Translate

Sunday, May 27, 2012

අපි ගිය දඹදිව චාරකාව .........කොහොමදැයි බලන්න..14


සිදුහත් කුමරුගේ උත්පත්තිය සිදුවු ලුමිබිණිය වන්දනා කිරිම සදහා අපි ගමන් ආරමිභ කලා.අපි නේපාල දේශසීමාවට ඇතුලුවන විට සැදෑ කලුවර ලගාවෙමින් තිබුන.හැකි ඉක්මනින් මහාබෝධි පන්සල වෙත යා යුතු නිසා ත් රාත්‍රියට මීදුම අධික නිසා වාහනය වෙිගයෙන් යෑමට නොහැකි නිසාත් අපේ රියදුරු මනෝජ් ගමන ඉක්මන් කලා.දහවල් ආහාරය ගන්නා විට හවස් වී තිබු නිසා අතරමගදි නොයෙකුත් දේවල් කන බොන නිසාත් එතරමි කුසගින්නක් දැනුනෙත් නැහ.ටික දුරක් යන විට රාත්‍රිය උදාවෙලා.කි.මී.හත අටක් දිග පාලමක් පසු කරමින් අපේ වාහනය ඉදිරියට ඇදුන.ඉන්දියාවෙ පාළමි ඒ තරමටම දිගයි. ගිය සැරෙත් මට මෙි පාළම දහවල් දකින්නට ලැබුනෙ නැහැනෙ ......කියමින් මාලා සේනානායක කලුවරෙම පාළම දෙස බලමින් පසුතැවුන.පාර දෙපැත්තෙ ඇති තෙක්ක වතුයායත් කි.මී. දහයක් විතර පැතිරිලා තිබුන.වාහන එලිය ඇරෙන්නට වෙනත් එලියක් අපට දකින්නට ලැබුනෙ නැහ.නේපාලය පුරාම තිබුනෙ කලුවර පමණයි.මට නමි යන්නෙ කොහෙද කියල හිතාගන්න්ත් බැහ.ගෙදරටවත් ඇමතුමක් ගන්න ඔින කියල හිතල දුරකතනය  අතට ගත්තත්  ඒකත් වැඩකරන්නෙ නැහ.අපි එයාර්ටෙල් පාවිචිචි කලත් නේපාලයෙදි සිග්නල් නැහ.විශාල ගේටිටුවක් තියෙන මුරකුටියක් ලග මනෝජ් වාහනය නතර කලා.ලයිටි එලියක් වත් නැහ.අපිටත් පුදුමයි......මෙතරමි ආරක්ෂාකාරිව ඇතුලුවිමි කලත් ...ලයිටි එලියක් වත් නැහ.අපි ලග තිබුන විදුලිපන්දමක් අරගෙන ගංගමිස් වාහනයෙන් බැහල අවශ්‍ය කරන ලියකියවිලි පෙන්නල අවසර ගත්ත.දැන් අපි පාරක් දිගේ යනව.........පන්සල හොයාගන්නත් එපැයැ.....අපේ වාහනයෙ එලියෙන් පාර දෙපස තියෙන දැන්විමි කියව කියව යන විට මෙි තියෙන්නෙ මහාබෝධි පන්සල......හිතට සහනයක් ලැබුන ...විශාල ගෙටිටුව.....ඉබියතුර දාල වහල ..දැන් මොකද කරන්නෙ.......රාජුට කිවිව ගෙටිටුව ශබිද කරලවත් කවුරු හරි ගෙන්න ගන්න බලමු කියල........ඒත් පන්සලෙ කිසිම එලියක් පේන්නතිබුනෙ නැහ.විනාඩි පහක් දහයක් අපි විවිධ අයුරින් අප ආ බව හැගෙවිවත් කවුරුවත් ආවෙ නැහ. සමහර විට ස්වාමින්වහන්සේ ලංකාවට වැඩමකරල ඇති කියල අපි තිරණය කලා .එත් ලයිටි එලියක් පේනතෙක් මානයක නැහ.දෙපැත්තෙම ගස්කොලන් විතරයි  තියෙන්නෙ .විශාල කැලෑවක් වගේ තමයි අපි දකින්නෙත්......හැමොම බයෙන් වගේ ..රාත්‍රදය කොහෙ ගතකරන්නද?....අපි වාහනයෙ නිදාගනිමු ......කෙනෙකුගෙ අදහස.. එහෙම කීවට නවාතැනක් ගැන සිහින දකිමින් ඉන්නෙ.....තව ටිකක් ඉස්සරහට ගිහින් වෙන තැනක් වත් හොයගනිමු...........තීරණයකට ආව....මනෝජ් වාහනය ඉදිරියට ගෙනියනව....ටික දුරක් යනවිට ....තවත් පන්සලක් තියෙනව..මියන්මාර් පන්සලක්  මෙිවෙලාවෙ විදිහට එකත් මදැ......තවත් වාහන දෙක තුනක් නවත්තල තිබුන .ඒ නිසා මනොජ් වාහනය ඇතුලට දැමිම.රාජු තමයි අපේ භාෂා පරිවර්තක.....ඒකත් වැඩක් වුනේ නැහ....වෙනත් රටවල අයට නවාතැන් දෙන්නෙ නැහ.. මනෝජ් වාහනය අරගෙන තවත් ඉදිරියට යනව....ටිකදුරක් යන විට ලංකාවෙ ක්‍රමයට වටෙි ආවරණය කලතැනක් දකින්නට ලැබුන.ඒත් ඉතින් කලුවරේ නමි වෙනසක් නැහ. කොහොම හරි එහි භාරකාරත්වය අපි ගැන අනුකමිපා කරල එදා රාත්‍රිය ගතකරන්න පහසුකමි නොසිතු ආකාරයට ලබාදුන්න .ඒවෙලාවෙ තමයි දැනුනෙ වෙනත් රටකදි තනිවුනාම ශ්‍රීලාංකිකයෙක් තමයි පිහිටට එන්නෙ කියල. හරියට නෑදෑගෙදරකට ගියා වගේ හැගිමකින් අපි එදා රාත්‍රිය ගත කලේ .ආගන්තුක සත්කාරය නොඅඩුවම ලැබුන.නේපාලයෙ පැය ගණනක්  විදුලිය විසන්ධි කරනව.රාත්‍රි හතේ සිට අටවන තුරු පැයක්ද රාත්‍රිකාලයෙත් විදුලිය කපා හරිනව අපි නේපාලය පුරාම කලුවර දැක්කෙ එනිසා බව අපේ හිතවත් වීරතුංග මහත්තය පැවසුව.පසුදා උදේ නමි දැක්කෙ ලස්සන පරිසරයක් ගස්කොලන් වලින් වටවුනු ස්වාභාවික පරිසරය හරිම ලස්සනයි.හැම බෞද්ධ රටකටම වෙන්වු ඉඩමි ප්‍රමාණයක් මෙහි තියෙනම .ඒ අනුම ලංකාවට අයිති කොටසෙ ලංකාවෙ පන්සල් පිහිටා තිබෙනව. පසුදා උදේ අපි පන්සලේ බුද්ධපුජා වන්දනාව කලා.වීරතුංග මහත්තය ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු අපිට පිලියෙල කර දුන්න පමණක් නොවෙි ස්වාමින්වහන්සේ නමක් ලෙසින්ම අපව පංචසිලයෙහි පිහිටුවල පිරිත් කියල වන්දනා කෙරෙවිව.ඊට පස්සෙ අපි ලුමිබිණිය වන්දනා කරන්න පා ගමනින් ගියා.අප සමග වීරතුංග මහත්තයත් සහභාගිවුනා.



සිදුහත් කුමරුව ස්නානය කල පොකුණ. බෞද්ධ පොතපතේ සදහන්වෙන පරිදි උණුදිය සහ ඇල් දිය ලිං දෙකක් මෙම පොකුණ තුල ඇතිබව නේපාල පුරාවිද්‍යාවෙන් දැන් සොයාගෙන ඇති බව වීරතුංග මහතා අප සමග පවසා සිටිය.

අශෝක ස්ථමිභය

මහමායා දේවිය හා සුද්ධෝදන රජු වෙනුවෙන් පවත්වන පූජාවක්

ලුමිබිණි උද්‍යානයේ ඇති සල්ගස මෙිවා ලංකාවෙි ඇති සල්වලට වඩා වෙනස් වර්ගයකි දැනට මෙහි සල් ගස් දෙකක් පමණක් ඉතිරිව ඇත.
මහාමයා දේවියගේ පා සටහනක් මතුකර ගෙන ඇති මුත් එය ඡායාරූප ගන්නට නේපාල ආරක්ෂකයින් ඉඩ නොදෙයි.ඇතුලත කිසිවක් සේයාරූ කරන්නට නොදෙන අතර එසේ කර අසුවුවහොත් කැමරාව නොදෙන බව පැවසු නිසා වන්දනා කිරිම පමණක් කලෙමු.
ලුමිබිණිය වන්දනා කිරිමෙන් පසු අපි සැවැත් නුවර  බලා පිටත්විය යුතුව තිබුනත් වීරතුංග මහත්තය අපිට කියා සිටියෙ කපිලවස්තුනුවරත් බැලිම හොද බවය.අපේ ගමන් මාරගයේ වෙනසක් වුනත් කපිලවස්තු බැලිමට කවුරුත් කැමති විමෙන් පසු පසුදා අපි කපිලවස්තු බැලිමට පිටත්විමු.වීරතුංග මහතා මෙන්ම නුවන් මහතාදඒ ගමනට අප සමග එක්විම අපට පහසුවක් විය.අමතර ගමන් මාර්ගයක් නිසා රියදුරු මනෝජ් වැඩිකැමැත්තක් දැක්වුයේ නැත.ඒත් අපේ ඉල්ලිම නිසා කපිලවස්තු බැලිමටඔහු එකග විය.නටබුන්ව ඇති සුද්ධෝදන රජ මාළිගාව නේපාල පුරාවිද්‍යාව මගින් කැනිමි කර මතුකරගනිමින් පවති.මෙි ගමන් විස්තරයත් සමගින් නැවතත් ලියන තුරු කියවන ඔබ සැමට ස්තුතියි.

3 comments:

sameera said...

ඔක්කෝම ලිපි ටික එක හුස්මට කියෙව්වා.... ඉන්දියාවෙ යන්ඩ මාර අසාවක් අවා කොහොම හරි යන්ඩ ඕනි ...
පලෙවෙනි වතාවට මෙ පැත්තෙ ආවේ

sameera said...

ඔක්කෝම ලිපි ටික එක හුස්මට කියෙව්වා.... ඉන්දියාවෙ යන්ඩ මාර අසාවක් අවා කොහොම හරි යන්ඩ ඕනි
පලෙවෙනි වතාවට මෙ පැත්තෙ ආවේ

malnayaka said...

මෙි ලිපිවල අරමුණත් ඒකයි.කවුරු හරි මෙය කියවල යනව නමි මටත් පිනක්.අනික අපි යන තරමට තමයි ඒතැන් ආරක්ෂා වෙන්නෙ.අපේ ස්වාමින්වහන්සේලා බොහොම දුෂ්කරව ඒතැන් රකිනව.නැතිනමි කෝවිලක් අටවගෙන සල්ලි හොයනව.උදවිවක් අවශ්‍යවුනොත් කියන්න