Translate

Saturday, January 28, 2012

අපි ගිය දඔදිව චාරිකාව .........කොහොමදැයි බලන්න....6



16 වැනිද හිමිදිරියෙ නැගිටල අපි ගමන්මලු පිලිවෙලට අසුරා ගත්ත .මෙි වන විට කෝකිය,  රාජු අපේ උදේ ආහාරය  සහ දවල් කෑම පිලියෙල කර තිබුන. මෙි ආහාරයන් දෙකම අතරමගදි තමයි කෑමට සිදුවෙන්නෙ. නැවති සිටි ස්වාමින් වහන්සේ බැහැ දකින්න අපි සියලුදෙනාම ගියා.


ගමන ආරමිභයේදිම අපට කෑම උයාදෙන රාජු ගැනද ලිවිම මගේ යුතුකමක් කියල හිතෙන නිසා මෙහි සටහනක් තැබිය යුතුයි. රාජු කියන්නෙ අවු.27පමණ තරුණයෙක් .දුප්පත් පවුලක වැඩිමලා .විවාහකයි .කෝකියෙක් ලෙස කරන රැකියාවෙන් තමයි මෙම පවුල ජීවත්වෙන්නෙ.අධ්‍යාපනය ලබා ඇත්තෙ හතරවැනි ශ්‍රේණියට පමණයි. ඉංග්‍රිසි භාෂාවෙ යමි යමි වචන හසුරුවන්න පුලුවන් .සිංහලත් ඔහුගෙ රැකියාවට අවශ්‍ය පුමාණය කතාකරන්න පුලුවන්. අප හා අදහස් හුවමාරුකර ගන්න ඔහු අපුරු ක්‍රමයක් භාවිතා කලා.ඔහු දන්න ඉංග්‍රිසි වචනයත් ,සිංහල වචනයත් හින්දි වචනයත් එකතුකරල අපි සමග කතා කලා.ඒ නිසා ඔහු කියන දෙය අපිට තේරුමිගන්න පුලුවන් වුනා.ඒ වගේම අපි විනොදයකුත් ලැබුව.ඔහුගෙ මුවග නිතරම තිබුනෙ ප්‍රොබිලමි නෑ.........මෙි වගේ ලස්සන ක්‍රමයක් මෙි හින්දි තරුණය තුල තිබුන උනන්දුව නිසාම අපිට සිංහල වචන කියල දෙන්නත් ලේසි වුනා.රියදුරු  මනොජ්......... නිතරම බුලත් විටක් හපනව. සිංහල හා ඉංග්‍රිසි කිසිම වචනයක් දන්නෙ නැහ. නමුත් අපි කියන අදහස වටහාගන්නට ඔහුට රාජුගෙන් උදවි ලැබෙනව........ දැන් අපි බුද්ධගයාව බලා පිටත්වුනා. වෙලාව ගැන හිතාගන්න බැහ .අපි දැන් පිවිසුනේ අධිවෙිගි මාර්්ගයකට.අධිවෙිගි වුනාට සියලුම වාහන යනව.ටිකදුරක් යනවිට මෙන්න  වාහන පොලිමක්......ඒවත් ලොරි....මොනව කරන්නද අපේ ගමන ඉක්මනින් යායුතු බව අපේ රියදුරු දන්නව.ඒ නිසාම ලොරි පේලි දෙකක් අතරින් අපේ වාහනය ඉදිරියට ගියා.ඒත් කෙලවරක් නැති ලොරි පේලියක්........ඒ අතරෙ පුංචි ඉඩක්.....මනොජ් දඩිබිඩි ගාල ...එහාට මෙහාට කරල ආපස්සට වාහනය හරවගත්ත.අපි බලාන ඉන්නව ...මොකද වෙන්නෙ කියල ..දැන් වාහනය අයෙමත් ලොරි පේලි දෙක අතරින් බරණැස බලා යනව.සෑහෙන දුරක් ගිහින් ඊලග පාරට හරවල නැවතත් බුද්ධගයාව බලා ධාවනය කරන්න වුනා.ඉන්දියානු රියදුරන් ගහ මරාගන්නෙ නැතිව ඇතිවන තදබදය විසදගන්න හරිම දක්ෂයි. පුංචි ඉඩත් ඇති ඒගොල්ලට  වාහනය ඉදිරියට ගෙනියන්න .ඉන්දියාව පුරාම දැක්කෙ මෙවැනි ගමනාගමනයක්.වාහන නීති පාවිචිචි වෙනව දැක්කෙම නැහ.


මෙ අතරතුරෙ මම ඡායාරූපයක් ගන්න අමතක කලෙ නැහ..



.මෙි යන ගමනෙදි බ්‍රහ්මදත්ත රජ මාළිගාව බලන්න යන්නත් අමතක කලේ නැහ.නමුත් අපට රජපවුල සිටින මාළිගාවට යෑමට අවසර ලැබෙන්නෙ නැහ.අතීතයෙ සිටි රජවරුන් පරිහරණය කල නොයෙකුත් භාණ්ඩ තැන්පත් කල කෞතුකාගාරය පමණක් අපට බැලිමට ඉඩ ලැබුන.ඇතුලෙ ඡයාරූප ගැනිමට ඉඩ දෙන්නෙත් නැහ.පැය කීපයක් මෙි සදහා ගත වෙනව.බෞද්ධ පොත පතෙ සදහන් වන"බරණැස බ්‍රහ්මදත්ත රජ්ජුරුවො........යනකියමනට පාදකවුනු මෙම ස්ථානය නැරඔිමිදි එය සියැසින් දැක ගැනිමට ලැබිම ගැන සිතට සතුටක් දැනෙනව.විශාල භූමිපුමාණයක පැතිරුණ මෙම මාළිගාව ද ඉතාමත් විශාලයි.එය නරඔා එලියට විත් බලන විට ඇත්තේ ගංගානමි නදියයි.මතක සටහනක් ලෙස ඡායාරූපයක් ගැනිමටත් අමතක කලේ නැහ.

ඊලගට බැලිමට තිබුනෙ ගංගානමි නදියෙ සිදුවෙන අවමංගල්‍ය කටයුතුයි.මෙි සදහා පටුපාරක් දිගේ ගංගාව බලා යායුතුයි. නමුත් අපේ කටිටිය මිනී පිලිස්සෙන ගද ගැන අකමැත්ත නිසා ඒගමන නොගොස් බුද්ධගයාව බලා පිටත් වුනා.මෙි අදාහාන කටයුතු සිදුවෙන අකාරය ගැන වීඩියෝ අන්තර්ජාලය තුල යුටියුබි වල තිබෙනව. මමත් ඒවා යන්නට පළමු නරඔා තිබෙනව.ඉන්දියාව විශාල රටක් නිසා ස්ථානයකින් ස්ථානයකට ඇති දුර පුමාණයද වැඩියි.ඒවගේම පාළමිවල දිග ප්‍රමාණයද වැඩියි. දුමිරියක් ගත්තොත් එහි පෙටිටි 90ක් විතර තියෙනව.වාහනයෙ යන ගමන් කොචිචියක ඇති පෙටිටි ගණනත් අපි ගැන්න. ඒ්තරමට  දිගයි.අපේ රටෙි නොමැති මෙි දේවල් අපට නැවුමි අත්දැකිමි වුනා.පාලමක් කොචිචර දිගද කියලබලන්න වීඩියොවක් නමි  තිෙයනව.ඒත අප්ලෝඩි වෙන්න සෑහෙන වෙලාවක් යනව.මම පාවිචිචි කරන්නෙ උබුන්ටු නිසා වෙන්නැති.දන්න කෙනෙක් කියල දුන්නොත් පසු ලිපියක දාන්න පුලුවන්. බ්‍රහ්මදත්ත මාළිගාව බලල ඉවරවෙන විට දහවල් 12හත් පසුවුනා.අතරමග තැනකදි අපි දහවල් අහාරය ගත්ත. ඊලගට මනෝජ්ගෙන් ඉල්ලා සිටියෙ .පෙටිරල් සෙඩි එකක් ලග නවත්වන්න කියායි.අපේ වාහනයට නමි නෙමෙි..........අපි හැම දවසෙම අතරමග වැසිකිලි සොයාගත්තෙ පෙටිරල් සෙඩි එකකින්......අපේ රටෙි වගේ මෙි දේවල් පාර අද්දර නැහ. පාර දෙපස පෙනෙන තෙක් මානයෙ තියෙන්නෙ කුඔුරු යායවල් .බාස්මති වී,අබයායවල් ,ගෙඩිෙගා්ිෙගා්ව වගාවන් ආදියයි.අතලොස්සක් වු ගෙවල් ගමිමාන විදහට තැනින් තැන තියෙනව.අපහාසයක් නොවුනත් කිවයුතුයි.......පුංචිපැල්පත් වන මෙි ගෙවල් ඉදිරිපස තිබෙන අපවිත්‍රතාවය අනුව වැසිකිලිය කොහොම වෙිවිද කියල හිතුන....එ්ත් අතරමග පාර දෙපැත්තෙ දුටු දේවල් වල හැටියට මෙි ගෙවල්වලවැසිකිලි නැතිව ඇති කියලත් හිතුන.කුඔුරක් පාරක් වදුලක් ගැන හිතන්නෙ නැතිව මෙි මිනිසුන් වැසිකිලියක කර්තව්‍යය ට පාවිචිචි කලා. ඉතින් පෙටිරල් සෙඩි එකක් ලග මනෝජ් නවත්වනව.ඒ මිනිසුන් අපේ අවශ්‍යතාවයට නොපැකිලිව ඉඩ ලබාදෙනව.අපි සුහදව කතා බස් කරල ස්තුති කරල නැවත ගමන් අරඔනව.මෙලෙස ගමන සුන්දරයි .සිනා සයුරක් ..........විටෙක අග්ගලවල රස බලනව ......උණු තේ කොප්පයකින් සීතල මග හරවාගන්න අසාර්ථක වෑයමක යෙදෙනව........මනොජ් රස බලන බුලත් විට පැකටි එකක් කාටද ඔින වෙලා.......කඩයක නවත්වල ඒව මිල දිගන්නව........කොහොම කනවද මන්ද ...  .....හදුන්කූරූ සුවද රැදුන පුවක් කෑලි කිහිපයක් පමණයි.......දහවල හදුනාගන්නෙ ඔරලොසුවෙන් විතරයි ..පරිසරය දිහා බලල වෙලාව හිතුවොත් හැමවෙලේම හැන්දෑෙවලා වගේ පේන්නෙ.......ටික ටික අදුරත් වැටෙනව......මනෝජ් වෙිගය වැඩිකරනව .සැදෑ අදුරත් සමග අපි බුද්ධගයා පින් බිමට පාතැබුව. මහාබෝධි පන්සල තමා අපේ නවාතැන වෙන්නෙ.එත් ගැටලුවක් පැන නැගුන එදින රාත්‍රිය පමණයි අපට එහි නවාතැන් ලැබෙන්නෙ.ඊලග රාත්‍රියට වෙනත් තැනක් සොයගැනිමට සිදුවනබව එහි ස්වාමින්වහන්සේ අපට කියා සිටිය.මාස තුනකට කලින් ලමාවරුන් සදහා කාමර වෙන්කර ඇති බවත් දින කිහිපයක සිට ලමාවරුන් පැමිණෙන බවත් මෙයට හේතුව වුනා.අපි එහි යන විටත් විශාලවශයෙන් ලමාවරුන් පැමිණ සිටිය.එතුමන්ලගෙ උත්සවයක් .ලමානිලය අලුත් කෙනෙකුට(කර්ණලාමාට) භාර දිම සදහා පැවැත්වෙන බුද්ධවන්දනාවට සියලුම ලමාවරුන් පැමිණෙමින් සිටිය.දෙසැමිබර් 28 වැනිද දලයි ලමා පැමිණිමට නියමිතව තිබුන.කෙසේ හෝ අපිට දෙවනි රාත්‍රියත් එම පන්සලේම ඉන්නට අවස්ථාවලැබුන.පසුදා සිට අපි බුද්ධගයාවෙ සිදුකල වන්දනාවන් ගැන තවත් ලිපියකින් ලියන්නමි..                                                      .

1 comment:

අතුල ආරියසේන said...

ඉතා රසවත් ලිපි පෙළක්.සයිබර් අවකාශය අනං මනං ලටපට වලින් පිරිලා තියෙන වෙලාවක මේ වගේ උත්සහයන් අගය කළ යුතුයි. www.pivisuma.blogspot.com