Translate

Friday, January 13, 2012

අපි ගිය දඔදිව චාරිකාව..... කොහොමදැයි බලන්න... 2

දෙසැමිබර් 12 වැනිද  2ට විතර අපි නිශන්ත  ගෙන ආ වාහනයට ගොඩවුනේ  දඔදිව චාරිකාවෙ මුල්ම අදියර ආරමිභ කිරිමටයි.චෙන්නායි ගුවන්තොටුපලේ සිට දුමිරිය ස්ථානය දක්වා ගමන ආරමිභ කලා.ශ්‍රීලාංකිය අනන්‍යතාවය රැකෙන පරිදි අපි සියලු දෙනාම ඔසරියකින් සැරසි සිටිය .වාහනය තුලදිම අපි ගෙන ෙඩාලර් ඉන්දියන් රුපියල් බවට මාරුකරගත්ත ඒ සදහා නිශාන්ත මුදල් රැගෙනවිත් තිබුන. එය අරත්ෂාකාරි වුනා .අසා තිබුපරිදි දුමිරිය ගමනෙදි මුදල් සොරකමි කරන නිසා ඒවා අරක්ෂා ලෙස සගවා ගැනිමද මෙහිදි කර ගත්තා.කටුනායක ගුවන් තොටුපලේදි අපට දිල්ලිය බලා යන සිංහල සොයුරෙක් ද මුණගැසුන ඒ සොයුරවත් අපි ගමන් ගත් වාහනයට එකතු කරගත්තේ දුමිරිය ස්ථානයට යෑමටයි.කොළඔ නගරයේ සිරි ගත් නගරයන් පසුකරමින් මද වෙිලාවකින් දුමිරිය ස්ථානයට පැමිනියා.ප්‍රෑන්ක් නමි වු සිංහල සොයුර දිල්ලිය බලා යැමට  අපෙන් සමුගත් අතර .අපිට ගමන් මලු දුමිරිය අංගනය තෙක් ගෙන යැමට පෝටර් කෙනෙකු සොයාගතයුතුවුනා ඉන්දියන් හිතවතා ඒසදහා අපට සහාය වුනා.පෝටර්ගෙ කුලිය අඩුකරගැනිමට උත්සාහයක යෙදෙන්නත් අපේ මිස්ට වෙහෙස දරන්න සිදුවුනා . ඒ කේවල් ක්‍රමයයි.....ගාන වැඩියි අපි බඩු ගෙනියන්නමි කියල අතට ගන්න විට පෝටර් ගාන අඩුකරනව.මෙි විදිහට කීපසැරයක් කරන විට අපේ ගානට එනව.අන්තිමෙිදි ඉන්දියන් රුපියල් 600 කට තින්දුවුනා එත් ගමනෙ අවසාන භාගයේදි අපට තේරුනා ඒ ගානත් වැඩි බව.අත් කරත්තයක විහාල බඩු ප්‍රමානයක් දමාෙගන වෙිගයෙන් යන පෝටර් පසු පස අපි සෙනග අතරින් දුවගෙන ගියා .ඒවන විටත් ගංගාකාවෙීර් දුමිරිය  දුමිරිය අංගනයෙහි නවතා තිබුන නිසා අපට නියමිත මැදිරියට ගමන්මලු දමාගෙන සැහැල්ලු ඇදුමක් දමාගත්තෙ දවස් තුනක දිගු දුමිරිය ගමනක් ් ්ආරමිභ කරන්නයි.



දැඩිහිරු රැසින් වෙහෙස වි සිටි අපේ කටිටිය ඇගපත සොදාගෙනම ඇදුමි මාරුකරගත්ත .ගෙදරින් ගෙනගිය බත් මුලෙන් කුසගිනි නිවාගෙන  පවුලේ අයට දුරකතනයෙන් කතාකර විස්තර පැවසුව .අපට ඒ අවස්ථාවෙදි මහත් සතුටක් දැනුනෙ ඉන්දියානු දුමිරියක් තුල සිට අපේ ගෙදර අයත් සමග තොරතුරු කතාකරන්න ලැබිමයි.දුමිරිය වෙිගයෙන් ඉදිරියට ඇදෙනව කුඔුරු ........යායවල් මැදින් නොයෙකුත් දසුන් පසුකරනව........විදේශයක ඉන්නව කියන හැගිමකට වඩා හුරුපුරුදු පරිසරයක ඉන්නා බවයි දැනුනෙ වෙනසක් ඇත්නමි .........කිවයුතුමයි පරිසරයෙු ඇති අපවිතු කමත් නාසයට දැනෙන ගදත් පමණයි............දුමිරියෙ අපට නියමිත අසුනක් තියෙනව අපි 6 දෙනෙක් එකම තැනක සිටි අතර දෙදෙනෙක් වෙනත් තැනක සිටිය.සැන්දෑ කලුවරත් කෙමෙන් කෙමෙන් ලගාවු න .....හිරුබැස යන්නට ආසන්නයි......රස්නය කෙමෙන් කෙමෙන් අුඩුවි මද සීීතල ගතියක් දැනෙන්නට වුනා .......
රාත්‍රිය කෙමෙන් ලගා වුනා සීතල ටික ටික වැඩිවුනා ඇදුමි ප්‍රමාණවත් නැහ .බෙඩිසීටි දෙකකුත් අරගෙන මට නියමිත අසුනට නැග ගත්ත නැලවෙන පැද්දෙන යහන සීතලවෙලා. රෙදිත් සීතලවෙලා. නින්ද නමි අහලකවත් නැහ. ඒ අපිට විතරයි ඉන්දියානුවන් හොදට ගුලිවෙලා නාද රටා නගමින් නිදි සුව විදිනව. මමනිදි නැතිව සිතලට ගුලිවෙනව.නින්දත් නොනින්දත් අතර සිටි මට ඇසුනේ චායි.......චායි.....කියමින් පැමිනෙන දුමිරිය සේවකයන්ය. නිදාසිටි අය මුහුණසෝදා උදෑසන තේ බොන්නට සුදානමිවුනා.ඒ දුමිරිය මැදිරිය තුල ශ්‍රී ලාංකිකයින් සිටියෙ අප පමණයි අනෙක් සියලුම දෙනා ඉන්දියානුවන්ය. තවත් පැයක් පමන යන විට උදෑසන අහාර අවශ්‍ය අයගෙන්ඇනවුමි දැනගැනිමට සේවකයන් පැමිණෙන්නට විය.අපි තොසේ සමග අල ව්‍යංජනය ඇනවුමි කලෙමු.මද වෙලාවකින් ඇසුරුමිවල දැමු උසැසන ආහාර වෙිල අපට ලැබුනි. හිරුපායා තිබුනත් අවට පරිසරය මිහිදුමින් පිරි තිබුනි. සීතල නමි අඩුවක් නැත..

 අප සිටි කුඩා මැදිරියෙ තවත් එක් ඉන්දියන් තරුණයෙක් අසුන් ගෙන සිටියේය.දහවල් කාලය නොයෙකුත් කථාබහ මැද ගෙවි යමින් තිබුනි. මනොරංජන් සිං ට ඉංගිසි ටිකක් පුලුවන්.එය අදහස් හුවමාරු කරගන්න ප්‍රමාණවත් වුනා. සිංහල රස කැවිලි( හැලප, අග්ගලා )වල රස බලන්න අපිත් සමග එකතුවුනා. ඒ පුතාගෙ යාලුව හිටියෙ වෙනත් සීටි එකක දහවල් දවසෙ එක තැනකට එනව.ඒ දෙදෙනාම අපත් සමග හිතවත් වුනා. ගමන අවසානයෙ කණගාටුවෙන් වෙන්වෙලා යන්න සිදුවුනා අපේ ගමන් මලු දුමිරියෙන් එලියට ගන්න උදවි වුනා. දොඩමි පාර්සලයකුත් තෑගි ලෙස දුන්න..
මෙවැනි සුහද කතාබහ අතරින් නොදැනිම දෙසැමිබර් 13 වැනි දිනදහවල් කාලය ගෙවි ගියා .
ඉතිරිය තවත් පෝස්ටි එකකින් ලියන්නමි. මම මෙවැනි දෙයක් ලියන්නෙ ලංකාවෙි හුග දෙනෙක් මෙලෙස දඔදිව යන්නෙ නැහ. දුමිරියෙ ගමන ගියත් එජන්සියක් මගින් යන්නෙ සීතල කාලෙට යන්නෙම නැහ. අමිමල තාත්තලතමයි වැඩිපුරම යන්නෙ තරුණ අය යනව අඩුයි. ඒවුනාට මම කියන්නෙපරිසරයට ඔරොත්තු දෙන වයසකදි  එක අවස්ථාවක් හෝ බෞද්ධයින් වු අපි යායුතුයි ඒ ඇයිදැයි කියා පසුව ලියන්නමි.






2 comments:

ඔබ නොදු‍ටු ලොවක් said...

වයසට ගියාම යන්න ඕනේ....

පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

ලියමු ලියමු....

අපි බොහොම කැමැත්තෙන් කියවනවා.