත් ෙටලිපෝනයත් ගලවා ෙනාතිබිම නිසා පරිගණක සම්පුර්ණයෙන් පිලිස්සි තිබුනා. අපි ඒතරමි ගනන් ෙනාගන්නා දේ තුලින් ෙලාකු විනාශයන් වෙන්න ඉඩතියෙනව.ජිවිත පවා විනාශ වෙලායනව.
               මෙය කියවන ඔබ ෙගදර සියලු දෙනාම දැනුවත් කරන්න.ශිතකරණය ෙටලිෙපා්නය  රූපවාහිනිය අාදි වු සියලුම ෙද් ගලවා දමන්න.ෙම් දිනවල ගෙදරින් පිටට යන අවස්වලදි මතක අැතිව ෙම්වා ගලවා යන්න පුරුදු වෙන්න.

Saturday, March 27, 2010

අාරක්ෂකයා අප අතහැර ගියේය.

අපේ ගෙදර සිටි අාරක්ෂකයා අනපේක්ෂිත ලෙස අප අතහැර ගියේය.සුපුරුදු ජවය සිතට ගත් ඒයා වෙනදාමෙන් ඉදිරියට ගියේ අභිත සෙන්පතියෙක් විලසින් . ඒත් ෙදෙයිවය කොතරම් කුරිරුද? සතරගාත් පෙරටුකොට ඒක පිම්මට පැන ඩැහැගැනිමට සුදානම්වුවත් ප්‍රතිවාදියා ඉක්මන් විය. ඒය අපට දැනුනේ නැත. අප තේරුම් ගන්නා විට අපේ සහෘදයා අපගෙන් සමුගෙන අැත. හදවතම දවාගෙන දැනුන ෙව්දනාව කියා නිම කල නොහැකිය.
                   ෙවනදාටත් සර්පයින් අපේ වත්තට පැමිනේ. ඒය දැනගන්ෙන අපේ අාරක්ෂකයා මාර්ගයෙනි. ශබ්ද නගා  නගන අපුර්ව හඩක් අැත. ඒය අැසුනු විට අප දැනගන්නෙ සර්පයෙක් පැමිණි අැති බවයි.කිදෙනෙක් මෙලෙස මරා දමන්නට අැතිද?අරක්ෂකයා සිටින තාක් අපි සර්පයින්ට බිය වුයේ නැත. ෙදදෙනාම සත්වයෝය.සර්පයාද ජිවයකි.පරිසරයේ ජිවත්විය යුතු උරගයෙකි.අපි කිසිම විටක ඒවන් සතෙක් මරන්නෙ නැත. ඒනමුදු අපගේ අරක්ෂයාට හසුවුවිට ඒම සතා පණපිටින් යන්නෙද නැත.ඒවැනි අවස්ථාවල අපි සර්පයාට පමණක් නොව අරක්ෂකයා ලගට යෑමටද බියවෙමු.
                  ගැරඩින් පොළගුන් නාගයින් මෙන්ම කළවැද්දන් වැනිසතුන්ද අාරක්ෂකයා ගෙන් ගැලවි නොගිය අවස්ථා තිබුණි. ඒහෙත් ඒදා පැමිණි නාගයා ජය ගත්තේය.කටින් අල්ලා සොලවා දමා අඩපණ කරන්නට දැරු උත්සාහය වැරදිගියේය.තත්පරයක ප්‍රමාදයෙන් විෂදළ දිව සිසාරා යන්නට අැත.
                   රාජකාරිය නිම වි ගෙදර පැමිෙනන මා පිලිගන්නට වෙනදාමෙන් පැමිණ ඔවුන්ට අාෙවිනික සුහද පිලිගැනිමකින් මාසිත සනහා  ගියද  හෝරාවකින් මාසිත දවා හඩවා සදහටම සමුගත්තේය.
                   ඒඅඩුව පිරිමසාගන්නට කාත් කවුරුත් නැති මවක් සහ දරුවන් තිදෙනෙක් ගැන සොයා බලන්නට අපට සිත්විය.ලෝකය තුල කොතරමි විවිධ දේ තිෙබ්ද?කුසට හරි අහරක් නැතිව වාසයට නියමිත ස්ථානයක් නැතිව සිටි අැය අපට දරුවන් දෙෙදනෙක් භාරදි ඒම බරින් නිදහස් විමට කැමැතිවනු අැතැයි අපි සිතුවෙමු.ඒ මන්ද මිනිස් වර්ගයාගෙ මව්වරුන් දරුබරින් නිදහස් විමට ගංගා අැලදොල සොයන ෙම් යුගයේ අපිවැනි කරුණාබරිත මිනිසුන් ෙවත ෙම් මව විශ්වාසය තබාවි යැයි අනුමාන කලෙමු.ඒහෙත් ෙරා්හලකට නොගිහින් ෙබ්රුනේ අමාරුවෙනි.
                    සැමවිටම මට නොසිතා සිටිය හැකි කරුණක් අැත. වසරගනණාවත් අප සමග ජිවත්වි ලැබුණ බතපත වෙනුවෙන් උපරිම සේවයක් කල සුනඛ සුහදයා උතුම් මිතුරෙකි.දඩාවතේ ගියත් තිරිසනුන් තුලින් තවමත් මව් සෙනෙහස මියගොස් නැත.

Sunday, March 7, 2010

අෙප් රට

ලෝකයෙ අැති ලස්සනම රටවල් අතුරින් ඒකක් ශ්‍රි ලංකාවයි. මෙහෙම කියන්ෙන අැමරිකාවයි. ඒත් මම හිතන්නෙ ලෝකයේ අැති සුන්දර ඒකම රට ලංකාවයි .සතර වටින්ම සප්ත මහා සාගරය වටකොට අැති ලංකාව හරියට සාගර මෑණි තුරුලුකර ගත් දරුවෙක් වගෙයි.
             ස්වභාව ධර්මයෙ දර්ශනිය නිර්මාණ අපේ රට තුල තිබෙනව. කදු හෙල් වනදුර්ග බෙහෙත් පැලැටි වර්ග අාදි වු නොයෙකුත් දෑ අප සතුව තියෙනව.ස්වාභාවික වරායවල් ඵෙතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන සහ යහපත් දේශගුණික  තත්වයක්ද අප රටෙ පවතිනව.
           ඒහෙත් කණගාටුවට කරුණ මෙය මාතෘභූමිය කොටගත් අපට ඒහි අගය ෙනාවැටහිමයි. ඒයි අගය දන්නෙ විදේශිකයන් පමණයි.ශ්‍රි ලංකාෙව් අගය දන්නා විදේශ ජාතින් කිහිප විටක්ම මෙහි අයිතිය තහවුරු කර ගැනිමට උත්සාහ ගත් අයුරු ඉතිහාසය ගෙන හැර දක්වයි. විදේශ වාර්තා අනුව සංචාරය කිරිමට වැඩි කැමත්තකින් තෝරා ගන්නෙ ශ්‍රි ලංකාවයි.  අැමෙරිකානු පුවත්පතක් කල සමීක්ෂණ වාර්තා වලින් මුල්තැන ශ්‍රි ලංකාවට ලැබි තිබිම මහත් අාඩම්බරටය කරුණකි.කුරිරු යුද්ධත් බල අරගලයත් අතර අවසනාවන්තයුගයක් නිමා කරමින් අප රට ලැබු නිදහස ශ්‍රි ලංකාව ලෝකයෙ ඉහලම ස්ථානයකට ඔසවා තැබිමට සමත් වි අැත. ඉන්දියන් සාගරයේ කදුළු බින්දුවක හැඩය ගත් රට ලෙස හදුන්වා තිබුනද මා දකින්නෙ ඒය සුදු කිරි බින්දුවක හැඩයයි.අපේ භාෂාව රට අපි අගය කළ යුතුයි.අප රටට උරුම වී අැති ස්වභව ධර්මයේ දායදයන් රැකගනිමින් ඒ අභිමානය ලෝ පතල කරමු.
  මව්බිමෙන් අෑත්ව ජිවත්වන අය තුල මෙහි අැති වටිනාකම දැනෙනු අැත.ඔවුන්ට මහත් අභිමානයෙන් රට ගැන සිතිමට හැක.
     පාට සලකුණු තෝරාගෙන රට පාලනය කරන්නට නොව ඒකාවන්ව ඒකව මාතෘභූමිය නගා සිටුවන්නකාලය උදාවි අැත. අපට පමණක් උරුම වු ලාංකික සංස්කෘතියත් ලෝකයේ ෙකාතනකවත් නැත. ඒය ලෝව පතල කල හැක්කේද අපට පමණකි.
 අපේ ජිවිත සමග ඒකට බැදි අැති දේශයේ සුන්දරත්වය ලෝකයාගෙ නෙත්පිනවිමට ඉඩ හැර දෙමු .රටක ජිවත්වන රට වැසියන් ෙභ්ද වෙනවා යනු ස්වභාව ධර්මයද විනාශවිමයි. ස්වභාව ධර්මය විකෘති වනවිට පරිසරයේ සුන්දරත්වයද විනාශවි යයි.අපේ ජිවිත සුන්දර කරගන්නා වගෙම රටෙ සුන්දරත්වය ද රැක ගැනිම වගකිමක් හා යුතුකමක් වනු අැත

Wednesday, March 3, 2010

සොරාගත් ජිවිත ගැන........

ජීවන අත්දැකිමක් ෙත්මාව කරගත් මෙම පොත සොරාගත් ජීවිත නමින් හදුන්වා තිබෙනව.පරිවර්තනයක් වන මෙය ලියාඅැත්තෙ මිෙෂල් පිටොයි  නම් ප්‍රංශ ජාතික ගත් කතුවරියයි.සිංහලයට පරිවර්තනය කර අැත්ෙත අාරියරත්න චන්ද්‍රවංශ මහතායි.
              තවත් විශේෂ දෙයක් වන්නෙ ෙමම ග්‍රන්ථයෙ කතා නායිකාව සමග ඒක්ව ලියු කතාවක් විමයි. ත්‍රාසය භිතිය දුක යනාදි හැගිමි දනවන කතාවක් විම නිසා අාරම්භයෙ සිට අවසානය දක්වා ඒක දිගට කියවෙගෙන යෑමට හැක.
             මොරොක්කොෙව් අධාරකරුවකු වු ජෙනරාල් අවුප්කර්ගෙ දියණිය ෙලස ඉපදි 5 වන මොහොමඩ් රජුගෙ දියණිය ෙලස හැදිවැඩි අතිශය සුඛෝපභෝගි දිවිෙපවතක් ගතකල හා අසමාන්‍ය වරප්‍රසාදවලට අයිතිවාසිකම් ලැබු මලිකා නම් කාන්තාව මෙහි කතා නයිකාව වෙයි. අැගේ පියා කුමන්ත්‍රණ යක නියැලුනු නිසා මරණ දඩුවම ලැබුෙව්ය.
            මලිකා සහ අැගේ මව සහෝදර සහෝද රියන් වසර 15ක් කාන්තාරයේ සිරකර තැබිය. ඉන් වසර 10ක් ෙවන් වෙන් වු සිරකදවුරුවල ජිවත්වන්නට සිදුවිය. සිරගත වු කාලය තුල අනේක විද වු දුක් කරදරවලට මුහුණ දිමට සිදුවු ඔවුන් මිනිසුන්ට ජිවත්විමට නොහැකිඅකාරයෙ තාඩන පිඩනවලට ගොදුරු වුහ.
        කතාවෙ සුවිශේෂි අවස්ථාව වනුයෙ අත්වලින් පමණක් උමගක් හාරා පැන යාමයි.     
                         ප්‍රංශ ජනමාධ්‍ය සහාය ලබාගෙන මුලු ලෝකයේම අවධානය තමන් වෙත යෙමු කරවා ගැනිමට සමත් වු ඔවුන් තව අවුරුදු 5ක් නිවාස අඩස්සියේ පසුවන්නට සිදුවිය.

Saturday, February 27, 2010

පාසල් බස් රථයෙ ගමන කොහෙන් කෙලවරවෙයිද?

අප පාසල නගරයෙන් අෑතට වෙන්නට පිහිටා තිෙබ්.ඒනිසාම නියමිත වෙලාවට යන්නට අැති අපහසුව නිමා කරගත්ෙත පාසල් බස්රථ සේවය  ලැබිම නිසාය.මග දෙපස සිටින සියලුම ළමයින් ෙකසේ හෝ බස් රථයට ගොඩ කරවාගැනිමටද රියදුරු මහතා වෙහෙසක් දරයි.උදයේ 6 ට ගමන් අාරම්භයත් 6.45 වනවිට දරුවන් පාසලට අැතුල් විමත් කියා නිම කරන්නට බැරිතරමෙ පහසුවකි.
     බාළක බාළිකාවන් රැසකගෙ සතුටු සිනා මැද පුංචි දරුවන්ගෙ උසුලු විසුලු මැද නොදැනිම ගමනාන්තයට ලගාෙවයි.වසර අවසානයෙ රියදුරු දෙපළ ෙවත පුංචි තෑග්ගක් පිරිනමන්නත් අමතක වෙන්නෙ නැහ.
     ෙම් විදිහට නිතිපතා පැමිණි ගමන අද කරදරයක් බවට පත්වි අැත්තෙ අප නොදැනුවත්වය.නගරයෙ ප්‍රධාන පෙෙළ් පාසල් කිහිපයකම දරුවන් බස් රථයෙ ගමන් අාරම්භ කරති. විවිධ පාසල් වුවත් සහෝදරත්වය මෙන්ම මිත්‍රත්වය පලදු ෙනාවන අකාරයට උදයේ ගමන් වාරය නිමවෙනව.ඒනමුත් හවස ගමන් වාරයෙදි නිවස බලා ඒන දරුවන් වැඩි ප්‍රමාණයක් ඒකතු ෙවනව.
  අයියල නංගිල අක්කල මල්ලිලගෙ විහිලු තහලු කියා නිමක් නැහ. නංගි කෙනෙකුට කළ විහිලුවක් හිතට වදයක් කර ගත් ඒක අයියා කෙෙනක් මිතුරන් සමග බස්රථයට ගොඩවැදි පහර දිමක් අාරම්භ කරල තියෙනව.හවසට බසයට නැගල ඒ ළමයා පහරදෙන්න පටන් ගත්ත.ෙමය කියවන ඔබට හිතාගන්න පුලුවන්ද බස්රථය අැතුලෙ බියෙන් කැගසන දරුවන් පිරිසක් මැද තනිවු අප කිහිප දෙෙනක් කල යුත්තෙ කුමක්ද කියා.ඒදා බස් රථය නතර  වු ස්ථානයෙ සිටි ගම්වාසින්ගෙ පිහිටෙන් කරදරයකින් .ෙතාරව ෙබ්රි අැත.මිට පලමු අවස්ථාවක මා තනිවම ෙමවැනි ගැටලුවකට මුහුණදි රියදුරු දෙපලගෙ සහායෙන් කරදරයකින් තොරව විසදාගත්ත.
  දරුවන් පාසලට යන්නෙ හොද හැදියාවක් ලබාගෙන අනාගතය ජයගන්නයි .ඒත් ෙමවැනි දරුවන් කරන දෙයින් අසරණ වන්නෙ දෙමව්පියන් සහ ගුරුවරුන්.කවදා හෝ දිනක පාසලට නොව පොලිසියට යැමට අපට සිදුවෙයිද?

Wednesday, February 24, 2010

ස්තුතියි

අද පාසල් ගියේ නැහ. අනතුරක්වෙලා. ඒහෙම වුනු ඒකත් ෙහාදයි කියලදැන් හිතෙනව. ඒ ෙමාකද මට අද පුංචි යාලුවෙක් මුණගැහුන .වයසින් පුංචි වුනත් දැනුමෙන් නම් මට වඩා ඉදිරිෙයන්.ඒයාගෙන් ඉගෙනගත්පාඩම අනුව තමා මෙය ටයිප් කරන්ෙනත් .ඒ පුංචි යාලුව මට සහයෝගය ඉදිරියටත් ලබා දෙයිකියල හිතෙනව.බ්ෙලාග් කියවන ෙකාට මටත් හිතුන අනේ මටත් මෙහෙම ලියන්න අැත්නම් කියල.අපිට පාසලේ ඒව උගන්වන්නෙ නැහනෙ.පන්තියකට යන්නත් ලැජ්ජාවකුත් තියෙනව.අැයි කිසිම දෙයක් දන්නෙ නැහැනෙ.ෙගදරට ගෙනාව ෙකාම්පියුටරයක් ෙපාත් ටිකකුත් සල්ලි දිල ගත්ත.අන්තර්ජාලයත් ලබාගත්ත.අතරමන්වෙවි වැටි වැටි ෙම්තාක් දුරට ඉගෙනගත්ත. ඊට පස්සෙ සිංහල බ්ෙලාග් කියවනය හරහා ගොඩක් දේවල් ඉගෙනගත්ත.ඒත් තාම පුංචිම පුංචියි.සිංහල බ්ෙලාග් කියවනයේ පුතාලගෙ පිහිෙටන් තවදුරටත් ඉගෙන ගන්නයි බලාෙපාරොත්තුව.අපි වගේ වැඩිහිටි අයට මම කියන්නේෙම් දැනුම ලබාගන්න.දරුවන් අපට ඉදිරියෙන් සිටිනව.ඒය සතුටක්.අෙප් ළමාකාලයෙ අපට ෙනාලැබුන ෙම් ෙද්වල් දරුවන්ට ලැබිම ෙකාතරම් වාසනාවක්ද?ඒය නිසි ෙලස මෙෙහයවන්න නම් අපත් දැන සිටිය යුතුයි.
                      මගේ බ්ෙලාග් ඒක පලෝ කරන හතර ෙදනෙක් ඉන්නව.ඒ දරුවන්ටත් ස්තුති කරන් න ඒය කොහොමද කරන්නෙ කියල මම දන්නෙ නැහ.කවුරු හරි කියල දෙනව නම්............. කමෙන්ට්  ගැන මම බලකරන්නෙ නැහ . ඒය නැතිවුනත් ලියන්න මම කැමතියි . මම හරි කියවනවනෙ නේද.. මම දන්න විදිහට හැදු මගෙ බ්ලොග් ඒක තව ෙවනස් කරගත යුතුයමක් අැත්නම් කියලා දෙන්න. දිලංක මාධව පුතා කි ලෙස වර්ඩ් වරිපිෙක්ෂන් ෙවනස් කරගත්ත .අැත්ෙතන්ම මම දැනගෙන හිටියෙ නැහ ඒම අපහසුතාවය ගැන. ෙම් කිසිම ෙදයක් ගැන දැනිමක් මට නැහ.මා ඉගෙනගත් සැම දේ ගැනම ඔබලාට ස්තුති කරගන්න මෙය අවස්ථාවක් කර ගන්නව.

Friday, February 19, 2010

අසරණ සරණ

අද මම post ලියන්න ගත්තෙ ඊයෙ සිදුවු දෙයක් ගැන ලියන්න හිතාගෙන. පාසල නිමවෙලා ගෙදර යන්න බස් ඒකට ගොඩවෙද්දි අාසන ගොඩක් හිස්වෙලා තිබුන.හිතවත් අයත් හමුවුනා. බස්ඒක පිටත් වෙන්න සුදානමක් තිබුෙනත් නැහ. කොහොමත් ප්‍රයිවෙටි බස් වාඩිවෙලා ඉන්න අයට දැන් යනව කියල ෙපන්නුවත් යන්න තවත් පැය භාගයක් විතර යනවනෙ.
                  බැස යන ඉරවුනත් අවිරශ්මිය ඉවසන්න බැහ. දහඩිය නැහවෙනව ඒ අතරෙදි බස් ඒකට තරුණ ගැහැණු කෙනෙක් ගොඩවුනා. යාචක රැකියාව කරන ෙකනෙක් . පත්‍රිකා ගොඩක් ෙබදාගෙන ගියා.සුපුරුදු ෙදයක් .බස්ඒකෙ වාඩිවෙලා ඉන්න කාලය තුල කමිමැලිකම යන්න ඔය වගේ ෙදක තුනක් කියවන්න ලැබෙනව.කියවලම ඒවත් දැන් කටපාඩමි. ඊයෙ තිබුනෙ තාත්ත දාල ගිහින්  අමිමට අසනිපයි තව ෙමානවද තිබුන .හෙට බස් ගාස්තුවට ඉතිරිකර ගෙන තිබුන සල්ලිවලින් මමත් දුන්න. සමහර අය ෙනාරැසුනා බැල්මක් හෙලල නිකමි හිටිය .පස්සෙයි  මටතේරුනෙ ඒකත් වැරදි නැහ කියල.කතා කරන්නත් බැහ. නිශ්ශබිදවම සල්ලි ඒකතුකරගෙන ගියා.ඒයින් විනාඩි පහකට විතර පස්සෙ ඒවගෙම යාචක ගැහැණු කෙනෙක් අැවිත් කකුෙල අබාධයක් පෙන්නල සල්ලි ඉල්ලන්න ගත්ත. පස්සෙ අාව කිහිප දෙනෙක්ම දුන්න .මමත් දෙන්න ගියා නමි මට වෙන්නෙත් ෙහට කාගෙන් හරි ඉල්ල ගන්න.ඒ නිසා අහක බලාගෙන ඉන්න සිදුවුනා. ෙමි සිදුවිමි අතරෙම බස්ඒකත් ඉදිරියට අැදුන .රසවත් කෑමබිම සුවදක් මුසුවුනු සුළග නැහැයට දැනෙන් පටන් ගත්ත.කාහටත් දැනුන සුවද අර්ථවත් කලේ අපි ෙහාටල් කිහිපයක් පසුකරමින් සිටින බවයි .ඒනිසාම මමත් ඒපැත්ත බැලුව .පුදුමයට පත් කරමින් මා දුටුෙව පළමු කි යාචක තරුණිය පියා විය හැකි පුද්ගලයෙකුත් තවත් පිරිමි ළමයකුත් සමග හෝටලයෙන් ඒලියට ඒනඅයුරුයි.කෑම ෙපටිටි ෙදකකුත් අතින් අරගෙන සිනාමුසු මුහුණින් කතාබහ කරමින් යන අයුරු මට අදහා ගන්න බැරිව ගියා ගෙදරට පැමිණෙන තෙක් මා සිතින් තර්ක කලේ මෙි ෙදවල් ගැනයි.අැයි ඒ අයටත් ෙහාටලකින් කෑම වෙිලක් කන්න තහනමිද? අපි දෙන ෙද් සුවදවත් කියල අපි අදහන අාගමි කියනව ඒසේ නමි රැවටුනෙ කවුරුන්ද?අපි වගේ ෙවහෙස වි රැකියාවක් කරන වට වඩා මෙි ක්‍රමය හොද නැද්ද?තවමත් මම සිතමින් සිටිමි

Saturday, January 23, 2010

මා කියවු පොතක්

කියවන්න මම ෙගාඩක් කැමතියි. කුඩා කාලයේ මගේ තාත්ත සැමවිටම ගෙනවිත් දුන්නෙ ෙපාත් පත් නිසා කියවිම ජිවන පුරුද්දක් බවට පත්වුනා. ඒ නිසාම රැකියාවක් ෙලස මම ෙතා්රා ගත්ෙත  ෙපාත් අතරට මැදිෙවලා කරන රැකියාවක්.
             පරිවර්තන කියවන්න වැඩිකැමැත්තක් දක්වනව. ඒ නිසාම ෙමි වන විට සැහෙන ෙපාත් සංඛාවක් කියවල තියෙනව. ඒ අතරින් කිහිපයක් ගැන යමක් කිව යුතුයි කයල මට හිතුන.ජැක් ලන්ඩන් ගැන ඔයාල අහල අැතිනෙ . ජැක් ලියපු ෙපාතක් තියෙනවcall of the wild කියල. ඊට ඉස්ෙසල ජැක් ගැන කියන්න ඔින.
            1876-1916 කැලිෙපා්නියාවෙි සැන්ප්‍රැනසිස්ෙකා නුවර ජැක් ඉපදිලා තිෙයන්ෙන.තමන්ගෙ උත්පත්තිය සමාජයෙ ගැරහුමට ලක්වෙමින්  නිසියාකාර අධ්‍යාපනයක් නොලද ජැක් කුඩා කලයේ නන්නත්තාර ජීවිතයක් ගතකල කෙනෙක් .නමුත් පොතපතෙ අැසුර නිසාඔහු තුල සැගවි තිබු කුසලතාවයන් ඒලිදක්වන්න හැකිවුනා.කොල්ල කරුවන් ගණිකාවන් දාමරිකයන් අතර ගත කල ජිවිතය තුලින් ලබාගත් රළු ජිවන දර්ශනය ඔහුගේ කෘතිවල අැති ගැඹුරු බව වැඩිකලා.
            1997 අාරියවංශ රණවිර "වන පෙත අඩගසයි" නමින් අපේ සාහිත්‍යයට ඒකතුකලා.ශිලාචාර සමාජයක උසස් ප්‍රභූ පැලැන්තියෙ මිනිසුන් සමග අැතිදැඩි වුනු "බක්"නැමති සුනඛයෙකු  මිනිසුන් තුල අැති මුදලට කෑදර කම නිසා අතරමංව කැලැවැදැම තේමාව වි අැත.
           කියවල බලන්න රසවත් ෙවිවි. කියවල බලල මටත් කමෙන්ටි ඒකකින්වත් කියන්න.පරිවර්තන කෘති කිහිපයක් තියෙනව මමඅාස කරන ඒව ලැනත් ලියන්නමි.

Thursday, January 14, 2010

නිවසක අලංකාරය

ිනිෙවසක අාරක්ෂාව ෙමන්ම අලංකාර කර ගැනිෙමිදි තිර ෙරදි වලට හිමිවන්ෙන් වැදගත් තැනකි. ගෘහ භාණඩ විසිතුරු උපකරණ සැරසිලි මල් බදුන් අාදිය ෙමන්ම තිර ෙරදි වලින්ද නිෙවසකට හිමි වන්ෙන් වැඩි අලංකාරයක් ෙමයින් නිෙවසකට පමණක් ෙනාව කාර්යාල හා ෙවනත් ස්ථන වලටද ලැෙබන්ෙන් අාරක්ෂාවකි අලංකාරයකි.
අප ෙතා්රා ගන්නා තිර ෙරදි නිර්මාණය ගැන ෙමන්ම ඒහි කල් පැවැත්ම ගැනද මනා අවෙබා්ධයක් තිබිය යුතුය තිර ෙරද්දක් සකස් කිරිමට ප්‍රථම ඒය දැමිම සදහා උපයෝගි වන ජනේලයේ ෙහා් ෙදාරේ මිනුමි ලබාගැනිම ඉතාම වැදගත්ෙවි.
මානුමි ලබා ගැනිෙමිද් සෑම විටම ජනේලයේ ලැටිස් ඒක බීරලු ෙහා් අාර්චි ඒකට ඉහලින් සිට ඒම මිනුමි ලබාගත යුතුය. අගල් 4ක් ෙහා් 5ක් ඉහලින්.
ඒම සථානයේ සිට ෙපාලොව මටිටම දක්වා උස ගණනය කර ගත යුතුයි.ජනේලයේ පළල මැන ගැනාෙමිදි ජනෙල් රාමුව අතර පළල මැන ගත හැක . සමහර අවස්ථාවල ජනේලයේ රාමුවට වඩා 4" 5"ක් පිටතට සිටින ෙස් පළල ගණනය කර ගන්නා අවස්ථාද අැත.
ෙමිෙස් මිනුමි ලබාගත් පසු පළල ෙයාදාගන්නා ප්ලිටි අනුව ෙරදි ගණනය කලයුතුයි.
පළලින් අවශ්‍ය ප්‍රමාණය:-ජනේලයේ සමිපුර්ණ පළලxඅදාල ප්ලිටි ක්‍රමය+මැහුමි වාසි ෙබදිම ෙරද්ෙද පළල.=අවශ්‍ය ෙලන්ත් ගණන
පළල 80*2=160+8=168/60=2.8(අවශ්‍ය ෙලන්ත් ගණන
උස ප්‍රමාණය:-ජනේලයේ උස +මැහුමි වාසි/යාර ෙහා් මිටර
උස 80+10+2+4=96
96*2.8=268.8
268.8/36=7.46 අවශ්‍ය ෙරදි යාර ගණන ලැෙබි.
ඊලග ෙපා්ස්ටි ඒෙකන් ඉතිරිය.