Translate

Saturday, June 23, 2012

අපි ගිය දඹදිව චාරිකාව.....කොහොමදැයි බලන්න ...18

දෙසැම්බර් 25 වැනිද පාන්දරින්ම අපි දිල්ලිය බලා පිටත්වුනා.අතරමගදි දහවල් කෑම ත් මේ ගමන් සුදානම් කරගත්ත.සැවැත්නුවරින් පිටත්වෙන විටදි නම් හිතට දුකක් දැනුන.මෙතෙක් දිනක් බුදුගුණ රැදුන පරිසරය ඉදලආපසු යන්නට හිත නොදෙන තරම්......ඒත් ආපසු යායුතුයි.. නැවත දිනක මෙලෙසම පැමිනෙන්ට මහත් බලාපොරොත්තුවක් හිත තුල රදවාගෙන අපි හැමෝම ගමන ආරම්භ කලා.කෙත්වතු වලින් ගහන පරිසරය කෙමෙන් කෙමෙන් මැකි යමින් ගොඩනැගිලිවලින් පිරුනු නාගරික පරිසරයකට අපි ඇතුලු වෙමින් සිටිය.සැවැත් නුවරින් මිළදි ගත් දෙලුම් ,පේර ,ඇපල්වල රස බලන්නයි දැන් සුදානම........ගෙදරට වැඩිය කෑමබීම වල අවශ්‍යතාවය මෙහිදි අපිට තදින්ම දැනුන...එකක් සීතල ගතිය නිසා...අනෙක වාහනය තුල දවසක්මරැදෙන නිසා වෙන්න ඇති කියල මට හිතුන.ලංකාවෙදි නම් දෙසැම්බර් 25 වැනිදකියන්නෙ සෑහෙන අවිවේකි දවසක් ...කතෝලික ස්වාමියෙක් ලැබුන නිසා ඒ දවසෙදි එන නෑදැයින් සමග කතෝලික ක්‍රමයට නත්තල සමරනව. අතරමගදි ඒවත් මතක් වුනා. ඒ නිසා ගෙදරට කතාකරන්න හිතුව.හැමෝම එකතුවෙලා ...මම විතරයි අඩු කියල මගෙ නෑන මැසිවිලි නගනව.ඕක මොකක්ද .......මගෙ හිතේ පිරි ඉතිරි යන මේ සතුට .......මේ ගමන ......ඊට වැඩිය වටිනවනෙ.....හිතුව විතරයි එහෙම කීවෙ නැහ......තව කෙනෙකුගෙ හිත රිදවන්න හොද නැහැනෙ.අපි ඊලගට වේලක්කන්නි එමු..නෑනව සතුටු කරල තොරතුරුත් දැන ගත්ත..කොයිතරම් දුර ගෙවා දැමුවදැයි හිතා ගන්න බැරිවුනාට ..මෙතෙක් නුදුටු විදිහෙ නගරයක ට අපි ඇවිත් තිබුන. යන්තම් ඒ ගොඩනැගිලිවල නම් ඉංග්‍රිසියෙන් ලියල තිබුන නිසා ලක්නව් කියල හදුන ගත්ත.ලංකාවෙ අය හෙම සංගීත විභාග පාස්කරන්න එන්නෙ ලක්නව්වලටනෙ.නගරය විශාලයි.ගොඩනැගිලි වලත් පෞරාණික බවක් තියෙනව.ඊලගට අපි ඇවිත් තිබුනෙ අග්‍රාවලට ....ඈතින් ටජ්මහල් දිස්වෙනව..කවුරුත් ටජ්මහල් බලන්න යනවද........ඔන්න ටජ්මහල් ගැන කතාවෙනකොට ගංගමිස් අවදිවුනා..යන්නත් ඕන ...ඕන කියල කියන්නත් බැහැ.....හැබැයි මම නම් යන්නෙ නැහ.ඉන්දියන් රුපියල් 800ක් දිල බලන්නෙත් නැහ.ගංගමිස් කියනව.ඒකත් ඇත්ත..ලගට ගහින් බලමුකො මාලමිස් ගෙ අදහස වුනා....ඒ වුනාට මනොජ් වාහනය හරවලත් ඉවරයි.දිගපෝලිම්......වාහන තදබදය....සෙනග පිරිල......ඒ අස්සෙන් ඔටු කරත්තත් යනව.මමත් කැමරාව එලියට දාල පොටෝ එකක් ගන්න බැලුව.
වෙලාව සවස තුනට විතර ඇති .මේ වෙනකොට අපි දවල් කෑම කාලත් නැහ.ටජ් මහල් බලන්න ගියොත් අපිට රෑවෙනව ඒ බව කවුරුත් දැන ගෙන හිටිය නිසා බලන්න යන්න උනන්දු වුනෙ නැහ.කුසගින්න තදින්ම දැනුන.ටජ්මහල් කිට්ටුව තැනක අපේ දවල් කෑම ගන්න පුලුවන් කියල රාජු කීව නිසා අපි කවුරුත් හට්ටි මුට්ටි උස්සගෙන එතනට ගියා.කෑම බීම කාල වාහනයට එන අතරෙදි කවුරුත් උනන්දු වුනෙ මොනව හරි මිළදි ගන්නයි.ඒවත් අවසන් වෙලා නැවත අපි ගමන ආරම්භකලා.එන අතරමගදි ගංග මිස් ට බෙහෙත් වගයක් ගන්න නවත්තුව.අපි වාහන ඇතුලෙ සිටිද්දි අසල සිටි පුංචි ලමයෙක් අපි සමගහිනාවෙවි හුරතල් වුනා ඒ සේයාරුව තමයි මේ තියෙන්නෙ.


සැන්දෑකලුවරත් වැටීගෙන එනව.කවුරුත් දොඩමලුවෙලා.ගෙවල් දොරවල් අමතක කරලම නෙමේ .දිල්ලිය කීවම අපිට හීනයක් වෙලා තිබුන තැනක්නෙ .ඔය ටීවී එකේ හින්දි චිත්‍රපටයකදි දිල්ලිය දැක්ක විතරයිනෙ .දැන් හැබැයින්ම දිල්ලි එනව කියල හිතෙන කොට කාගෙත් හිත්වල සතුටක් ඇතිවෙලා.අපේ බස් වහරෙත්තියෙනවනෙ "ඕන දිල්ලියක ගියාවදෙන්"කියලඒක කියන්නෙ ඇයි කියල නම් මම දන්නෙ නැහ. දිල්ලිය කියන්නෙ විශාල නගරයක් ඇවිදල බලන්න දේවල් තියෙනව.රාත්‍රි නමයට පමණ අපි දිල්ලියට ආව.ලංකාවෙ පාලනයක් තියෙන පන්සලක් වැනි තැනකයි අපි ලැගුම් ගත්තෙ.සුවපහසුකම් අතින් ඉතාමත් හොදයි.


මනෝජ් ඒ රෑම බරණැස බලා පිටත්වුනා.අපේ ගනුදෙනු සම්පුර්ණ කරල .මනෝජ්ට වෙනමමුදලක් දෙන්නත් ගංග මිස් කටයුතු කලා.ඒ නිසා මනෝජ් සතුටින් තමයි ආපසු ගියේ.එදා රාත්‍රියසුවසේ නිදාගත්ත.පසුදාඅපි දිල්ලිය නරඔන්න යන්නයි අදහස...වාහනයක් කතා කරගන්නත් පුලුවන් වුනා.ඉන්දියන් රුපියල් එක්දහස් දෙසියක් විතර වුනා.හෙට දවසේගමන ගැන නැවතලියන්නම් මෙය කියවන සැමට මෙන්ම කමෙන්ට් කරල සැමටත් ගොඩක් ස්තුතියි.

1 comment:

Hasitha said...

වටිනා කියන විස්තර රාසියක් නේ. නිස්කලංකයක් ආපු ගමන් මම මේක මුල ඉදන්ම කියවන්න ඕනේ. ඒක නිසා කෝකටත් මේ බ්ලොග් එක බුක් මාර්ක් කරලා තියාගන්නවා. ඔක්කොම කියවලා ඉවර වෙලාම අදහස් කියන්නම් :)