Translate

Saturday, February 27, 2010

පාසල් බස් රථයෙ ගමන කොහෙන් කෙලවරවෙයිද?

අප පාසල නගරයෙන් අෑතට වෙන්නට පිහිටා තිෙබ්.ඒනිසාම නියමිත වෙලාවට යන්නට අැති අපහසුව නිමා කරගත්ෙත පාසල් බස්රථ සේවය  ලැබිම නිසාය.මග දෙපස සිටින සියලුම ළමයින් ෙකසේ හෝ බස් රථයට ගොඩ කරවාගැනිමටද රියදුරු මහතා වෙහෙසක් දරයි.උදයේ 6 ට ගමන් අාරම්භයත් 6.45 වනවිට දරුවන් පාසලට අැතුල් විමත් කියා නිම කරන්නට බැරිතරමෙ පහසුවකි.
     බාළක බාළිකාවන් රැසකගෙ සතුටු සිනා මැද පුංචි දරුවන්ගෙ උසුලු විසුලු මැද නොදැනිම ගමනාන්තයට ලගාෙවයි.වසර අවසානයෙ රියදුරු දෙපළ ෙවත පුංචි තෑග්ගක් පිරිනමන්නත් අමතක වෙන්නෙ නැහ.
     ෙම් විදිහට නිතිපතා පැමිණි ගමන අද කරදරයක් බවට පත්වි අැත්තෙ අප නොදැනුවත්වය.නගරයෙ ප්‍රධාන පෙෙළ් පාසල් කිහිපයකම දරුවන් බස් රථයෙ ගමන් අාරම්භ කරති. විවිධ පාසල් වුවත් සහෝදරත්වය මෙන්ම මිත්‍රත්වය පලදු ෙනාවන අකාරයට උදයේ ගමන් වාරය නිමවෙනව.ඒනමුත් හවස ගමන් වාරයෙදි නිවස බලා ඒන දරුවන් වැඩි ප්‍රමාණයක් ඒකතු ෙවනව.
  අයියල නංගිල අක්කල මල්ලිලගෙ විහිලු තහලු කියා නිමක් නැහ. නංගි කෙනෙකුට කළ විහිලුවක් හිතට වදයක් කර ගත් ඒක අයියා කෙෙනක් මිතුරන් සමග බස්රථයට ගොඩවැදි පහර දිමක් අාරම්භ කරල තියෙනව.හවසට බසයට නැගල ඒ ළමයා පහරදෙන්න පටන් ගත්ත.ෙමය කියවන ඔබට හිතාගන්න පුලුවන්ද බස්රථය අැතුලෙ බියෙන් කැගසන දරුවන් පිරිසක් මැද තනිවු අප කිහිප දෙෙනක් කල යුත්තෙ කුමක්ද කියා.ඒදා බස් රථය නතර  වු ස්ථානයෙ සිටි ගම්වාසින්ගෙ පිහිටෙන් කරදරයකින් .ෙතාරව ෙබ්රි අැත.මිට පලමු අවස්ථාවක මා තනිවම ෙමවැනි ගැටලුවකට මුහුණදි රියදුරු දෙපලගෙ සහායෙන් කරදරයකින් තොරව විසදාගත්ත.
  දරුවන් පාසලට යන්නෙ හොද හැදියාවක් ලබාගෙන අනාගතය ජයගන්නයි .ඒත් ෙමවැනි දරුවන් කරන දෙයින් අසරණ වන්නෙ දෙමව්පියන් සහ ගුරුවරුන්.කවදා හෝ දිනක පාසලට නොව පොලිසියට යැමට අපට සිදුවෙයිද?

Wednesday, February 24, 2010

ස්තුතියි

අද පාසල් ගියේ නැහ. අනතුරක්වෙලා. ඒහෙම වුනු ඒකත් ෙහාදයි කියලදැන් හිතෙනව. ඒ ෙමාකද මට අද පුංචි යාලුවෙක් මුණගැහුන .වයසින් පුංචි වුනත් දැනුමෙන් නම් මට වඩා ඉදිරිෙයන්.ඒයාගෙන් ඉගෙනගත්පාඩම අනුව තමා මෙය ටයිප් කරන්ෙනත් .ඒ පුංචි යාලුව මට සහයෝගය ඉදිරියටත් ලබා දෙයිකියල හිතෙනව.බ්ෙලාග් කියවන ෙකාට මටත් හිතුන අනේ මටත් මෙහෙම ලියන්න අැත්නම් කියල.අපිට පාසලේ ඒව උගන්වන්නෙ නැහනෙ.පන්තියකට යන්නත් ලැජ්ජාවකුත් තියෙනව.අැයි කිසිම දෙයක් දන්නෙ නැහැනෙ.ෙගදරට ගෙනාව ෙකාම්පියුටරයක් ෙපාත් ටිකකුත් සල්ලි දිල ගත්ත.අන්තර්ජාලයත් ලබාගත්ත.අතරමන්වෙවි වැටි වැටි ෙම්තාක් දුරට ඉගෙනගත්ත. ඊට පස්සෙ සිංහල බ්ෙලාග් කියවනය හරහා ගොඩක් දේවල් ඉගෙනගත්ත.ඒත් තාම පුංචිම පුංචියි.සිංහල බ්ෙලාග් කියවනයේ පුතාලගෙ පිහිෙටන් තවදුරටත් ඉගෙන ගන්නයි බලාෙපාරොත්තුව.අපි වගේ වැඩිහිටි අයට මම කියන්නේෙම් දැනුම ලබාගන්න.දරුවන් අපට ඉදිරියෙන් සිටිනව.ඒය සතුටක්.අෙප් ළමාකාලයෙ අපට ෙනාලැබුන ෙම් ෙද්වල් දරුවන්ට ලැබිම ෙකාතරම් වාසනාවක්ද?ඒය නිසි ෙලස මෙෙහයවන්න නම් අපත් දැන සිටිය යුතුයි.
                      මගේ බ්ෙලාග් ඒක පලෝ කරන හතර ෙදනෙක් ඉන්නව.ඒ දරුවන්ටත් ස්තුති කරන් න ඒය කොහොමද කරන්නෙ කියල මම දන්නෙ නැහ.කවුරු හරි කියල දෙනව නම්............. කමෙන්ට්  ගැන මම බලකරන්නෙ නැහ . ඒය නැතිවුනත් ලියන්න මම කැමතියි . මම හරි කියවනවනෙ නේද.. මම දන්න විදිහට හැදු මගෙ බ්ලොග් ඒක තව ෙවනස් කරගත යුතුයමක් අැත්නම් කියලා දෙන්න. දිලංක මාධව පුතා කි ලෙස වර්ඩ් වරිපිෙක්ෂන් ෙවනස් කරගත්ත .අැත්ෙතන්ම මම දැනගෙන හිටියෙ නැහ ඒම අපහසුතාවය ගැන. ෙම් කිසිම ෙදයක් ගැන දැනිමක් මට නැහ.මා ඉගෙනගත් සැම දේ ගැනම ඔබලාට ස්තුති කරගන්න මෙය අවස්ථාවක් කර ගන්නව.

Friday, February 19, 2010

අසරණ සරණ

අද මම post ලියන්න ගත්තෙ ඊයෙ සිදුවු දෙයක් ගැන ලියන්න හිතාගෙන. පාසල නිමවෙලා ගෙදර යන්න බස් ඒකට ගොඩවෙද්දි අාසන ගොඩක් හිස්වෙලා තිබුන.හිතවත් අයත් හමුවුනා. බස්ඒක පිටත් වෙන්න සුදානමක් තිබුෙනත් නැහ. කොහොමත් ප්‍රයිවෙටි බස් වාඩිවෙලා ඉන්න අයට දැන් යනව කියල ෙපන්නුවත් යන්න තවත් පැය භාගයක් විතර යනවනෙ.
                  බැස යන ඉරවුනත් අවිරශ්මිය ඉවසන්න බැහ. දහඩිය නැහවෙනව ඒ අතරෙදි බස් ඒකට තරුණ ගැහැණු කෙනෙක් ගොඩවුනා. යාචක රැකියාව කරන ෙකනෙක් . පත්‍රිකා ගොඩක් ෙබදාගෙන ගියා.සුපුරුදු ෙදයක් .බස්ඒකෙ වාඩිවෙලා ඉන්න කාලය තුල කමිමැලිකම යන්න ඔය වගේ ෙදක තුනක් කියවන්න ලැබෙනව.කියවලම ඒවත් දැන් කටපාඩමි. ඊයෙ තිබුනෙ තාත්ත දාල ගිහින්  අමිමට අසනිපයි තව ෙමානවද තිබුන .හෙට බස් ගාස්තුවට ඉතිරිකර ගෙන තිබුන සල්ලිවලින් මමත් දුන්න. සමහර අය ෙනාරැසුනා බැල්මක් හෙලල නිකමි හිටිය .පස්සෙයි  මටතේරුනෙ ඒකත් වැරදි නැහ කියල.කතා කරන්නත් බැහ. නිශ්ශබිදවම සල්ලි ඒකතුකරගෙන ගියා.ඒයින් විනාඩි පහකට විතර පස්සෙ ඒවගෙම යාචක ගැහැණු කෙනෙක් අැවිත් කකුෙල අබාධයක් පෙන්නල සල්ලි ඉල්ලන්න ගත්ත. පස්සෙ අාව කිහිප දෙනෙක්ම දුන්න .මමත් දෙන්න ගියා නමි මට වෙන්නෙත් ෙහට කාගෙන් හරි ඉල්ල ගන්න.ඒ නිසා අහක බලාගෙන ඉන්න සිදුවුනා. ෙමි සිදුවිමි අතරෙම බස්ඒකත් ඉදිරියට අැදුන .රසවත් කෑමබිම සුවදක් මුසුවුනු සුළග නැහැයට දැනෙන් පටන් ගත්ත.කාහටත් දැනුන සුවද අර්ථවත් කලේ අපි ෙහාටල් කිහිපයක් පසුකරමින් සිටින බවයි .ඒනිසාම මමත් ඒපැත්ත බැලුව .පුදුමයට පත් කරමින් මා දුටුෙව පළමු කි යාචක තරුණිය පියා විය හැකි පුද්ගලයෙකුත් තවත් පිරිමි ළමයකුත් සමග හෝටලයෙන් ඒලියට ඒනඅයුරුයි.කෑම ෙපටිටි ෙදකකුත් අතින් අරගෙන සිනාමුසු මුහුණින් කතාබහ කරමින් යන අයුරු මට අදහා ගන්න බැරිව ගියා ගෙදරට පැමිණෙන තෙක් මා සිතින් තර්ක කලේ මෙි ෙදවල් ගැනයි.අැයි ඒ අයටත් ෙහාටලකින් කෑම වෙිලක් කන්න තහනමිද? අපි දෙන ෙද් සුවදවත් කියල අපි අදහන අාගමි කියනව ඒසේ නමි රැවටුනෙ කවුරුන්ද?අපි වගේ ෙවහෙස වි රැකියාවක් කරන වට වඩා මෙි ක්‍රමය හොද නැද්ද?තවමත් මම සිතමින් සිටිමි

Saturday, January 23, 2010

මා කියවු පොතක්

කියවන්න මම ෙගාඩක් කැමතියි. කුඩා කාලයේ මගේ තාත්ත සැමවිටම ගෙනවිත් දුන්නෙ ෙපාත් පත් නිසා කියවිම ජිවන පුරුද්දක් බවට පත්වුනා. ඒ නිසාම රැකියාවක් ෙලස මම ෙතා්රා ගත්ෙත  ෙපාත් අතරට මැදිෙවලා කරන රැකියාවක්.
             පරිවර්තන කියවන්න වැඩිකැමැත්තක් දක්වනව. ඒ නිසාම ෙමි වන විට සැහෙන ෙපාත් සංඛාවක් කියවල තියෙනව. ඒ අතරින් කිහිපයක් ගැන යමක් කිව යුතුයි කයල මට හිතුන.ජැක් ලන්ඩන් ගැන ඔයාල අහල අැතිනෙ . ජැක් ලියපු ෙපාතක් තියෙනවcall of the wild කියල. ඊට ඉස්ෙසල ජැක් ගැන කියන්න ඔින.
            1876-1916 කැලිෙපා්නියාවෙි සැන්ප්‍රැනසිස්ෙකා නුවර ජැක් ඉපදිලා තිෙයන්ෙන.තමන්ගෙ උත්පත්තිය සමාජයෙ ගැරහුමට ලක්වෙමින්  නිසියාකාර අධ්‍යාපනයක් නොලද ජැක් කුඩා කලයේ නන්නත්තාර ජීවිතයක් ගතකල කෙනෙක් .නමුත් පොතපතෙ අැසුර නිසාඔහු තුල සැගවි තිබු කුසලතාවයන් ඒලිදක්වන්න හැකිවුනා.කොල්ල කරුවන් ගණිකාවන් දාමරිකයන් අතර ගත කල ජිවිතය තුලින් ලබාගත් රළු ජිවන දර්ශනය ඔහුගේ කෘතිවල අැති ගැඹුරු බව වැඩිකලා.
            1997 අාරියවංශ රණවිර "වන පෙත අඩගසයි" නමින් අපේ සාහිත්‍යයට ඒකතුකලා.ශිලාචාර සමාජයක උසස් ප්‍රභූ පැලැන්තියෙ මිනිසුන් සමග අැතිදැඩි වුනු "බක්"නැමති සුනඛයෙකු  මිනිසුන් තුල අැති මුදලට කෑදර කම නිසා අතරමංව කැලැවැදැම තේමාව වි අැත.
           කියවල බලන්න රසවත් ෙවිවි. කියවල බලල මටත් කමෙන්ටි ඒකකින්වත් කියන්න.පරිවර්තන කෘති කිහිපයක් තියෙනව මමඅාස කරන ඒව ලැනත් ලියන්නමි.

Thursday, January 14, 2010

නිවසක අලංකාරය

ිනිෙවසක අාරක්ෂාව ෙමන්ම අලංකාර කර ගැනිෙමිදි තිර ෙරදි වලට හිමිවන්ෙන් වැදගත් තැනකි. ගෘහ භාණඩ විසිතුරු උපකරණ සැරසිලි මල් බදුන් අාදිය ෙමන්ම තිර ෙරදි වලින්ද නිෙවසකට හිමි වන්ෙන් වැඩි අලංකාරයක් ෙමයින් නිෙවසකට පමණක් ෙනාව කාර්යාල හා ෙවනත් ස්ථන වලටද ලැෙබන්ෙන් අාරක්ෂාවකි අලංකාරයකි.
අප ෙතා්රා ගන්නා තිර ෙරදි නිර්මාණය ගැන ෙමන්ම ඒහි කල් පැවැත්ම ගැනද මනා අවෙබා්ධයක් තිබිය යුතුය තිර ෙරද්දක් සකස් කිරිමට ප්‍රථම ඒය දැමිම සදහා උපයෝගි වන ජනේලයේ ෙහා් ෙදාරේ මිනුමි ලබාගැනිම ඉතාම වැදගත්ෙවි.
මානුමි ලබා ගැනිෙමිද් සෑම විටම ජනේලයේ ලැටිස් ඒක බීරලු ෙහා් අාර්චි ඒකට ඉහලින් සිට ඒම මිනුමි ලබාගත යුතුය. අගල් 4ක් ෙහා් 5ක් ඉහලින්.
ඒම සථානයේ සිට ෙපාලොව මටිටම දක්වා උස ගණනය කර ගත යුතුයි.ජනේලයේ පළල මැන ගැනාෙමිදි ජනෙල් රාමුව අතර පළල මැන ගත හැක . සමහර අවස්ථාවල ජනේලයේ රාමුවට වඩා 4" 5"ක් පිටතට සිටින ෙස් පළල ගණනය කර ගන්නා අවස්ථාද අැත.
ෙමිෙස් මිනුමි ලබාගත් පසු පළල ෙයාදාගන්නා ප්ලිටි අනුව ෙරදි ගණනය කලයුතුයි.
පළලින් අවශ්‍ය ප්‍රමාණය:-ජනේලයේ සමිපුර්ණ පළලxඅදාල ප්ලිටි ක්‍රමය+මැහුමි වාසි ෙබදිම ෙරද්ෙද පළල.=අවශ්‍ය ෙලන්ත් ගණන
පළල 80*2=160+8=168/60=2.8(අවශ්‍ය ෙලන්ත් ගණන
උස ප්‍රමාණය:-ජනේලයේ උස +මැහුමි වාසි/යාර ෙහා් මිටර
උස 80+10+2+4=96
96*2.8=268.8
268.8/36=7.46 අවශ්‍ය ෙරදි යාර ගණන ලැෙබි.
ඊලග ෙපා්ස්ටි ඒෙකන් ඉතිරිය.

Tuesday, December 15, 2009

සිංහල භාෂාව අෙප් හදවතයි

මගේ බිලොග් ඒක ගැන යහලුවන්ටත් කියන්න ඔන කියල හිතුව.ඒත් ගොඩක් දෙනෙක් සිංහල පාවිචිචි කරන්නෙ නැහැනෙ.අපේ මවිභාෂාව ගැන හුගක් දෙනෙක්ට හැගිමක් නැහ.කියන හැමදෙනෙක්ම කිවවෙ සිංහල බලන්න බැහ කියල.ඉංග්‍රිසි අවශ්‍යයි. ඒත් අපගේ මවි රටෙදිවත් මවිභාෂාවට මුල්තැනක් දිය යුතුයි.තාක්ෂණය විෙද්ශ රටකින් ලැබුනත් පාවිචිචි කරන්ෙන අපි නමි හැකි සෑමතැනකදිම සිංහලයට මුල්තැන දිය යුතුයි.
පරිගණකයට සිංහල අැතුල් කිරිමට වෙෙහසෙන්නාවු සැමදෙනාටම මම ස්තුතිවන්ත වෙනව.අපගේ භාෂාව හදවත මෙන් රැකිය යුතුයි. අන්තර්ජාලය තුල සිංහල බසින් බොහෝ දේ රැස්වෙනවිට අපේ දරුවන් ඒවාට යොමුෙවයි.අන්තර්ජාලයේ අසභ්‍යදේවලින් දරුවන් බෙිරාගන්න දෙමවිපියන් දරණ උත්සාහයට පිටිවහලක් ෙවයි.පාසල් ළමයින්ට අවශ්‍ය පින්තුර හා ෙවනත් ෙතාරතුරු සොයා ගැනිමට සිංහල ෙවබි අඩවියක් නැති තරමි .සිංහල බිලොග්කරණයෙහි යෙදෙන උගත් ළමයින් ‍ෙමි ගැනත් සිතා බැලුවොත් හොදයි මම හිතනව.

Thursday, December 10, 2009

අපුර්ව නිර්මාණ

මිනිසා විසින් විවිධ වු නිර්මාණයන් ඉදිරිපත් කරයි. ෙමම නිර්මාණ ස‍‍දහා මිනිස් බුද්ධිය ෙමන්ම තාක්ෂණයද උපයෝගි කර ගනියි.ඒෙහත් ස්වභාවධර්මය විසින් කරන්නාවු නිර්මාණ තුල අපුර්ත්වයක් අැතැයි මට සිෙත්.ඒ මන්ද කිසිවිෙටකත් මිනිසාට ඒය කල ෙනාහැකි නිසාය. හිස් ෙදකක් අැති වසුපැටවකුෙග් පින්තුරයක් අන්තර්ජාලය තුල දකින්නට හැක.ඒය දුටු විට කණගාටුවක් අැතිවුනා.ඒසතා ජිවත්වුවා නමි ........
මගේ ෙදෙවනි සටහනත් සමග අලුත් ෙදයක් අාරමිභ කිරිමට අදහස් කරනව.ෙගදරට ෙවලා කමිමැලිකමින් ඉන්න අයට ෙමය ප්‍රයෝජනවත් ෙවිවි කියල මම හිතනව.වැඩි මුදලක් වියදමි කරල ඉෙගන ගන්න ෙවන ෙදයක් .ඒ වගේම වැඩි මිළක් ෙගවල නිවසේ අලංකාරයට ෙයාදා ගන්නා ෙදයක්. කවුරුත් කැමති ෙවිවිෙන. ඒෙහනමි ඊලග ෙපා්ස්ටි ඒෙකන් පටන් ගන්නමි.