Translate

Monday, August 29, 2011

හදුනා ගත්තොත් ඔබ මා.................

අපි සුන්දරයැයි නොසිතන දේවල් වලත් යමිකිසි සුන්දරත්වයක් දකින්න පුලුවන් වෙන වෙලාවල් තියෙනව. සමහර වෙලාවට අපි ලස්සසනයි කියන දේවවල්වලත් කිසිම ස්වාභාවික ලස්සනක් නැහ මම මල් වලට ආසයි . මම විතරක් නෙමෙයි කවුරුත් මල් වලට අසයිනෙ . සමහර අය සුවදට සමහර අය ලස්සනට .මෙි වගේ එක් එක් කෙනාගෙ රුචිකත්වය අනුව එය වෙනස් වෙනව රෝස මල් වලට ගොඩක් දෙනෙක් ආසයි. මල් ලෝකයේ රැජිනක් ලෙස රෝස මල පිපි සදාතනික දහම අනුව පරවි යනව.පෙති හැලි ගියාට පස්සෙ ආදරය කල අය බලන්නෙවත් නැතිව යනව.ලෝක ස්වභාවය ඒ්කයි ලස්සන කොතරමි තිබුනත්  පිපී පරවි යනව.කානේෂන් , කපුරු බාබන්ඩෙිසිය මෙයාල හැමෝම ලස්සන පෙන්වල පරවි යනව .කවුරුත් ලස්සනයි කියන්නෙත් නැති මොනවද කියල හොයල බලන්ෙනත් නැති විදිහෙ මලක සේයාරුවක් මට හමුවුනා. කලාත්මක බවකුත් තියෙනව.ඒත අපි මෙය දැක්කම අනේ හරි ලස්සනයි කියල , මටත් මෙයින් පැලයක් දෙනවද කියල ඉල්ලගෙන යනව නමි මම දැකල නැහ.ඒ වුනාට මෙි මලෙන් ලබන ජිවය අපිව පෝෂණය කරනව කිවොත් ඔයාල මොකද කියන්නෙ වෙන්න බැහ කියයි. අර මම කිවෙ අපි නොසිතන දේවල වලත් සුන්දරත්වය මෙන්ම වටිනාකමකුත් තියෙනව කියල.මෙි මල පරවි යන්නෙ තවත් ඵලයක ආරමිභයක් ලෙසයි මම .රෝස මලට වඩා වැඩි වටිනාකමක් දුන්නෙ ඒනිසයි .මම වැරදිද මන්ද? කමක් නැහ. ඒ මගේ කැමැත්තනෙ . මට හිතෙනව ඔයාලත් මෙ මල හදුනාගනි ගියල. ඒ මෙහි ඵලය ඔයාල හැමෝම දන්න  නිසා . ජිවිතයට එක සැරයක් හෝ එයින් පෝෂණය ලබල තියෙන නිසා.


                                          

1 comment:

සුරේෂ් පැතුම් said...

(හදුනා ගත්තේ නෑ අප දැනුමෙන් නම්...)
නොම දැක ඇති මල ,දැක සිත සැල වුනි.
සුරේෂ් පැතුම්
SDcomputers.net
290,Andiambalama
SriLanka