Translate

Friday, July 30, 2010

මමත් දැන් උබුන්ට් වලවට මාරු වුනා

කරදරයකින් නිදහස් වුනා කියල දැන් හිතට සහනයක්. දැන් මගෙ සිංහල ටයිපින් ලස්සනයි නේද. මෙ සියල්ලෙ වෙනස මමත් උබුන්ටුවලට මාරු වුන නිසා .පළමුවෙන්ම කොම්පියුටර ය ගන්නවිට තිබුනෙ උබුන්ටු ඒත් කිසිම දෙයක් දන්නෙ නැහනෙ..පස්සෙ කොම් පියුටරය ගත් ආයතනයට කියල වින්ඩොස් දාගත්ත .කාලයක් යද්දි ඩෙස්ටොප් එක කලු වුනා නිවේදනයක් එනව මෙක හොර කොපියක් කියල .එත් මම ටික කාලයක් පාවිච්චි කලා. අන්තරජාලයට සම්බන්ධ වෙන්න සැහෙන වෙලාවක් යනව .අනික වෛරස් වලට වියදම් කරන්නත් වෙනවනෙ. අවුරද්දකට සැරයක් 1700ක් කිව්වහම එකත් අපේ මුදල්නෙ .
හිත හිත හිටිය හොදටම ඇති කියල ඉල්ලල යැව්ව .ටික දවසකින් ගෙදරටම ආව. දැම්ම දැන් නිදහසෙ වැඩ.. සිංහල ගැන හිතන්න දෙයකුත් නැහ.10.4 සිංහලත් තියෙනව..අපිට ඔනනම් මෘදුකාංග ලබාගන්නත් පුලුවන් .මම හිතන්නෙ ස්ථිරව නොවුනත් ඔයාලත් 10.4 හොයාගෙන දාල බලන්න. හිතට අල්ලනව නම් ස්ථරවම දාගන්න පුලුවන්.

6 comments:

Unknown said...

niyami mama gawth ubntu 10.4 cd akak tiynaw... ath modem akata driver na..(h9601) monwaa karnada

Anonymous said...

නියමයි නියමයි..නිදහස් ලෝකයට සාදරයෙන් පිලිගන්නවා

malnayaka said...

මගෙ නම් තියෙන්නෙ රවුටරයක්. මට නම් කිසිම අවුලක් වුනෙ නැහ.දන්න කෙනෙක්ගෙත් අහල බලන්න

malnayaka said...

හසිත ඔබට ගොඩක් ස්තුතියි

budhajeewa said...

නිදහස් ලෝකයට පැමිණෙන ඔබට ආයුබෝවන්!

malnayaka said...

ස්තුතියි. ඔබගෙ ලිපිත් මට ප්‍රයෝජනවත් වුනා