Translate

Saturday, February 25, 2012

අපි ගිය දඹදිව චාරිකාව ............කොහොමදැයි බලන්නන 10.....

පසුගිය පෝස්ටි එකක මම දමපු වීඩියෝ වැඩ කලේ නැති නිසා එයින් එකක් අද පෝස්ටි එකට දැමිම.මෙය බුද්ධගයාවෙ වීඩියෝවක්.අලුත්ම තොරතුරු අනුව දැන් බුද්ධගයාව සීතල අඩුවෙිගෙන යනවලු. දහවල තද අවි රශ්මියත් රාත්‍රිය සීතලත් පවතිනව  කියල බුද්ධගයාවෙ සිටින රාහුල හිමියන් මා සමග පැවසුව. උන්වහන්සේ මගෙන් ඇසුවෙ නැවතත් බුද්ධගයාවට එන්නෙ නැතිද කියලයි.අපියන කාලෙ සිංහල අය යනව අඩුයි. සීතල නිසා දැන් ලාංකික වන්දනා නඩ පැමිණෙමින් සිටින බව ත් රාහුල හාමුදුරුවන් පැවසුව. සමහර අය බුද්ධගයාවට පමණක් යනවලු.ගුවන් ගාස්තු 33000ක් පමනක් වෙන බවත් රාහුල හිමියන් පැවසුව.නැවතත් යන්න නමි ආසයි තමා....... ඒත් තව වසර දෙක තුනක් වෙිවි........ කවදා හෝ දිනක නැවතත් මම යනව තිර අදිටන එයයි.
ඉතින් අපේ වන්දනා චාරිකාවෙ විසාලනුවරට තවම ගියේ නැහ.දැන් අපි තපෝධා නදියෙ උණුවතුර උල්පත් බලන්න යනව වාහනයෙන් බැහැල ටිකදුරක් පයින් ඇවිදගෙන ගියා .දුමිපිටවෙන වතුර පීලි අසල මහ සෙනගක් ස්නානය කරනව.ඒ සදහා ස්ථානයන් වෙන්කරල තියෙනව. මට හිතුන බුදුරජාණන් වහන්සේත් මෙහි ස්නානය කරන්නට ඇතිය කියා.


සමහර විදේශිකයින් කන්ද නගින්නෙ කදක ආධාරයෙන් .මෙි ඉන්දියානු මිනිසුන් ජිවිත්වෙනන කොපමණ බරක් උසුලාගෙන  දවස පුරාම කන්ද නගිනවාදැයි මම කල්පානා කලා.
            
               ඊලගට අපි පිප්පලි ගුහාවබලන්නට ගියා .සප්තපර්ණි ගුහාව නමින් හදුන්වන්නෙත් මෙය වියහැකියි. භික්ෂුන්වහන්සේලා වාසය කල තැනක් .පන්සීයයක් භික්ෂුන්වහන්සේලා වැඩසිටිබව සදහන් වෙනව.අජාසත් රජුදවස ප්‍ර්‍රථම ධර්ම සංගයානාව කල ස්ථානයද මෙයයි.අපි මෙතන පැයක පමණ කාලයක් සප්ත බොජ්ජංග පිරිත කිවිව.මෙම ගුහාව තුල වැසුනු ගල් දොරක් තියෙනව. ඒ සමග සෙල් ලිපියක්ද තියෙනව.එය කියවිමට හැකිවුනොත් එම ගල්දොර ඇරෙන බවත් සදහන් වෙනව.



        දැන් අපි ඉන්නෙ දුෂ්කර ක්‍රියා කල ස්ථානයෙය.මෙම ස්ථානය හදුන්වනු ලබන්නෙ දුර්ගේෂ්වරි කන්ද නමිනි.     සොබා සෞන්දර්ය නරඹමින් අපි කෙටි දුර ප්‍රමාණයක් කන්ද තරණය කලා.කොන්ක්‍රීටි යොදා පාර සකස් කර ඇති නිසා අපහසුවෙන් තොරව ගමන් කල හැකියි.පාර දෙපස වාඩිවි සිංහල බසින් සිගමන් යදින යාචක පිරිස් ගෙන් ගැලවි යන්නට නමි අපහසුයි. කණගාටුවට  කරුණ වන්නෙ වැඩිපුරම ඉන්නෙ කුඩා ළමයි්න්ය. පිටුපසින් පැමින බිස්කටි ඉල්ලති විටෙක සබන් ඉල්ලති  ඒ කිසිවක් අප ලග නොමැති බව කිවට ඔව්න් නමි පිලිගන්න පාටක් නොතිබින .සමහර අය මෙි දේවල් දිමෙන් ඔවුන් එයට පුරුදු වි ඇති බව අපට දැනිනි.අපේ තමර නංගි නමි ගංග මිස්ට හොරෙන් ටොපි අරන් දුන්න. "පවි අක්කේ මට මගේ දරුෙවා මතක් වෙනව"දරුවන් නොදැක සිටිමෙි දුක නිවාගන්නට ඇය එම දරුවන් ගේ සිත සැනසුවාය.වෙහෙසකින් තොරව අපි කදු මුදුනට ලගා වුනෙමු. එහි තායි පන්සලක් ඉදිකර තිබෙි බෙලිමල් සංග්‍රහයකින් අපේ සීතල දුරු කරන්නට තරමි එතුමන්ලා කාරුණික විය. පන්සල වටෙිම ඇත්තේ පල බරින් යුතු බෙලිගස්ය.පාවහන් ගලවා අපි උඩට නැග්ගෙමු.



දුෂ්කරක්‍රියා කල ගුහාවව

බොද්ධ ඉතිහාසයෙ සුවිශේෂ තැනක් වු නාලන්දාව අපේ ඊලග සංචාරක ස්ථානය විය.ශිෂ්‍යයින් දසදහසක් මෙන්මගුරුවරුන් එක්දහස්පන්සියයක් සිටි අධ්‍යාපන පීඨයක් වු නාලන්දාවෙ අද ඇත්තේ නටබුන් වු ශේෂයන්ය.විශාල භූමිප්‍රමාණයක පැතිරි ඇති ගොඩනැගිලි මතුපිට මෙන්ම පොලොව යටත් පිහිටා ඇත.සිංහල බසින් විස්තර දැනගැනිමට අප මුදලක් ගෙවා මග පෙන්වන්නෙක් ගෙ සහාය ලබාගතිමු ක්‍රිස්තු පුර්ව තුනවෙනි සියවසේ  ආරමිභ වු නාලන්දාව ක්‍රිස්තු වර්ෂ එක්දාස් එකසීය වනතුරු පැවතිනි.මොහොමඩි භක්තියාර් නමි වු මුස්ලිමි ආක්‍රමණිකයා නාලන්දාවට ගිනි තැබිය.ඉගෙනුම ලැබු ශිෂ්‍යයින් මෙන්්ම ගුරුවරුන්ද මෙි ගින්නට අසුවි ඇත .මෙම නාලන්දාවෙ ඇති පුස්තකාලය ඉතා විහාල එකකි..ගින්නට අසුවු පොත් පත් මාස හයක පමණ කාලයක් ගිනිබත් වු බව ජනපුවාදයේ පවති අද්විතිය ගෘහනිර්මාණ ශිල්පිය ක්‍රම වලින් යුතුව නිර්මානය කර ඇති විනාශ වු ගොඩනැගිලි දෙස බලන කාගෙත් සිත දුක්බර වන්නෙ නිරයාසයෙනි


ආලෝක ලැබෙන ලෙස සැකසු නාන කාමරයක්ක්

පුස්තකාලයය

මෙම සැලස්මෙහි ඇත්තේ කුඩා කාමර සහිත දේශන ශාලාවකි.
19 වැනිද මෙි සියල්ල බලා අවසන් වනවිට රාත්‍රිය එලඹුනා.එදින විසාලා නුවර යෑමට නොහාකි නිසා අතරමග හොටෙල් එකක නතරවිමට අපට සිදුවුනා.අපේ කටිටිය සියලුදෙනාටම එකම ස්ථානයක නිදාගැනිමට හැකිවුනු එකම රැය එදින වු නිසා ඉතාමත් විනොදයෙන් සිනහ හඩ මැද මැදියමි රැය වනතුරුද නිදි නොලබා සිටිය. පසුදා විසාලානුවර බලා නැවත ගමන් ඇරඹු පසු අපේ ගමන ගැන තවත් පෝස්ටි එකකින් ලියන්නමි..

Friday, February 17, 2012

අපි ගිය දඹදිව චාරිකාව .......කොහොමදැයි බලන්න 9...........

පසුගිය සති කිහිපය ගෙවා දැමුවෙි ඇඩු කදුලින් .......ඒනිසා කොමිපියුටරය පාවිචිචි කිරිමත් තාවකාලිකව අත්හරින්න සිදුවුනා. වසර කිහිපයක සිට ලෙඩින් සිටි මගේ ආදරණීය මෑණියන් අප අත හැරදා යන්නට ගියා. ඒ වෙිදනාව මට දැනුනෙ ජීවිතයෙ හරි අඩක් විනාශ වුනා වගේ ........ඒත් ලෝක සත්‍යයට මුහුණදිය යුතුයි. උපදින හැම අයෙක්ම මරණයට මුහුණදිය යුතුයි. මගේ මවත් ඒ ඉරණමට මුහුණදුන්න ......අසමිත වු වෙිදනාව තුලින් සතුටු විය හැකි එක දෙයක් තියෙනව. බිරිදක් හා මවක් විදිහට තම යුතුකමි ඉටුකර ජීවිත ගමනෙ නොයෙක්වු කඩඉමි පසුකරමින් ගත කලාවු ඇයගේ ජීවිතය ඉතාමත් වටිනා එකක් වු නිසයි.අප හැමගේම අමිමලා මිල කල නොහැකි අමිල සමිපතකි.
ඉතින්  සිතිවිලි අකුරු කිරිමෙන් කඩාවැටුන සිත ට යමි සහනයක් හෝ ලබන්නට හැකි වෙියැයි සිතුන නිසා නැවතත් දඹදිව චාරිකා ඉතිරි කොටස ලියන්නටයි සුදානම.
බුද්ගයාවෙන් පිටත් වෙන්නට පළමු හිකමිතුරන්,නෑදැයින් වෙනුුවෙන් තිලිණ මිළදි ගන්නටද අමතක කලේ නැහ.වීදියක් දිගේ ඇවිදයමින් නානාවිද විසිතුරු දෑ මිළට ගත්තෙමු .මාල වළලු  වැනි අභරණ වලින් පිරුණු කඩයකට ගොඩ වැදුණු විට ඇස් අදහාගත නොහැකි දේ වලින් පිරි ඇත. කවුරුත් නොමසුරුව වියදමි කලේ ඒවා මිළදි ගන්නටය. ගංග මිසුත් මමත් බරණැස හදුන්කූරු පෙටිටි මිළදි ගත්තෙමු .ඒවා ලංකාෙවි මිළදි ගන්නවාට වඩා ලභදායි  විය. කුඩා පැකටි 12 කින් යුත් පෙටිටියක් ඉන්දියන් රුපියල් 130කට මිළදි ගන්නට පුලුවන.ලංකාවෙි මුදලින් එය රුපියල් 325 පමණ වෙයි. සමහර වෙළෙදුන්ට සිංහල කතා කිරිමට පුලුවන.ඉන්දියානු කුඩා පිරිමි ළමයෙක් මාදුටු විට ආයුබෝවන්.......ඔයා ලංකාෙව නේදැයි විමසා පැහැදිලි සිංහලෙන් කතාකලේ අපි පුදුමයට පත් කරමිනි.මිළදි ගැනිමි වලදි ඔහුඅපට සහාය වෙන්නට උනන්දුවුනේ කිසියමි මුදලක් බලාපොරොත්තුවෙනි.ඉන්දියාවේ හැටි එලෙසය.එදින උදේ අපි බුද්ගයාවෙන් සිට විසාලා නුවර බලා පිටත් විමු. ඒ යන අතරමගදි සුජාතා කිරිපිඩු පිලිගැන්වු තැන බලන්න නතර වුනේය.
සුජාතා කිරපිඩු පිලිගැන්විමම



සුජාතා නිවස තිබු ස්ථානයය

සුජාතා විසු සේනානි ගමිමානයෙ දැනට ඇති කමතක්ක්

බිමිබිසාර රජතුමා විසින් පිලිගැන්වු වෙිලුවන උයන  නරඔන්නටද අපට හැකිවුනා.මෙය ප්‍රථම ආරාම පුජාවයි. අග්‍රශාවකයින් වහන්සේලා පත්කර ගැනිමට හැකිවුයේද බුදුරජාණන්වහන්සේ වෙිලුවන උයනෙහි වැඩසිටින අවස්ථාවෙිදිය.
එදින විසාලානුවර යන අතරමග ගිජ්ජකූට පර්වතයට කේබල්පුටුමතින්නගින්නට ලැබුනු අවස්ථාව අලුත් අත්දැකිමක් වුනා. මෙි සදහා සුලු මුදලක් ගෙවිය යුතුයි.ඒ ගමන හරිමසුන්දරයි.ඉහලට යන පුටු නැගී යන කෙනා දමා ආපසු පැමිණෙයි. රවුමක් කැරකි එනවිට පුටුව යන්නට පෙර අසුන් ගත් යුතුයි.සමහක් අය බය නිසා ගමන ප්‍රතික්ෂේප කලත් බය විය යුතු කරුණක් නැහ .තමන්ට පලමු යන අය නගිනඅයුරු බලා සිටිමෙන් එයට හුරුවිය හැක. තරුණ පිරිස මෙන්ම වයසක අයද මෙි ගමනින් සතුටක් ලබන අයුරු මම දැක්කෙමි.කන්ද මුදුනට නගින ගමන චමත්කාරයි. මුදුනට ලගාවන විට තමන්ගේ පොටෝ එකක් ලබාගැනිමටද හැක. සුන්දර වනපෙත මැද අහසේ පියාසර කරන අකාරයෙ හැගිමකින් සිතට චමත්කාරයක් දැනේ. කෙදිනක හො ඔබත් මෙම චාරිකාවෙි යෙදෙනු ඇතැයි මම අපේක්ෂා කරමින් මෙි චමත්කාරය විදගනු ඇතැයිද සිතමි.කන්ද මුදුනේ දැක බලා ගැනිමට පන්සල් ඇත. ඒවගේම කන්ද මුදුනෙ සිට ස්වාභාවික සෞන්දර් විද ගැනිමෙි භාග්‍යද ලැබෙි. මෙතැන බුදුපහස ලබපු තැනකි. දෙවිදත් විසින් ගල පෙරලු ස්ථානය ගිජ්ජකූඨපර්වතයයි. පාගමනින් යන්නෙ නමි ගල පෙරලු ස්ථානය සියැසින් දැක බලාගැනිමට ද හැකිවෙි.
කන්දපාමුල ඇති හෝටලයය

කන්දට නගින අයුරුරු

රවුම කැරකි පුටුව එනතෙක්.....

පුටුවෙ  කන්ද නගින විට 





බුදුරජාන්වහන්සේ  යමි යමි අවස්ථාවල පෙළහරපෑමි සිදුකර ඇත. ඒ අසම සම ශක්තිය දැකගන්නට තරමි භාග්‍යක් අපට නැත. එහෙත් එවැනි එක් අවස්ථාවක සිදුවුදෙය සියසින් දැක ගැනිමට ස්වභාව ධර්මය අපට යමිතමි හෝ කරුණාවක් දක්වා ඇත.එය දැකගන්නට ලැබෙන්නෙ රජගහනුවරදිය.කොසොල් රට රජතුමා අචිරවති නදියෙ දිය පිළිබද රජගහ නුවර රජු සමග ඇතිවු වෛරයෙන් ආර්යයන් වැනසිමට මහා සේනාවක් රැගෙන රජගහනුවරට ගියේය.එජු ගමන් නල රථය කලුගල් පර්වතයක එරි රිය සක ගලෙන් ඉවත් කර ගැනිමට නොහැකිවිය. මෙි වන විට බුදුහිමි වැඩසිටියේ ගිජ්ජකූඨපර්වතයේය.පසුව විඩුභ රජු බුදුරදුන් බැහැදැකිමට ධර්මය ශ්‍රවණය කලේය.එම ස්ථානය අදත් එලෙසින්ම පවති. මෙය නමි මහා ප්‍රාතිහාර්යක් බව සියැසින් දුටු මට සිතුනි.
රිය එරි ඇති අයුරු

රියෙන් වැටෙනවිට පය තැබු තැනන

වැලමිට එරුන තැනන

දණහිස වැදුන තැනන


ඊලගට අපට දක්නට ලැබුනේ බෞද්ධ ඉතිහාසයෙ සිත් කමිපාවට පත්වු සිදුවිමක් සිදුවු ස්ථානයකි. අජාසත් කුමාරයා රජකම ලබාගැනිමට පියරජු වු බිමිබිසාර රජු සිරගත කල සිරමැදිරියයි. දැනට එහි නටඹුන් පමණක් ඉතිරිව ඇත. පුරාවිද්‍යා කැනිමිවලදි යකඩ දමිවැල් කොටස් පවා හමුවිඇත.
අජාසත්ත රජ තුමා පියතුමා සිරකර තැබිමෙන් පසු කාලයක ඉතාමත් ශෝකයෙන් යුතුව කාලය ගතකර ඇත. ඒනිසාම බුදුහිමිගෙ ධාතුන් තැන්පත් කර ඒවාට ගෞරවකරමින් ආරක්ෂාකර ඇත.පසුකලෙක අශෝක අධිරජයා මෙම චෛත්‍යය විවෘත කර එම ධාතුන් ලබාගෙන වෙනත් ස්ථානවල තැන්පත් කර අසුහාරදහසක් වු වෙහෙර විහාර කරවු බව සදහන් වෙි.බුද්ධගයාවේ සිට ගමන් ඇරඹු අප තවමත් විසාලා නුවරට ලගාවි නොමැත. තවත් ස්ථාන කිහිපයක් ගැන ලියන්නට තිබෙන නමුත් මෙම සටහන අදට නිමාකර තවත් දිනකදි හමුවන්නමිුු

Friday, February 3, 2012

අපි ගිය දඹදිව චාරිකාව .......කොහොමදැයි බලන්න..8

බුද්ධගයාවෙ  ගත කරන දෙවෙනා දවස අද...සමිමා සමිබුද්ධත්වයට පත් වු තැන  කියන දැනිමට වඩා අපට  ඒ ස්ථාන පිළිබද වැටහීමත් තිබුනෙ නැහ. ඒ නිසා වැටහීමත් ඇතිව ඒ තැන් වැද ගැනිමට මහාබෝධි පන්සලේ ස්මාමින්වහන්සේ උපකාර කලා . දැඩි සීතලද නොතකාඋන්වහන්සේ ඒ සෑම තැනක්ම හදුන්වා දුන්නා.වැදපුදා අවසන් වු පසු බුද්ධගය ඉතිහාසය පිළිබද  දීර්ඝ විස්තරයකින් අප දැනුවත් කලා.ධර්‍මපාලතුමා බුද්ධගයාව නගා සිටවිමට විදි අපුමාණ වු දුක් කන්දරාව ගැන පවසන විටදි කාගෙත් නෙත් කදුලට බරවුනා.තනි පුද්ගයෙක් ලෙස ධර්‍මපාල තුමා මුස්ලිමි ජනයාගෙ අතවර මැද අපරිමිත වු ධෛර්යකින් ඒවාට නොබියව මුහුණු දුන් අයුරු විශිෂ්ඨ යි. එතුමා බුද්ධගයා ප්‍රදේශයට යනවිට පැවතියේ මුස්ලිමි බලයයි. මහන්තා නමින් හදුන්වන මුස්ලිමි නායකයා බෞද්ධ ගොඩනැගිලි විනාශ කරමින් බෞද්ධ පරිසරය සමිපුර්ණයෙන්ම විනාශ කිරිමට කටයුතු කර ඇත. විටෙක බුද්ධගයා විහාරයට පැමින එහි තිබු බුද්ධ ප්‍රතිමාවද පොලවෙි ගසා විනාශ කරනු ලැබිය.එදා ඔහු සතුව තිබු ්‍රඅපරිමිත බල පරාක්‍රමය හමුවෙි අපේ අභික සිංහල බෞද්ධ පුරෝගාමියා සැලුනේ නැත . උපක්‍රමශිලිව කටයුතු කරමින් අපුමාණ වු දුක් විදගනිමින් එතුමා අද අපට වැද පුදා ගැනිමට බුද්ධගයාව රැක දුන්නේය.එවැනි එක් අවස්ථාවක් වුයේ පල්ලියක ආකාරයෙන් තැනු විහාරගෙයයි.අදටත් එය පල්ලියක හැඩයක් පවතියි.ඉංගිසින් හ මුස්ලිමිවරු පන්සල් විනාශ කලත් පල්ලි විනාශ නොකරන

නිසා එතුමා මෙවැනි උපක්‍රම යොදා ඇත. බුද්ධගයාවේ අයිතිය බෞද්ධයින් සතු කරගන්නට ධර්‍මපාල තුමාට නඩුකියන්නට සිදුවිය. කෝවිලක හැඩය නිසා එය හින්දුන්ට අයිතිබව ඔවුන් පවසා සිටිය.එම නිසාම සිවලිංගයක් තැන්පත් කර බුදුරුව දේවරුවක් ලෙස හැඩගන්වා කෝවිලක් ලෙස පවත්වාගෙන ගොස් ඇත. බෞද්ධ අයිතිය පෙන්විමට යමි හේතුවක් පෙන්වුවහොත් නඩුව දිනන්ට හැකිබව පෙනි සිටි නිතිඥයින් පැවසු අතර ඒ සදහා කරුණු සෙවිමෙදි බුද්ධගයා විහාරයේ ඇති චෛත්‍යයක හැඩය එකම කරුණ බව පෙනි ගොස් ඇත.කෙසේ හෝ අපට ධර්‍මපාල තුමා නිසා බුද්ධගයා වදින්නට ඉඩලැබුනි.එතුමා ගැන මෙවැනි කෙටි විස්තරයක් හෝ මා ලියන්නේ එතුමාගේ බෞද්ධ මෙහෙවරට ගෞරව දැක්විමටය
.
                             සීතල මිදුම අතරින් මුචලින්ද නාගදරණ ඡායාරූපයක් ගැනිමට අපි කවුරුත් උනනදු විය.
ඉන්පසුව නැවතත් අපි බුද්ධගයා අවට සිදුවෙන දහස්ගනන් බෞද්ධයින්ගේ වැදුමි පිදුමි බලමින් ටික වෙලාවක් ගත කලා.එවන් අවස්ථාවන් කිහිපයක්මෙ විඩියෝ නැරඹිමෙන් ඔයාලටත් දකින්නට පුලුවන්න්

18 වැනිද උදේත් කිරිපිඩු පුජා කිරිමෙන් පසු අපේනවාතැනේදිම උදේ කෑම ගත්ත. ලංකාවෙන් දිල්ලියට පැමිණ ඉගෙන ගන්නා තිදෙනෙක්ද අපත් සමග කිරිපිඩුපුජාවට සහභාගිවුනා.හිතවතුන් ලෙස කෑම රසවිදිනනත් අපි ආරාධනාකලා .ඒ අතරෙම තොරතුරු ......කතාබහ අතරින් පැයක පමණ කාලයක් ගතවුනා .බුද්ධගයාවෙන් පිටවි විසාලානුවර නැතිනමි වෛශාලි බලා අපි ගමන් ඇරඹුව.පසුදිනක ඒ අතරමග විස්තර ලියන්නමිමි


Wednesday, February 1, 2012

අපි ගිය දඹදිව චාරිකාව............කොහොමදුයි බලන්න......7

අතරමගදිම සැන්දෑකලුවර පරිසරය පුරාම පැතිරුනා .බුද්ධගයා ව කිටිටුවට පැමිණෙන විට රාත්‍රිය උදාවෙලා. දසත පැතිරුණු විදුලි ආලෝක නිසා පරිසරය ආලෝකමත්වෙලා . ඒ වගෙම අපේ හිත් ......බුදුහිමි බුදුවුනු බුද්ධගයාවෙි......ගීතයක පදවැල් මතක් වුනේ ඇත්තෙන්ම අපි දැන් ඉන්නෙ ඒ පින්බිමෙි කියල හිතට දැනුන නිසයි.ඒ මොහොත මෙය සබෑවක්ද කියලත් මට හිතුන.......ඔවි ඇත්තටම ඒ පුජනීය භුමියෙ අපි ඉන්නෙ. බුදු පහස ලද පින් බිමෙයි අපි ඒ මොහොතෙ සිටියෙ.....මෙතනට ගිය හැමටම මෙි හැගිමි ඇතිවෙනවමයි.හිත බුද්ධකාලය තෙක් දුර අතීතයට ගෙනියනව.පරිසරයෙ ඇති ආශ්චර්ය එයයි.
                                අපි නවාතැන් ගන්නා පන්සලට ගිහින් ස්වාමින්වහන්සේ මුණගැසිල කටයුතු පිලිවෙල කර ගත්ත.හනි හනික අපේ කාමර වලට ගිහින් ඇදුමි පැලදුමි වෙනස්කරගත්ත.රාජු උණු උණුවෙ තේ පිලියෙල කරන්න සුදානමි .රාජු දන්නව කාටත් දැන් පලමුවෙන්ම අවශ්‍ය වෙන්නෙ මොනවද කියල .දිව පිචිචෙන තේ කොප්පය බීල ඉවරවෙනවත් එක්කම ගංග මිස් ගෙන් පණිවිඩයක් ......... පිරිත් අහන්න ...විහාරයට එන්න..පැයක පිරිත් සජ්ජායනයට   සවන් දෙන්න අපි මෙමම විහාර මන්දිරයට ගියා.
මෙි විහාර මන්දිරය දිහා බලද්දි වෙනස් හැඩයක් දකින්නට ලැබෙනව .ඒ ගැන මම පසුවට ලියන්නයි අදහස් කරන්නෙ.16 වැනිද රත්‍රිය කෑම කාල අපි බුද්ධගයාව වදින්න ගියා.ඒ තරමටම අපිටඉවසුමක් තිබුනෙ නැහ. ඒ වන්දනාවඉවරවෙලා ආපසු ඇවිත් මහත් චිත්තප්‍රීතියකින් සුවසේ නිදාගත්ත.පසුදා පාන්දර 6ට කිරිපිඩු පුජා කිරිමට ඇතිනිසා පාන්දරින්ම අවදිවුනා.ඒ සදහා කටයුතු ගංග මිස් පිලියෙල කර තිබුන.යමි මුදලක් ගෙවා පිරිසිදු ලෙස කිරිපිඩු සකස් කරගැනිමට හැකියි.කිරිපිඩු අරගෙන යන්න මුතුකුඩයත් ලබා දෙනව.මෙි ඒ අවස්ථාවයි.
එදා දවසම අපි බුද්ධගයාව ලග ගතකලා.සිල් සමාදන් වුනා.ලමාවරුන් පැමිණෙමින් සිටි අතර ජයශ්‍රීමහ බෝධිය ලග අතුරු සිදුරු නැතිව සෙනග පිරි සිටිය. පළමුවෙන්ම අපි ගයාවල පිහිටි අතිරමණිය වු බුදුරුව වදින්නට ගියා.අපි නැවති සිටි විහාරයේ සිට පාගමනින් බුද්ධගයාවට යායුතුයි.එය බුද්ධගයා විහාරයට ඉහලින් පිහිටා තියෙන්නෙ
මෙහි දකුණුපසින් ඇත්තෙ බුද්ධගයාවයි.අපි පැලදි පාවහන් මෙහි ගලවා තැබිය හැකි ස්ථානයක් තිබෙනව. නොමිලේ සපයන සේවාවක් ලෙසයි පවත්වාගෙන යන්නෙ.රාත්‍රියෙදි නමි මෙහි දකින්නට ලැබෙන්නෙ වන්දනා කරුවන් පමණයි .උදේ සිට හැන්දෑවන තුරු මෙහි මල් විකුණන්නන් මෙන්ම විසිතුරු බඩු වෙළෙන්දන්ගෙන් පිරිපවති.පඩිපෙලවල් කිහිපයක් බැසිමෙන් පසු බුද්ධගයාවට ඇතුලුවෙි පළමුවෙන් හමුවන්නෙ පස්වන සතිය ගතකල අජපල් නුග රුක තිබු ස්ථානය යයි හැදින්වෙන තැනයි.එහි සිට බැලු විට දිස්වන්නෙ අඩි එකසිය හැත්තෑවක් පමණ උස බුද්ධගයාවයි ඊලග ප්‍රධාන දොරටුවෙන් ඇතුලු විට දිස්වන්නෙ ඉතාමත් චමත්කාර බුදුපිළිම වහන්සේයි.
ලෝකයේ සිටින විවිධ වු ජාතින්ට අයත් වු බෞද්ධයින්ගේ වන්දනාමානයට ලක්වන්නා වු මෙම පිළිම වහන්සේ දකින කාටත් හැගෙන්නෙ ජිවමාන වු බුදුරුව දකින්නා වු හැගිමය. පැයෙන් පැයට නොයෙකුත් ලෙස විසිතුරුනුලෙන් කල සිවුරුපුජාවන් මෙහිදි සිදුවෙයි..අපි කිරිපිඩු පුජා කලේද මෙම පිළිමවහන්සේටයි භූමි ස්පර්ශ මුද්‍රාවෙන් නිම කරන ලද්දකි. ඉන්පස් අපි ජයශ්‍රීමහ බෝධිය වදින්නට ගියෙමු.නිල්වන් බොපත් ලෙල දෙන බෝධින්වහන්සේ විශාල ප්‍රදේශයක් වසා පැතිරයන අතුපතර සාරවත් බවකින් යුක්තය. මෙම බෝධින්වහන්සේ ගැන විවිධ වු ඉතිහාස කතා ඇතිමුත් ඒ සියල්ල මෙහි ලිවිය නොහැකි නිසා කරුණාවෙන් ඉල්ලා සිටින්නෙ මෙම ලිපි කියවන අය ඒ පිලිබදව පොත පතින් දැන ගන්නා ලෙසයි.මෙම බෝධිරජාණන්වහන්සේ වැඩ සිටින්නෙ පෘථිවිය හරි මැද බවද කියවෙි. නැවත බුදු කෙනෙකුන් බුදුවන්නේද මෙම ස්ථානයේ බවද පැවසේ.
තවත් පැත්තක්ක්
ජයශ්‍රීමහ බෝධිය එක් පැත්තක්
බෝරදුන්න්

තවත් එක් පැත්තක්ක්

මම බොධිය වටා ගත් ඡායාරූප කිහිපයක් .මෙි අතරින් මම වඩාත්ම ගෞරවාන්විතව ,දකින මොහොතක් පසා සිත පහන් වන ඡායාරූපය වන්නෙ මෙයයි
වජ්‍රාසනය
බුදුරජාණන් වහන්සේ බුදුවු වජ්‍රාසනය යයි.මෙම ඡායාරූපය කිහිප විටක් ගත්තත් ඒ හැම විටම ඉදිරියේ ඇති රන්පැහැති වැට රූපය ඉදිරියට පැමිණුනා. අවසානයේ ඒ වැට අතරින් කැමරාව ඇතුලට දමා මෙි ඡායාරූපය ගත් පසු විශාල සතුටක් දැනුන.හැබැයි පුංචි අතහැරිමක් හෝ වුනානමි කැමරාව ඇතුලට වැටෙනව. ඉතින් බුද්ධගයාවෙ වීඩියෝ කිහිපයක් සමග නැවත දිනක ලියන්නමිකක