Translate

Monday, January 16, 2012

දඔදිව ගිය ගමන.........කොහොමදැයි බලන්න.........3


දෙසැමිබර් 13 වැනිද දහවල් ආහාරයත් අපිට දුමිරිය කැන්ටිමෙන් ගන්න සිදුවුනා. අපේ අහාරය  වුනේ එළවලු බතක් . පිරිසිදු ඇසුරුමක දමා අල කරියක් සමගයි මෙය ලැබුනේ. එහිදි මෙවැනි සිදුවීමකුත් වුනා. දුමිරිය සේවකයන් අදින විදිහෙ නිළඅැදුමක් ඇදගත් පුද්ගලයෙක් කෑම ඇනවුමි ලබාගෙන ගියත් ඔහු හොරට වෙළදාමි කරන පුද්ගලයෙක් බව අපට වැටහුනේ පසුවයි. කෑම අැනවුමි දෙකම මිළදි ගැනිමට අපට සිදුවුනා.රාත්‍රී ආහාරය වුනේ එම කෑම පාර්සලයයි එදිනත් අපි කතාබහ මැද දහවල් කාලය ගෙවා දැමුවා. අවට පරිසරය නරඔමින් ,එහි ගුණ දොස් කියමින් ලංකාව හා සංසන්දනය කරමින් ඉදිරියට ඇදෙන දුමිරියේ ඔහේ වාඩිවෙලා සිටියා. විටෙක අපේ කැමරා ක්‍රියාත්මක වුනා.තවත් විටෙක ලංකාවෙි නෑසියන් සමග තොරතුරු හුවමාරැ කරගත්ත කරදරයකින් තොරව ගමන් කරන බව  දැනගන්න කමි නිවෙස් වල  අය මග බලාන සිටින බව අපි දන්නව. තමර නංගි පුංචි දරු දෙදෙන ගැන නිතරම තොරතුරු අහනව එයා ගෙදර මතක් වෙනකොට කල්පනා කරනව. එයාගෙ යාලුව මාලසේනානායක තමර ලගට වෙලා සැනසිලි බස් කියනව.විජේරත්න අයිය දිගු කතාවකට මුල පුරනව. අපේ ගංග මිස් ඉන්දියනු අයෙක් සමග සුහද සාකචඡාවක්.... ඉන්දියාව ගැන, එයාලගෙ පෞද්ගලික තොරතුරු ගැන.....ඒ අතරෙ සතුටින් දෙන රසවත් කෑමකුත් රස බලනව.... දුමිරිය ගෙදර වගේ වුනා...... විජේලතා නංගිත් ඇගේ අක්කාත් අපේ කතාබහ රසවිසදිනව ....කමලමෙි සියල්ල නිහඩව අහගෙන ඉන්නව...වෙලාවකට සිනාහඩ මුලු දුමිරිය පුරාම පැතිරලා යනව....අග්ගල ,හැලප,බිස්කටි මුරුක්කු ශ්‍රීලංකාවෙන් .....පළතුරු වර්ග ඉන්දියාවෙන් ....තොරක් නැති කතාවත් ඉවරයක් නැති කෑමත් ගමනාන්තය තෙක් අපිව ගෙනගියේ නොදැනිම.
සීතලත් සමග සුපුරුදු පරිදි  රාත්‍රිය එළඔුනා .එදා නමි ගොඩක් සීතල දැනුන.අවට පරිසරය මිහිඳුමින් වැසිල  දවසින් දවස සීතල වැඩිවුනා.ඒවගෙම ඇදුමි  ප්‍රමාණයත් වැඩිකරන්න සිදුවුනා. සීතලෙ ලෙඩවෙන වට වඩා වැඩි ප්‍රමාණයක් ඇදුමි ඇන්දම මොකද වෙන්නෙ.................. අනෙක් අය මගේ ඇදුමි පුමාණය ගණින කොට මම කිවෙි එහෙමයි. මට පමණක් නොවෙි අනෙක් අයටත් සීතල තදින් දැනුන. ඉන්දියන් ජාතිකයින්ට නමි එතරමිම දැනුනෙ නැත්තෙ උපන්දා සිටම විදින සිතල නිසා වෙන්නැති.පරිසරයේ කටුක බවට ඔවුන් හුරුෙවලා .දෙසැමිබර් 14 වැනිදට එළඔීමත් සමග අපේ දුමිරිය ගමන නිමාවුනා. උදේ 10.00 පමණ අපි දුමිරියෙන් බසින විට චන්දන අපව රැගෙනයෑමට පැමිණ සිටිය.

5 comments:

Pasan (Pasanssii@yahoo.com) said...

Please can u explain me how to get Indian and Nepali visa via internet???? What are the advantages and disadvantages than get a tour pakg from local tour operator???

පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

ලියමු ලියමු....

අපි බොහොම කැමැත්තෙන් කියවනවා.

ඉතිරි කොටසත් ඉක්මනින් දෙන්න.

Unknown said...

බිස්නස් එකක්වත් පටන්ගන්නද යන්නේ.....

malnayaka said...

එහෙම අදහසක්නමි නැහ. කාට හරි ප්‍රයෝජනවත් වෙිවි කියල හිතුන.

malnayaka said...

මම දන්න විදිහට ඔන්ලයින් වීස ගැනිම වාසි අවාසි තත්වයක් නැහ.2011 මාර්තුවල සිට ඉන්දියාව වීස දෙන්නෙ ඔන්ලයින් ක්‍රමයට.ඔන්ලයින් විදිහට ඉල්ලුමි කරල එහි පිටපතක් අරගෙන පොටා් අලවල එහි අත්සන් කරල ඉන් පසුව තමා වීස හදන කාර්යාලයට යන්නෙ.