.
දුම්රියට නගිද්දි නම් ටිකක් තදබදයක් ඇතිවුනා.රාත්‍රී දුම්රියක් නිසා සෙනගත් වැඩිපුර හිටිය.ඒ වුනත් අපට වෙන්වුන ආසන තිබුන නිසා අපහසුම වුනේ නැහ.පෝටර්ලගෙ දක්ෂතාවය වන්නේ අපට වෙන්වුන මැදිරි අංක දුම්රිය අංගනයෙ නවත්වන තැනටම අපිව එක්ක යෑම නිසා වඩාත් ලෙහෙසියි. අපි අටදෙනාට එකටම වාඩිවෙන්න ලැබුනෙ නැහ. දෙන්නෙකුට වෙනත් තැනක් ලැබුනෙ.ඒත් දුම්රිය ගමන් කරන විට එකට එකතුවෙනව.රැයක් පුරාවට අපි දුම්රිය ගමනෙ යෙදුන.සංකස්ස ත් දුම්රිය නැවතීමක් තිබෙන නිසා අපිගෝපාල් දක්වා යන්නෙ නැතිව සංකස්සෙන් බැසිමට තිරණය කලා.අපිව සංකස්ස පන්සලට ගෙන යැමට හිතවත් සේතංපැමිණ සිටිය.අපේ බඩුබාහිරාදිය දුම්රියෙන් බාගැනිමටත් පහසුවුනා.දුම්රියෙ සිටි තරුණයිනුත් අපට සහාය දැක්වුව.උදේ අටවිතර වෙන විට අපි පන්සලට ලගාවුනා.සියලු දෙනාම යුහුසුලු වුනේ මුණකට සොදාගෙන තේ පානය කිරිමටයි .දැන් අපට රාජුගෙ සහාය නොමැති නිසා පන්සලේ සිටින පිරිමි ලමයින් කිරි තේ පෝච්චියක් හදල ගෙනවිත්දුන්න.උදේ අහාරයෙන් පස්සෙ රෙදි පිලි සෝදාගෙන නෑම ටත් කවුරුත් සුදානම්. මම නම් නෑම ගැන එතරම් උනන්දුවුනේ නැහ.රාත්‍රියෙ දුම්රිය එනතෙත් එලියෙ සිටිම නිසා හිසරදය වගේ දැනෙන්න ගත්ත. තවම සීතල අඩුවෙලත් නැහ.පන්සල් වත්ත පුරා රෙදිවැල් ගැට ගහල රෙදිටික වේලගන්න පුලුවන් වුනා.දැන් අව්ව තියෙනව.දහවල් කෑමත් පන්සලෙන්ම හදාගන්න පුලුවන් වුනා.විසිඅටවැනිද දහවල් අපි සාංචිවන්දනාවට එකතුවුනා. මේ සදහා පන්සලේ සිටින තපස්සි ස්වාමින්වහන්සේ අපත් සමග වැඩමකලා.පන්සලේ සිට වාහනයකින් ගියත් අතරමගදි පයින් ගමන් කරන්න සිදුවුනා පාර අලුත්වැඩියාවක් නිසා වාහනයට යන්නට නොහැකියි.පුංචි කන්දක් මුදුනෙ තමයි සාංචි විහාරය පිහිටල තියෙන්නෙ.පලමුවෙන්ම බුදුගෙට ගොස් පන්සිල් සමාදන් වුනා.තපස්සි හිමියන් සාංචිය ගැන හැදින්වීමක් කලෙත් මෙහිදියි.අපි වගේම ඉන්දියානුවනුත් සාංචිය වැදපුදා ගැනිමට පැමිණ සිටිය.සාංචිය ශ්‍රීලංකික අපට සුවිශේෂි වැදගත් කමක් ගන්නව.බුදුදහම ලංකාවට රැගෙන ආ මිහිදු හිමිගෙ ජන්ම භූමිය විමත් සංඝමිත්තා තෙරණියගේ ජන්මභූමිය විමත් මේ වැදගත් කමයි.ලෝකවාසි බෞද්ධයින්ට වැදගත් වන්නේ සැරියුත් මහ රහතන්වහන්සේගේත් ,මොග්ගලීපුත්තතිස්සමහරහතන්වහන්සේගේත් ධාතුන් තැන්පත් කල ස්ථානය වශයෙනි.

මේ බුදුමැදුරයි. ධාතුන් වහන්සේලා සෑම නොවැම්බර්මසකම පුදර්ශනය කරන අතර අපට එදින වැදපුදා ගැනිමට නොහැකි බව තපස්සි හාමුදුරුවන් වදාලා.නමුත් ශ්‍රී ලාංකික බෞද්ධයින්ට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් අනුව ,සේයාරුවෙන් පෙනෙන බුදුරුව පිටුපස ආරක්ෂිතව තැන්පත් කර ඇති ධාතුන් වහන්සේලා වැඩසිටි ස්ථානය ගොස් වැදගැනිමට අපට හැකිවුනා.
ධර්මාශෝක රජතුමා අවන්ති ප්‍රදේශයේ යුවරජව සිටි කාලයේ විවාහ කරගත් වේදිස දේවියට ලැබුන දරුදෙදෙනා වුයේ මිහිදු හා සංඝමිත්තායි.තපස්සි හිමි මේ ඉතිහාසය පිලිබදව රසවත් කතාන්දරයක් අපට කියා දුන්නා.සැබැවින්ම අප නොදන්නා ඒ කරුණු මෙන්ම සාංචිය ගැන තොරතුරුද ඉතාමත් පැහැදිව අපට කියාදිම ගැන උන්වහන්සේට පින්සිදුවෙනව.පසුකලෙකඅශෝක අධිරාජයාගෙන් වෙන්වු වේදිස දේවිය වෙනම ජීවත් වු බව කියයි.මිහිදු හිමියන් සාංචියෙ සිට ලක්දිව වැඩම කර මවගේ බලවත් ඉල්ලිම පරදි නැවතත් සාංචියට වැඩම කරතිබෙන.වේදිස දේවියගෙ නෑයින් වෙනත් ආගමිකයින් වු නිසා ඇයට නෑයින්ට හොර රහසේ මිහිදු හිමියන් දැකිමට සාංචියට පැමිනිමට සිදුවිතිබෙනව.වේදිස දේවිය ජිවත්වු ස්ථානය යැයි ස්වාමින්වහන්සේ ඈතින් පෙනෙන කන්දක් පෙන්නුව.මිහිදුහිමියන්ට දානය රැගෙන නෑයින්ට හොරෙන් පැමිනිමට උමගක් හාරා ඒමගින් මව් දේවිය පැමිනි බවත් උන්වහන්සේ පැහැදිලිකලා.එය විශාල දුරක්......සාංචිය අසල තිබෙන උමංදොර තමයි මේ සේයාරුවෙන් දැක්වෙන්නෙ.
රහසින් පැමිණෙන මවගේ දරු සෙනෙහසට ඉඩදුන් මිහිදු හිමි මවගේ අකමැත්ත තිබුනත් නැවතත් ලංකාවට වැඩම කල බවත් පිරිනිවන් පාන්නෙත් ලංකාවේ බවත් තපස්සි හිමියන් පැහැදිලි කලා.ජයශ්‍රීමහ බෝධිය ලංකාවට ගෙන එන්නට පලමු සාංචියෙ තැන්පත් කර තිබි ඇත . දැනට නටබුන්ව තියෙන සංඝමිත්තා තෙරණිය ගේ විහාර මන්දිරය තමයි මේ ඡායාරූපයෙන් පෙනෙන්නෙ.එය විශාල කර බැලු විට ශ්‍රීමහා බෝධිය ලංකාවට ගෙන එන්න පලමු තැන්පත් කර තිබු කටාරම ඈතින් පෙනෙනව.
අශෝක අධිරාජයා පසුකලෙක සාංචි යෙ නොයෙකුත් විහාර කර්මාන්ත කරඇත.තනිකරම කලුගලෙන් කල දෙමහල් පාය වටිනා නිර්මාණයකි. පසුකලෙක මුස්ලිම් ආක්රමණවලින් කොටසක් විනාශවි ගෙොස් ඇත.
සංඝමිත්තා තෙරණියගේ විහාරය |
තපස්සි හිමියන් |
නෙල්ලිගෙඩිය |
පසුකලෙක අශෝක අධිරාජයා රෝගිව සිටින විට සංඝයාවහන්සේලා නිතරම දුක සැප බැලිමට රජු බැහැ දැක ඇත.එවන් දිනෙක සංඝයාවහන්සේලාට පුජා කර ඇත්තෙ නෙල්ලිගෙඩියක් පමණි.ඒ අවස්ථාව සිහිපත් කරනු වස් දෙමහල්පාය මුදුනෙහි කලුගලින් නෙල්ලි ගෙඩියක් නිර්මාණය කරඇත.මුස්ලිම් ආක්‍රමණිකයන් එය බිමහෙලා විනාශ කර ඇති අයුරු අපට දකින්නට ලැබුනි. මේ ප්‍රදේශයේ නෙල්ලි ගෙඩිය අපට හුරුපුරුදු නෙල්ලිගෙඩියේ හැඩයට වෙනස්ය.
මේ සාංචි වන්දනාවෙන් පසු නැවතත් අපි පන්සලට පාගමනින් පැමිණියෙමු.මෙතෙක් කල වන්දනාමාන නිමාකරමින් ලැබුනු විවේකයේ අපි සියලු දෙනාම එකට එකතුවි ගමනෙ සුන්දරත්වය කතාබසින් වින්දනය කලෙමු.සිහිනයක් විපැවති දඹදිව ගමන සෑබෑ වු ප්‍රීතිය අපි කාගෙත් සිත්වල උතුරා යමින් පැවතුනි.සැබැවින්ම පංචසීලයෙහි පිහිටමින් කලාවු වන්දනාව කිසිම කරදරයකින් තොරව අසනීපයකින් තොරව නිමාවිම අප කාටත් සතුටකි.
නැවතත් රාත්‍රි ආහාරය සාංචියෙ සිටින සේතං මයා අපට පිලියෙල කරදුනි රසවත් කරියක් සමග රොටි හරිම රසයි.ඒකට උණු තේකොප්පයත් ගෙන ආවේ තවත් රසවත් බවක්.......පසුදා අපි නැවතත් ගමන ආරම්භ කලයුතුයි.දුම්රියෙන් අපේ අවසාන නැවතුම වු චෙන්නායි බලා පිටත්වීමේ අදහසින් සියලු දෙනා නින්දට ගියෙමු.දඹදිව ගමනේ අවසන් අදියර ගැන නැවතත් ලියන තෙක් කියවන ඔබලාට ස්තුතියි.
2 comments:
YOU ARE DOING A GREAT JOB.KEEP IT UP.
I WANT YOUR POST AS E -BOOK.
HOW CAN I PREPARE IT.
THANK YOU VERU MACH...................
SUDATH
ගොඩක් හොද ලිපි පෙළක්
Post a Comment