Translate

Sunday, April 10, 2011

තවත් එක් සිංහල අවුරැදක් ලග ලග එනව.ඉස්සර නමි මෙ කාලෙ කැවුමි කොකිස් බැදෙන සුවද දැනෙනව.. කොහො ගීත නාදෙ දසත පැතිරෙනව. ඒත් දැන් මොනව වෙලාද මන්ද කොහාත් වයසට ගිහින් වගෙ ........ කලාතුරකින්  ඇහෙන ඒ සද්දෙ  අපිට අමතකවෙලා වෙලා වගෙ .ඒව ගැන හිතන්න හිතෙ ඉඩක් නැතුව වගෙ . භුමි කමිපාවක් වෙයිද ?සුනාමියක් එයිද ? ඉර එලියට පිචිචිලා යයිද? භායානක හීන ගොඩකින් අපේ හිත් බයවෙලා.2012 ලෝක විනශයක් ගැන කවුරැ කවුරැත් කතා කරනව. මෙව ඇත්ත නොවෙයි කියල අහකට දාන්නත් බැහැ වෙන දේවල්වල හැටියට නේද?පාරට යන අපි සෙවනක් සොයාගෙන යන්නෙ අවි රස්මිය දරාගන්න බැරිව .ලෝකෙ හැටි බුදුපියාණන්වහන්සේ දේශනා කල විදිහට සියලුම දේ වෙනස්වෙලා පරිසරයත් වෙනස්වෙලා..මනුස්ස ජිවිත ගැන හොද වැටහිමක් දැන් අපට තියෙනව .වයසට යන විට ගොඩක් දේවල් වැටහෙනව. ජිවිතය සුන්දරයි කියල හිතාගෙන කාලයක් ජිවත්වුනා නමුත් ඒ සුන්දරත්වය යටින් ගලාගෙන ගිහින් තියෙන්නෙ මහා දුක් කන්දරාවක්. යථාර්තය මොකක්ද කියල දැනගන්නකොට කාලය ඉක්මවෙලා. ආපස්සට යන්න බැහ. ආව ගමනඉදිරියටම යායුතුයි.. නමුත් වෙනසක් ඇතිව හොද සිහිබුද්ධියෙන්.මනා වැටහිමකින් . පිටුපස හැරිල බලකොට අපි වගේම තවත් කොටසක් මග එනව ජිවිතය යනු කුමක්ද කියා වැටහිමකින් තොරව අපටත් වඩා ඉක්මනින් .නිහඩව ඉදිරියට යන්න බැහ .යමක් කියා දියයුතුයි කියල හිතුන .හිතට ආව අදහස් ඔහෙ ලියවෙනව .ගත යුත්තක් තිබෙි නමි හිතල බලන්න ජිවිතය යනු කුමක්ද? කියා........

No comments: