ගෙයි දොරකඩ ජමිබු ගහේ වසා සිටිය පැණි කුරැල්ලා ඉගිලි යන අයුරැ බලා සිටිය මම " අනේ මටත් ඉගිලෙන්න ඔිනැයි කියමින් කදුලු හෙලු හැටි මට තවමත් මතකයි .අාදරයෙන් මා වැළද ගත් අමිමා ඉගිලෙන්න පියපත් කෝ.......ඔයාට පියාපත් දෙන්න මට බැහනෙ රත්රන් දුවෙි........එත් මම ඔයාව ඉගිලවන්නමි කියා දෝතින් ගෙන අහසට ඔසවා මගෙ දෙකපුල් සිපගත්තෙ අාදරයන් බව තේරැණෙ කාලයක් ගිය විටදිය. එදා මා සනසවන්න කල හැකි දේ නොවලහා ඉටුකල අමිමා අද අසරණව වැතිර මගෙන් ඉල්ලා සිටින දේ ඉටුකිරිමට නොහැකිව අසරණව සිටිමි..වියපත් බවත් සමග ඇත්වන්නාවු රෝග කිහිපයකින් බෙලෙන අමිමා හාඩා වැලපෙමින් ඉල්ලන්නෙ ඇගෙ දරැවන්ගෙ කුඩා කාලයයි.ආදරයෙන් සිපගන්න,තුරැලුකරන් නිදාගන්න , කිරිපොවන්න, අාදි වු පෙර කල කටයුතු කිරිමට අපගෙ කුඩාවියේ මතකයෙන් කුඩා දරැවන් ඉල්ලයි .ඇය වැලෙපෙන අයුරැ බලා සිටින විට මට හිතන්නෙ මිනිස් ජිවිතයක වියපත් විය මෙ තරමටම දුක්මුසු වුනෙ ඇයිද ?යන්නයි. අතීතයෙ පමණක් ජීවත්වන වර්තමානය ගැන කිසිදු හැගිමකින් තොරව ගලා යන මෙ ජිවිතය ඇත්තෙන්ම නිස්සාරයි.
No comments:
Post a Comment