Translate

Friday, February 17, 2012

අපි ගිය දඹදිව චාරිකාව .......කොහොමදැයි බලන්න 9...........

පසුගිය සති කිහිපය ගෙවා දැමුවෙි ඇඩු කදුලින් .......ඒනිසා කොමිපියුටරය පාවිචිචි කිරිමත් තාවකාලිකව අත්හරින්න සිදුවුනා. වසර කිහිපයක සිට ලෙඩින් සිටි මගේ ආදරණීය මෑණියන් අප අත හැරදා යන්නට ගියා. ඒ වෙිදනාව මට දැනුනෙ ජීවිතයෙ හරි අඩක් විනාශ වුනා වගේ ........ඒත් ලෝක සත්‍යයට මුහුණදිය යුතුයි. උපදින හැම අයෙක්ම මරණයට මුහුණදිය යුතුයි. මගේ මවත් ඒ ඉරණමට මුහුණදුන්න ......අසමිත වු වෙිදනාව තුලින් සතුටු විය හැකි එක දෙයක් තියෙනව. බිරිදක් හා මවක් විදිහට තම යුතුකමි ඉටුකර ජීවිත ගමනෙ නොයෙක්වු කඩඉමි පසුකරමින් ගත කලාවු ඇයගේ ජීවිතය ඉතාමත් වටිනා එකක් වු නිසයි.අප හැමගේම අමිමලා මිල කල නොහැකි අමිල සමිපතකි.
ඉතින්  සිතිවිලි අකුරු කිරිමෙන් කඩාවැටුන සිත ට යමි සහනයක් හෝ ලබන්නට හැකි වෙියැයි සිතුන නිසා නැවතත් දඹදිව චාරිකා ඉතිරි කොටස ලියන්නටයි සුදානම.
බුද්ගයාවෙන් පිටත් වෙන්නට පළමු හිකමිතුරන්,නෑදැයින් වෙනුුවෙන් තිලිණ මිළදි ගන්නටද අමතක කලේ නැහ.වීදියක් දිගේ ඇවිදයමින් නානාවිද විසිතුරු දෑ මිළට ගත්තෙමු .මාල වළලු  වැනි අභරණ වලින් පිරුණු කඩයකට ගොඩ වැදුණු විට ඇස් අදහාගත නොහැකි දේ වලින් පිරි ඇත. කවුරුත් නොමසුරුව වියදමි කලේ ඒවා මිළදි ගන්නටය. ගංග මිසුත් මමත් බරණැස හදුන්කූරු පෙටිටි මිළදි ගත්තෙමු .ඒවා ලංකාෙවි මිළදි ගන්නවාට වඩා ලභදායි  විය. කුඩා පැකටි 12 කින් යුත් පෙටිටියක් ඉන්දියන් රුපියල් 130කට මිළදි ගන්නට පුලුවන.ලංකාවෙි මුදලින් එය රුපියල් 325 පමණ වෙයි. සමහර වෙළෙදුන්ට සිංහල කතා කිරිමට පුලුවන.ඉන්දියානු කුඩා පිරිමි ළමයෙක් මාදුටු විට ආයුබෝවන්.......ඔයා ලංකාෙව නේදැයි විමසා පැහැදිලි සිංහලෙන් කතාකලේ අපි පුදුමයට පත් කරමිනි.මිළදි ගැනිමි වලදි ඔහුඅපට සහාය වෙන්නට උනන්දුවුනේ කිසියමි මුදලක් බලාපොරොත්තුවෙනි.ඉන්දියාවේ හැටි එලෙසය.එදින උදේ අපි බුද්ගයාවෙන් සිට විසාලා නුවර බලා පිටත් විමු. ඒ යන අතරමගදි සුජාතා කිරිපිඩු පිලිගැන්වු තැන බලන්න නතර වුනේය.
සුජාතා කිරපිඩු පිලිගැන්විමම



සුජාතා නිවස තිබු ස්ථානයය

සුජාතා විසු සේනානි ගමිමානයෙ දැනට ඇති කමතක්ක්
video

බිමිබිසාර රජතුමා විසින් පිලිගැන්වු වෙිලුවන උයන  නරඔන්නටද අපට හැකිවුනා.මෙය ප්‍රථම ආරාම පුජාවයි. අග්‍රශාවකයින් වහන්සේලා පත්කර ගැනිමට හැකිවුයේද බුදුරජාණන්වහන්සේ වෙිලුවන උයනෙහි වැඩසිටින අවස්ථාවෙිදිය.
එදින විසාලානුවර යන අතරමග ගිජ්ජකූට පර්වතයට කේබල්පුටුමතින්නගින්නට ලැබුනු අවස්ථාව අලුත් අත්දැකිමක් වුනා. මෙි සදහා සුලු මුදලක් ගෙවිය යුතුයි.ඒ ගමන හරිමසුන්දරයි.ඉහලට යන පුටු නැගී යන කෙනා දමා ආපසු පැමිණෙයි. රවුමක් කැරකි එනවිට පුටුව යන්නට පෙර අසුන් ගත් යුතුයි.සමහක් අය බය නිසා ගමන ප්‍රතික්ෂේප කලත් බය විය යුතු කරුණක් නැහ .තමන්ට පලමු යන අය නගිනඅයුරු බලා සිටිමෙන් එයට හුරුවිය හැක. තරුණ පිරිස මෙන්ම වයසක අයද මෙි ගමනින් සතුටක් ලබන අයුරු මම දැක්කෙමි.කන්ද මුදුනට නගින ගමන චමත්කාරයි. මුදුනට ලගාවන විට තමන්ගේ පොටෝ එකක් ලබාගැනිමටද හැක. සුන්දර වනපෙත මැද අහසේ පියාසර කරන අකාරයෙ හැගිමකින් සිතට චමත්කාරයක් දැනේ. කෙදිනක හො ඔබත් මෙම චාරිකාවෙි යෙදෙනු ඇතැයි මම අපේක්ෂා කරමින් මෙි චමත්කාරය විදගනු ඇතැයිද සිතමි.කන්ද මුදුනේ දැක බලා ගැනිමට පන්සල් ඇත. ඒවගේම කන්ද මුදුනෙ සිට ස්වාභාවික සෞන්දර් විද ගැනිමෙි භාග්‍යද ලැබෙි. මෙතැන බුදුපහස ලබපු තැනකි. දෙවිදත් විසින් ගල පෙරලු ස්ථානය ගිජ්ජකූඨපර්වතයයි. පාගමනින් යන්නෙ නමි ගල පෙරලු ස්ථානය සියැසින් දැක බලාගැනිමට ද හැකිවෙි.
කන්දපාමුල ඇති හෝටලයය

කන්දට නගින අයුරුරු

රවුම කැරකි පුටුව එනතෙක්.....

පුටුවෙ  කන්ද නගින විට 





බුදුරජාන්වහන්සේ  යමි යමි අවස්ථාවල පෙළහරපෑමි සිදුකර ඇත. ඒ අසම සම ශක්තිය දැකගන්නට තරමි භාග්‍යක් අපට නැත. එහෙත් එවැනි එක් අවස්ථාවක සිදුවුදෙය සියසින් දැක ගැනිමට ස්වභාව ධර්මය අපට යමිතමි හෝ කරුණාවක් දක්වා ඇත.එය දැකගන්නට ලැබෙන්නෙ රජගහනුවරදිය.කොසොල් රට රජතුමා අචිරවති නදියෙ දිය පිළිබද රජගහ නුවර රජු සමග ඇතිවු වෛරයෙන් ආර්යයන් වැනසිමට මහා සේනාවක් රැගෙන රජගහනුවරට ගියේය.එජු ගමන් නල රථය කලුගල් පර්වතයක එරි රිය සක ගලෙන් ඉවත් කර ගැනිමට නොහැකිවිය. මෙි වන විට බුදුහිමි වැඩසිටියේ ගිජ්ජකූඨපර්වතයේය.පසුව විඩුභ රජු බුදුරදුන් බැහැදැකිමට ධර්මය ශ්‍රවණය කලේය.එම ස්ථානය අදත් එලෙසින්ම පවති. මෙය නමි මහා ප්‍රාතිහාර්යක් බව සියැසින් දුටු මට සිතුනි.
රිය එරි ඇති අයුරු

රියෙන් වැටෙනවිට පය තැබු තැනන

වැලමිට එරුන තැනන

දණහිස වැදුන තැනන


ඊලගට අපට දක්නට ලැබුනේ බෞද්ධ ඉතිහාසයෙ සිත් කමිපාවට පත්වු සිදුවිමක් සිදුවු ස්ථානයකි. අජාසත් කුමාරයා රජකම ලබාගැනිමට පියරජු වු බිමිබිසාර රජු සිරගත කල සිරමැදිරියයි. දැනට එහි නටඹුන් පමණක් ඉතිරිව ඇත. පුරාවිද්‍යා කැනිමිවලදි යකඩ දමිවැල් කොටස් පවා හමුවිඇත.
අජාසත්ත රජ තුමා පියතුමා සිරකර තැබිමෙන් පසු කාලයක ඉතාමත් ශෝකයෙන් යුතුව කාලය ගතකර ඇත. ඒනිසාම බුදුහිමිගෙ ධාතුන් තැන්පත් කර ඒවාට ගෞරවකරමින් ආරක්ෂාකර ඇත.පසුකලෙක අශෝක අධිරජයා මෙම චෛත්‍යය විවෘත කර එම ධාතුන් ලබාගෙන වෙනත් ස්ථානවල තැන්පත් කර අසුහාරදහසක් වු වෙහෙර විහාර කරවු බව සදහන් වෙි.බුද්ධගයාවේ සිට ගමන් ඇරඹු අප තවමත් විසාලා නුවරට ලගාවි නොමැත. තවත් ස්ථාන කිහිපයක් ගැන ලියන්නට තිබෙන නමුත් මෙම සටහන අදට නිමාකර තවත් දිනකදි හමුවන්නමිුු

1 comment:

Tharaka said...

බොහොම කණගාටුයි අම්ම ඔබගෙන් සමුගත්බව දැනගන්න ලැබුන එක. ඔබට දෛර්යය ප්‍රාර්ථනා කරනව.