Translate

Friday, August 19, 2011

උතුමි පිරිමි කම තිරිසන් කරගන්නෙ ඇයි

පසුගිය දිනක මීගමුවෙ රෝහලට ගියේ ලෙඩවු  මගේ සහෝදරයෙක් බැලිමටයි. මම යනවිටත් රෝගින් බැලිමට පැමිණි සෙනග පිරි සිටිය .නියමිතවෙලාවට විනාඩි දහයක් පමණ තිබු නිසා මමත් පෝලිමට එකතුවුනා . ඒ සමගම කාන්තාවකගෙ කෑගැසිමක් සමගම පුද්ගයෙක් වෙිගයෙන් දුවගෙන යන අතර ඒ පසුපස රෝහල් සේවකයින්  විය හැකි අයත් පසුපසින් පන්නා ගෙන විත් එම පුද්ගලයාව අල්ලා ගනු ලැබුව. 
           එම කාන්තාව පැමිණ සිටියේ බෙහෙත් ගැනිමටයි. වයස අවුරුදු හතක් පමණ වු තම දියණිය වාඩි කරවා ඇය බෙහෙත් ගැනිමට ගිහින් තියෙනව .ඒ අතරතුර අර පුද්ගලයා එම දියණිය ලගට ගොස් තම දුරකතනයෙන් දමාගෙන සිටි අසභ්‍ය රූප රාමු දරුවාට පෙන්වා තියෙනව .බියට පත්වු දැරිය කෑගසන විට තමා අමිමා දැකල තියෙන්නෙ . ඒ සමගම පොලිසියත් පැමිණිය අර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන ගියා . බෙහෙත් ගන්න පැමිණි අර අමිමාටත් සිදුවුනේ ජිප්රියෙන්ම පොලිසියට යෑමයි.
          අප ජිවත්වෙන සමාජයේ කුඩා දරුවෙක් හදුනාගන්නත් බැරි පුද්ගලයින් සිටිනව. මෙි තරමටම තම සිතිවිලි පාලනය කරගන්න බැරිද? තාක්ෂණය මෙයට වැරදි කරුවෙක්ද? ඒ තුලින් හැගිමි පාලනය කර ගන්න බැරිවෙනවාද?මම නමි සිතන්නෙ මෙි සියල්ලම වැරදියි. මෙිවාට යොමුවන පුද්ගලයාගෙ හැගිමි පමණයි මෙයට හේතුවන්නෙ .තාක්ෂණයෙන් නිවැරැදි දෙය කර පලප්‍රයෝජන ලබන අය කොතරමි ඉන්නවද. මෙිව තියෙන්නෙ යහපතට මිසක් අයහපත ලගාකරගන්න නෙමෙි බව අවබෝධ කරගන්න බැරි එකයි වැරැද්ද.

3 comments:

Anonymous said...

පිරිමිකම විතරක් උතුම් කියලා මේ ලේඛකයා හිතන්නෙ ඇයි දන්නේ නෑ.එතකොට ගැහැනුකම උතුම් නැද්ද?තමන්ව බිහි කරපු අම්මා උතුම් නැද්ද?සමාජෙ වැ‍රැදි ගැන කතා කරන්න කලින් තමන්ගෙ චින්තනය හදා ගත්තා නම් තමයි වැඩිය හොඳ.පොදුවේ මනුෂ්‍යත්වය උතුම් කියලා හිතන්න පුරුදු වෙන්න.
මේ කතාව ගැන කියනවා නම් ඒ මනුස්සයා ලිංගික පීඩනයකින් පෙළෙන්නෙක්.මේ වගේ අය සමාජයේ හරි සුලබයි.ග්‍රීස් යක්කුන්ට දුන්න දඩුවම තමයි එයාලටත් දෙන්න ඕනා.

මලිති said...

හැමදේම හොඳට නරකට දෙකට භාවිතා කරන්න පුළුවන්.
මිනිසාට හොඳ නරක අදුරගෙන ජිවත් වෙන්නනේ උසස් මනසක් තියෙන්නේ. මේ තරම් බොලද දේවල් කරන්නවනම් සත්තුනගෙයි ඒ වගේ මිනිස්සු අතර වෙනසක් නැහැනේ.

Nadun said...

අසහන කාරයෝ ඉන්නවා. මොනව කරන්නද ? හැමෝම ඔහොම නෑ..