සිදුහත් කුමරුව ස්නානය කල පොකුණ. බෞද්ධ පොතපතේ සදහන්වෙන පරිදි උණුදිය සහ ඇල් දිය ලිං දෙකක් මෙම පොකුණ තුල ඇතිබව නේපාල පුරාවිද්‍යාවෙන් දැන් සොයාගෙන ඇති බව වීරතුංග මහතා අප සමග පවසා සිටිය. |
අශෝක ස්ථමිභය |
මහමායා දේවිය හා සුද්ධෝදන රජු වෙනුවෙන් පවත්වන පූජාවක් |
ලුමිබිණිය වන්දනා කිරිමෙන් පසු අපි සැවැත් නුවර බලා පිටත්විය යුතුව තිබුනත් වීරතුංග මහත්තය අපිට කියා සිටියෙ කපිලවස්තුනුවරත් බැලිම හොද බවය.අපේ ගමන් මාරගයේ වෙනසක් වුනත් කපිලවස්තු බැලිමට කවුරුත් කැමති විමෙන් පසු පසුදා අපි කපිලවස්තු බැලිමට පිටත්විමු.වීරතුංග මහතා මෙන්ම නුවන් මහතාදඒ ගමනට අප සමග එක්විම අපට පහසුවක් විය.අමතර ගමන් මාර්ගයක් නිසා රියදුරු මනෝජ් වැඩිකැමැත්තක් දැක්වුයේ නැත.ඒත් අපේ ඉල්ලිම නිසා කපිලවස්තු බැලිමටඔහු එකග විය.නටබුන්ව ඇති සුද්ධෝදන රජ මාළිගාව නේපාල පුරාවිද්‍යාව මගින් කැනිමි කර මතුකරගනිමින් පවති.මෙි ගමන් විස්තරයත් සමගින් නැවතත් ලියන තුරු කියවන ඔබ සැමට ස්තුතියි.