අපි ගිය දඹදිව චාරිකාව ඉතිරි කොටස් ලියන්නයි සුදානම .කාලය ටිකක් ගෙවිල ගියාට සමාවන්න. එක එක හේතු නිසා ලියන්න පරක්කු වුනා .තාක්ෂණික හේතුත් බලපෑව. ඔන්න දැන් අපි කුසිනා පන්සලේ රැය ගතකරල පිරිවන් මංචකය වැදපුදා ගන්න යන්නයි සුදානම නැවත කුසිනා පන්සලට එන්න නැති නිසා බඩුබාහිරාදියත් අරගෙනම තමා යන්න වෙන්නෙ.ඒකත් ලෙහෙසි නැහ. සියලුම දේ අසුරා ගන්නත් ඔනනෙ.... තම තමන්ගෙ බෑග් සකස් කරගෙන වාහනය ලගට ගෙනාව. ඒ විතරක්යැ කුස්සියත් අරගෙන එන්න එපැයැ.රාජු ලමය ඒ වැඩය කරනව .ගෑස් ලිප හටිටි මුටිටි එලවලු පිහි මෙි කී නොකි දැ රාජු ගෙනවිත් වාහනයට දමනව.එකක්වත් අඩුවුනොත් ගංගා මාතාවගෙන් බෙිරෙන්න බැරි විත්තිය රාජු දන්නව.එතකොට රාජු කියන්නෙ නෝ ප්‍රොබිලමි මමී.......ප්‍රශ්න නහී......හරි...හරි..සිංහල ඉංග්‍රිසි හින්දි කලවමි වෙන කොට ගංග මිස්ට තරහ අමතක වෙනව .අපි ගතට දැනෙන සීතල මකාගන්න හිනාවෙනව......ගමන විනෝදයි...සාධුකාර නැතත් සෙමින් සෙමින් වාහනය ඉදිරියට ඇදෙනව..නැවතත් කුසිනා පන්සල දෙස හැරි බැලුවෙ ආයිත් කවදා හරි දවසක එන්නමි කියල හිතාගෙනයි.අපි හැමෝම එහෙදි හිතුවෙ කවදා ලංකාවට යමිදෝ ..කියලයි විශේසයෙන් තමර නංගි තමයි......දරුදුක ....විප්පයෝග...ඒත් ලංකාවට ඇවිත් මාසයක් විතර ගිය තැන ඉදල හිතන්නෙ ආයිත් කවදාද ඉන්දියා යන්නෙ කියලයි ......ඒ තරමටම හදවතට සමීපවු ගමනක්....
සීතල මීදුම පරිසරය වසාගෙන පැතිරිලා .......ඒ අතරින්ඉදිරියටයන වාහනයට ඇතුලෙ අපි සිතලෙන් මිදෙන්න උත්සාහ කරනව.දැන් උදේට කන්නෙ කොහෙදීද?ප්‍රශ්ණයක්......මෙි වගේ ප්‍රශ්ණවලට විජේරත්න අයිය නිතරම පිලිතුරු සොයනව.නොයෙකුත් කතාබහ අතරින් ...... අපි පිරිනිවන් මංචකය අසලටම ඇවිත් ......සිත දුකෙන්දෝ කියල මට හිතනෙව...ඒ තරමටම සංවෙිදි තැනකට අපි යන්ෙන .සමිබුදු පියාණන් පිරිනිවන් පෑ ස්ථානය......
පිළිමවහන්සේ ලග අපි විනාඩි කිහිපයක් රැදි සිටියෙමු .බුදුපියාණන්වහන්සේගේ ශ්‍රීදෙපතුල ලගවැද වැටි නමස්කාර කෙලෙමු.මෙම පිළිම වහන්සේ නිර්මානකරු බුදුරදුන්ගේ සෑබෑ ස්වරුපය ඉස්මතුකර දැක්විමට උත්සාහ කර ඇත.වයසට ගිය ශරීරය මෙන්ම පාගමනින් වැඩමකිරිමෙිදි දෙපතුල් පිපිරි ඇතිවු තුවාල සලකුණුද දකින්නට හැකි අයුරින් නෙලා ඇත.
ඊළගට අපි යායුතුව ඇත්තේ ලුමිබිණිය වැද පුදාගැනිමටයි.තවත් කිලෝ මීටර් සියගණනක් දුර ගෙවා නේපාලයට ඇතුලුවිය යුතුය.සවස් කාලය වනවිට අපි නේපාලයට ඇතුලුවන දොරටුව වෙත ලගාවි සිටියෙමු.ඉන්දියාවට අයත් සීමාව තුල වාහනය නතරකර ඉන්දියාවෙන් බැහැරවන අවසරය ලබාගතයුතුය.ඒ සදහා අපේ ගංග මිසුත් රාජුත් වාහනයෙන් බැස ගියේය.අපිට මෙය අලුත් අත් දැකිමක් වුනා .අපේ රටෙි මෙහෙම බෝඩර් නැහැනෙ.සමහර විට අපිටත් එහෙම වෙන්න තිබුන.අපි වාහනය ඇතුලෙ ඉදගෙනම ඡායාරුපයකුත් ගත්ත.
ටිකවෙලාවකින් නේපාලය ඇතුලට ගියා .නැවතත් ගංගමිස් ඇතුලුවිමෙි අවසරය අරගෙන එන්න.නේපාල ආගමනවිගමන කාර්යාලයට ගියා.එතනදිනමි අපටත් වාහනයෙන් බසින්න සිදුවුනා.හැම දේටම මුදල් දෙනව නමි මෙි කටයුතු වෙලා ගතවෙන්නෙ නැහ.අපේ අය පුරුදුකරගෙන තියෙනහැටිතමා.ඒත් ගංගමිස් නමි රුපියලක්වත් නොදි කතාබසින ම මෙිව කරගත්ත.මෙි මිනිස්සු හැමවෙලේම බලන්නෙ සල්ලි ලබා ගන්නයි .කිසිම මුදලක් මෙිවට දෙන්න ඔින නැහ.නිත්‍යානුකූලව තමන් විස ලබාගෙන තියෙනව නමි බයවෙන්න ඔන නැහ.දැන් අපි නේපාලයට ඇතුලුවුනා. ඊට පස්සෙ සිදුවුනු දේවල් නැවතත් ලියන්නමි.
1 comment:
මට අද ඉතා අහන්බෙන් වාගේ ඔඹගේ බ්ලොගය කියවීමට අවශ්ථාවක් ලැබීම පෙර කළ කුසල කර්මයක් යැය් සිතමි. මම ඉතා ආශාවෙන් දඹදිව යන්න සිතා සිටියත්, ඒ සඳහා තවම අවශ්ථාවක් නොලැබුනෙමි.
මේදක්වා සියුඵම පෝස්ට් ඉතා ආසාවෙන් (බුද්ධා ලම්භන ප්‍රිතියෙන්) කියවූ අතර ඉතිරි පෝස්ට් සියල්ල ඉඩක් ලද පළමු අවශ්ථාවෙම කියවීමට ඉටා ගත්තෙමි.
මෙය පලකිරීම පිළිබද ස්තුතිය පල කරන අතර, ඔඹට ජය හා සතුට.
Post a Comment