Translate

Wednesday, July 14, 2010

අැය සනසන්නට මට සිදුවි අැත

සිහින් වැසි බින්දු පොලව සිපගනිමින් පැවති සැදැවෙ හනි හනික ගෙදරට පැමිණියෙ දැඩිව දැනුන වෙහෙස නිවාගැනිමෙ අදහසින්.ඒත් දැසින් වැගිරෙන කදුළු අතරින්,මා වැළද ගත් අැය, ඉකිබිදිමින් හඩන්නට වුවාය.නිතරම කුමක් හො හේතුවක් අැතිකරගනිම්න් හඩන අැගෙ ඉකිබිදුම මට අරුමයක් නොවුනත් කරුණ විමසා සිටිම මගෙ පුරුද්දකි.
      '
අද මොකද වුනෙ"
 " අෙන මාව දිග සර්පයෙක් කෑව."මෙ තුවාලවෙලා රිදෙනව හරියට" නොනවත්වා හඩන අැගෙ දසුන මගෙ දෙනෙත් ද කදුලින් පුරවයි. ඊටත් වඩා අැයට යථාර්ථය තේරුම් කර දිමට නොහැකි විමද මගෙ හදවත දවාලයි.
 කුමක් කරන්නද මගෙ වෙහෙස පසෙක ලා අැගෙ සිත සනසන්නට මට සිදුවිය.ගතින් ලැබු ප්‍රිඩාවට වඩා හදවතට දැනුන දුක විද දරාගැනිමට මම අපොසහත්ව සිටිමි.
කාලයක් අපත් සමග සතුටින් කාලය ගත කල අැය හදිසියෙම ඒක් රැයකින් ගිලන් වු අයුරු මට මතකයෙ තවමත් රැදි අැත. සති ගණනාවක් රෝහලෙ නැවති ප්‍රතිකාර ලැබුවද ,ෙවෙද්‍ය මතය වුෙය සුවකල නොහැකි බවයි. ඒදා සිට නිවසෙ තබාගෙන හෙදකම ලබාදුන්නද දිනෙන් දිනම අැය අඩපන වන්නට විය. ජිවිතය යනු කුමක්දැයි මටද අවබෝධ වන්නට වුයෙ ,අැයගෙ හැසිරිමි රටාව වෙනස් වන්නට වු විටය.
කුඩා ළමයෙකුගෙ මනසින් යුතුව අස්ථාන බියකින් වෙලි සිටින අැය නිතරම සර්පයින්ට බියෙන් පසුවෙයි .ඒසෙ නැතිනම් අතිතයත් සමග ජිවත්වෙයි .අතිතය වර්තමානයට මුසුකරමින් දවස ගෙවන අැයගෙ කතාබහ වලදි මම නිරුත්තර වෙයි.මරණයට පත්වු අය ජිවත් වන විට ගත කල අයුරින් ,ඒ අයට අඩ ගසන විට ඔවුන් මියගොස් අැති බව කිවද ,පිලි නොගනි.
ජිවිතයෙ නිස්සාර බව ,අෑ දෙස බලන විට මට අවබොධ වෙයි.ඒත් මැනැලවු,මා සැනසු අම්මා මෙසේ දුක් විදි න විට කෙසේ බලාසිටින්නද.අද අැය සනසන්නට මට සිදුවිඅැත.

1 comment:

ලසන්ත said...

ඉතා දුක්බරයි.