අවිවෙිකි කම නිසා කාලය ටිකක් ගතවුනා.එකදිගට කියවගෙන ආ අයට බධාවක් වුනා නමි ...... කණගාටුව ප්‍රකාශකරනව.විසාලා නුවරින් පිටත් වි ඒ අවට ඇති දේවල් වැද පුදාගෙන අපේ සුදානම කුසිනාරා බලා යෑමටයි. අප දැනුවත් කිරිමට වැඩම කල පියරතන ස්වාමින්වහන්සේව නැවතත් පන්සල වෙත වැඩම කරවිෙමන් පසු කුසිනා බලා යන්නට වුනා.දැඩි ලෙස සීතල දැනුන ගමන් මාර්ගයක් වුනා. දහවල වුනත් හිරු එලිය මලානික ගතියකින් තිබුන. අවට පරිසරය මීදුමෙන් වැසිල...යන අතරමගදි කේසරි බලන්න යන්නත් පුලුවන් වුනා.බුදුරජාණන්වහන්සේගේගේ පා පහස ලබපු තැනක් ලෙස මෙය හැදින්වෙනව.නටබුන් වු චෛත්‍යයක කොටස් මෙහි දක්නට තිබෙනව.
මෙි ස්ථානය ගැන අපි දැනුවත් නොවුනත් අපේ වාහනෙ රියදුරු මහතාගෙ මගපෙන්විම නිසා එය දැක බලා ගන්නට හැකිවුනා.දෙසැමිබර් 21 වැනිද දවස පුරාම අපි ගමනෙ යෙදුන .සෑම ස්ථානයක්ම සෑහෙන දුරකින් පිහිටා තියෙන නිසා වැඩිපුරම කාලය ගත වුනෙ ගමන් කිරිමටයි.ඉන්දියාවෙ උත්තර පෙදෙස ඉතාමත් දුෂ්කර පරිසරයකින් යුතුයි.ජිවත්වෙන ජනයාද දුක්බර ජිවිත ගතකරන බව අපට දක්නට ලැබුන හැමපැත්තකින්ම දක්නට ලැබුනෙ වගා බිමි ඒවායෙ සිතල නොතකා පොෙලාව සමග ගැටෙන මිනිසුන් නිතර දකින්නට ලැබුන.දහවල් අහාරය අපි උදේ ම සකස් කරගෙන අරගෙන ගියා අතරමගදි හමුවු පෙට්‍රල් ෂෙඩි එකක් අසලදි කෑම කෑව .වැසිකිලි පහසුකමි සපයා ගැනිමෙ අරමුණින් තමයි අහාර ගැනිමට මෙි ස්ථානය තෝරා ගත්තෙ .සවස් වනවිට ගමනින් සෑහෙන දුරක් ගෙවා දමන්නට හැකි වුනා.යන්තමි අදුර වැටෙමින් තිබෙන මොහොතක අපි විශාල ගංගාවක් කිටිටුවට පැමිණෙමින් තිබුන අතර අදුර අතරින් ගිනි ගෙන දැෙවන යමක් අපිට ඇතදි ම දකින්නට ලැබුන කවුරුත් විමසිලිමත් වුනා.ඒ අතරෙ මම ඡායාරූපයකුත් ගත්ත.ඒ සිරුරක් අදාහනය කරන අවස්ථාවක් ........ඉන්දියාවෙ ගංගානමි ගග අසල නිතරම දක්නට ලැබෙන දෙයක් .
මෙම සටහන ලියන්නට පටන් ගත් කාලය තුල එය පලකිරිමට නොහැකි විම ගැන මම කණගාටුවෙනව. කියවන ඔබටත් යමිබාධාවක් වුනා නමි සමාව ඇයැද සිටිනව.දඹදිව චාරිකාව අදටත් මට සුන්දර අත්දැකිමක් ලෙස මතකයේ රැදි තියෙනව.ඒ ගමන ගැන මතකය අවදිකරන සෑම මොහොතකම මට ලැෙබන සතුට කියා නිම කල නොහැකියි.කයින් ලංකාවෙි සිටියදිම සිතින් දඹදිව වන්දනාවෙි යෙදෙන්නට මම දැන් පුරුදු වෙලා.අපි ගිය ගමන් විලාශය ටිකක් දුෂ්කර වුනත් එහි යමිකිසි වෙනසක් ඇතැයි මට සිතෙනව.දුමිරියෙ ගමන ........සීතලෙ වෙවුල වෙවුලා .... වුනත් ඉන්දියානුවන් සමග එකට එක්වි ගිය ගමනෙ යමිකිසි වෙනසක් දැනුනයි කියා මට හිතෙනව.දැන් දැන් මගෙ හිත කියන්නෙ නැවතත් යායුතුයි කියා.....ඒ සිහිනයත් ඉටුවෙන තුරු මම අසාවෙන් බලා සිටිනව.බුද්ධගයාවෙ වැඩවෙසෙන රාහුල ස්වාමින්වහන්සේ නිතරම මා සමග ස්කප් මගින් කතා කරන නිසා ඒ ගමන පිළිබද තොරතුරු ලබාගන්නත් දැන් හැකියාව ලැබිල තියෙනව.ඉතින් අපි කුසිනාරා පන්සලට යන විටදි රාත්‍රිය උදාවෙලා .එදා රෑ අපි පන්සලේ ගතකලා.
|
නැවතුන පන්සලල |
|
අපට කෑම හැදු ඉන්දියානු රාජුජු |
|
රාත්‍රි කෑම සකස්කරනව |
අපි එදා රාත්‍රියෙ පාන් තමයි කෑවෙ ඒකට කරියක් හදන්න මගදි ග්‍රීන්පීස් මිලදි ගත්ත .ඉන්දියාවෙ ග්‍රීන්පීස් ලාබයි.ඉන්.රුපියල් 4කින් කිලෝවක් මිළදි ගත හැකියි.රාපු කෑම සකස් කරල දුන්න.රාත්‍රී අහාරයෙන් පස්සෙ සුවපහසු නින්දකටත් පන්සලේ පහසුකමි තිබුන .එකම අපහසුව සිතල තමයි.පසුදා අපි නැවතත් ගමන ආරමිභ කලා.පලමුවෙන්ම අදාහන චෛත.්‍යය වැදපුදා ගත්ත.බුදුරජාණනවහන්සේ්ගේ ශ්‍රී සිරුර අදාහනයෙන් පසු සදුන් දර අගුරු තැන්පත් කර ගොඩනැගු චෛත්‍ය යයි .කුසිනාරා වලට යද්දි මගේ හිෙත් යමිකිසි දුකක් පිරි පැවති බව මට දැනුන.බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වානය සිහිපත්විම මට එවැනි වෙිදනාවක් ගෙනදුන්න මෙහි යන සෑම බෞද්ධයෙකුටම වෙිදනාකාරි හැගිමක් දැනෙනව පැන් පිපාසයෙන් පෙලුනු තථාගතයන් වහන්සේ බිම වාඩිවි පැන් පොදක් ලබාදෙන මෙන් ආනන්ද හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටියේද කුසිනාරාවලදිය. මෙි ගැන අසා ඇති අපට යමිකිසි කණගාටුවක් සිතට දැනුනා සේ එම ස්ථානයට ගියවිටදි දැනෙන වෙිදනාව වචනයෙන් විස්තර කල නොහැකිය.උන්වහන්සේ අවසාන වතාවට වෙහෙස වු ශ්‍රී සිරුර විඩා නිවාගැනිමට කුකුත්ථා නදියෙන් ස්නානය කර සල් වෘක්ෂයක් අසල පිරිනිවන් පෑමට සැතපුන සේක.
|
ආදාහන චෛත්‍ය්‍ය |
පිරිනිවන් මංචකය වැද පුදා ගැනිමට යෑම සහ නේපාල් ගමන ගැන නැවතත් ලියනතුරු ....
.
No comments:
Post a Comment