බුදුරජාණන්වහන්සේ වැඩසිටි ගන්ධකුටිය පිහිටා ඇත්තේද මෙි කිටිටුවෙන්මයි.එය වන්දනා කරන්නට ගිය මට පුදුම සිතුනි අද තත්වයත් .....එදා බුදුරජාණන්වහන්සේ ගතකල සරලජිවිතයත් අතර කොතරමි වෙනසක් ඇත්ද කියා....... ම පියාණන්වහන්සේ සැතපුන මෙි ගන්ධ කුටිය තුල උන්වහන්සේගේ රූපකාය මට මැවි පෙනෙන්නට විය.ඒතරමටම සංවෙිදි බවක් මට දැනුනා...සමිමා සමිබුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්වයින් වෙත කරුණාවෙන් හිමිදිරියේ අවදිවි ලෝකය බලා වදාලෙ මෙි ගන්ධකුටියේ සිටනේදැයි.....මට ඇතිවුන හැගිමි කියා නිමකල නොහැකිය....කොතරමි දර්ශනිය වු සිත්සතන් පහන් කරන චිත්ත රූප මට මැවි මවි පෙනෙන්නට විය.කුටියේ ඉදිරිපස ඇති කොටසෙ සිට පැමිණෙන්නන් සමග කතාබහ කල හැටි.......සක්මන් කල හැටි......ආදි වු විචිතු වු දර්ශනයන්ගෙන් මගේ සිත පිරි සැනසි යනු මට දැනිනි.
අසිරිමත් වු ඒ ගන්ධ කුටිය අසලම පිහිටියේ ආනන්ද තෙරුන් වැඩසිටි කුටියයි.සැරියුත් තෙරුන් මුගලන් තෙරුන් අංගුලිමාල තෙරුන් සිවලි හාමුදුරුවන් මෙන්ම රාහුල හිමි පුතිගත්ත තෙුරුන් ආදි වු මහරහතන්වහන්සේලා වැඩ සිටි කුටිද යාබදව පිහිටා ඇත.සීවලිමහරහතන්වහන්සේගේ කුටියෙ ගඩොල් ගලවා ගෙන යන්නට තරමි මිනිසුන් නොමනා වි ඇති බව ඔබට පෙනෙයි.
පටාචාරාවන් දරුදුකින් මෙන්ම ස්වාමියා දෙමවිපියන් වියොවින් වැලපෙමින් පැමිණෙනවිටත්,කොසොල් රජු,අනේපිඩුසිටුතුමා,ධර්මකතා ශ්‍රවණය කරන්නට පැමිණෙන විටත් ,චිංචිමානවිකාව බොරු චෝදනා කරන්නට පැමිණෙන විටත් බුදුරජාණන්වහන්සේ වැඩ සිටි "දමිසභාමණ්ඩපයට"යි අපිදැන් යන්නෙ.බුදුකුටිය අසල ඇති මෙහි කොපමණ වු ධර්මස්කන්දයක් දේශනා කලාදැයි මට සහිපත් වුනා.මිනිසුන්ගේ ආත්මකතා,මෙන්ම බුදුහිමියන්ගේ පෙරබව කතා ආදිවු විචිත්‍ර ධර්මදේශානා මෙහිදි පවත්වුබව අපි අසා ඇත්තෙමු.එවන් ස්ථානය සැබවින් මම දැන් සිටිනවා නේදැයි සිතෙන විට ඇතිවන චිත්ත ප්‍රීතිය.........වචනයෙන් විස්තර කල නොහැක.
දමිසභාමණ්ඩපය |
රහතක්වහන්සේලාගේ කුටි |
දෙව්දත් පොලොව පලාගෙන ගිය ස්ථානය |
1 comment:
කතාව පල කලාට බොහොම ස්තුතියි. බොහොම ලස්සනට ලියල තියනවා. දෙවිදත් පොලොව පලාගෙන ගිය ස්ථානයයි , චිංචිමානවිකාව පොලොව පලාගෙන ගිය ස්ථානයෙයි පින්තුරත් දැම්මනම් හොදයි,
Post a Comment