Translate

Wednesday, September 22, 2010

පොතක් අතරින්.......

සාහිත්‍ය මාසය නිසා පොත් සාප්පු ගානෙ වැඩිපුර යන එක අපේ පුරැද්දක්නෙ එ මොකද පොත්වල මිලට වට්ටම් ලබාගැනිමට හැකි නිසායි.. මම පොත්සාප්පුවට ගියාම වැඩිපුරම යන්නෙ පර්වර්තන තියෙන තැනට වෙනද වගෙම මම ගත්තෙ පර්වර්තනයක් තවම කියවල ඉවර නැහ. ඒත් මෙය සත්‍ය කථාවක් නිසා ,කියවන අයට හදුන්වාදෙන්න ඔනයයි කියල මට හිතුන. මෙ පොතෙ නම කාන්තාරෙ අහිංසකාවිය. මැදපෙරදිග රටවල පවතින පැරණි නිති රිති අනුව තරැණියකට ගෙන දුන් මරණය ගැන මෙ පොතෙක් කියවෙන්නෙ. වෙනත් අගමක තරැණයෙකු සමග ඇතිකරගන්නා පේමය නිසා දෙමවිපියන් විසින් මරණයට පත් කල අයුරැ විසතර වෙනව
අගම නිසා දැඩිනිතිරිති වලට යටත්ව ජිවත්විමට සිදුවි ඇති මැදපෙරදිග තරැණියන් ,තමන්ගෙ නිවස තුලම වහල්භාවයට පත්වි දුක්බර ජිවිතයක් ගතකරන අකාරය කතවරිය පෙන්වා දෙනව .මෙහි කතවරිය වන්නෙද කතා නායිකාවගෙ මිතරියයි. එ නිසා වඩාත් සංවේදි අකාරයෙන් සිදුවු සිද්ධින් ඉදිරිපත් කිරිමට හැකිවි තිබෙනව.කාන්තා නිදහස පිලිබද අපට අති අසිමිත බව මෙ කාන්තාවක් ලබන්නාවු පුරැෂාධිපත්ය හමුවෙ පැහැදිලිවෙ. අනෙක් කරැණ වන්නෙ දෙමවිපියන් හා දරැවන් අකර අති සෙනෙහසයි. තමන්ගෙ පවුලෙ නම්බුව වෙනුවෙන් දරැවකුගෙ ජිවිතය බිලිදිම අපට නම් කිසිසේත් සිතාගක නොහැකියි..එත් ජොර්දානය වැනි රටක පවුලෙ නම්බුව වෙනුවෙන් දරැවන්ගෙ ජිවිත දෙමව්පියන් විසින්ම නැති කිරිම අපුසිද්ධියෙ සිදුවන්නකි..එවැනි මරණවලට නිති රිති නැතිබව ද කතා නායිකාව පෙන්වා දෙයි. අපෙ උපන් බිම , අපෙ අගම්, අපෙ සංස්කෘතිය මොන තරම් වටිනවද කියල හැගෙන්නෙ මෙවැනි සත්‍ය කතා තුලිනි..වෙනත් සංස්කෘතින් අතරින්  ශිලංකික බව බව ලැබෙන්නෙ ත් පෙර පිනක් තිබිය යුත් බවයි මගෙ හැගිම.

2 comments:

kumaraya said...

මම හෙට [23] ඒකට යනවා. මාත් අලුත් පොත් ටිකක් ගන්න ඕන.. පස්සෙ කියන්නම් ගත්ත පොත් මොනවද කියල ...

malnayaka said...

පොත් කියවන එක ගොඩක් හොදයි. අපිත් යනව පාසලට පොත් ගෙන්න