Translate

Wednesday, January 18, 2012

අපි ගිය දඔදිව චාරිකාව......කොහොමදැයි බලන්න.......4

වරණාසි දුමිරිය පලෙන් බසිනවිට අපිව එක්ක යන්න චන්දන පැමිණි බව මම පසුගිය ලිපියෙ ලිවිව.මෙ චන්දන කියන්නෙ ඉන්දියන් ජාතිකයෙක් ...එත් හොදින් සිංහල භාෂාව කතාකරන්න පුලුවන් . නැවතත් අපි දුමිරිය අංගනයෙ සිට ගමන්මලු වාහනය තෙක් ගෙන යා යුතුයි. මෙතනදිත් අපේ සහයට එන්නෙ පෝටර්ල .ගාන වැඩියි. ඒ මොකද පෝටර්ල තුන්දෙනෙක් ගමන්මලු ගෙනියන්නෙ හිස උඩ තියාගෙන .විශාල බෑග් තුනක් හිස උඩ තියාගෙන තව බෑග් දෙකක් අත්දෙකින් එල්ලාගෙන . පුදුමත් හිතෙනව මෙතරමි බරක් කොහොම ගෙනියනවද කියල ඡායාරූපයක් ගන්නවත් මතක් වුනෙත් නැහ.බෑග් නැතිවුනොත් කියන බයට අපිත් පස්සෙන්ම දිවිව මිසක්.......ගංග මිස්ගෙ කතාබහ අතරින් ගාන අඩුකරගන්න පුලුවන් උනා. එත් පෙර පරිදිම අපි ගෙනියන්නමි..............බෑග් ගන්න කියන විධානයත් සමගම අපි බෑග් අතට  ගත්නව .........ඒ පාර චන්දන මොනවාදෝ කතා කරල ගාන අඩුකරනව.......දැන් අපි වාහනයෙන් සාරනාත් වලට යනව .මහාබෝධි සමාගමට අයිති පන්සලකට ගිහින් වාහනය නවත්තල කාමර සපායාගන්න ගංගමිස් ගිය අතරෙ වාහනය තුලම උදේ අහාරය ගත්ත. පාන් සමග කෙසෙල් ගෙඩිත් කැමති අය බටර් සමගත් කෑව. මෙ පාන් මිලදි ගත්තෙ කෝචිචියෙ එන අතරමගදි ........දුමිරිය ස්ථානයක නතර කලවිට එලියෙ සිටි කෙනෙක් ලවා පාන් මිලදි ගත්ත.
                    ලමාවරු විශාල පිරිසක් පැමිණි සිටි නිසා වෙනත් පන්සලකට යන්න සිදුවුනා.කිටිටුවම තිබුන මහාබොධි සමාගමට අයිති බිර්ලා ධර්‍මර්‍මශාලාවෙ කාමර දෙකක් අපිට ලබාගැනිමට පුලුවන් වුනා. දෙසැමිබර මාසය ලංකාෙවන් වැඩිපුර නොයන නිසා නැවතීමට තැන් සොයාගැනිමට අපහසුවුනෙ නැහ..
අපි නැවතිලා හිටි ධර්‍මශාලව
ටික වෙලාවකින් අපට කෑම හදල ටදන කෙි්කිය ඔහුගෙ සියලුම බඩුබාහිරාදියත්  ඒ කියන්නෙ ගෑස්ලිප, සිලින්ඩරය,සාස්පාන් ,හැදි ,පිහි ආදියත් අරගෙන පැමිණියා. අපි ලංකාවෙන් ගෙනගියේ මිරිස්කුඩු ,තුනපහ,කිරිපිටි,බිස්කටි ,සීනි ,පොල්කිරි පැකටි සහ වෙනත් කෑම වර්ග පමණයි.උයනපිහින කළමනා ටික කෝකියට භාරදුන්න. හාල් එළවලු වර්ග මිලදි ගැනිමට කෝකියා සමග ගංගමිස් ටවුමට ගිය අතරෙ අපේ කටිටිය ඔන්න නාන්න ලැහැස්ති වුනා. හැබැයි කටිටිය සීතල වුනත් නෑව , ලංකාවෙ පුරුද්්දනෙ..........අනේ මම නමි නෑවෙ නැහැ. නාල ලෙඩ වෙිවි කියන බය මට තිබුන. ඒ නිසාම සීතලම සීතල වතුරටිකකින් මුහුණ සේදුව.මෙි සේරම වෙන අතරෙ කෑමත් සුදානමි වෙලා.......සීතල නිසාම බඩගින්නත් වැඩියි...... කටිටියම එපා දැන් කන්න බැහැ නොකිය තම යුතුකමි හරියටම ඉටුකලා

කෑම කාල නිදාගත්තෙ නමි නැහ. අපි ඇවිදින්න ගිය. පලමුවෙන්ම යායුතු තැනක් තියෙනව.අපිට බුදුපහස ලැබු තැන් වැදගන්න ඉඩකඩ සලසා දුන් පුරෝගාමිය අනගාරික ධර්‍මපාලතුමාෙග කෞතුකාගාරය නරඔන්න ගියා.එතුමා පාවිචිචිකල සියලුම දේ ලිපි ලේඛන පාවා සුරක්ෂිතව තියෙනව..
කෞතුකාගාරය ඇතුලත
ඉන්පසුව ඒ අසලම ඇති සමිමුක චෛත්‍ය වදින්න ගියා .පස්වග මහණුන් මුණගැසුන තැන ලෙස හදුන්වන්නෙ මෙතැනයි  


සමිමුක චෛවත්‍යය්‍යය
අපි කටිටියය




බුදුපිළිමය අසල
කපුරු මල්
ධමිමික චෛත්‍යයය




ජෛන පන්සල    
ඊලගට ජෛන පන්සලබලන්න යන්නත් අමතක කලේ නැහ.ජෛන සාධුවරුන් ගැන දීර්ඝ විස්තරයක් අසන්නට ලැබුන. පැරණි ඇදහිමක වගතුග  සිතේ රදවාගෙන අපි කෞතුකාගාරයක් බලන්න පිටත්වුනා.. අපේ මාර්ගෝපදේශකය.....චන්දන ත්‍රිවීල් එකකින් අපිව එතනට එක්ක ගියා සාක් රටවලට රු.5 ක ටිකටි පතක් මිළදි ගත යුතුයි .ඇතුල් වීමෙිද් කැමරා,මොබයිල් ගෙනයන්න දෙන්නෙ නැහ.අපි සියලුදෙනාම ඒව අරගෙන ගිහින් තිබුන.ඔක්කොම එකතුකරල බෑග් එකකට දමල චන්දනට භාරදිල අපි ඇතුලට ගියා.නොයෙකුත් විදිහෙ කෞතුක භාණ්ඩ දැකගන්න ලැබුන.හිතට දුක ඡායාරූපයක් ගන්න නොලැබුන එකටයි. විශාල ගලින් නිර්මාණය කර තිබු ගල් කුඩය අපේ නෙත් විශ්මයට පත් කලා. ඒ සියලුම දේ නරඔා එලියට විත් අපේකැමරා මොබයිල් තෝරාබෙිරා ගත්ත   නැවතත් ත්‍රිවීලයකින් අපේ නවාතැනට ගියේ ඉතාම වැදගත් ගමනක් යෑමටයි. ඒවන විටත් දැඩි මීදුම මෙන්ම සීතලත් ඇතිවි තිබුන .ඒ නිසා සීතලට අවශ්‍ය ඇදුමි මිළදි ගන්නත් අපි යුහුසුලු වුනා. හාපැටවුන්ගේ තොප්පියක් හැමෝම ගත්ත.ජර්සිත් ,ලස්සන පොෙරානයකුත් මිළදි ගත්ත .අපි මුලින්ම පන්සලට ගියේ වෙලේ ස්වාමින් වහන්සේ කීවෙි.....ආ හා පැටවි වෙන්න ආවද කියලයි............සැන්දැවෙ හතට මුලගන්ධකුටි විහාරයට අපි පියවර මැන්නෙ සිතලට ගුලිවෙවි...........
විහාරයට යන ගමන්
සාරනාත් බුදුපිළිමය
ඉතාමත් වටිනාකමකින් යුතුමෙම  බුදුපිළිමය ගැන තොරතුරු මම දැන ගත්තෙත් ලංකාවට ආවට පස්සෙයි.ගමන් විස්තරය ගැන කතාකරද්දි අපේ චිත්‍ර උගන්වන මොරිනි විජේසේකර මිස් බුදුපිළිමය ගැනමෙි විස්තරකියල දුන්න.චුනාර් නමි ගල් විශේෂයකින ගුප්ත යුගයේ කලනිර්මාණයක්.රැස්වළල්ල ලස්සනකැටයමි වලින් යුක්තයි යට කොටසෙ පස්වග මහණුන් පිරිත් නුල අතේ රදවාගෙන ඉන්න ආකාරයක් නිර්මාණය කරල තියෙනව. දෙනෙත් අඩවන්වි තොල්දෙක තෙත් ගතියෙන් යුක්තව ධමිම චක්ක සුත්‍රය දේශනා කරන ආකාරය පෙන්නුමි කරනව.තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ඇගට ඇලුණ සිවුරයි. රාත්‍රි දෙකක් මෙම බුදු කුටිය තුල ධම්මචක්කපවත්තන සුත්‍රයට සවන් දුන්න .ජිවිතයේ පළමුවරට ඉතාමත් මිහිරි හඩින් පිරිත් ඇසුව. මතක් වන මොහොතක් පාසා සිත පහන් වෙනව.ඒ අවස්ථාවෙ සිතට දැනුන හැගිමි වචනයෙන් විස්තර කල නොහැකියි.කවදාහෝ දිනක මෙය කියවන ඔබත් අසන්න.මා  ලැබු චිත්ත ප්‍රිතිය ඔබටත් දැනේවි.
14වැනිද පිරිත් අවසානයෙ අපේ නවාතැනට විත් පසුදා උදෑසන ස්වාමින් වහන්සේලාට  හීල්දානය පිරිනැමිම සදහා ගංග මිස් කටයුතු පිලියෙල කලා .රාත්‍රි අහාරයෙන් පසු සුවපහසු ඇදක නිදාගන්න ලැබුනු පළමු රාත්‍රිය ගතකිරිමට යුහුසුලුවුනා .සිතලට ගුලිවුනත් සුව නින්දක් ලගාවුනා. තවත් මෙවැන්නකින් 15 වැනිදාව ගැන ලියන්නමිම.


No comments: