පාසැල් බස් රථය නොමැති දිනයක මම වෙනත් ලංගම බස් රථයකින් ගමන් කරමින් සිටිය. දරුවෙක් වඩා ගත් මවක් ,තවත් කුඩා දියණියක් සමග බස් රථයට ගොඩවුනා.එම බස් නැවතුමෙන් ම සාමනේර හාමුදුරුනමක් ද බස් රථයටය නැග්ග. අර කාන්තාව කුඩා දියණියට පැවසුවෙ "දුව සාදු ලගින්ම වාඩි වෙන්න" වයස අවුරුදු දහයක් පමණ වු මෙ පුංචි හාමුදුරුවෙ කුඩා දියණියව අතින් අල්ලගෙන ලගින් වාඩි කරගත්ත.. ටික දුරකින් ඒ අය බසයෙන් බැස ගත්ත. බස් රථ නැවතුම ඉදිරිපිට තිබුනෙ ක්‍රිඩා පිට්ටනියක් .අතින් අල්ලාගෙන බසයෙන් බැස්ස හිමි නම අතින් දියණියගෙ අත අතහැරන . ඇය ඒ මේ අත දිව ගියා අම්ම ඉදිරියෙන් යනව .පුංචි සාදු දැස් අයාගෙන බලා සිටිනව. නංගිගෙ අත අතහැරුන බවක් වත් මතක නැහ .
පුංචි සාදු අසාවෙන් බලාන හිටියෙ මොකක්ද?ඒ පුංචි දැස්වල රැදි තිබු බැල්ම මට කවදාවත් අමතක වෙන්නෙ නැහ.. පුදුමයකින් අසාවකින් හා කණගාටුවකින් එ දැස් වෙලිල තිබුන .අපුරුවට ලිහිල් වු සිවුරු පොට හදාගත්ත .අත නිදහස්ව තිබු නිසායි පුංචි සාදුට නංගිව මතක් වුනෙ.අකමැත්තෙන් වුවත් දැස් අහකට ගන්න සිදුවුනා. සියලු බැමි වලින් නිදහස් ව සංසාර දුකින් එතෙරවන්න සම්බුදු හිමි මග ගියත් , අම්මා දෑතට දුන් නංගිගෙ වගකිම පැහැර හැරුන නිසා පුංචි සාදුත් කලබල වුනා. නංගි ටික දුරක් ගිහින්, දුවගෙන ගොස් නංගිව අල්ල ගන්නත් බැහ. හොද වෙලාවට සෙල්ලක්කාර නංගි අයිය ලගට (සාදු)දුවගෙන ආව.. නංගිගෙ අත තදකරල අල්ල ගත්ත..එත් දෑස් ඈතට ඈතට යොමුවෙලා. අසාවෙන් ප්‍රීතියෙන් දෙනෙත් දසුන්ගතවෙලා . සිත කොහේදො ඉගිලි ගියා වගෙ .අතිතයට වෙන්න ඇති. ගෙදර ඉන්න කාලෙ නංගිත් එක්ක සෙල්ලම් කල හැටි මතක් වෙන්න ඇති.තම වයසෙ ළමුන් ක්‍රිඩා පිට්ටනියෙ කෙලිදෙලෙන් ගත කරන හැටි නොහැරි බලමින් පුංචි සාදු ,නංගිගෙ අත තදින් අල්ලාගෙන ඇතට ඈතට නොපෙනි යන තුරු මම බලා සිටිය..කාගෙත් අවධානය යොමු නොවු දසුනක් වුවත්, මගෙ සිත තුල අමතකනොවන සිදුවිමක් ලෙස සටහන් වුනා
2 comments:
බෝ මලුවේ මල් සුවදක පැටලි ගීතය මතක් උනා....
දුක හිතෙන කතාවක්...
Post a Comment