Translate

Thursday, August 8, 2013

හොද නාට්‍යයක් බලන්න කැමති අයට

සෑහෙන කාලයක් නිහඩව සිටින්නට සිදු වුනා. බ්ලෝග් එක ලියන්න තරම් විවේකි කාලයක් නොතිබුනු නිසයි නිහඩව සිටින්නට සිදුවුනේ. පසුගිය කාලෙ හොද නාට්‍ය  කිපයක්ම බලන්න ඉඩකඩ ලැබුන. සුජාත දියණිය බලල ඉවර වෙනකොටම අභීත දියණිය බලන්න සිදුවුනානෙ.කොහොම වුනත් ලස්සන ටෙලිනාට්‍ය දෙකක් බැලිමට ලැබුන නිසා සිතටත් සතුටක් දැනුන. සමහර අය නම් මේ නාට්‍ය බැලිමට අැබ්බැහිවීමක් ගැන කතා කලා .හොද නරක දෙපැත්ත ගැනම කවුරුත් කතා කලා.කොහොම වුනත් ඒ නාට්‍ය දෙකෙන්ම රසවින්දනයක්  නම් ලැබුන.වෙනත් සංස්කෘතියකට අයත් වුනත් අපට ගත හැකි බොහෝ දේ එහි තිබුන.
"මයාවරුන්ගේ ලෝකය" නාට්‍යයට නම් මම එතරම් කැමැත්තක් නැති නිසා බලන්නෙ නැහ.
                             කොරියන්වල ඉන්න මගෙ මල්ලි කෙනෙක් නාට්‍ය බලන්න පුලුවන් වෙබ් සයිට් එකක් මට ලබාදුන්න. දැන් මම බලන්නෙ  "YI SAN " නාට්‍යයයි.ඒකත් අර නාට්‍ය දෙක වගේමයි.ඔයාලටත් කැමති නම් මේ වෙබ් සයිට් එකෙන් නාට්‍ය බලන්න පුලුවන් Good Drama .net  . කැමති කෙනෙක් බලල මටත් කියන්න.