අපේ දුම්රිය ගමන මතකයට මා ගත් සේයාරූ කිහිපයක් තමයි මේ තියෙන්නෙ.චෙන්නායි කිටිටුවෙනවිටදි නම් සිතල මගහැරිල තිබුන.අතරමගදි අපිට ඉන්දියන් තරුණයින් දෙදෙනෙක් මුණගැහැණ නිසා පාලුවක් දැනුනෙ නැහ...උගත් දරුවන් වු ඒ දෙදෙනා සමග කතාබහ අපිට රසවත් අත්දැකිමක් වුනා.චෙන්නායි කිට්ටුවෙන විට පාන්දර කාලය විතිබුන.ලොකු වැස්සකුත් වහින්න වුනා.දුම්රියෙ ගමන් වේගයත් අඩුවෙන බව අපිට දැනුන .ඒත් වෙන්නෙ මොකක්ද කියල අපිට හැගිමක් තිබුනෙ නැහ.උදේ පාන්දර අවට බලද්දි අපි දුටුවේ ගංවතුරක් ගැලු ආකාරයයි.සියලුම ගොඩබිම් වතුරෙන් යටවෙලා.සුලිසුලගක් හමාගිය බවත් පසුව දැනගන්න ලැබුන.චෙන්නායි දුම්රිය ස්ථානයෙන් බැස අපි කෙලින්ම ගියේ මහාබෝධියටයි.දවස් දෙකක් චෙන්නායිවල රැදි සිටිය.අවශ්‍ය දේවල් මිලදි ගැනිම කිරිමට චෙන්නායි පුරා ඇවිද්ද. කාන්තාවන් වු අපිට සාරි කඩ දැකිමත් ප්‍රියබවක් වුනා.සිත්සේ තමන්ට අවශ්‍ය දැ මිලදි ගැනිම් වල අපේ කට්ටිය නියලි සිටිය.සාරි මෙන්ම සරොන් ස්ටිල් භාණ්ඩ මේවා අතර තිබුන.ව්‍යාපාරයක් ලෙස භාණ්ඩ මිලදි ගැනිම්වල යෙදි සිටි ලංකාවේ කිහිප දෙනෙකුත් අපට මුණගැසුන.
දෙසැම්බර් තිස්එක්වෙනිද චෙන්නායි වලටත් කාර්ය බහුල දවසක් වෙලා තිබුන.කඩසාප්පුවලසෙනග පිරිල ඇදුම්පැලදුම් ගන්න අයුරු අපිට දකින්නට ලැබුන.2012.01.01දින පාන්දරම වාහනයකින් අපි චෙන්නායි ගුවන්තොටුපලට පැමිණුනා.දචෙන්නායිවලින් පිටත් වු මොහොතයි.ඉතාමත් ප්‍රීතියෙන් කලදඹදිව චාරිකාව මෙසේ නිමාවුනා. තවත් වතාවක් යන්නයි හිතන් ඉන්නෙ.මෙය කියවු ඔබ හැමටත් කෙදිනකහෝමේ ගමන යන්නට ලැබේවායි මම ප්‍රාර්ථනාකරමි.
No comments:
Post a Comment