Translate

Thursday, June 7, 2012

අපි ගිය දඹදිව චාරිකාව............කොහොමදැයි බලන්න17

පුර්වාරාමය බැලිමෙන් පසු අපි ලංකාරාමය වෙත ආපසු පැමිණෙන විට දවල් වී තිබුන.මෙි වනවිට අපිට ලංකාවෙි ගෙවල්වලට කතා කිරිමට නොහැකි විතිබුන.අපේ හෑන්ඩිපෝන් වල මුදල් තිබුනෙත් නැහ.ගෙදරින් රීලෝඩි කලත් මට ඒව ලැබුනෙ නැහ.ඉන්දියාවෙන් සිමි එකක් ගත්ත නමි ලෙහෙසි වුනත් ඉන්දියන් රු.300ක් විතර වෙනව.අපරාදෙ සල්ලි කියල හිතුන.ලංකාරාමයෙ දුරකතන පහසුකමි  තිබුන නිසා ගෙදරට කතා කලා.රු.30ක් විතරයි ගියේ.දෙසැමිබර් 24 වැනිද තමයි අපි සැවත්නුවර ගතකලේ.දහවල් ආහාරයෙන් පසු අපි ජේතවනාරාමය වදින්න යන්නයි සුදානම.ලංකාරාමය ඉදිරිපසමයි තියෙන්නෙ වැඩිදුරක් යායුතු නැහ.අපි පලමුවෙන්ම ආනන්ද බෝධිය වැන්ද.බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශ ලද පැරණිම බෝධිය ආනන්ද බෝධියයි.බුදුරජාණන්වහන්සේ ජේතවනාරාමයෙන් පිටතට වැඩම කරනා අවස්ථාවලදි පැමිණෙන ජනයාට වැද පුදාගැනිම වස් ආනන්ද ස්වාමින්වහන්සේගේ අදහසක් අනුව ,බුද්ධගයා ජයශ්‍රීමහ බෝධියෙන් ලබාගත් අංකුරයක් මෙහි වැඩම කර රෝපණය කල බව  බෞද්ධ සාහිත්‍යයෙ සදහන් වෙනව.මෙහි බුදුහිමියන් රාත්‍රි තුනක් වැඩසිට පාරිභෝගික බෝධියක් බවට පත්කරන ලදි.
බුදුරජාණන්වහන්සේ වැඩසිටි ගන්ධකුටිය පිහිටා ඇත්තේද මෙි කිටිටුවෙන්මයි.එය වන්දනා කරන්නට ගිය මට පුදුම සිතුනි අද තත්වයත් .....එදා බුදුරජාණන්වහන්සේ ගතකල සරලජිවිතයත් අතර කොතරමි වෙනසක් ඇත්ද කියා....... ම පියාණන්වහන්සේ සැතපුන මෙි ගන්ධ කුටිය තුල උන්වහන්සේගේ රූපකාය මට මැවි පෙනෙන්නට විය.ඒතරමටම සංවෙිදි බවක් මට දැනුනා...සමිමා සමිබුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්වයින් වෙත කරුණාවෙන් හිමිදිරියේ අවදිවි ලෝකය බලා වදාලෙ මෙි ගන්ධකුටියේ සිටනේදැයි.....මට ඇතිවුන හැගිමි කියා නිමකල නොහැකිය....කොතරමි දර්ශනිය වු සිත්සතන් පහන් කරන චිත්ත රූප මට මැවි මවි පෙනෙන්නට විය.කුටියේ ඉදිරිපස ඇති කොටසෙ සිට පැමිණෙන්නන් සමග කතාබහ කල හැටි.......සක්මන් කල හැටි......ආදි වු විචිතු වු දර්ශනයන්ගෙන් මගේ සිත පිරි සැනසි යනු මට දැනිනි.



අසිරිමත් වු ඒ ගන්ධ කුටිය අසලම පිහිටියේ  ආනන්ද තෙරුන් වැඩසිටි කුටියයි.සැරියුත් තෙරුන් මුගලන් තෙරුන් අංගුලිමාල තෙරුන් සිවලි හාමුදුරුවන් මෙන්ම රාහුල හිමි පුතිගත්ත තෙුරුන් ආදි වු මහරහතන්වහන්සේලා වැඩ සිටි කුටිද යාබදව පිහිටා ඇත.සීවලිමහරහතන්වහන්සේගේ කුටියෙ ගඩොල් ගලවා ගෙන යන්නට තරමි මිනිසුන් නොමනා වි ඇති බව ඔබට පෙනෙයි.





පටාචාරාවන් දරුදුකින් මෙන්ම ස්වාමියා දෙමවිපියන් වියොවින් වැලපෙමින් පැමිණෙනවිටත්,කොසොල් රජු,අනේපිඩුසිටුතුමා,ධර්මකතා ශ්‍රවණය කරන්නට පැමිණෙන විටත් ,චිංචිමානවිකාව බොරු චෝදනා කරන්නට පැමිණෙන විටත් බුදුරජාණන්වහන්සේ වැඩ සිටි "දමිසභාමණ්ඩපයට"යි අපිදැන් යන්නෙ.බුදුකුටිය අසල ඇති මෙහි කොපමණ වු ධර්මස්කන්දයක් දේශනා කලාදැයි මට සහිපත් වුනා.මිනිසුන්ගේ ආත්මකතා,මෙන්ම බුදුහිමියන්ගේ පෙරබව කතා ආදිවු විචිත්‍ර ධර්මදේශානා මෙහිදි පවත්වුබව අපි  අසා ඇත්තෙමු.එවන් ස්ථානය සැබවින් මම දැන් සිටිනවා නේදැයි සිතෙන විට ඇතිවන චිත්ත ප්‍රීතිය.........වචනයෙන් විස්තර කල නොහැක.
දමිසභාමණ්ඩපය



රහතක්වහන්සේලාගේ කුටි
දෙව්දත් පොලොව පලාගෙන ගිය ස්ථානය
දෙවිදත්  පොලොව පලාගෙන ගිය ස්ථානයෙ අද දකින්නට ලැබෙන්නෙ විශාල වතුර වලකි.මෙහි කිසිම ජලජ පැලෑටියක් වැවෙන්නෙ නැති බවත ,කිසිම සතෙක් ජලය පානය කරන්නෙ නැති බවත් එහිදි දැනගන්නට ලැබුනි.චිංචිමානවිකාව පොලොව පලාගෙන ගිය ස්ථානයද මෙි අසලම පිහිටා තිබෙි.මෙි සියලුම වන්දනාවන් ඉවරවනවිට සැන්දැ කලුවර වැටෙමින් තිබුනි .නැවතත් අපි ලංකාරාමය බලා අාෙවමි.ගංග මිස්ට ඇපැල් ගන්නට ඔන වුනා.ඇපල් දෙලුමි ඔින තරමි ගන්නට තියෙනව. ලංකාවෙන් යන අය මෙිව ගන්නෙ නැහ .ලෙඩ වෙයි කියල බයට. සමහර විට ඒක ඇත්ත වෙන්න පුලුවන්.හුගදෙනෙක් යන්නෙ දුවිලි ගතිය තියෙන කාලයෙ ඒ දුවිල්ල වැදුන පළතුරු කෑවම ලෙඩවෙනව ඇති.දෙ සැමිබර් 25 වැනිද උදේ රැයින් යලිත් අපි ගමන ආරමිභ කලා.දිල්ලිය තෙක් මෙි ගමන අපි වාහනයෙන් යනව. දෙසැම්බර් 25 වැනිද රාත්‍රි වාහනය ආපසු බරණැස බලා පිටත්විය යුතුයි.

Saturday, June 2, 2012

අපි ගිය දඹදිව චාරිකාව ......කොහොමදැයි බලන්න....16

නේපාල් වලින් පිටත්වෙලා  යන මෙි ගමන කි.මී.450 පමණ දුරක් ගෙවා දැමිය යුතුයි.සැවැත්නුවර හෙවත් ශ්‍රාවස්තිය අපිට ඉතාමත් හුරුපුරුදු බවක් තියෙනව.බෞද්ධ අපි නිතරම ජෙතවනාරාමය ගැන අහල තියෙන නිසා මෙි හුරුබව දැනෙනව.බුදුහාමුදුරුවෙ ජෙතවනාරාමයෙ සිට ධර්‍මය දේශනා කල හැටි පොතපතින් කියවන විටදි හිතේ ඇදි චිත්ත රූප සැබෑලෙසින් දකින්නට ලැබෙන මෙි අවස්ථාව ගැන මගේ හිතේ සතුටක් ඇතිවෙමින් තිබුන.අපිනැවතත් නේපාල් දේශසීමාව පසුකරමින් සිටිය .මෙතෙක් දැක නොතිබු රටක  පරිසරය මෙන්ම මිනිසුන් දිහාද අපි බැලුවෙ හිතේ සතුටකින් ......අප රටට නුහුරු අපමණ දේ ඔව්න් ගේ ජීවන රටාවන් තුල තිබුන. පරිසරයේ ඇති කටුක බව ගනනකටවත් නොගෙන ඔවුන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යන අයුරු අගය කල යුතුයි.



දැන්ඉන්දියාවට අපි ඇතුලුවෙලා පෙර පරිදිම ලියකියවිලි කටයුතු කරගත්ත.මෙි ඉන්දියාවට ඇතුලු වු විටදි ගත් ඡායාරූපයක්......
නැවතත් අපි ගමනේ යෙදෙනව. සිතල මීදුම නමි අඩුවක් නැහ.නේපාල් වලදි හදාගත් තේ පානය කරමින් සීතලෙන් ගැලවෙන්න උත්සාහ කලා. පාර දෙපස පරිසරය කෙත්වතු මෙන්ම කුඩා ගෙවල් වලින් යුක්තයි .ඒවා පසුකරමින් ඉදිරියට යන අපිට තවමත් ඉර එලියක් දකින්නට ලැබුනෙ නැහ.ලංකාවෙ තියෙන වගෙ අවිවක්  තවම අපිට දකින්නට ලැබුනෙ නැහ.සීතල කාලෙ හැටි එහෙමයි.ඒත් රස්න කාලෙට මෙහි අනෙක් පැත්ත .බුද්ධගයාවෙි සිටින රාහුල හාමුදුරුවන් ඊයේ මා සමග කතා කලා.රස්නය තදින්ම දැනෙන බව කීව.ඒ අතර දුවිලි කුණාටුවකින් මුලු පරිසරයම වැසි ගිය බවත් පැවසුව.ලංකාවෙන් වන්දනාකරුවන් මෙි කාලයේ යන්නෙ නැහ.වෙනත් යුරෝපිය රටවල සුලු පිරිසක්  පමණක් පැමිණෙනව.දැන් ඉන්දියාවේ නිවාඩුකාලෙ .පාසල් නමි මාස තුනක් පමණ නිවාඩු .දැන් ඉන්දියානුවන් බුද්ධගයාවට පැමිණ නොයෙකුත් පුද පුජා පවත්වමින් සිටිනව.
                                   අතරමගදි අපි දහවල් අහාරය ගත්ත.ඒ කෑමත් සීතකරණයක තිබිබ වගෙ තමයි.ඒ නිසා රාජුට අපි කියනව රත් කරන්න කියල .රාජු නමි වැඩි කැමැත්තක් නැහ.ඒ මොකද සියලුම බඩු වාහනයෙන් බිමට ගන්න ඔින නිසා.බැහ කිය කියා කෑම ටික රත් කරල දෙනව.අතරමග හමිබවෙන කඩමණ්ඩියකින් පලතුරක් අරගෙන කන්නත් අපි කටිටිය ට අමතක වෙන්නෙ නැහ.වැඩිපුරම නෙල්ලි තමා ගන්නෙ .එහෙ නෙල්ලි ගෙඩියක් අපේ රටෙි දෙහි ගෙඩියක් විතර ඇති.පලතුරු කාල ඉවරවෙනකොට තවත් කෑමක් ....ලංකාවෙන් ගෙනියපු මුරුක්කු පැකටි ඉවරයක් කරන්නත් ඔිනනෙ .ඒව ආපසු අරන් එන්නයැ. කකා බිබි ගමනෙ යෙදෙන මෙකත් අපේ බසි්න කියනව නමි .....හරිම ජොලි..... වෙලාව නමි හිතාගන්නත් බැහ .අපි ලංකාවෙ නමි වෙලාව හිතාගන්නෙ අවිව බලලනෙ.අදුර වැටෙනකොට තමයි රෑෙවිගන එනව කියල දැනගන්නෙ.දැන් දැන් අදුර ලගාවෙමින්.......තව ගොඩක් දුර යන්නත් තියෙනව.කාපු බීව හැටියට සමහරකට නිදිමතත් ඇවිත් වගේ.........නින්දත් නොනින්දත් අතරෙ මෙි අය ලංකාව ගැන හිතනව ඇති ..විශේෂයෙන් තමර නංගි ට මතක් වෙනව දරු දෙන්න.....රෑ වෙන්න වෙන්න වාහනයෙ වෙිගය අඩුකරන්න වෙනව මීදුම අතරින් වෙිගෙන් යන්න අමාරුයි.මනෝජ් නමි කිසිම මහන්සියක් නැතිව වාහනය එලවනවව.
දැන් නමි සැවැත්නුවරට ඇවිත් .ලංකාරාමය අසල තමයි අපි ඉන්නෙ ..පාලු බවක් තියෙනව.පන්සලට ඇතුලුවන තැන විශාල ගෙටිටුවක්  වාහනය නතරකරල අපේ අය කියනව වාහනය ඇතුලට ගන්න කියල .මනොජ් කියනව ඇතුලට ගන්න දෙන්නෙ නැහ කියල.මනෝජ් හරි........අපි නිදිමතේම බඩුපොදි තුරුලු කරගෙන ඇතුලට ගියා. කාමර දෙකක් ලැබුන.ටික වෙලාවකින් අපි සියලුම බඩු වාහනයෙන් අරගත්ත.කාටත් බඩගින්නකුත් දැනෙනව .ඒත් ගමන් මහන්සියත් නැතිවට නෙමෙි..රාජුටත් මහන්සි ඇතිනෙ...තියෙන දෙයක් කාල නිදාගනිමු......හැමොටම අවශ්‍යවෙලා තිබුනෙ නිදාගන්නයි.ඉන්දියාවෙ ගතකරන තවත් එක් රාත්‍රියක්  නිමාකරන්න මෙන්ම ,සිතේ පිරුණු විහාල සතුටකින් නිදිසුව ලැබුව.
 මට නමි නින්ද ගියේ නැහ.පුංචි පුංචි ගැටලු කිපයක් නිසා .......නැගිටින්නත් කමිමැලියි  ...තේ ලැහැස්තියි. වෙලා ගියොත් නිවෙනව.මාල මිස් කතාකරනව....තේ එක නිවුනොත් ..ඒකත් කරදරයක් ආයිත් රත්කරන්නයැ...හනි හනික අපි බාත්රූමි හොයගෙන දුවනව..ඉක්මන් කරන්න.උදේ කෑම කාල අපි තැන් කිහිපයක් තියෙනව බලන්න යනව. වාහනෙන් යන්නෙ ලැහැස්ති වෙලාව එන්න .මාල මිස්ගෙ හඩ ආයෙත්......යමිතමි අපේ කාමරයෙ හතරදෙනා එලියට ආව.කෝ අපිට කිවිවට එයාලැ තවම නිදි වගේ .විජේරත්න අයිය මොනව හරි කියනව.සෝමලති නංගි නමි මුලින්ම සුදානමි වෙලා .ගංග මිස්ලගෙ කාමරයට ඔලුවදාල බැලුව.ගංගමිස් තවම ඇද උඩ....අපි යමු.....මනෝජ් වාහනය ලග නැහ......යාලුවො හොයාගෙන..තමන්ගෙ රටෙි කොතනත් යාලුවෙ ඉන්නවනෙ. අනේපිඩු සිටුතුමාගෙ මාලිගාව තිබුන තැන තමයි අපි මුලින්ම බලන්න ගියේ...රන් කහවනු බිම අතුරල ජේත කුමාරයාගෙන් ඉඩම මිලදි ගත්තෙ ජේතවනාරාමය හදන්න.....පොතපතින් කියවල තියෙනවනෙ. මම දැන් කණගාටුවට පත්වන්නෙ ඒ ස්ථානය ඡායාරූපයක් මා සතු නොවන නිසයි.විශාල ධාන්‍යාගාරයක් සහිත ඒමාලිගාව තුල කොතරමි දාන මාන පිරිනමන්න ඇතිද?අනේපිඩු සිටුතුමාගේ වත්කමි ගැන බෞද්ධ සාහිත්‍යයේ සදහන් ජේතවනය මිලදි ගැනිමෙි ගනුෙදණුව තුලින්ම දැනගන්නට පුලුවන්ය.



 මෙි ස්ථානය අංගුලිමාල පිරිත දේශනා කල තැන ලෙස හදුන්වයි.ඇතුලට යන්නට නොහැකි ලෙස ආවරණය කර තිබු නිසා ඡායාරූපයක් පමණක්  ගත්තෙමි.

නැවත අපි ආපසු පැමිණෙද්දි මනොජ්ට පුර්වාරාම බලන්නට යන්නට අවශ්‍ය බව පැවැසු විට මනොජ් කියා සිටියේ කිලෙි මීටරයක් පමණ යායුතු වුවත් ඒ දුර වාහනයකට යානොහැකි බවයි.වාහනයෙන් යන්න පුලුවන් ප්‍රමාණය  ගොස් මනෝජ් නතරවුනා.පාර දෙපස වෙල්යාය. පටු පාරක් වු එය ඇත්තටම වාහනයක් හරවගන්නවත් තැනක් නැහ.කමතක් කිවහැකි තැනක තමයි වාහනය නතර කලේ .දෙපැත්තෙම ගෙවල් ......කිලිටි ඇදුමි ඇදගත් ලමයි රොත්තක් අපිව වට කරගත්ත.ආපසු හැරෙන්නවත් බැහැ.පුර්වාරාමය .....පුර්වාරාමය කියල අපි කියනකොට අපිව මැදිකරගත් ඒ ලමයි ඉස්සරහ පෙන්නුව......අපේ එක් එක් කෙනා ලග ලමයි දෙතුන් දෙනෙක් ......සබන් ...විස්කෝතු.. ගෙනාව....සබන් දෙන්න....සබන් තියෙනව...මෙි විදිහට සිංහලෙන් කිය කියා අපි පස්සෙන් එනව.ගෙවල් අතරින් තියෙන පාරදිගේ අපි ඉදිරියට යනවිට ගෙවල්වල අය පාරට බැහල දැන් අපි පස්සෙන් ....සමහරක් සබන් ගන්න කාසි ගන්න රණ්ඩු...පොටෝ එකකවත් ගන්න කැමරාව එලියට ගන්න බයයි.උදුරගෙන යයි කියල.ඇතුලට ඇතුලට යනව....කෙලවරක් නැහ.අපි කරගත්  මෝඩකමක තරම...මෙි ලමයි අපිව කොහෙ ගෙනියයිද ...අපි ලමයින්ට බයෙන් හිටියෙ.ඊටත් වඩා එක්එක්කෙනා පොරකනව දෙන දේවල් ගන්න.ගියා නෙමෙි දිවිව අදටත් මතක්වෙන කොට බයයි..ටකරන් වලින් අහුරල තිබුන තැනක් තමයි පන්සල කියල තියෙන්නෙ.අපි එහි යන විටපිරිමි ලමයි දෙන්නෙක් හිටිය.තවත් තැනක සිව ලිංගය සහිත පුද පුජා පවත්වන තැනක් ....ටික වෙලාවකින් හාමුදුරු කෙනෙක් වැඩිය..ඉන්දියන් කෙනෙක්.....අපට වාඩිවෙන්න සලස්වල පන්සිල් දිල...කතාබහ කලා . මිගාරමාතාව පුජ කල පුර්වාරාමය පිහිටා ඇත්තෙ මෙතැනයි.නමුත් දැන් සියල්ල නටබුන් වෙලා .දැනට මෙි ස්වාමි්වහන්සේ බුද පිලිමයක් තැන්පත් කරල ස්ථානය නගාසිටවන්න උත්සාහ කරනව.ඒ සදහා ලංකාවෙන් අධාර ලැබෙනව.එනයන අයගෙන්ද ආධාර බලාපොරොත්තු වන බව කිව.අපේ අයත් ඒ සදහා ආධාර කලා.වැදපුදා ගැනිමෙන් පසු නැවතආපසු ගමන් ඇරඹුව.පෙර පරිදිම ලමා කණ්ඩායමට මැදිවුනා.එක ගැහැණු ලමයෙක් මාපස්සෙන්මයි....මහා රානි සබන් දෙනව ....කාසි දෙනව......තොරතෝණ්චියක් නැතිව අහනව..දෙන්න අපි ගෙනගියෙත් නැහ. නැහ කිවට තේරෙන්නෙත් නැහ.කොහොම හරි බෙිරිලා වාහනයට ඇතුල්වුනා.කිසිම දෙයක් නොලැබු ඒපරාජිත මුහුණු අදටත් මට මතක් වෙනව.දරිද්‍රාතාවයෙන් පෙලෙන මෙි ජිවිත කොයිතරමි දුකක් විදිනව ද කියල හිතුන .ඒ නිසාම ඉතාමත් අපිරිසිදු ලෙස ජීවත්වෙන්නෙ. මෙවැනි අත්දැකිමක්  සමග අපි පන්සල වෙත ආපසු පැමිනියා. දහවල් අහාරයෙන් පසු ජේතවනාරාමය වැදපුදා ගැනිම ඊලග කාර්ය වුනා .දගවල වෙද්දි මෙතෙක් නුදුටු අවි රැල්ලක්ද වැටෙමින් තිබුන.


Friday, June 1, 2012

අපිගිය දඹදිව චාරිකාව කොහොමදැයි........බලන්න..15

අපි දැන් මෙි යන්නෙ කපිලවස්තු නරඹන්නයි.ඒත් කාලවෙලාව අනුව එහි තියෙන සියලුම දේවල් බලන්න ලැබෙන්නෙ නැහ . රජමාලිගාව පමණක් බලන්නයි අදහස.අපි බුද්ධාගම ඉගෙන ගන්න කාලේ සුද්ධෝදන රපමාලිගාව ගැන විස්තර කියෙවිවනෙ.ඒ වෙලාවෙ මනසින් දුටු මෙි දේවල් නටබුන් වුවත් සැබෑවට දකින කොට ඇතිවෙන හැගිම ..........ඔයාලත් හිතල බලන්න .......කවදාහරි දවසක ඒ හීනය ඔයාලත් සැබෑ කරගන්නකියලයි මගේ ඉල්ලීම........ 75ක් 100ක් එක්ක මෙි ගමන යනවට වඩා අපිගිය ගමන හරිම නිදහස්.ඒ වගෙ ගමනක් සංවිධානය කරගෙන යන්නට හැකිවන අයුරින් තමයි කාටත් දැනගන්න ...... මෙි සටහන ලිවිමෙි අරමුණ... අද මැයි27 වැනිද අපේ හිතවත් වීරතුංග මහතාත් නුවන් මහතාත් මා සමග කතාකලා.නිවාඩුවකට ලංකාවට ඇවිත්. වීරතුංග මහතා කියන්නෙත් අපිගිය ගමන තමයි හොදම ක්‍රමය කියල.ඒ මහතා සමග රූපවාහිනිය මගින් කල වැඩසටහනක් පොසොන් පොහොයට පෙන්වන බවත් කිව.
                              ඉතින් අපි සරුසාර කෙත්වතු පසුකරමින් ගමනේ යෙදෙනව...මට මතක් වෙන්නෙ වප්මගුල...පාර දෙපැත්තෙම කුඹුරු යායවල් ගොයමි වගෙම් දැන් අබ වගාවත් ජයටම කරනව.පේන තෙක්මානය කොලපාටින් ගොයමි පැල සුලගට වැනෙනව.රජකාලේ කොයිතරමි සශ්‍රික වෙන්න ඇතිද? වප්මගුල සිදුවුනෙත් මෙි කුඹුරු යායෙද?....විජේරත්න අයිය  සුද්ධෝදන යුගයට ගිහින් වගේ... කාටත් එහෙම හිතෙනව .වප්මගුලක් පවත්වන්න තරමි විශාල කෙත් යායක් එහි තියෙනකොට එු ප්‍රශ්නය නොඅසාම බැහැනෙ. ඔවි..ඔවි..මෙි තියෙන්නෙ මාළිගාව අසල තියෙන කුඹුරුු යාය..මෙිකෙ තමයි වප්මගුල පවත්වල තියෙන්නෙ.ඔන්න අහක බලාගෙන ගිය අයත් කුඹුරු යාය දිහා දෑස් යොමුකලා....




රජ මාලිගාව පැවති භුමියේ ගොඩනගා ගත් කෝවිලක්


පසු කලෙක සැදු සුදොවුන් රජ සහ මායාදේවිය ස්තුප 


අපි කටිටිය ඇදුමි වලින්ම පේනව නේද සීතල කොහොමද කියල

හිනාවෙිගන ඉන්නෙ මාධව    

මාධව නේපාල ජාතිකයෙක්.මෙම ස්ථානයේ භාරකරත්වය දරන්නේ මාධවයි.ඉතාමත් ප්‍රසන්න හිනාවකින්  ආගන්තුක සත්කාරය ලබාදෙනව.අපත් සමග ගමන් කරමින් මෙහි සියලුම විස්තර පෙන්වා කියා දුන්නෙ මාධවයි.අපේ ගමන් මාර්ගය නොවුනත් මෙි පැමිණි ස්ථානය දැක ගැනිමෙන් පසු එහි වටිනාකම කොතරමිදැයි සිතුනි.තවත් බොහෝ තිබුනත් කාලවෙලාව මදිකම ගැන මම පසුතැවුනෙමි.මෙහි තිබෙන කෞතුකාගාරය බැලිය යුතුම ස්ථානයක් බව වීරතුංග මහතා කීවත් අපට එහි යන්නට නොහැකි විනි.එදා කෙසේ හෝ සැවැත්නුවරට යායුතුය.එසේ නොවුනා නමි අපේ දින ගනන අනුව තවත් ස්ථානයක් බැලිමට නොහැකිවෙනු ඇත.
මාධව හා ඔහුගේ සහායකයාගෙන් සමුගෙන නැවතත් අපි ගමන් ඇරමුවෙමු. වීරතුංග මහතා සහ නුවන් මහතාව අතරමගින් දමා යායුතු ය.ඔවුන් දෙදෛන එතැන් සිට බස්රියකින් ගමන් කරන බව පැවසිය.මෙි සුහද හමුවෙන් සමුගෙන අපි සැවත් නුව ර බලා ගමන් ආරමිභ කලෙමු.

Sunday, May 27, 2012

අපි ගිය දඹදිව චාරකාව .........කොහොමදැයි බලන්න..14


සිදුහත් කුමරුගේ උත්පත්තිය සිදුවු ලුමිබිණිය වන්දනා කිරිම සදහා අපි ගමන් ආරමිභ කලා.අපි නේපාල දේශසීමාවට ඇතුලුවන විට සැදෑ කලුවර ලගාවෙමින් තිබුන.හැකි ඉක්මනින් මහාබෝධි පන්සල වෙත යා යුතු නිසා ත් රාත්‍රියට මීදුම අධික නිසා වාහනය වෙිගයෙන් යෑමට නොහැකි නිසාත් අපේ රියදුරු මනෝජ් ගමන ඉක්මන් කලා.දහවල් ආහාරය ගන්නා විට හවස් වී තිබු නිසා අතරමගදි නොයෙකුත් දේවල් කන බොන නිසාත් එතරමි කුසගින්නක් දැනුනෙත් නැහ.ටික දුරක් යන විට රාත්‍රිය උදාවෙලා.කි.මී.හත අටක් දිග පාලමක් පසු කරමින් අපේ වාහනය ඉදිරියට ඇදුන.ඉන්දියාවෙ පාළමි ඒ තරමටම දිගයි. ගිය සැරෙත් මට මෙි පාළම දහවල් දකින්නට ලැබුනෙ නැහැනෙ ......කියමින් මාලා සේනානායක කලුවරෙම පාළම දෙස බලමින් පසුතැවුන.පාර දෙපැත්තෙ ඇති තෙක්ක වතුයායත් කි.මී. දහයක් විතර පැතිරිලා තිබුන.වාහන එලිය ඇරෙන්නට වෙනත් එලියක් අපට දකින්නට ලැබුනෙ නැහ.නේපාලය පුරාම තිබුනෙ කලුවර පමණයි.මට නමි යන්නෙ කොහෙද කියල හිතාගන්න්ත් බැහ.ගෙදරටවත් ඇමතුමක් ගන්න ඔින කියල හිතල දුරකතනය  අතට ගත්තත්  ඒකත් වැඩකරන්නෙ නැහ.අපි එයාර්ටෙල් පාවිචිචි කලත් නේපාලයෙදි සිග්නල් නැහ.විශාල ගේටිටුවක් තියෙන මුරකුටියක් ලග මනෝජ් වාහනය නතර කලා.ලයිටි එලියක් වත් නැහ.අපිටත් පුදුමයි......මෙතරමි ආරක්ෂාකාරිව ඇතුලුවිමි කලත් ...ලයිටි එලියක් වත් නැහ.අපි ලග තිබුන විදුලිපන්දමක් අරගෙන ගංගමිස් වාහනයෙන් බැහල අවශ්‍ය කරන ලියකියවිලි පෙන්නල අවසර ගත්ත.දැන් අපි පාරක් දිගේ යනව.........පන්සල හොයාගන්නත් එපැයැ.....අපේ වාහනයෙ එලියෙන් පාර දෙපස තියෙන දැන්විමි කියව කියව යන විට මෙි තියෙන්නෙ මහාබෝධි පන්සල......හිතට සහනයක් ලැබුන ...විශාල ගෙටිටුව.....ඉබියතුර දාල වහල ..දැන් මොකද කරන්නෙ.......රාජුට කිවිව ගෙටිටුව ශබිද කරලවත් කවුරු හරි ගෙන්න ගන්න බලමු කියල........ඒත් පන්සලෙ කිසිම එලියක් පේන්නතිබුනෙ නැහ.විනාඩි පහක් දහයක් අපි විවිධ අයුරින් අප ආ බව හැගෙවිවත් කවුරුවත් ආවෙ නැහ. සමහර විට ස්වාමින්වහන්සේ ලංකාවට වැඩමකරල ඇති කියල අපි තිරණය කලා .එත් ලයිටි එලියක් පේනතෙක් මානයක නැහ.දෙපැත්තෙම ගස්කොලන් විතරයි  තියෙන්නෙ .විශාල කැලෑවක් වගේ තමයි අපි දකින්නෙත්......හැමොම බයෙන් වගේ ..රාත්‍රදය කොහෙ ගතකරන්නද?....අපි වාහනයෙ නිදාගනිමු ......කෙනෙකුගෙ අදහස.. එහෙම කීවට නවාතැනක් ගැන සිහින දකිමින් ඉන්නෙ.....තව ටිකක් ඉස්සරහට ගිහින් වෙන තැනක් වත් හොයගනිමු...........තීරණයකට ආව....මනෝජ් වාහනය ඉදිරියට ගෙනියනව....ටික දුරක් යනවිට ....තවත් පන්සලක් තියෙනව..මියන්මාර් පන්සලක්  මෙිවෙලාවෙ විදිහට එකත් මදැ......තවත් වාහන දෙක තුනක් නවත්තල තිබුන .ඒ නිසා මනොජ් වාහනය ඇතුලට දැමිම.රාජු තමයි අපේ භාෂා පරිවර්තක.....ඒකත් වැඩක් වුනේ නැහ....වෙනත් රටවල අයට නවාතැන් දෙන්නෙ නැහ.. මනෝජ් වාහනය අරගෙන තවත් ඉදිරියට යනව....ටිකදුරක් යන විට ලංකාවෙ ක්‍රමයට වටෙි ආවරණය කලතැනක් දකින්නට ලැබුන.ඒත් ඉතින් කලුවරේ නමි වෙනසක් නැහ. කොහොම හරි එහි භාරකාරත්වය අපි ගැන අනුකමිපා කරල එදා රාත්‍රිය ගතකරන්න පහසුකමි නොසිතු ආකාරයට ලබාදුන්න .ඒවෙලාවෙ තමයි දැනුනෙ වෙනත් රටකදි තනිවුනාම ශ්‍රීලාංකිකයෙක් තමයි පිහිටට එන්නෙ කියල. හරියට නෑදෑගෙදරකට ගියා වගේ හැගිමකින් අපි එදා රාත්‍රිය ගත කලේ .ආගන්තුක සත්කාරය නොඅඩුවම ලැබුන.නේපාලයෙ පැය ගණනක්  විදුලිය විසන්ධි කරනව.රාත්‍රි හතේ සිට අටවන තුරු පැයක්ද රාත්‍රිකාලයෙත් විදුලිය කපා හරිනව අපි නේපාලය පුරාම කලුවර දැක්කෙ එනිසා බව අපේ හිතවත් වීරතුංග මහත්තය පැවසුව.පසුදා උදේ නමි දැක්කෙ ලස්සන පරිසරයක් ගස්කොලන් වලින් වටවුනු ස්වාභාවික පරිසරය හරිම ලස්සනයි.හැම බෞද්ධ රටකටම වෙන්වු ඉඩමි ප්‍රමාණයක් මෙහි තියෙනම .ඒ අනුම ලංකාවට අයිති කොටසෙ ලංකාවෙ පන්සල් පිහිටා තිබෙනව. පසුදා උදේ අපි පන්සලේ බුද්ධපුජා වන්දනාව කලා.වීරතුංග මහත්තය ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු අපිට පිලියෙල කර දුන්න පමණක් නොවෙි ස්වාමින්වහන්සේ නමක් ලෙසින්ම අපව පංචසිලයෙහි පිහිටුවල පිරිත් කියල වන්දනා කෙරෙවිව.ඊට පස්සෙ අපි ලුමිබිණිය වන්දනා කරන්න පා ගමනින් ගියා.අප සමග වීරතුංග මහත්තයත් සහභාගිවුනා.



සිදුහත් කුමරුව ස්නානය කල පොකුණ. බෞද්ධ පොතපතේ සදහන්වෙන පරිදි උණුදිය සහ ඇල් දිය ලිං දෙකක් මෙම පොකුණ තුල ඇතිබව නේපාල පුරාවිද්‍යාවෙන් දැන් සොයාගෙන ඇති බව වීරතුංග මහතා අප සමග පවසා සිටිය.

අශෝක ස්ථමිභය

මහමායා දේවිය හා සුද්ධෝදන රජු වෙනුවෙන් පවත්වන පූජාවක්

ලුමිබිණි උද්‍යානයේ ඇති සල්ගස මෙිවා ලංකාවෙි ඇති සල්වලට වඩා වෙනස් වර්ගයකි දැනට මෙහි සල් ගස් දෙකක් පමණක් ඉතිරිව ඇත.
මහාමයා දේවියගේ පා සටහනක් මතුකර ගෙන ඇති මුත් එය ඡායාරූප ගන්නට නේපාල ආරක්ෂකයින් ඉඩ නොදෙයි.ඇතුලත කිසිවක් සේයාරූ කරන්නට නොදෙන අතර එසේ කර අසුවුවහොත් කැමරාව නොදෙන බව පැවසු නිසා වන්දනා කිරිම පමණක් කලෙමු.
ලුමිබිණිය වන්දනා කිරිමෙන් පසු අපි සැවැත් නුවර  බලා පිටත්විය යුතුව තිබුනත් වීරතුංග මහත්තය අපිට කියා සිටියෙ කපිලවස්තුනුවරත් බැලිම හොද බවය.අපේ ගමන් මාරගයේ වෙනසක් වුනත් කපිලවස්තු බැලිමට කවුරුත් කැමති විමෙන් පසු පසුදා අපි කපිලවස්තු බැලිමට පිටත්විමු.වීරතුංග මහතා මෙන්ම නුවන් මහතාදඒ ගමනට අප සමග එක්විම අපට පහසුවක් විය.අමතර ගමන් මාර්ගයක් නිසා රියදුරු මනෝජ් වැඩිකැමැත්තක් දැක්වුයේ නැත.ඒත් අපේ ඉල්ලිම නිසා කපිලවස්තු බැලිමටඔහු එකග විය.නටබුන්ව ඇති සුද්ධෝදන රජ මාළිගාව නේපාල පුරාවිද්‍යාව මගින් කැනිමි කර මතුකරගනිමින් පවති.මෙි ගමන් විස්තරයත් සමගින් නැවතත් ලියන තුරු කියවන ඔබ සැමට ස්තුතියි.

Friday, May 25, 2012

අපිගිය දඹදිව චාරිකාව කොහොමදැයි.....බලන්න....13

අපි ගිය දඹදිව චාරිකාව ඉතිරි කොටස් ලියන්නයි සුදානම .කාලය ටිකක් ගෙවිල ගියාට සමාවන්න. එක එක හේතු නිසා ලියන්න පරක්කු වුනා .තාක්ෂණික හේතුත් බලපෑව. ඔන්න දැන් අපි කුසිනා පන්සලේ රැය ගතකරල පිරිවන් මංචකය වැදපුදා ගන්න යන්නයි සුදානම නැවත කුසිනා පන්සලට එන්න නැති නිසා බඩුබාහිරාදියත් අරගෙනම තමා යන්න වෙන්නෙ.ඒකත් ලෙහෙසි නැහ. සියලුම දේ අසුරා ගන්නත් ඔනනෙ.... තම තමන්ගෙ බෑග් සකස්  කරගෙන වාහනය ලගට ගෙනාව. ඒ විතරක්යැ කුස්සියත් අරගෙන එන්න එපැයැ.රාජු ලමය ඒ වැඩය කරනව .ගෑස් ලිප හටිටි මුටිටි එලවලු පිහි   මෙි කී නොකි දැ රාජු ගෙනවිත් වාහනයට දමනව.එකක්වත් අඩුවුනොත් ගංගා මාතාවගෙන් බෙිරෙන්න බැරි විත්තිය රාජු දන්නව.එතකොට රාජු කියන්නෙ නෝ ප්‍රොබිලමි මමී.......ප්‍රශ්න නහී......හරි...හරි..සිංහල ඉංග්‍රිසි හින්දි කලවමි වෙන කොට ගංග මිස්ට තරහ අමතක වෙනව .අපි ගතට දැනෙන සීතල මකාගන්න හිනාවෙනව......ගමන විනෝදයි...සාධුකාර නැතත් සෙමින් සෙමින් වාහනය ඉදිරියට ඇදෙනව..නැවතත් කුසිනා පන්සල දෙස හැරි බැලුවෙ ආයිත් කවදා හරි දවසක එන්නමි කියල හිතාගෙනයි.අපි හැමෝම එහෙදි හිතුවෙ කවදා ලංකාවට යමිදෝ ..කියලයි විශේසයෙන් තමර  නංගි තමයි......දරුදුක ....විප්පයෝග...ඒත් ලංකාවට ඇවිත් මාසයක් විතර ගිය තැන ඉදල හිතන්නෙ ආයිත් කවදාද  ඉන්දියා යන්නෙ කියලයි ......ඒ තරමටම හදවතට සමීපවු ගමනක්....
සීතල මීදුම පරිසරය වසාගෙන පැතිරිලා .......ඒ අතරින්ඉදිරියටයන වාහනයට ඇතුලෙ අපි සිතලෙන් මිදෙන්න උත්සාහ කරනව.දැන් උදේට කන්නෙ කොහෙදීද?ප්‍රශ්ණයක්......මෙි වගේ ප්‍රශ්ණවලට විජේරත්න අයිය නිතරම  පිලිතුරු සොයනව.නොයෙකුත් කතාබහ අතරින් ...... අපි පිරිනිවන් මංචකය අසලටම ඇවිත් ......සිත දුකෙන්දෝ කියල මට හිතනෙව...ඒ තරමටම සංවෙිදි තැනකට අපි යන්ෙන .සමිබුදු පියාණන් පිරිනිවන් පෑ ස්ථානය......
පිළිමවහන්සේ ලග අපි විනාඩි කිහිපයක් රැදි සිටියෙමු .බුදුපියාණන්වහන්සේගේ ශ්‍රීදෙපතුල ලගවැද වැටි නමස්කාර කෙලෙමු.මෙම පිළිම වහන්සේ නිර්මානකරු බුදුරදුන්ගේ සෑබෑ ස්වරුපය ඉස්මතුකර දැක්විමට උත්සාහ කර ඇත.වයසට ගිය ශරීරය මෙන්ම පාගමනින් වැඩමකිරිමෙිදි දෙපතුල් පිපිරි ඇතිවු තුවාල සලකුණුද දකින්නට හැකි අයුරින් නෙලා ඇත.
ඊළගට අපි යායුතුව ඇත්තේ ලුමිබිණිය වැද පුදාගැනිමටයි.තවත් කිලෝ මීටර් සියගණනක් දුර ගෙවා නේපාලයට ඇතුලුවිය යුතුය.සවස් කාලය වනවිට අපි නේපාලයට ඇතුලුවන දොරටුව වෙත ලගාවි සිටියෙමු.ඉන්දියාවට අයත් සීමාව තුල වාහනය නතරකර ඉන්දියාවෙන් බැහැරවන අවසරය ලබාගතයුතුය.ඒ සදහා අපේ ගංග මිසුත් රාජුත් වාහනයෙන් බැස ගියේය.අපිට මෙය අලුත් අත් දැකිමක් වුනා .අපේ රටෙි මෙහෙම බෝඩර් නැහැනෙ.සමහර විට අපිටත් එහෙම වෙන්න තිබුන.අපි වාහනය ඇතුලෙ ඉදගෙනම ඡායාරුපයකුත් ගත්ත.

ටිකවෙලාවකින් නේපාලය ඇතුලට ගියා .නැවතත් ගංගමිස් ඇතුලුවිමෙි අවසරය අරගෙන එන්න.නේපාල ආගමනවිගමන කාර්යාලයට ගියා.එතනදිනමි අපටත් වාහනයෙන් බසින්න සිදුවුනා.හැම දේටම මුදල් දෙනව නමි මෙි කටයුතු වෙලා ගතවෙන්නෙ නැහ.අපේ අය පුරුදුකරගෙන තියෙනහැටිතමා.ඒත් ගංගමිස් නමි රුපියලක්වත් නොදි කතාබසින ම මෙිව කරගත්ත.මෙි මිනිස්සු හැමවෙලේම බලන්නෙ සල්ලි ලබා ගන්නයි .කිසිම මුදලක් මෙිවට දෙන්න ඔින නැහ.නිත්‍යානුකූලව තමන් විස ලබාගෙන තියෙනව නමි බයවෙන්න ඔන නැහ.දැන් අපි නේපාලයට ඇතුලුවුනා. ඊට පස්සෙ සිදුවුනු දේවල් නැවතත් ලියන්නමි.

Friday, May 11, 2012

අපිගිය දඹදිව චාරිකාව ......කොහොමදැයි බලන්න 12.....

අවිවෙිකි කම නිසා කාලය ටිකක් ගතවුනා.එකදිගට කියවගෙන ආ අයට බධාවක් වුනා නමි ...... කණගාටුව ප්‍රකාශකරනව.විසාලා නුවරින් පිටත් වි ඒ අවට ඇති දේවල් වැද පුදාගෙන අපේ සුදානම කුසිනාරා බලා යෑමටයි. අප දැනුවත් කිරිමට වැඩම කල පියරතන ස්වාමින්වහන්සේව නැවතත් පන්සල වෙත වැඩම කරවිෙමන් පසු කුසිනා බලා යන්නට වුනා.දැඩි ලෙස සීතල දැනුන ගමන් මාර්ගයක් වුනා. දහවල වුනත් හිරු එලිය මලානික ගතියකින් තිබුන. අවට පරිසරය මීදුමෙන් වැසිල...යන අතරමගදි කේසරි බලන්න යන්නත් පුලුවන් වුනා.බුදුරජාණන්වහන්සේගේගේ පා පහස ලබපු තැනක් ලෙස මෙය හැදින්වෙනව.නටබුන් වු චෛත්‍යයක කොටස් මෙහි දක්නට තිබෙනව.
මෙි ස්ථානය ගැන අපි දැනුවත් නොවුනත් අපේ වාහනෙ රියදුරු මහතාගෙ මගපෙන්විම නිසා එය දැක බලා ගන්නට හැකිවුනා.දෙසැමිබර් 21 වැනිද දවස පුරාම අපි ගමනෙ යෙදුන .සෑම ස්ථානයක්ම සෑහෙන දුරකින් පිහිටා තියෙන නිසා වැඩිපුරම කාලය ගත වුනෙ ගමන් කිරිමටයි.ඉන්දියාවෙ උත්තර පෙදෙස ඉතාමත් දුෂ්කර පරිසරයකින් යුතුයි.ජිවත්වෙන ජනයාද දුක්බර ජිවිත ගතකරන බව අපට දක්නට ලැබුන හැමපැත්තකින්ම දක්නට ලැබුනෙ වගා බිමි ඒවායෙ සිතල නොතකා පොෙලාව සමග ගැටෙන මිනිසුන් නිතර දකින්නට ලැබුන.දහවල් අහාරය අපි උදේ ම සකස් කරගෙන අරගෙන ගියා අතරමගදි හමුවු පෙට්‍රල් ෂෙඩි එකක් අසලදි කෑම කෑව .වැසිකිලි පහසුකමි සපයා ගැනිමෙ අරමුණින් තමයි අහාර ගැනිමට මෙි ස්ථානය තෝරා ගත්තෙ .සවස් වනවිට ගමනින් සෑහෙන දුරක් ගෙවා දමන්නට හැකි වුනා.යන්තමි අදුර වැටෙමින් තිබෙන මොහොතක අපි විශාල ගංගාවක් කිටිටුවට පැමිණෙමින් තිබුන අතර අදුර අතරින් ගිනි ගෙන දැෙවන යමක් අපිට ඇතදි ම දකින්නට ලැබුන කවුරුත් විමසිලිමත් වුනා.ඒ අතරෙ මම ඡායාරූපයකුත් ගත්ත.ඒ සිරුරක් අදාහනය කරන අවස්ථාවක් ........ඉන්දියාවෙ ගංගානමි ගග අසල නිතරම දක්නට ලැබෙන දෙයක් .

මෙම සටහන ලියන්නට පටන් ගත් කාලය තුල එය පලකිරිමට නොහැකි විම ගැන මම කණගාටුවෙනව. කියවන ඔබටත් යමිබාධාවක් වුනා නමි සමාව ඇයැද සිටිනව.දඹදිව චාරිකාව අදටත් මට සුන්දර අත්දැකිමක් ලෙස මතකයේ රැදි තියෙනව.ඒ ගමන ගැන මතකය අවදිකරන සෑම මොහොතකම මට ලැෙබන සතුට කියා නිම කල නොහැකියි.කයින් ලංකාවෙි සිටියදිම සිතින් දඹදිව වන්දනාවෙි යෙදෙන්නට  මම දැන් පුරුදු වෙලා.අපි ගිය ගමන් විලාශය ටිකක් දුෂ්කර වුනත් එහි යමිකිසි වෙනසක් ඇතැයි මට සිතෙනව.දුමිරියෙ ගමන ........සීතලෙ වෙවුල වෙවුලා .... වුනත් ඉන්දියානුවන් සමග එකට එක්වි ගිය ගමනෙ යමිකිසි වෙනසක් දැනුනයි කියා මට හිතෙනව.දැන් දැන් මගෙ හිත කියන්නෙ නැවතත් යායුතුයි කියා.....ඒ සිහිනයත් ඉටුවෙන තුරු මම අසාවෙන් බලා සිටිනව.බුද්ධගයාවෙ වැඩවෙසෙන රාහුල ස්වාමින්වහන්සේ නිතරම මා සමග ස්කප් මගින් කතා කරන නිසා ඒ ගමන පිළිබද තොරතුරු ලබාගන්නත් දැන් හැකියාව ලැබිල තියෙනව.ඉතින් අපි කුසිනාරා පන්සලට යන විටදි රාත්‍රිය උදාවෙලා .එදා රෑ අපි පන්සලේ ගතකලා.
නැවතුන පන්සලල
අපට කෑම හැදු ඉන්දියානු රාජුජු
රාත්‍රි කෑම සකස්කරනව         
අපි එදා රාත්‍රියෙ පාන් තමයි කෑවෙ ඒකට කරියක් හදන්න මගදි ග්‍රීන්පීස් මිලදි ගත්ත .ඉන්දියාවෙ ග්‍රීන්පීස් ලාබයි.ඉන්.රුපියල් 4කින් කිලෝවක් මිළදි ගත හැකියි.රාපු කෑම සකස් කරල දුන්න.රාත්‍රී අහාරයෙන් පස්සෙ සුවපහසු නින්දකටත් පන්සලේ පහසුකමි තිබුන .එකම අපහසුව සිතල තමයි.පසුදා අපි නැවතත් ගමන ආරමිභ කලා.පලමුවෙන්ම අදාහන චෛත.්‍යය වැදපුදා ගත්ත.බුදුරජාණනවහන්සේ්ගේ ශ්‍රී සිරුර අදාහනයෙන් පසු සදුන් දර අගුරු තැන්පත් කර ගොඩනැගු චෛත්‍ය යයි .කුසිනාරා වලට යද්දි මගේ හිෙත් යමිකිසි දුකක් පිරි පැවති බව මට දැනුන.බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වානය සිහිපත්විම මට එවැනි වෙිදනාවක් ගෙනදුන්න මෙහි යන සෑම බෞද්ධයෙකුටම වෙිදනාකාරි හැගිමක් දැනෙනව පැන් පිපාසයෙන් පෙලුනු තථාගතයන් වහන්සේ බිම වාඩිවි පැන් පොදක් ලබාදෙන මෙන් ආනන්ද හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටියේද කුසිනාරාවලදිය. මෙි ගැන අසා ඇති අපට යමිකිසි කණගාටුවක් සිතට දැනුනා සේ එම ස්ථානයට ගියවිටදි දැනෙන වෙිදනාව වචනයෙන් විස්තර කල නොහැකිය.උන්වහන්සේ අවසාන වතාවට වෙහෙස වු ශ්‍රී සිරුර විඩා නිවාගැනිමට කුකුත්ථා නදියෙන් ස්නානය කර සල් වෘක්ෂයක් අසල පිරිනිවන් පෑමට සැතපුන සේක.
ආදාහන චෛත්‍ය්‍ය

පිරිනිවන් මංචකය වැද පුදා ගැනිමට යෑම සහ නේපාල් ගමන ගැන නැවතත් ලියනතුරු ....


.