Translate

Saturday, February 25, 2012

අපි ගිය දඹදිව චාරිකාව ............කොහොමදැයි බලන්නන 10.....

video
පසුගිය පෝස්ටි එකක මම දමපු වීඩියෝ වැඩ කලේ නැති නිසා එයින් එකක් අද පෝස්ටි එකට දැමිම.මෙය බුද්ධගයාවෙ වීඩියෝවක්.අලුත්ම තොරතුරු අනුව දැන් බුද්ධගයාව සීතල අඩුවෙිගෙන යනවලු. දහවල තද අවි රශ්මියත් රාත්‍රිය සීතලත් පවතිනව  කියල බුද්ධගයාවෙ සිටින රාහුල හිමියන් මා සමග පැවසුව. උන්වහන්සේ මගෙන් ඇසුවෙ නැවතත් බුද්ධගයාවට එන්නෙ නැතිද කියලයි.අපියන කාලෙ සිංහල අය යනව අඩුයි. සීතල නිසා දැන් ලාංකික වන්දනා නඩ පැමිණෙමින් සිටින බව ත් රාහුල හාමුදුරුවන් පැවසුව. සමහර අය බුද්ධගයාවට පමණක් යනවලු.ගුවන් ගාස්තු 33000ක් පමනක් වෙන බවත් රාහුල හිමියන් පැවසුව.නැවතත් යන්න නමි ආසයි තමා....... ඒත් තව වසර දෙක තුනක් වෙිවි........ කවදා හෝ දිනක නැවතත් මම යනව තිර අදිටන එයයි.
ඉතින් අපේ වන්දනා චාරිකාවෙ විසාලනුවරට තවම ගියේ නැහ.දැන් අපි තපෝධා නදියෙ උණුවතුර උල්පත් බලන්න යනව වාහනයෙන් බැහැල ටිකදුරක් පයින් ඇවිදගෙන ගියා .දුමිපිටවෙන වතුර පීලි අසල මහ සෙනගක් ස්නානය කරනව.ඒ සදහා ස්ථානයන් වෙන්කරල තියෙනව. මට හිතුන බුදුරජාණන් වහන්සේත් මෙහි ස්නානය කරන්නට ඇතිය කියා.


සමහර විදේශිකයින් කන්ද නගින්නෙ කදක ආධාරයෙන් .මෙි ඉන්දියානු මිනිසුන් ජිවිත්වෙනන කොපමණ බරක් උසුලාගෙන  දවස පුරාම කන්ද නගිනවාදැයි මම කල්පානා කලා.
            
               ඊලගට අපි පිප්පලි ගුහාවබලන්නට ගියා .සප්තපර්ණි ගුහාව නමින් හදුන්වන්නෙත් මෙය වියහැකියි. භික්ෂුන්වහන්සේලා වාසය කල තැනක් .පන්සීයයක් භික්ෂුන්වහන්සේලා වැඩසිටිබව සදහන් වෙනව.අජාසත් රජුදවස ප්‍ර්‍රථම ධර්ම සංගයානාව කල ස්ථානයද මෙයයි.අපි මෙතන පැයක පමණ කාලයක් සප්ත බොජ්ජංග පිරිත කිවිව.මෙම ගුහාව තුල වැසුනු ගල් දොරක් තියෙනව. ඒ සමග සෙල් ලිපියක්ද තියෙනව.එය කියවිමට හැකිවුනොත් එම ගල්දොර ඇරෙන බවත් සදහන් වෙනව.



        දැන් අපි ඉන්නෙ දුෂ්කර ක්‍රියා කල ස්ථානයෙය.මෙම ස්ථානය හදුන්වනු ලබන්නෙ දුර්ගේෂ්වරි කන්ද නමිනි.     සොබා සෞන්දර්ය නරඹමින් අපි කෙටි දුර ප්‍රමාණයක් කන්ද තරණය කලා.කොන්ක්‍රීටි යොදා පාර සකස් කර ඇති නිසා අපහසුවෙන් තොරව ගමන් කල හැකියි.පාර දෙපස වාඩිවි සිංහල බසින් සිගමන් යදින යාචක පිරිස් ගෙන් ගැලවි යන්නට නමි අපහසුයි. කණගාටුවට  කරුණ වන්නෙ වැඩිපුරම ඉන්නෙ කුඩා ළමයි්න්ය. පිටුපසින් පැමින බිස්කටි ඉල්ලති විටෙක සබන් ඉල්ලති  ඒ කිසිවක් අප ලග නොමැති බව කිවට ඔව්න් නමි පිලිගන්න පාටක් නොතිබින .සමහර අය මෙි දේවල් දිමෙන් ඔවුන් එයට පුරුදු වි ඇති බව අපට දැනිනි.අපේ තමර නංගි නමි ගංග මිස්ට හොරෙන් ටොපි අරන් දුන්න. "පවි අක්කේ මට මගේ දරුෙවා මතක් වෙනව"දරුවන් නොදැක සිටිමෙි දුක නිවාගන්නට ඇය එම දරුවන් ගේ සිත සැනසුවාය.වෙහෙසකින් තොරව අපි කදු මුදුනට ලගා වුනෙමු. එහි තායි පන්සලක් ඉදිකර තිබෙි බෙලිමල් සංග්‍රහයකින් අපේ සීතල දුරු කරන්නට තරමි එතුමන්ලා කාරුණික විය. පන්සල වටෙිම ඇත්තේ පල බරින් යුතු බෙලිගස්ය.පාවහන් ගලවා අපි උඩට නැග්ගෙමු.



දුෂ්කරක්‍රියා කල ගුහාවව

බොද්ධ ඉතිහාසයෙ සුවිශේෂ තැනක් වු නාලන්දාව අපේ ඊලග සංචාරක ස්ථානය විය.ශිෂ්‍යයින් දසදහසක් මෙන්මගුරුවරුන් එක්දහස්පන්සියයක් සිටි අධ්‍යාපන පීඨයක් වු නාලන්දාවෙ අද ඇත්තේ නටබුන් වු ශේෂයන්ය.විශාල භූමිප්‍රමාණයක පැතිරි ඇති ගොඩනැගිලි මතුපිට මෙන්ම පොලොව යටත් පිහිටා ඇත.සිංහල බසින් විස්තර දැනගැනිමට අප මුදලක් ගෙවා මග පෙන්වන්නෙක් ගෙ සහාය ලබාගතිමු ක්‍රිස්තු පුර්ව තුනවෙනි සියවසේ  ආරමිභ වු නාලන්දාව ක්‍රිස්තු වර්ෂ එක්දාස් එකසීය වනතුරු පැවතිනි.මොහොමඩි භක්තියාර් නමි වු මුස්ලිමි ආක්‍රමණිකයා නාලන්දාවට ගිනි තැබිය.ඉගෙනුම ලැබු ශිෂ්‍යයින් මෙන්්ම ගුරුවරුන්ද මෙි ගින්නට අසුවි ඇත .මෙම නාලන්දාවෙ ඇති පුස්තකාලය ඉතා විහාල එකකි..ගින්නට අසුවු පොත් පත් මාස හයක පමණ කාලයක් ගිනිබත් වු බව ජනපුවාදයේ පවති අද්විතිය ගෘහනිර්මාණ ශිල්පිය ක්‍රම වලින් යුතුව නිර්මානය කර ඇති විනාශ වු ගොඩනැගිලි දෙස බලන කාගෙත් සිත දුක්බර වන්නෙ නිරයාසයෙනි


ආලෝක ලැබෙන ලෙස සැකසු නාන කාමරයක්ක්

පුස්තකාලයය

මෙම සැලස්මෙහි ඇත්තේ කුඩා කාමර සහිත දේශන ශාලාවකි.
19 වැනිද මෙි සියල්ල බලා අවසන් වනවිට රාත්‍රිය එලඹුනා.එදින විසාලා නුවර යෑමට නොහාකි නිසා අතරමග හොටෙල් එකක නතරවිමට අපට සිදුවුනා.අපේ කටිටිය සියලුදෙනාටම එකම ස්ථානයක නිදාගැනිමට හැකිවුනු එකම රැය එදින වු නිසා ඉතාමත් විනොදයෙන් සිනහ හඩ මැද මැදියමි රැය වනතුරුද නිදි නොලබා සිටිය. පසුදා විසාලානුවර බලා නැවත ගමන් ඇරඹු පසු අපේ ගමන ගැන තවත් පෝස්ටි එකකින් ලියන්නමි..

No comments: